අසමි ....
දකිමි ....
විඳිමි .....
"කරදර පොදි බැඳ ගැල පිට පටවා" ........
පද රචනය - උදයසිරි පතිරණ මහතා
මුල් ගායනය සහ සංගීතය - පණ්ඩිත් අමරදේවශුරීන්
කරදර පොදි බැඳ ගැළ පිට පටවා
කරුමයෙ කළු ගොනු පෙරටුවෙ බැඳගෙන
මේ ජීවන මග අප යනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපද මුවගින් පිට වෙනවා
සීපද මුවගින් පිට වෙනවා
අප යන මේ මඟ කළුගල් මතුවී
පය රත්වීලා බුබුළු නැගෙන සඳ
දෑසින් කඳුළැලි මතුවෙනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපද මුවගින් පිට වෙනවා
සීපද මුවගින් පිට වෙනවා
කිරිගල්පොත්තේ කන්ද නගින විට
ගම සිටිනා ඔබ හදෙහි ඇඳෙනවා
ඒකෙන් ගමනට හිත දෙනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපද මුවගින් පිට වෙනවා
සීපද මුවගින් පිට වෙනවා
ආචාර්ය පණ්ඩිත් අමරදේව ගයකයාණන් විසින් ගයනා කරන ලද මෙම ගීතය ගීත රසය මෙන්ම බුදු දහම පදනම් කරගත් හරවත් දර්ශනයක් පිළිඹිබු කරයි.ලයාන්විත හඬක් නොව ගායකයන්ගේ ගැඹුරු හඬ එම හරවත් බව තවත් ඔප්නංවයි .
"කරදර පොදි බැඳ ගැළ පිට පටවා
කරුමයෙ කළු ගොනු පෙරටුවෙ බැඳගෙන
මේ ජීවන මග අප යනවා"
අප පෙර ආත්මවල කළ කර්මය ගැළ ඇදගෙන යන කළු ගොණුට උපමා කරයි . අප ගෙවන දිවිය මෙහිදී ගැල වේ.
දුක් කම් කටොලුවලට මුහුණ දෙමින් යන මේ දිවි ගමනේ දුක .දාහය නිවාලන්නට ගැල් කරුවා සි පද ගයනා කරයි.
සාමාන්‍ය සම්මතයේදී කළු වර්ණය සංඛේතවත් කරන්නේ සතුට හෝ සෞභාග්‍ය නොවේ.දුක් කම්කටොලු සහ අසුබ සංසිද්දින්ය .ගැල්කරුගේ ජිවිතයද එසේමය
මෙය පිළිඹිබු කිරීමට අමරදේවයන්සිංහල ජන සංගීතයේ හැඩයන් ඊට යොදා ගැනීම ඉතා සංයමයෙන් යුතුව සිදු කර ඇති බැව් මනාව අවබෝධ වන කරුණකි.
කවි, සීපද සිංහල සංස්කෘතිය හා බැඳී පවතින්නක් වන අතර පැල් රකින ගොවියාද ,පතල් කරුවාද , කරත්ත කරුවාද ,පාරු පදින්නාද ගමනේ විඩාව නිවා ගැනීමට කවි ගායනා කලෝය .ජන ගී ජන කවි අභාශය සහ ගැමි වචන වලින් මෙම ගීතය ඉතා නිර්මාණශීලිව සහ අලංකාරවත්ව රසවිදින්නා වෙත ඉදිරිපත් කර ඇති බැව් මනාව පැහැදිලි වන්නාවූ කරුණකි .
"අප යන මේ මඟ කළුගල් මතුවී
පය රත්වීලා බුබුළු නැගෙන සඳ
දෑසින් කඳුළැලි මතුවෙනවා "
පයින් ගමන් කරන විට අව්රශ්මියට රත්වූ ගල් මතු වූ පාර නිසා දෙපතුල් රත් වී දිය බුබුළු මතුවේ. එම දාහය නිවාලන්නේ සී පද කීමෙනි .
අටලෝ දහමට උපේක්ෂාවෙන් මුහුණ දුන් ගැමියාගේ චරිත ලක්ෂණ මෙම ගීතයෙන් පිළිඹිබු වේ.
