කදු හිස් මුදුන් අතරින් පෙනෙනා
සඳ රැස් මවන සෙවණැලි
හිද මා තනි නොතනියට අද
කවි සිතුවිලි මවා දෙයි
සඳ රැස් පහසින් සිතට
සඳ රැස් මවන සෙවණැලි
හිද මා තනි නොතනියට අද
කවි සිතුවිලි මවා දෙයි
සඳ රැස් පහසින් සිතට
කදුලැල් සලා වෙහෙසව ඇත සිත බෝම
සුලඟේ පාව යයි සුසුමන් දුක් මුසුව
ඒ දැක තරු එලිය පායා විත් නුබ ගැබට
මා සිත සනසවයි කොඳ මල් පුබුදුවමින
සුලගේ පාවෙනා සිතුවිල්ලක් එක්තැන් කොට
මවන්නට පුරමි පෙරුමන් කවි සිහින
හදවතට ඉඩ නොදී යන්නට අනන්තය වෙතට
දිවියේ මල් පුබුදුවමි අදිටන ගෙන මා සිතට
සුලඟේ පාව යයි සුසුමන් දුක් මුසුව
ඒ දැක තරු එලිය පායා විත් නුබ ගැබට
මා සිත සනසවයි කොඳ මල් පුබුදුවමින
සුලගේ පාවෙනා සිතුවිල්ලක් එක්තැන් කොට
මවන්නට පුරමි පෙරුමන් කවි සිහින
හදවතට ඉඩ නොදී යන්නට අනන්තය වෙතට
දිවියේ මල් පුබුදුවමි අදිටන ගෙන මා සිතට
සඳ රැස් පොළෝ තලයම සිපගෙන බෝමා
ReplyDeleteනද දුන් විහඟ රැළ නිහඬව ඉනු කෝමා
හද හුදෙකලාවම දැහැනට ලැදි සේමා
පද කවි කෙරෙන රැයකට කරනෙමි ප්‍රේමා.....
ලස්සනයි.
ජයවේවා!!!
අයියාගේත් පිළිතුර හරිම ලස්සනයි.ජය වේවා අයියා !
Delete