1. බොම්බේ බෙල්පුරි.
මනාලි හි විදී සංචාරයන්හිදී ඔබට රසවිඳිය හැකි රසවත් ආහාරයකි. ෆ්‍රයිඩ් රයිස්, ළූණු, අල, කඩල, ටැංජි ටැමරින්ඩ් සෝස් සහ තවත් බොහෝ දේවල මිශ්‍රණයක් වන මෙම ප්‍රණීත ආහාරය වරක් රස බැලූ විට කිසිදාක අමතක නොවේ.
2.ඛට්ටා
මනාලි වල ජනප්‍රිය ආහාරයක් වන ඛට්ටා වියළි අඹ කුඩු සහ බූන්දි ආශ්‍රයෙන් සාදන ලද ආහාරයකි.ඉතාමත් ප්‍රණීත වන මෙය මනාලි වලට පමණක් ආවේණික බව කියවේ.
3. සිද්දු (Siddu)
තැම්බූ තිරිඟු සහ යිස්ට් වලින් සාදන මෙයට කඩල,අල ,පරිප්පු, රාජ්මා, රටකජු , වෙල්නට් වැනි දේ පුරවා සදයි.රසයෙන් පිරි මෙම ආහාරය නිර්මාංශික පිරිස් අතරේ ජනප්‍රියම ආහාරයකි.
4. බබ්රු
බබ්රු ද මනාලිවලට දේශීය වූ අපුරුම අහරා වර්ගයකි.ඉන්දියානු කචෝරිස් අහාර පරම්පරාවෙන් පවත එන ආහාරයක් වන බබ්රු සැර රසයත් මිහිරි රසයත් යන දෙකෙන්ම අනුනාවූ ආහාරයකි. උදෑසන තේ මේසයට මෙන්ම සවස් කාලයටද සුදුසු ආහාර වර්ගයකි.චන්න මද්‍රා, බූන්දි රයිටා සමග ආහාරයට ගත හැකිය.
5. ට්‍රොඋට් (Trout)
මනාලි සහ කුළු ප්‍රදේශයේ ජනප්‍රියම ආහාරයකි.ලෝකයේ හොඳම Tourt මසුන් ලෙස පිළිගැනීමට ලක්ව ඇති Brown සහ Rainbow Trout යන දෙකම හිමාචලි ගංගාවල දක්නට ලැබේ. බියස් ගඟ මනාලි හි ද මාළු බහුලව දක්නට ලැබේ.
මහසීර්, බ්‍රවුන් ට්‍රවුට් සහ රේන්බෝ ට්‍රවුට් යනු ධීවරයින් අතර වඩාත් ප්‍රිය කරන මත්ස්‍ය විශේෂයයි.
ට්‍රවුට් මුහුදු ආහාර ලෝලීන්ට ප්‍රියජනක සූපශාස්ත්‍ර අත්දැකීමකි. එය ග්‍රිල් කරන ලද, බේක් කරන ලද හෝ පෑන් බදින ලද, බොහෝ විට සැහැල්ලු ලෙමන් බටර් සෝස් හෝ නැවුම් පැළෑටි ඉසීම ඇතුළුව විවිධ ආකාරවලින් සකස් කළ හැකිය
නිලක්ෂි බණ්ඩාර
17/09/23.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........