"... මාතුබි කියන්නේ අරාබි බසින් සඳ එලියට .ඇයට, මාතුබි කියන නම දෙන්න ඇත්තේ ඇයගේ තාත්තා.නමුත් ආගමික අන්තවාදය සහ ජාතිවාදය කරපින්නා ගත් තාත්තාගේ ජිවිතයට සඳ එළියක් වෙන්න ඇයට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඇය ... සමුනොගෙනම තාත්තගේ ජිවිතයෙන් ඈතට... ඈතට ... මවත් සමග පාවී යනවා.මේ සිද්ධිය අපට කියවන්නට ලැබෙන්නේ ඇමරිකානු ජාතික බෙටි මහමුදි විසින් 1986 දී රචනා කරන ලද ඇයගේ චරිතාපදානය වූ "Not Without my Daughter" නව කතාවෙනි.මෙම ග්‍රන්ථයෙන් ඇමරිකානු ජාතික කාන්තාවක් , විජාතික , වෙනත් ආගමක පුද්ගලයකු හා විවහා වීමෙන් ඔහුගේ සහ පවුලේ සාමාජිකයින්ගේ අනේකවිධ වද හිංසනයට මුහුණ දුන් සංවේදනාත්මක කම්පනය පිලිබිබු වේ.
මෙම නව කතාව Pulitzer සම්මානය සඳහා නම් කෙරුණු අතර 1991 දී චිත්‍රපටයටද නගන ලදී.මෙය භාෂා රාශියකට පරිවර්තනය වූ නවකතාවකි. ඇමරිකාවේ අධ්‍යාපනය ලබා ඇමරිකානු පුරවැසියකු වශයෙන් වෛද්‍ය වෘතියේ යෙදෙන ඉරාන ජාතික කඩවසම් මොහොම්මදී මුදී, බෙටි නමැති ඇමරිකානු කාන්තාව විවහා කර ගනියි.මෙම කතාවේ කතා නායිකාව වන බෙටි දික්කසාද වූ මවකි.විවාහයෙන් පසු බෙටි සහ මුදි සතුටින් ජිවත් වන අතර ඉරානයේ සිට පැමිණෙන මුදිගේ බෑනා කෙනෙකු මොවුන්ගේ නිවසේ නවාතැන් ගන්නා අතර ඔහු ඇමරිකානු විරෝධියෙකි.
ඔවුන්ට සිවු හැවිරිදි දියණියක් සිටි. පවුලේ අය බැලීම සඳහා කෙටි කලකට ඉරානයට යාමට මුදී ,බෙටීට යෝජනා කරයි.බෙටි මෙයට විරුද්ධ වන අතර සති දෙකකින් ඔවුන් නැවත ඇමරිකාවට කැඳවාගෙන එන බවට ඔහු කුරාණයේ අත තබා බෙටිගේ මව ඉදිරියේ දිවුරා පොරොන්දු වෙයි.සති දෙකක් ගතවු පසු මුදි පවසන්නේ ඔවුන්ගේ ඉතිරි ජිවිත කාලය ඉරානයේ ගත කළ යුතු බවයි.
ආගමික අන්තවාදය සහ ආගම් භක්තිය අතර ඇති ගැටුම ලේඛිකාව මෙම දිවුරුම මතින් උද්දීපනය කරයි. එමෙන්ම කාන්තා හිංසනය සහ ළමා හිංසනය සමග කතාවෙහි ඉතුරු කොටස ගලා යයි.මෙම තත්වය ලොව ඕනෑම සමාජ ස්ථරයක කාන්තාවකට සිදුවිය හැකිය. ප්‍රංශ රුපවාහිනී නාලිකාවක සේවය කළ ජින් පියරේ (Jean Piyare ) මෙම සිද්ධිය පිලිබඳ පවසන්නේ (1993) මෙය ඇමරිකානු - ඉරාන සීතල යුද්ධයේ ප්‍රතිපලයක් බවයි.ඇමරිකාවද මෙකල ඉරානයට දැඩි ලෙස තහංචි පනවමින් කුඩම්මාගේ සැළකිලි දැක්වූ යුගයක් විය.
මෙකල ඉරානය, අයෙතුල්ලා කුමේනි යටතේ දේශපාලනික වශයෙන් විශාල පරිවර්තනයකට භාජනය විය.මුදි මෙම දේශපාලනික ජාත්‍යාලය ඉස් මුදිනින් පිළිගත් අයෙකු විය.සමහර විචාරකයින්ට අනුව මෙය ඇමරිකානු ඉරාන යුද්ධයේ පළි ගැනීම බෙටි මත පැවරීමකි.මුදිගේ පවුලේ අයත් සමගින් ජීවත් වූ නිවස බෙටිට සහ දරුවාට සිර ගෙදරක් වූ අතර ඔවුන්ට කෘමින් සහිත අපිරිසිදු අහාර කෑමට පවා සිදුවිය.බෙටි නිර්භීත උපායශීලි කාන්තාවක් වූ අතර අරාබි භාෂාව සහ සංස්කෘතිය අධ්‍යයනය කර මුදිගේ විශ්වාසය දිනා ගනී.
ඉස්ලාමික මුලධර්මවාදින් විසින් බටහිර රටවල මානව හිමිකම් කාන්තා නිදහස ලෙස සලකන කරුණු ඉරානයේ දී ප්‍රතික්ෂේප කරන බව කතුවරිය පවසයි.දෘඩ අන්ධ භක්තිවාදය මගින් ඉරාන සමාජයේ කාන්තාවගේ වීරත්වය සහ ඉදිරි ගමන මොට කරවයි.
1984-1986 අතර ඉරානයේ ජිවත් වූ අත්දැකීම් ඇගේ කෘතියෙන් හෙළි කරයි.ඇය සතු සියලු ලියකියවිලි සහ විදේශ ගමන් බලපත්‍රය පවා මුදි භාරයට ගනී.ඉරානයට පැමිණෙන කාන්තාවන්ට එරට සිරිත් විරිත් වලට හැඩගැසීමටත් , ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට සිදුවූ අතර සිදුවූ අතර සම්පුර්ණයෙන්ම සිරුර ආවරණය වූ (Chador ) ඇඳුම ඇඳීමට සිදුවිය. විදේශ ගමන් බලපත පවා නොමැතිව , ඉරානයෙන් පිට වීමට නම් ඇය විදේශ තානාපති කාර්යාලවල සහය ලැබිය යුතු අතර අවශ්‍ය මුදල් සොයා ගත යුතුය.ඉරානයේ සිට තුර්කිය හරහා දැඩි සීතලෙන් ගැහෙමින් කඳු ශිඛර පසු කරමින් ඇය ගුවන් ගමන සඳහා පකිස්ථානයට යා යුතුය.මේ සදහා ඇය ගෝත්‍රික ජනයාගේ සහයද ලබා ගත යුතු අතර .ඇයගේ මෙම උත්සාහය සාර්ථක වේද ?
ප්‍රවීණ ලේඛිකා අනුලද සිල්වා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද මෙම නව කතාව පළ නොකරන ලෙස ඇයට සිමා බාධක පවා පැනවිය.මුස්ලිම් අන්තවාදය බටහිර මෙන්ම පෙරදිග රටවලද ව්‍යාප්ත වන මෙවැනි යුගයක ඔබ විසින් දෙවියන්ගේ අඩවිය කියවිය යුතු නව කතාවක් බවයි මගේ හැඟීම.

No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........