
ෂිනාගේ සහයට සිටින්නේ ග්‍රේබ්ලියල් නම් සුන්දර තරුණියක් වේ.මොවුන් දෙදෙනා එකතුවී විවිධාකාරවූ අභියෝගාත්මක වීර ක්‍රියාවන්හි යෙදෙන අතර අන්ධකාරයේ අනාවැකියට සම්බන්ධ වූ ක්‍රියාදාමයද ඉන් එකකි.මෙය තරුණ තරුණියන් අතර ජනප්‍රිය වූ අතර මෙම කතාව ස්ටෙලා හොවර්ඩ් රචිත ප්‍රොෆිසි ඔෆ් ඩාක්නස් නම් කෘතියේ ලංකික සාහිත්‍යවේදී කුමාර සිරිවධන මහතා විසින් පරිවර්තනයට ලක් කරන ලද අන්ධකාරයේ අනාවැකිය නමින් ලාංකීය පාඨකයා වෙත ලං කෙරුණි.
ග්‍රීක සහ රෝම පුරාවෘතයන් හි මිශ්‍රිත කතාවක් වීම හේතුවෙන් මුල් කෘතියේ යම් යම් දුබලතා දකින්නට ලැබෙන නමුත් කතාවක් ලෙස ගත් කල මෙය සාර්ථකයි කිව හැකිය.
මෙම කතාවට අනුව ෂිනා සහ ග්රෙබ්‍රියෙල් ගම්බද පිටිසර පළාතක ගමනේ යෙදෙමින් සිටියදී ෂීනාට ලෝකය විනාශ වීම පිලිබඳ අනාවැකියක් අසන්නට ලැබේ. එමෙන්ම මේ ගමනේදී ග්‍රේබ්ලියල්ගේ ඇති අනාගතයේදී සිදුවන සිදුවීම් සිහිනයෙන් දකින්නට ඇති හැකියාවක් ඇති අතර, ඇයද මේ සිදුවීමට සම්බන්ද සමහර සිදුවීම් සිහිනයෙන් දකී. ඒ අතරම මගදී හමුවන ගම්මානයක සිටින 12 හැවිරිදි ඇලෙක්සන්ද්රා නම් කුඩා තරුණියක අනාගතය පිලිබඳ අනාවැකි කියන බවත් ඇය ෂිනා සහ ග්‍රේබ්රියල් පැමිණෙන බව පැවසු බවත් අසන්නට ලැබේ
එනම් යම් කිසි මාලිගාවක සිටින යහපත් තැනැත්තෙකු විසින් නිරයට ඇතුල්වන දොරටුව විවර කරන බවත් මළවුන්ගේ ලොව තුල ඇති අන්ධකාරය සහ දුෂ්ට භාවය මෙලොවට ඇතුලත් වන බව සහ එම විනාශය වැළක්විය හැක්කේ ෂිනා ට සහ ඇය සමගින් පැමිණෙන කතාවට බවත්ය..මෙහිදී ස්ටෙලා හොවර්ඩ් විසින් රසිකයින්ගේ සිතෙහි චිත්‍ර රූප මැවෙන පරිද්දෙන් කුතුහලය සහ ත්‍රාසය දනවමින් මෙම කතාව රචනා කර ඇති අතර මෙය ඓතිහාසික වීර කතා ශානරයට අයත් කෘතියකි.එමෙන්ම අන්ධකාරයේ අනාවැකිය පොත තරුණ දරුවන් සඳහා උචිත වීර ක්‍රියාදාමයන්ගෙන් යුතු පොතකි.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........