Wednesday, December 28, 2022

ලොව වඩාත්ම හුදකලා පුස්තකාලය


ලොව හුදකලාම පුස්තකාලය වනුයේ උතුරු චීනයේ හෙබෙයි පළාතේ මුහුදු තිරයේ ඉදිකොට ඇති සැන්ලියන් පුස්තකාලයයි.මේ ඔස්සේ කියවීමේ හුරුව පාඨකයින්ට ලබා දේ.

එහි ඇති එක පොතක Andrew wraith ගේ සිතුවමක් දක්නට ඇති අතර එය මහලු මිනිසෙකු මුහුද අසබඩ ගල් පර්වතයක් මත හිඳ මුහුද දෙස බලාගෙන ඉන්නකි.ඉන් ඔහුගේ මෙන්ම මෙම පුස්තකාලය හුදකලාවී ඇති බව පෙන්නුම් කරන බව ඉඟියක් දෙනවා විය හැකිය.පුස්තකාලයේ නිර්මාතෘ වූ ගෘහ නිර්මාණශිල්පී ඩොන්ග් ඩොන්ග් පවසන්නේ එම සිතුවම මෙම නිර්මාණය ගොඩ නැගීමට ශක්තියක් වූ බවයි.එමෙන්මා ඔහුට අනුව මේ පුස්තකාලය මිනිසුන්ට මුහුද හා සම්බන්දතාවයක් ගොඩ නගා ගැනීමට ඉවහල් වන බවයි.

පුස්තකාලයේ පිටත කොන්ක්‍රීට් තට්ටුවක් වන අතර ඇතුලතඅලංකරණය  ලි වලින් නිර්මාණය කර ඇත.

 ගොඩනැගිල්ලේ ඇතුලත පඩිපෙලක ආකාරයෙන් සකසා ඇති.එමගින් මුහුද දෙස බලා සිටිමින් තම රසවින්දනය ලබාගත හැකි වීම පුස්තකාලයේ විශේෂත්වයකි.

2015දි  අරඹන ලද මෙම පුස්තකාලය මේ වන විට පාඨකයින් 160,000ක් පැමිණ පොත් කියවා ඇත.වර්ග මීටර් 500 ක වපසරියකුන් යුක්ත වන මෙම පුස්තකාලය තුල පොත් මිලියන 10කට වඩා ඇති අතර පහෙන් දෙකක්ම පරිත්‍යාග කර ඇත්තේ.පාඨකයින් විසිනි.

Gorge  Luis Borges වරක් පවසා ඇත්තේ 

"මෙවන්  පාරාදීසයක කෙදිනක හෝ  පුස්තකාලයක් ඉදිවනු ඇතැයි මම සිතුවෙමි යන්නයි."

පොතක් කියවන අතරතුර මිනිසුන්ට මෘදු හිරු එලිය සේම මුහුදේ සුන්දරත්වයත්, හමා එන මුහුදු හුළගේ සිසිලසත් විදීමට මෙය අපුරු තෝතැන්නකි.එය  Luis Borges ගේ කීම යථාර්තයක් බව ඔප්පු කිරීමකි.

මෙය මුහුද අසබඩ පිහිටා ඇති නිසා නරබන්නන්ට පැමිණීමට පහසුය.එම නිසාම ගිම්හාන නිවාඩුවේදී  නරබන්නන් 600-7000 අතර ප්‍රමාණයක් පැමිණේ.නමුදු සීත කාලයේදී 70-80 අතර ප්‍රමාණයක්ද සති අන්තයේදී 300ක පමණ ප්‍රමාණයක් පැමිණෙන බව පුස්තකාල කාර්ය මණ්ඩල සාමාජිකයකු වන වෑන්ග් සිංග් පවසා ඇත.


අතීතයේ මෙන් නොව පාඨකයින්ට පොත් කියවීමට සහ ලබා ගැනීමට විවිධ ක්‍රම ඇත.අන්තර්ජාලය ඔස්සේ කියවීම්, අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවා පොත් ගෙන්වා ගැනීම් , E books කියවීම ආදිය හේතු කොට ගෙන පුස්තකාල වලට පාඨකයින් නොයෑමේ අවධානමක් පවතී.එම නිසා පුස්තකාලය යන්න ගිලි යන කෞතුක වස්තුවක් බවට පත්වන වාතාවරණයක පැවතීම කනගාටුදායක කරුණක් වේ.


