කොල්කටා නගරයේ පිහිටුවා ඇති වික්ටෝරියා අනුස්මරණ ශාලාව නොහොත් මාලිගය කොල්කටවේ සුවිශේෂී නිර්මාණයකි.මෙම අතිවිශිෂ්ට ස්මාරකය සහ කෞතුකාගාරය නගරයේ යටත් විජිත සහ වාස්තුවිද්‍යාත්මක උරුමය සිහිපත් කිරීමක් ලෙස පවතී.මෙම කිරිගරුඬ ස්මාරකය කොල්කටා හි ඉහළම සංචාරක ආකර්ෂණ ස්ථාන අතුරින් එකකි.
වික්ටෝරියා අනුස්මරණ ශාලාව වයිස්රෝයිවරයෙකු වූ කර්සන් සාමිවරයාගේ සංකල්පයකි. බ්‍රිතාන්‍ය ඉන්දියාවේ අධිරාජිනිය වූ වික්ටෝරියා රැජින 1901 ජනවාරි මාසයේදී මිය ගිය විට, කර්සන් ඇයට ගෞරව කිරීම සඳහා මහා ස්මාරකයක් ඉදිකිරීමට යෝජනා කළේය.ඔහු මෙම ස්මාරකය පිළිබඳව සඳහන් කළේ අතීත ආශ්චර්යයන් නරඹන්නන්ට දැකගත හැකි කෞතුකාගාරයක් සහිත අතිවිශිෂ්ට ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීමක් ලෙසය.
ඒ අනුව පස්වන ජෝර්ජ් රජු බවට පත් වූ වේල්ස් කුමරු විසින් 1906 ජනවාරි 4 වන දින ස්මාරකය සඳහා අඩිතාලම තබන ලදී. 1921 දී මහජන නැරඹීම සඳහා විවෘත කරන ලදී. පසුව, ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු ස්මාරකයට විවිධ එකතු කිරීම් සිදු කරන ලදී.
වික්ටෝරියා අනුස්මරණ සමරකය ටාජ් මහලට සමාන බවක් ගන්නා අතර එහි ප්‍රධාන මධ්‍යම ගෝලාකාරය, කුඩා ගෝලාකාර හතරක්, උස් ද්වාර, අෂ්ටාස්ර හැඩයේ ගෝලාකාර චාත්රි, කොන් වල ගෝලාකාර කුළුණු සහ මලුව ඇත.
අඩි 16 උසැති The Angel of Victory, ප්‍රතිමාව ශාලාව ආරම්භයේදී දක්නට ලැබේ.එමෙන්ම විවිධ වූ මුර්ති විශාල වශයෙන් ඔබට එහිදී දක්නට අවස්තාව ලැබෙනු ඇත.
වික්ටෝරියා අනුස්මරණ උද්‍යාන නිර්මාණය කර ඇත්තේ රෙඩෙස්ඩේල් සාමිවරයා සහ ඩේවිඩ් ප්‍රේන් විසිනි. එමර්සන්ගේ සහායක, වින්සන්ට් ජෙරොම් එස්ච්, උතුරු පැත්තේ පාලම සහ උද්‍යාන දොරටු නිර්මාණය කළේය.1902 දී, Emerson වික්ටෝරියා අනුස්මරණ සඳහා ඔහුගේ මුල් නිර්මාණය ඇඳීමට Esch සම්බන්ධ කර ගත්තේය.
අද වන විට මෙය ඉන්දියාවේ විශිෂ්ඨතම කෞතුකාර වලින් එකක් ලෙස සැලකේ. ස්මාරකය අභ්‍යන්තරයේ....
කල්කටා ගැලරිය,
පොට්රේට් සිතුවම් ගැලරිය
රාජකීය අවස්තාවන් හි සේයාවන් ඇතුලත් ගැලරිය
මූර්ති ගැලරිය
රාජකීය නායකයින් සහ ජාතික නායකයින්ගේ සේයාවන් ඇතුලත් ගැලරිය ඇතුළු ගැලරි 25ක් දක්නට ලැබේ.
මෙම උද්‍යානය අක්කර 57 ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය කරන අතර වික්ටෝරියා රැජින, චාල්ස් කෝන්වාලිස්, ආතර් වෙලෙස්ලි සහ රාජේන්ද්‍ර නාත් මුකර්ජි යන අයගේ ප්‍රතිමා වලින් සමන්විත වේ.ස්මාරකය වටා පැතිර ඇති තණනිල්ල මිනිසුන්ට ඇවිදීමට සකස් කර දී ඇත . මෙම දේපල දැන් සංස්කෘතික අමාත්‍යාංශයේ පාලනය යටතේ පවතී.
අනුස්මරණ ශාලාවේ පුස්තකාලයට යන ඔබට
තෝමස් ඩැනියෙල් සහ විලියම් ඩැනියෙල්ගේ ඉන්දියානු භූ දර්ශන සිතුවම්, ඕමාර් ඛයියාම්ගේ රුබයියාත් වැනි දුර්ලභ පොත් සහ විලියම් ෂේක්ස්පියර්ගේ නිදර්ශන කෘති, ඖරංසෙබ් අධිරාජ්‍යයාගේ අතින් ලියන ලද කුරානය, කලීඝට් සිතුවම්, ටිපු සුල්තාන්ගේ පුද්ගලික යුධ දිනපොත යනාදිය දක්නට ලැබීමද විශේෂත්වයකි.එකක් "VRI" එනම් Victoria Regina Imperatrix සහ අනෙක "Dieu Et Mon Droit".
පළමුවැන්නෙන් වික්ටෝරියා රැජින සහ අධිරාජිනිය අදහස් වන අතර දෙවැන්නේ තේරුම "දෙවියන් වහන්සේ සහ මගේ අයිතිය" යන්නයි.
ඇතුල්වීමේ ගාස්තුව: ඉන්දියානුවන්- INR 20 විදේශිකයන් - INR 200 දිනපතා උදේ 5:30 සිට සවස 6:15 දක්වා විවෘතයි.
නිලක්ෂි බණ්ඩාර
15/09/23.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........