Tuesday, July 23, 2019

ඔත්තුකාරි - චින්තා සුභෂිණී රණසිංහ

Image result for ඔත්තුකාරිඔත්තුකාරි කෘතිය ශ්‍රේෂ්ඨ කතෘ පාවුල් කොයියෝ විසින් රචනා කරන ලද අපුර්වතම කෘතියක් වන අතර මිථ්‍යාචාරයේ යෙදුනු ගුප්තවූ ලන්දේසි කාන්තාවක් වූ මාතාහරි වටා ගෙතුණු කතාවකි.ඇය කල එකම අපරාධය වුයේ ඇය නිදහස් නිවහල් කාන්තාවක් වීමයි.

මාතාහරි මුලින්ම පැරිසියට පැමිණෙන විට ඇය ඉතා දිළිඳු තැනැත්තියක විය.නමුදු මාස කිහිපයක් ගත වන විට නගරයේ ජනප්‍රියතම කාන්තාව වුයේ ඇය යි.නර්තන්ගනාවක් ලෙස ඇය ප්‍රේක්ෂකාගාරය මවිතයට උද්දාමයට සහ කම්පනයකට පත් කරන ලදී.නමුදු රටේ ඇතිවූ යුධ වාතාවරණයත් සමගින් ඇයව පාලකයින්ගේ සැකයට පාත්‍ර වූ අතර 1917 එම සැකසහිත බව නිසා ඇය නැවතී සිටි හෝටල් කාමරයේදී ඇයව අත්අඩංගුවට ගන්නා ලදී. මෙම අවධියේදී ප්‍රංශයේ යුද්ධය ඉතාමත් වියවුල් කාරී අවධියක් විය. ඇය ඉතාමත් දක්ෂ නර්තන හැකියාවකින් යුක්ත ගැහැනියක් වූ අතර සැමගේම සිත් ගත තැනැත්තියක විය.එම කියවම පසුව ඇයව රටවල් දෙකක ඔත්තු බැලවිම සඳහා යෙදවීමට හේතුවක් විය.එම හේතුවම ඇයගේ දුක්ඛදායි මරණයට හේතුවක් වීම ඇයගේ අවසනාවයි.

මෙම කතාව රචනා කිරීමේදී පාවුල් කොයියෝ විසින් ඇය ගේ ඉතිහාසය පිළිබඳව පුළුල් ගවේෂණයක යෙදුනු බව කියවේ.ඔහු විසින් ලෝක යුද්ධ සමයේ විසු සුවිශේෂී කාන්තාවක්ගේ ජීවිතය වටා ගෙතුණු සංසිද්ධිය නැවතත් පාඨක අපට සිහිපත් කර දුන්නේය.කොයියෝ විසින් මෙම කතාවට නිවැරදි හා ප්‍රසන්න රිද්මයක් ලබා දී ඇති අතර අවසානය දක්වා පාඨකයා ට කියවීමට රුචිකත්වයක් ඇතිවන පරිද්දෙන් රචනා කර තිබීම දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයයි.පසුකාලීනව ඇයගේ චරිත කතාව ඔත්තුකාරිය නමින් චින්තා සුභාෂිණි  රණසිංහ මහත්මිය විසින් පරිවර්තනයට ලක් කරන ලදී.

මෙම කතාවේදී මාතාහරි මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම පිලිබඳ පැහැදිලි චිත්තරුපයක් රසිකයා ගේ සිතේ ජනිත කරවීමට කතුවරයා රැගත් උත්සාහය සාර්ථකය.

මෙම කතාවේදී දෘෂ්ටිකෝණයන් ඉතාමත් අපුරුවට වෙනස් කිරීමක් දක්නට ලැබේ.පළමුව මාතාහරිගේ දෘෂ්ටිකෝණයෙන් කතාව දක්නට ලැබේ.ඉන්පසුව ඇයගේ නීතිවේදියා වූ මොන්සියර් ක්ලුනෙට් ගේ දෘෂ්ටිකෝණයෙන් පාඨකයා වෙත කථනය කරයි.මෙහිදී ඇයට සිදුවුණු අසාධාරනකම් සහ ඇය අයුක්තියේ ගොදුරක් වූ ආකාරය පිළිබඳව මනා දැක්මක් පොත රසවිඳින පාඨකයා වෙත ගෙනහැර පානු ලබයි.  ඇය සිටි තත්වයේ දරුණු බවත් ,එය අවබෝධ කරගැනීමට ප්‍රමාද වීමත් ,ඇයගේ තිබු ප්‍රබල සම්බන්ධතාවන් සහිත පුද්ගලයින් ඇයව බේරා ගැනීමට එනතෙක් බලසිටිමත් ඇය පිලිබඳ සානුකම්පිත හැඟීමක් ඇති නොකිරීමට හේතුවක් වේ.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........