Monday, March 12, 2018

නුතන සිතුවම්.

1800 වසර වල අග භාගයේදී බොහෝ සිතුවම් කරුවන් නව අත්හදා බැලීම් සිත්තම් කලාවේදී සිදු කරන ලදී. මොවුන් විවිධ නියමයන් අනුගමනය කරන ලද අතර මොවුන් කිහිප වර්ගයක්ම දකින්නට ලැබුණි.

ඝතිකවාදී

යම් කරුණක් පිලිබඳ ආකල්ප ගණනාවකින් එකම අවස්ථාවේදී පෙන්නුම් කරන සිතුවම් වර්ධනය කළවුන් මේ නමින් හැඳින්වුනි.පැතලි කඩදාසියේ මුර්ති නිර්මාණය කල අතර පැබ්ලෝ පිකාසෝ මොවුන් අතර මුල් තැන සිටින සිත්තරෙකි,

අධි තාත්වික වාදී

පරිකල්පන කිරීමේද සහ සිහින ලෝකයේ ගමන් කර සොයා බලන මොවුන් එම චිත්ත රූපණ සිතුවමට නගන ලදී. 1990 දශකයේදී මොවුන් වඩාත්ම තම දක්ෂතාවයන් හැකියාවන් වර්ධනය කර ගන්නා ලද අතර මොවුන්ගේ මෙම සිතුවම් රසවින්දින්නන්ට බිය ජනක බවක් එක් කරන ලද සිතුවම් වුහ.ස්පාඥ ජාතික සැල්වදෝර් අධිතාත්වික සිත්තම්කරුවකු විය.

උපස්ථිතිවාදී

මොවුන් 1874 වසරේදී පැරිස් නුවරදී සිතුවක් ප්‍රදර්ශනයක් පවත්වන ලද ප්‍රංශ ජාතික කණ්ඩායමක් විය.මොවුන් ආලෝකය සහ වර්ණය පිලිබඳ උනන්දු වූ අතර එවූඩාඩ් මැනෙට් , එඩ්ගා ඩෙගාස් කැපී පෙනුන සිත්තරුන් විය.


අමුර්ත සිත්තරුන්

මෙම සිතුවම් ඉතාමත් අසමානය බවකින් යුක්ත වුන අතර ඔවුන් බලා සිටින ඕනෑම දෙයක් ඒ ලෙසින්ම සැබෑ රුවක ආකාරයෙන් සිතුවමට නැගීමයි. ඔවුන්ගේ සිතට දැනෙන කොටස් ඉතාමත් අපුර්ව ලෙස මොවුන් සිත්තමට නැගීමට දක්ෂ විය.ඒ හේතුව නිසාම මෙම අමුර්ත රුප කොයි ආකාරයෙන් සිතුවමට නැගුවද යන්න සිතීම තරමක් අපහසු වීම විශේෂ කරුණකි.

10 comments:

  1. මේ කෙම්බිමට ගොඩබට පළමු වතාවය.
    උදාහරණ ලෙස පින්තූර ටිකකුත් තිබුණා නම් අගේය.. ජයවේවා ටීචර්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ අදහසට සහ එකතු උනාට.ඊළඟ එකේදී පින්තුර දාන්නම්.:)

      Delete
  2. ප්‍රථම වතාවට මා මෙහි ගොඩ වැදිමි.
    එකදු පෝස්ටුවක් වත් මා හොඳින් නොකියුවෙමි!
    එහෙත් එහි රාමුව, වියමන , චැසිය මා සිත් ගත්තේය.
    මන්ද ඔබ උත්සාහ ගෙන ඇත්තේ සඟරාමය බ්ලොගයක් පවත්වාගෙන යෑමට බව පෙනේ!
    එය තහවුරු වෙමින් පවතී!

    ස්තූතියි! ලියන්න!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට අයියේ.මේ වචන ලොකු ශක්තියක් දිරියක්.ජය වේවා !

      Delete
  3. ඕං මාත් ආව. මේ දවස් වල හරියට වැඩ. පස්සෙ එන්නං නිවීහැනේ බත්ටිකක් කාල, දවස ගත කරල යන්ඩ...

    ReplyDelete
  4. තෙලිතුඩක් ගෙන පත්‍රිකාවක සරසවාලා ලෙසට මී
    සිතුවමක් ඇඳි ඔවුන් ගැන නුඹ ලිව්ව සටහන බැලුවෙමී
    ලස්සනක් රැඳි ක්ෂේම භූමිය දකින්නට යළි යළි එමී
    සුපැතුමක් ලෙස කවිය තියලා යන්න යන මම වෙමි දුමී....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ.හරිම ලස්සනයි කවිය. ජය වේවා !

      Delete
  5. සිත්තම් කලාව නොහිතපු මොහොතක මගෙන් අතහැරුණා. අදටත් ඒ ගැන තියෙන්නෙ දුකක්. සුන්දර මතක ඇහැරෙව්වාට ස්තූතියි. දිගටම ලියමු!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වැසි දැරිය මේ දෙන ශක්තියට. ඉන්න ගමන් හිමිට සිතුවම් කලාව ගැනත් හදාරන්න.හිතට ලොකු විවේකයක් දැනෙනවා, :)

      Delete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........