Tuesday, March 20, 2018

කාන්තා දිනයක් පසු විය....

නිමා විය ගුණ ගයා , තවත් කාන්තා                දිනක්
ගුණ ගයා ,බැති පුදා සිදුවේද                       යහපතක්
ඇය සදිසි සැනසුමක් බර දරා                    මිහිකතක්
ඇහැකි නම් ලැබ දෙන්න ලතෙත් ඇති නව  ලොවක්

සදේ රැස් දකින්නේ හිරු දෙවිඳු නැති                  විටයි
හිරු එළිය දිලෙන්නේ  සඳුත් බැස                      විටයි
නුඹේ අගය දැනෙන්නේ නුඹ ගෙදර නැති           විටයි
කලේ දිය ලුණු රසයි ,සහගින්න කුස               පෙළයි

පාසලේ කඩ පිළේ නුඹේ දෙපා                    ඇදෙනවා
කැළේ  උල් කටු ඇණි යටිපතුල්                   රිදෙනවා
දර මිටිය හිස දරන අඩිපාරේ                     පෙනෙනවා
වැලි කතරේ නුඹේ කඳුළු වැලි පොලවේ      සිඳෙනවා

දුරු රටක නුඹ ගියේ යස ඉසුරු ගෙනෙන්නයි
දරු පවුලේ බර අදින නුඹම වෙයි ගෙයි බුදුන්
සුරා සොඬ සැමියාගෙන් නෑ පිහිට සිල පහන්
අතරමග බියකරුයි හමන සුළඟින්    රැකෙන්

8 comments:

  1. තේමාව අපූරුයි. කවියෙ තාලය ගැනත් සැලකිලිමත් වී ඉදිරි නිර්මාණ කරන්න. එවිට පොඩි පොඩි අතපසුවීම් අඩුවී සාර්ථක කවි නිර්මාණයක් බිහිවේවි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ උපදෙසට. තාම සඳසට මම ආධුනික නිසා අනන්තවත් අඩුපාඩු තියෙන්න පුළුවන්.ඉදිරියේදී මේ අඩුපාඩු හද ගන්නම්. ජය වේවා !

      Delete
  2. ලියන්ටකො පිරිමි දිනයක් ගැනත්. බලන බලන පැත්තෙ කාන්තාවො විතරයි නේ.....පිය සෙනෙහසට කව් ගී ලිය වුනා මදී....

    ReplyDelete
    Replies
    1. :) ඔයා ගැනත් ලියන්නම්කො දවසක. බෝලේ ;)

      Delete
    2. හනේ ශතුටුයි.... පපුව පැලිලා මැලෙයිද දන් නෑ ශතුටට

      Delete
  3. අද ඉතිං ලෝකෙ කැලැන්ඩරේ දින ගාණටත් වඩා එක එක දින. හරියට සමරන්න නම් අඟහරු වත් එන්න වෙනවා ඇයි 365 මදි නෙ. මම නම් ඔය වාණිජ විකාර උපක්‍රම ගණන් ගන්නෙ නැහැ. බොරු වැඩ. ඇයි අනික් දවස් වල කාන්තාවො නැද්ද? අනික් දවස් වල අතුරුදන් වෙනවද..

    ReplyDelete
    Replies
    1. අඟහරු කියන කතාව ඇත්ත.මමත් මේ දේ අනුමත කරන්නේ නැහැ.මොකද මේ පුද්ගලයින් මේ ලෝකෙට කරන උතුම් මෙහෙවරා දින සමරලා අගයන්න බැරි නිසා.ස්තුතියි

      Delete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........