මුලින්ම මෙම කෘතියෙහි පුර්ව ප්රචාරක පටය නැරඹු අතර එම කෙටි වීඩියෝව කුතුහලය සිතට නැංවූ කෙටි චිත්‍රපටයක් ලෙස දැනුණ අතර එය ඉතාමත් ගුණාත්මක බවින් යුක්තය.පැරිසියේ ජිවත් වෙන මෙම අපුර්ව කතුවරයා මෙම රහස් පරීක්ෂක කෘතියට පාදක කර ගන්නේද සීතල දෙසැම්බරයක පැරිසියේ සිදුවූ අනුවේදනීය සිදුවීමකි.
සුන්දර වුද අහිංසක කාන්තාවක සහ දරුවකුගේ බිහිසුණු මරණයකින් ලොව සුන්දරතම ප්‍රේමයේ නගරයම කැළඹී ගියේය.මෙම මරණයේ විශේෂත්වය වනුයේ මිනීමැරුම පිළිබඳව කිසිම හෝඩුවාවක් මිනීමරුවා විසින් ඉතුරු කර නොතිබීමයි.අඩුම තරමේ ඇඟිලි සලකුණක් වත්.ෂර්ලොක් හොල්ම්ස් වැනි වූ දක්ෂතම පොලිස් පරීක්ෂක වරියක වූ මදාම් නතාලි මුණේ යනු මෙවැනි අපරාධයන් රැසක් විමර්ශනය කරන ලද තැනැත්තියකි. නමුදු මදම් ඇතුළු පැරිස් අපරාධ විමර්ශන කණ්ඩායමට මෙම අපරාධය අගක් මුලක් සොයා ගත නොහැකි උබතොකොටික ගැටළුවක් විය.ඔවුන්ට ඉතිරිව තිබුනේ දින කීපයකි.මන්ද මෙම මිනීමරුවා එතරම් සුක්ෂමව මෙම මිනි මරුම සිදු කර තිබුණි,.
පාඨක සිත පොත අවසානය වන තෙක්ම කුතුහලයෙන් පොත වෙතම රඳවා ගැනීමේ හැකියාවක් සහිත වූ මෙම කතාවේ ආකෘතියද ඉතාමත් සැලසුම් සහගත ව ගොඩ නැගු ආකෘතියක් වේ.මෙම කතාව රචනා කිරීමේදී එම කතාවට පාදක වූ ස්ථානයන් පිලිබඳ මනා ගවේෂණයකින් යුක්තව යොදාගෙන තිබීම සුවිශේෂි ලක්ෂණයක් වේ.මම කියවූ රහස් පරීක්ෂක කෘතීන් අතරින් සාර්ථකම කෘතිය ලෙස මෙය හැඳින්විය හැකිය.මන්ද එතරම් රසවත් ,සිත් ඇඳ බැඳ ගන්නා සුළුවූ රසවත් ලේඛන ශෛලියක් හෙබි මංජුල සේනාරත්නයන් චිත්‍රපටයක් බලනවා යන හැඟීම පාඨක සිතට දෙමින් චිත්ත රුප මවමින් මෙම කෘතිය රචනා කර තිබීමයි.
කතාව ආරම්භයේදී අප තබා සිටින නිගමනයන් කතාවේ අවසාන භාගය වන විට වෙනමම ලෝකයක අපව අතරමන් කරවයි.ලාංකීය සාහිත්‍ය කලාවේ නවමු මානයකට මෙම කතාව හරවන ලද අතර නවමු ලක්ෂයකට ගෙන යයි.පොත් කියවීමට අකමැති වූ අභිරහස් චිත්‍රපට වලට පමණක් ලං වූ පිරිසක් කියවීමට ඇබ්බැහි කරවීමට මෙවැනි පොත් උපයුක්ත කර ගත හැකිවීම සුවිශේෂී වේ.වචන්ර්ථයෙන් ගත් කල 12.12.12 හෙවත් කල්පනා මැරූ සීතල දෙසැම්බරය ඉතාමත් විශිෂ්ඨ ඝනයේ ත්‍රිලර් නව කතාවක් ලෙස හඳුන්වා නොදුන්නොත් එය මෙම පොතට මෙන්ම කතෘ තුමාටද කරන අසාධාරණයක් ලෙස මට හැඟීමක් ඇති වේ.
