
මෙම කතාවේ ප්‍රධාන චරිතන්ගයන් වන්නේ චිත්රපාලි , වලව්වේ ලොකු මැණිකේ වූ ටිකිරි කුමාරි හාමි සහ පොඩි පුතා වූ සනත් හාමුය. වලව්වේ ලොකු හාමු වුවත් ටිකිරි කුමාරි හාමි වලව් මානසිකත්වයෙන් දුරුවූ චරිතයක් වන අතර ඉතාමත් නිහතමානි , අසාධාරණයට විරුද්ධ කම් පාන යහපත් චරිතයක් ලෙස පාඨක මනසට ලං කිරීම මෙහි විශේෂ ලක්ෂණයකි.ඇය විසින් චිත්‍රපලිට අධ්‍යාපනය ලබා දී තමන්ගේම දරුවකුට සලකන්නක් මෙන් ආදරයෙන් සෙනෙහසින් ඇය පිලිබඳ වගකීම ගත්තාය.චිත්රපාලි ගී ජිවිතේ සෑම සතුටුදායක මෙන්ම දුක්ඛදායක අවස්ථාවන් වලදී මවක මෙන් ඇය පසුපස හිඳිමින් ඇයට ශක්තිය දුන්නේ ටිකිරි කුමාරි හාමිය.මොවුන් දෙදෙනා අතර තිබුණු අව්‍යාජ අන්‍යොන්‍ය සෙනෙහස සහ බැඳීම කතාව පුරාවටම අපට දැකගැනීමට කතුවරිය සලස්වයි.
මෙලෙස සතුටින් සාමයෙන් ගතවුණු මොවුන්ගේ ජිවිත ටිකිරි කුමාරි හාමිගේ දෙවෙනි පුත් වූ සනත්ගේ ආගමනයෙන් සම්පුර්ණයෙන්ම කඩා වැටුණු අතර මොවුන්ගේ ජිවිත වෙනස්ම වූ විපර්යාසයකට ලක් වීමට ගත වුනේ දින කීපයකි.වලව් මන්නක්කරකම ඉහවහා ගිය සනත්ගේ කෙළිලොල් ජීවිතයේ තවත් ගොදුරක් වීමට චිත්‍රපලිට සිදුවූ අතර පුරුෂාධිපත්‍ය එරෙහි වීමට නොහැකි වූ ඇයට තමන්ට වූ අසාධාරණය ඉවසමින් ජිවත් වීමට සිදුවිය.අවසානයේදී සනත් ඇයව විවහා කර නොගෙන පලා යන අතර වලව්වේ මෙහෙකරුවකු වූ අහිංසක ජයබා විසින් චිත්‍රපලිගේ ජීවිතය සහ ලැබෙන්නට සිටි දරුවාගේ අනාගතය බාර ගෙන ඇයව සෙනෙහසින් රැක ගනී.
පසුව සිදුවූ සිද්ධීන්ගෙන් අනතුරුව ජිවිතයේ සියලු කඩා වැටීම් අමතක කරමින් පිටරට සිට පැමිණි සුදු ජාතික තරුණියන්ගේ උපකාරය සහ ශක්තියත් ගෙන තම ජීවිතය චිත්රපාලි විසින් ගොඩ නගා ගනියි. එතැන් සිට කතාව කියවීම ඔබට බාර කරමි. කාන්තාවන් දුර්වල සත්ව කොට්ටාශයක් යැයි සලකන පිරිමින්ට කාන්තාවන්ගේ ශක්තිය තම ජිවිත තුල සිදුවන හැලහැප්පීම් ,වැටීම් ඔස්සේ ම ගොඩ නංවාගෙන නැගී සිටිය හැකි බව සාක්ෂාත් කරවන කෘතියක් ලෙස මෙම කෘතිය මම නම් කරමි.
මෙතෙක් රචනා කරන ලද සියලුම කතාවන්ට වඩා වෙනස්ම ආකාරයක කතාවක් සන්ධාරණ කෘතිය චිරන්ජි සොයුරියගේ ලේඛන කලාව වෙනස්ම මානයකට ගෙන ගිය සාර්ථක කතාවක් ලෙසට දැක්විය හැක.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........