දෙවි දේවතාවන් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේදී අසන්නට දකින්නට ලැබේ,විවිධ දේවාල විහාර ,පුජනිය වෘක්ෂ ජලාශ ආදියට අධිපති දෙවි දේවතාවියන් මිනිසාගේ විවිධ දුක් කරදර වලට පිහිට වී පින් ලබා ගන්න අවස්ථා අතීතයේදී ද වර්තමානයේදී ද අපිට අසන්නට දකින්නට ලැබේ,ජිවිතයේ මුහුණ දෙන කරදර වලට පිහිටවීම අසනීප වලදී පිහිට වීම යක්ෂ උපද්‍රව දුරු කිරීමට සහ රැකි රක්ෂා ව්‍යාපාර දියුණු කර ගැනීමට උපකාර වීම මින් සමහරකි. දේව පුජා පැවැත්වූ පසු සිත පිරිසිදු වන බවත් , පෙර නොතිබූ ජිවිතයේ දියුණුවට අදාල වන අලුත් සිතුවිලි පහල වන බවත් බොහෝ දෙනෙක් විශ්වාස කරති. ඔබද , මමද ජිවිතයේ කිසියම් අවස්ථාවක මෙවැනි අත්දැකීමකට මුහුණ දී තිබෙනු නොඅනුමානයි.
එමෙන්ම පින් රැස් කර ගැනීමට කැමති දෙවියන් මිනිස් වෙස් ගෙන පුජනිය ස්ථාන පුද පුජා වලට සහබාගි වීම පිළිබඳව අපට අසන්නට ලැබේ,වරක් ශක්‍ර දෙවියන්ටද මෙවන් අදහසක් පහල විය.මහා මග පිඩුසිඟා වැඩිය මහා කාශ්‍යප තෙරුන් වහන්සේට දන් පුජා කර පින් ලබා ගැනීමට ඔහු කල්පනා කළේය,මේ අවස්ථාවේදී උපාය මාර්ගයක් කල්පනා කල ශක්‍ර දෙවියෝ දුගී වෙසක් මවාගෙන තම බිරිඳ වූ සුජාතා නම් අසුර දියණිය සමග මහා කාශ්‍යප තෙරුණුවන් පිඩු සිඟා වඩින පෙරමග හණ කටිමින් සිටියහ.මෙම දෙමහල්න් ඉතාමත් මහලුය.එම වීදියේ මීටත් වඩා අසරණ පිරිස් නොසිටි අතර මහා රහතන් වහන්සේ ඔවුන්ගේ දුගී පැලට වැඩියහ. ගෙහිමියා දෑස් නොපෙනෙන අයකු මෙන් හැසිරෙමින් වැටි වැටී ගෙට ගොස් බත් සහ ප්‍රණීත භෝජන ගෙනවිත් තෙරුන් වහන්සේට දන් පිළිගැන්වුහ .
නමුත් පාත්‍රයෙන් විහිදුණ දිව්‍ය අහාර වල සුගන්ධය දැනුන තෙරුන් වහන්සේ මෙම දුගීපැලටප්‍රණීත ආහාර ලැබුනේ කෙලෙසදැයි දිවැස් යොමු කර බැලුහ. මහලු පෙහෙකරයා සක් දෙවිඳු බවත් , බිරිඳ සුජාතාව බවත් ,පසක් කර ගත තෙරුන් වහන්සේ (ශක්‍රය මෙබඳු පහත් ක්‍රියාවක් කර මා රැවටීමට උත්සහ කලේ මන්දැ"යි විමසුවා. දෙවු සැප විඳින ඔබ උදුරාගෙන ඇත්තේ
" දුප්පත්තුන්ට පිනක් කරගැනීමට ලැබී ඇති අවස්ථාවකි ".
උන්වහන්සේ සිය අප්‍රසාදය පල කළහ .එවිට
දොහොත් නගා වැඳ ශක්‍රයා පැවසුවේ ස්වාමිනි .... අප දෙව් සැප වින්දත් , අපටද පින් ඕනෑ වේ, මනු ලොවට පැමිණ ඔබ වහන්සේට දන් පිදුවේ එබැවිනි .
කෙසේ වෙතත් මහා කාශ්‍යප රහතන් වහන්සේට දනක් පිළිගැන්වීමට අවස්ථාවක් ලැබුනේ යැයි සිත් පහන් කරගත් ශක්‍ර දෙවියෝ තෙරුන්ට නමස්කාර කර දෙවුලොවට ගියහ.
රට ජාතිය ආගමට අභාග්‍ය උදාවූ අවස්තාවලදී දෙවියන් මිනිස් වෙස් ගෙන ඉපිද මෙහෙවර ඉටු කල ආකාරය අපට ඉතිහාසයේ දැකිය හැකිය.ක්‍රිෂ්ණ මුර්ති තුමා, හෙන්රි ඕල්කට් තුමා ඇලි බෙන්සන් ,මහත්මා ගාන්ධි වැනි උසස් උතුම් ගතිගුණ ඇති පුද්ගලයින් මෙවැනි පිරිස් බව විද්වතුන් විශ්වාස කරති. එවන් දෙවියන් නැවත අප රටේ පහළවීමට සුදුසු කාලය උදා වී ඇත.,

පළමු වතාවට මේ පැත්තට ආවේ..
ReplyDeleteඔව් මේ රටට ආපහු එවන් මග පෙන්වීමක් වුවමනායි.ක්‍රිෂ්ණමූර්තිතුමන් වගේ විශිෂ්ට චින්තකයන් නැති අඩුව හුඟක් දැනෙන කාලයක් මේක
sthuthi obata
Delete