සංකීර්ණ මිනිස් සිතේ ඇතිවන චිත්ත වේගයන් සහ සංකුලතා පිලිබඳ මනා අවබෝධයකින් මෙම චරිතයන් රචකයා විසින් හැඩගස්වා තිබීම මෙහි දක්නට ඇති තවත් සුවිශේෂී ලක්ෂණයකි.මිනිසුන් තම ජිවිත අභිමාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම උදෙසා මෙතරම් විසල් අපරාධයන් සිදු කරනවාද යන සැකය සිතේ ඇති වුනි.එය සිතට ගෙන ආවේ පිළිකුල් සහගත පුදුමයකි. මෙම කතාව රචනා කිරීමේදී රචකයා විසින් සිදුවන සිදුවීම් කොටසින් කොටස ගලපමින් ප්‍රංශ සමාජයේ ඇති නීති පිළිබඳව, පොලිස් විමර්ශනයන් පිලිබඳ සහ පොලිස් ස්ථනයේ ආකෘතිය පිලිබඳ වූ මනා වැටහීමකින් යුතුව ,එමෙන්ම එහි අපරාධ විමර්ශනයන් පිලිබඳ පැරිස් පොලිස් නිලධාරින් විසින් අනුගමනය කරන්නාවූ විශ්ලේෂණයන් සහ නිගමනයන් පිළිබඳව මනා අවබෝධයකින් යුක්තවීම මෙම කතාවේ සාර්ථක භාවයට ප්‍රධානම හේතුව වේ.
එමෙන්ම වර්තමානයේදී බොහෝ විදේශ රටවලදී අපරාධකරුවන් සොයා ගැනීමට භාවිතා කරන තාක්ෂණික ක්‍රියාවලියක් වූ රොබෝ පින්තුර ඇඳීමේ ක්‍රියාවලිය හෙවත් Facial Composite ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම සියුම්වූ හෝඩුවාවන් ඔස්සේ හඹා යමින් සිදුකරන ලද මෙම දැවැන්ත ක්‍රියාදාමය දින 9ක් ඔස්සේ සිදුකරමින් සිදු කරන්නාවූ සුවිශේෂී පරීක්ෂණය පිලිබඳ දැනුමකුත් ලබා දෙමින් 12.12.12 නව කතාව රචනයට පාත්‍ර කර තිබීම වඩාත්ම විශේෂ වේ.එලෙසම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය වූ නතාලි ඇතුළු ව භාතියගේ , සොෆි , මර්වාන් යන සියල්ලන්ගේම චරිත ලක්ෂණයන් මනාව පෙන්නුම් කරමින් ඔවුන්ගේ විවිධාකාර වූ මනෝභාවයන් උද්දීපනය කරමින් මෙම සියලු චරිතයන් ගොඩ නඟා තිබේ.
පොත කියවා අවසන් වුවත් සිදුවුනේ කුමක්ද යන්න සිතා ගත නොහැකි තරමට කුතුහලය අදටත් සිතේ ලැඟුම් ගෙන තිබෙන හැඟීමකි. ආදරණිය කාන්තාවකුත් කුඩා දරුවකුත් අමානුෂික ලෙස ඝාතනය කිරීමට තරම් මිනිස් සිතක් දරුණු විය හැකිද?මෙතැන් සිට පොත කියවීම ඔබට බාර කරමින් මෙම සටහන අවසන් කරමි.
මංජුල සේනාරත්නයන් විසින් රචනයට පාත්‍ර කරන ලද කල්පනා මැරූ සීත ය නිසැකවම සම්මානයට පාත්‍ර විය යුතු කෘතියක් බව මා ඇතුළු මෙම කතාව රසවිඳි සියලුම පාඨකයන්ගේ අදහස වේ.ඉතින් සොයුර ලාංකීය සාහිත්‍ය කලාවේ උන්නතිය උදෙසා තවත් මෙවැනි අපුරුවතම කෘතීන් රැසක් බිහි කිරීමට ඔබට ධෛර්ය හා ශක්තිය ලැබේවා යන්න ප්‍රර්ථනා කරමි! නිර්මාණකරණයෙන් දිගු ගමනක් යාමට මේ තැබූ නවමු ලක්ෂය ඔබට තව තවත් පිටුවහලක් වේවා!
12.12.12
රචනය - මංජුල සේනාරත්නයන්
ප්‍රකාශක - මියුසස් ප්‍රකාශන ආයතනය
රු 1000
+++++
ReplyDeleteස්තූතියි
Deleteමේ පොත ගන්නම් ගන්නම් කියල හිටිය තාම හම්බුනේ නෑ නේ. කියවන්න ඕනේ අරගෙන.
ReplyDeleteසුපිරිම පොතක්. කියන්න වචන නෑ
Delete