බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පියකු, කෙටුම්පත් කරුවකු සේම රූපක කලාව පිලිබඳ විශේෂඥකු වූ ලුෂන් මයිකල් ප්‍රොයිඩ් 1922 - 2011 අතර කාලයේදි ප්‍රමුඛතම චිත්‍ර ශිල්පියකු ලෙස නම් කෙරේ.ඔහු බර්ලිනයේ උපත ලැබූ යුදෙව් ගෘහ නිර්මාණ ශිල්පී අර්නස්ට් එල් ෆ්‍රොයිඩ්ගේ පුත්‍රයා සහ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මුණුපුරාය.ලේඛක සහ දේශපාලඥ ක්ලෙමන්ට් ෆ්‍රොයිඩ්ගේ වැඩිමහල් සහෝදරයා (එබැවින් එමා සහ මැතිව් ෆ්‍රොයිඩ්ගේ මාමා) සහ ස්ටෙෆන් ගේබ්‍රියෙල් ෆ්‍රොයිඩ්ගේ බාල සහෝදරයා විය. ඔහුගේ පවුල නාසිවාදයේ නැගීමෙන් පසු ඔවුන්ගෙන් බේරීමට 1933 දී බ්‍රිතාන්‍යයට ලන්ඩනයේ ශාන්ත ජෝන් වුඩ් වෙත සංක්‍රමණය විය.ෆ්‍රොයිඩ් කෙටි කලක් ලන්ඩනයේ මධ්‍යම කලා පාසලේ අධ්‍යාපනය ලැබූවේය. 1939 සිට 1942 දක්වා ඩෙඩ්හැම් හි පිහිටි සෙඩ්‍රික් මොරිස්ගේ ඊස්ට් ඇන්ග්ලියන් චිත්‍ර හා චිත්‍ර පාසලෙන් වැඩි සාර්ථකත්වයක් ලබාගත්තේය.ඔහු 1942-43 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයේ කොටසක් වන ගෝල්ඩ්ස්මිත්ස් විද්‍යාලයට ද ඇතුළත් විය. ඔහු දෙවන ලෝක යුද්ධ සමයේදී වෙළඳ නාවික හමුදාවට බැඳුණි.
චිත්‍ර ශිල්පියෙකු ලෙස ඔහුගේ වෘත්තිය ජිවිතයේ මුල් කාලයේදී අධිතත්විකවාදයට යටත්ව නිර්මාණයන් කරන ලදී.පසුව 1950 ගණන් වලදී ඔහු මුළුමනින්ම යතාර්ථවාදී සිතුවම් ඇඳීම ආරම්භ කල අතර පුද්ගලික භාවය සහ ආරක්ෂාව ගැන තදබල ලෙස සිතු තැනැත්තෙකි.වසර 60 ක වෘත්තීය ජිවිතයක් හිමි ඔහුගේ සිතුවම් වලට දායක වුනේ ඔහුගේම පවුලේ සාමාජිකයින් සහ මිතුරන් වීම විශේෂත්වයයි.
මෙම සෑම සිතුවමක්ම නොසුන්සන්කාරි , විඩාබර ,දුක්මුසු සහ අන්ධකාරම ස්වරුපයක් ගත් නිර්මාණය.නාගරික දර්ශන රැගත් සිතුව්ම්විම තවත් සුවිශේෂී බවක් ඇති වීමට හේතුවකි.මෙම සිතුවම් සැම එකක්ම පාහේ ඔවුන්ගේ අභ්‍යන්තරික මානසිකත්වය පිළිඹිබු කර ඇත.එමෙන්ම ඔවුන්ගේ මනෝ විද්‍යාත්මක විනිවිදභාවය මෙන්ම කලාකරුවා සහ නිරුපිකාව අතර ඇතිවන අවබෝධතාවය මනාව පෙන්වනු ලබයි. ඔහු මනා ජිවිත අධ්‍යනයකින් යුතුව ක්‍රියා කල අතර තම නිරුපිකාවන්ගෙන් සිතුවම්වලට නිරුපණයට පෙනී සිටින මෙන් ඉල්ලා ඇත.
1943 දී කවියකු සහ කතුවරයකු වූ මේරි ජේම්ස් තුරෙයිරාජා තම්බි මුත්තී විසින් නිකලස් මුරේගේ The Glass Tower. නම්කෘතිය කවි සංග්‍රහයක් ලෙස පරිවර්තනය කරන ලදී .එය 1944 දී ලන්ඩන් එඩිෂන් කවි සංග්‍රහයක් ලෙස මුද්‍රණය වූ අතර ඇතුලත පිරවූ සීබ්‍රා වක් සහ පොල්ගසකින් යුතු සිතුවමක් විය.මෙම සිතුවම් 1944 දී
Lefevre Gallery හි පවත්වන ලද ෆ්‍රොයිඩ් ගේ පළමු ඒක පුද්ගල සිතුවම් ප්‍රදර්ශනයේ The Painter's Room හි ඇතුලත් කර තිබුණි.1946 ගිම්හානයේදී ඔහු ජෝන් ක්‍රැක්ස්ටන් බැලීමට ග්‍රීසියට යාමට පෙර පැරිසියට ගිය අතර පනස් ගණන්වල මුල් භාගයේදී ඔහු පැට්‍රික් ස්විෆ්ට්ගේ චිත්‍රාගාරයට නිරතුරුවම ගියේය.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........