අන්තර්ජාල යුගයේදී MP 3 ඩිජිටල් ශ්‍රවණ උපාංගයන් අතර ප්‍රධාන ස්ථානයක් ගනී.මෙය වර්තමාන සංගීතයට ආදරය කරන තරුණ පරම්පරාව අතරේ ශීග්‍රයෙන් පැතිර යන විනෝදාංශයක් බවට පත් වී ඇත,බස් රියේ ,දුම්රියේ සිටගෙන යන මගින් පවා සිටගෙන යාම අපහසුවක් සේ ගණන් නොගෙන ගීත වලට සවන් දෙමින් යනු අපට දැකිය හැක.
MP 3 player එක දමාගෙන ඔබ දිනකට කොතරම් වෙලා ගීත අසනවද? එයට ඔබත් ඇබ්බැහි වී සිටි නම් මෙය ඔබට කෙරෙන අවවාදයකි.මෙම විනෝදාංශය ඔබගේ ශ්‍රවණ තත්වය දුර්වල වීමට ඇති හැකියාව දුර්වල වීමේ ප්‍රවණතාවයක් ඇති බව ඇමරිකානු එක්සත් ජනපදයේ සිදුකල සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
මෙම සමීක්ෂණයට අනුව අවුරුදු 6-19 අතරේ දරුවන්ගෙන් 12.5 % කට මේ හඬ උස් ව ඇසෙන ශ්‍රවණ උපකරණ පැළඳීම හේතු කොටගෙන ශ්‍රවණ ඌනතා වලට මුහුණ දීමට සිදුව තිබේ.මේ ගැන අධ්‍යයනය කිරීමේදී MP 3 player හා Phone එක සම්බන්ධ කරන Ear Phone එකෙහි Ear Bad නමින් හඳුන්වන කුඩා ස්පීකරය කණේ අභ්‍යන්තර ශ්‍රවණ ඉන්ද්‍රියවල අ හානිදායක බව සොයා ගෙන ඇත. තරුණ දරුවන්ගෙන් 3න් 2ක ප්‍රමාණයක් කණ අභ්‍යන්තරයෙහි කුරු කුරු ශබ්දය (ringing in the ears) ඇසීමේ ප්‍රවණතාවයෙන් පෙලිමක් හෝ ශබ්දය නොඇසිමේ තත්වයක් දක්නට ලැබේ. නමුත් මේ පිළිබඳව සැලකිල්ලක් හෝ අවධානයක් යොමු කරන්නේ 8%ක ප්‍රමාණයක් පමණි.
බොහෝ සංගීතඥයින් පවසන ආකාරයට ඔවුන් මේ වන විට සාකච්චා කරනවා තරුණ පරම්පරාවට මෙම ශබ්ද අධික සංගීතයෙන් සිදුවන හානිය පිළිබඳව දැනුවත් කිරීමට.1989 වසරේදී Pete Townsend නම් තැනැත්තා මෙම අධික ශබ්ද සංයෝගයක් ඇති සංගීතයට නිරාවරණය වීම හේතු කොට ගෙන අසාද්‍ය වී රෝහල් ගත කරන ලදී.
අපට කැසට් පටයකින්, සිඩි තැටියකින් ගබඩා කල හැකි ගීත ප්‍රමාණය ඉතාමත් සීමිතය.නමුත් MP 3 තාක්ෂනය ඔස්සේ ගීත 300කට අධික සංඛ්‍යාවක් ගබඩා කිරීමේ පහසුකම වර්තමානය වන විට දක්නට ලැබේ.මේ ඔස්සේ සංගීතයට ප්‍රිය කරන තරුණ තරුණයින් පැය ගණනක් තිස්සේ ගීත එකින් එක ඇසීමට පෙළඹේ. Ear Buds නම් ස්පිකර් වලින් ඇති වන හානිය නම් එමගින් ශබ්දය සෘජුවම කණේ කර්ණ නලයටම සම්ප්‍රේෂණය කරන අතර බාහිර පරිසරයෙන් එන ශබ්ද අවහිර කිරීමයි,
බ්‍රෙස්ටන් හි ළමා රෝහලෙහි වෛද්‍ය බ්‍රයන් ජුලියෝ ට අනුව ඩෙසිබල් 85ක ශ්‍රවණ පරාසයකට පැය 80ක කාලයක් කන විවුර්තව තැබුවහොත් ශ්‍රවණ හානි සිදුවීමට ඉඩ ඇත.
MP 3 නිසා ඔබගේ ශ්‍රවණය දැනටත් දුර්වල වී ඇත්ද?
1කිසිවකු පවසන දේ නැවත පවසන ලෙස ඔබ කියනවද?
2.අන් අය සමග කතා බහේ යෙදෙන විට ඔවුන් කතා බහ කරන යම් යම් දේ ඔබට නොඇසෙන බවක් දැනෙනවද?
3.ඔබ රුපවාහිනිය අධික ශබ්දයෙන් අසනවද අන් අයට එය බාධාවක් වන ලෙස?
මෙම ක්‍රියා ඔබේ ශ්‍රවණ තත්වය දුර්වල වීමේ ඉඟියක් විය හැක.
මේ පිලිබඳ අධ්‍යනය කරන විද්වතුන්ගේ අදහස වන්නේ ඔබ සංගීතයට මෙන්ම ඔබේ ශ්‍රවණ ඉන්ද්‍රියට ආදරය කරන්න උත්සහ කරන්න.
මුලාශ්‍ර -cbsnews.com
නිලක්ෂි බණ්ඩාර
11/07/2019
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........