උස ප්‍රමාණයෙන් ලංකාවේ දෙවන උස්ම කන්ද වූ කිරිගල්පොත්ත කඳු වැටි මාර්ගයේ ගමන් කරන විට වෙහෙස තවත් උග්‍ර වේ.
කන්ද නැගීම ගමනේ දුෂ්කරම වූ කාර්යයි . එය ගල්කරුට මෙන්ම ගැළ අදින ගවයටද වෙහෙසකරය .එමෙන්ම ජිවිතාවදානමක්ද සහිත ගමනකි.
"කිරිගල්පොත්තේ කන්ද නගින විට
ගම සිටිනා ඔබ හදෙහි ඇඳෙනවා
ඒකෙන් ගමනට හිත දෙනවා.. "
කරත්තකරුවාට ගම සිටින බිරිඳ මේ ගමන අතරතුරේදී සිහිවේ.ඇය සිහිවීම මොහුගේ ගමනට මහත් වූ දිරියකි.ගැල්කරුවා වෙහෙස මහන්සි වී හරිහම්බ කර පවුලේ බර ගෙන යා යුතුය .ගැලෙහි පටවා ඇති බර මොහු දැරිය යුතු වගකීම් සහ යුතුකම් මනාව පිළිඹිබු කරන උපමාවකි.
ජිවත් වීම පහසු නැත.විශේෂයෙන්ම දුගි ජනතාවට විසල් ගැටළුවකි .
ජිවිත ගමන සමබරව ගෙන යාමට මොහු උත්සහ දරයි.ඔහු ජිවිතයට දිරියෙන් මුහුණ දුන්නා මිස, දිවියෙන් පැන යාමට උත්සහ කළේ හෝ පසුතැවිලි වී දෙෙවයට ශාප කළේ නැත .
වත්මන් යුගයට ඔබින කෙතරම් ධනාත්මක පණිවිඩයක්මෙම ගීතයෙන් සමාජයට ඉදිරිපත් කරයිද?
://www.facebook.com/photo.php?fbid=1498679916926643&set=a.430319570429355.1073741899.100003539474067&type=3&theater¬if_t=feedback_reaction_generic¬if_id=1521277069571020

ජීවිතය දුකක් තමා....ට්‍රයි කොරල විදින්ට ඕනා.... මීට තඩියා
ReplyDeleteඅනේ බෝල අයියා නම වෙනස් කරලා. අනිවරෙන්ම අයියණ්ඩි
Deleteනම වෙනස් කොල්ලා නෑ.... මේ මගෙ ටැබ් එකෙන් බ්ලොග් බලනකොට තියෙන පොපයිල් එක නොවැ. තඩියා ඉතින් කොම්පීතලෙන් බලනකොට තියන පොපයිල් එක
Deleteඅලි අලි දැන් තේරුනා .මන් බැලුවා නම වෙනස් උනේ මොකෝ කියලා ;)
Deleteමේ ගීතය සහ ධම්මපදයේ එන මනෝ පුබ්බංගමා ධම්මා දෙවන කවිය අතර සම්බන්ධයක් තිබේද?
ReplyDeleteඑහෙම කියන්න තරම් ලොකු දැනුමක් නැහැ අයියේ.මන් හොයලා කියන්නම්.ස්තුතියි ගොඩ උනාට
DeleteHoda satahanak.
ReplyDeletejayaweawaa!!!
ස්තුතියි දුමි අයියේ.ජය වේවා !
Deleteගී පද විචාර..
ReplyDeleteලංකාවෙ නිර්මාණය වුන පැරණි ගීත බොහොමයකට කතාවක් තියනවා. ඒකත් දැනගෙන අහද්දි තමයි හිතට සිංදුව හොඳටම වදින්නෙ. ඒවට තමයි මම නම් සුභාවිත ගීත කියන්නෙ.
ස්තුතියි ඔබට අගහරුවෝ :)
Delete+++++++++++
ReplyDeleteස්තුතියි ටෙක් සයුර
Delete+++++++++
ReplyDeleteස්තුතියි අයියේ
Delete