Wednesday, July 17, 2019

හැරී පොටර්


Image result for harry potter j k rowling
ලෝ පතල ලේඛිකාවක් වූ ජේ කේ රෝව්ලින්ග් මහත්මිය විසින් ෆැන්ටසි හෙවත් ඉන්ද්‍රජාල සහ මායාවන් ඇතුලත් කර ගනිමින් රචිත හැරී පොටර් නව කතා මාලාව ළමුන් අතර පමණක් නොව වැඩිහිටියන් අතරද උන්මාදයක් ඇති කරවන ලදී.1995 දී හැරී පොටර් පළමු කතාව වන හැරි පොටර් සහ මායා ගල පොත ලියා නිම කල අතර 1997 ජුනි 26 වැනි දින බ්ලුම්ස්බරි ප්‍රකාශණයක් ලෙසින් එලි දැක්වුණි. මෙම කතා මාලාව කොටස් 7අකින් යුතු වන අතර එහි පිටපත් මිලියන හාරසිය පනහකට අධික සංඛ්‍යාවක් අලෙවි වී වර්තාවක්ද තැබූ බව විචාරකයින්ගේ මතය වේ.

මෙම කතා මාලාවේ විශේෂත්වය වන්නේ භාෂාවන් 68 කට පරිවර්තනය වීමයි.එමෙන්ම මේ ඔස්සේ නිෂ්පාදනය වුන චිත්‍ර පට ඇමරිකානු චිත්‍රපට ඉතිහාසයේ වැඩිම අදායම් වාර්තා තැබූ චිත්‍රපට අතරට එක් වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 7.7ක අදායමක් ලබා ගනිමිනි.

පොතින් ඈත් වී සිටි බොහො පිරිසක් පොත් කියවීමේ උන්මාදයක් ඇති කරවීමෙහි ලා රසවින්දනයෙන් ඔබ්බට ගිය පිරිසක් ඇති කරලවිමට හැරී පොටර් කතා පෙළ හේතුවක් වූ බව නොඅනුමානය.සාහිත්‍ය වංශයේ මෙම කළ පෙරලිය ඇති කිරීමට හේතු වූ ජේ කේ රෝව්ලින්ග් ට එම විශිෂ්ට සේවය අගයමින් ස්කොට්ලන්තයේ ශා අන්දෘස් විශ්වවිද්‍යාලය මගින් ගෞරව උපාධියක් ඇයට පිරිනමන ලදී.2011 වර්ෂය වන විට එක්සත් රාජධානියේ 12 වන ධනවත්ම පුද්ගලයා බවට පත් වීමේ වරම් ලැබුණි. එමෙන්ම බ්‍රිතාන්‍ය රාජධානියේ Order Of the British Empire සම්මානයෙන් පිදුම් ලබන්නට තරම් ඇය වාසනාවන්ත විය.

හැරී පොටර් කතා මාලාව ඉංග්‍රීසි බසද අතික්‍රමණය කල අතර එහි සඳහන් බොහෝ වචන ඔක්ස්ෆෝර්ඩ් ශබ්ද කෝෂයට පවා ඇතුලත් වී තිබීම විශේෂත්වයකි.2005 වසරේදී මෙහි ඇතුලත් වන ක්විඩිච් ක්‍රීඩාව වර්තමාන ලෝකයට අනුගත වන ලෙස නිර්මාණය කරගනිමින් ක්‍රීඩා ලොව පෙරලියක් ඇති කළ අතර මේ වන විට ජාත්‍යන්තර ක්‍රීඩාවක් බවට එය පත් වී ඇත.ලෝක කුසලාන තරඟාවලියේදී ක්විඩිච් ජගත් කිරුළ ඕස්ට්‍රේලියාව විසින් හිමි කර ගන්නා ලදී.

2016 වසරේදී හැරී පොටර් වේදිකාවට ගොඩ විය.උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද හැරී පොටර් ඇන්ඩ් ද කර්ස්ඩ් වයිල්ඩ් වේදිකා නාට්‍ය ඔලිවියර් සම්මානිත උළෙලේදී සම්මාන 9 කට වාර්තා තැබුවේ පෝටර් උන්මාදය අදටත් වියකි නැති බව පෙන්නුම් කරමිනි.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........