මෙම පුස්තකාලය හරහා විවිධ කියවන්නන්ට අදාලව ක්‍රියාකාරකම් සිදුවන අතර සංස්කෘතික මන්ගල්ලයක්ද වසරකට සැරයක් සිදු කරයි.වසර පුර පොත් කියවීම, නාට්‍ය, නර්තනාංග පැරණි සහ වර්තමානයේ පවතින සංස්කෘතිකාංග වැනි ක්‍රියාකාරකම් රැසක් මෙහිදී දකින්නට අවස්තාව ලැබේ.







Tuesday, December 27, 2022

රෝබිගේ දියණිය ඉසාක් ඇසිමෝව් - පරිවර්තනය සේනාරත්න වීරසිංහ මහතා

මේ ගෙවෙන්නේ 1988 වසරයි.ගෙවත්තක කුඩා දැරියක් ඔබ මොබ දුවනු පෙනේ.ඇය කුඩා ග්ලොරියයි. ඇය පසුපසින් ගමන් කරන්නේ රොබි නම් රොබෝ නැනිවරයායි.ඔවුන් හැංගිමුත්තන් කරන අතර රොබි පහසුවෙන් ඇයව සොයා ගන්නා අතර ග්ලෝරියා රොබි හොරෙන් බලන බවට චෝදනා කරයි.ඉන්පසු දැරිය රෝබිට පවසන්නේ කර උඩතියන් යන ලෙසයි.නමුදු ග්ලෝරියා කල චෝදනාවෙන් රිදුණු සිත් ඇතිව සිටි රොබි එය ප්‍රතික්ෂේප කරන අතර ග්ලෝරියා අඩන බව ඇගෙව්වත් ගණනකට නොගත් නිසා ඇය අවසාන තුරුම්පුව යොදන්නේ නැවත කිසි දිනක රෝබිට කතන්දර කියා නොදෙන බව පවසමිනි.ඒ සමගම ඇයව ඔසවා ගන්නා රොබි දිව යන්නේ අහසේ යන ගුවන් කෝස්ටරයක් පදින ආකරයක් දක්වමිනි.

එම සවාරියෙන් පසු ග්ලෝරියා රෝබිට සින්ඩරෙල්ලා කතාව කීමට පටන් ගනී.ඔවුන්ට දිවා ආහාරය ගැනීමට අමතක වන අතර මව නිවසට පැමිණෙන තෙක්ම කතන්දර කියමින් සිටින අතර මව ඔවුන්ට දිවා ආහාරය මග ඇරීම ගැන දොස් නගා රෝබිට ඇය නැවත කතා කරනතෙක් නොපැමිණෙන ලෙස අණ කරයි.ග්ලොරිගේ පියා වූ  වෙස්මටන් මහතා  නිවසට පැමිණි විට මව පවසන්නේ තව දුරටත් රෝබිගේ සේවය අවශ්‍ය නැති බවය.ඒ ඇසු වෙස්ටන් මහතා මෙම කලකිරීමට හේතුව ගෙනා වසර දෙකේ සිටම ඇතිවුනාදැයි අසද්දී ඇය පිළිතුරු දෙන්නේ ආරම්භයේදී එය නව අත්දැකීමක් බවත් කුතුහලයක් සිතේ තිබුන බවත් නමුත්  රොබි යනු හදවතක් හැගීමක් දැනීමක් නොදැනෙන රොබෝ කෙනෙක් බවත් ඇය ග්ලොරියාට රිදවිය හැකි බවත්ය.

එවිට රොබෝ තාක්ෂණයේ පළමු නියමය වන රෝබෝවකුට මිනිසෙකුට හානි කල නොහැකි වීම සහ එලෙස අනතුරක් කළහොත් රොබෝ අක්‍රියවන බව වටහා දෙයි. හුදකලාව ජිවත් වන ග්ලොරියාගෙන් රෝබිව වෙන් කළහොත් ඇයගේ මානසිකත්වයට එය  බාධාවක් වන බව වෙට්සන් මහතා පැහැදිලි ක්කරන්නේ ග්ලෝරියා ලොකු වන තෙකල් රොබි සිටිය යුතු බව පවසමිනි.දින දෙකකට අපසු වෙස්ටන් මහත්මිය පවසන්නේ රොබි භයානක යැයි සිතන අසල්වාසීන් ඔවුන්ගේ  දරුවන්ව මෙහි එවීමට අකමැති බවයි.

අවසානයේදී වොට්සන් මහත්මිය කුමක් කරයිද?  රෝබිව නිවසින් යවයිද?

ග්ලෝරියා රෝබිගේ වියෝවෙන් පසු කෙබඳු තත්වයකට මුහුණ පායිද?

I Robot ශ්‍රේෂ්ඨ  විද්‍යා ප්‍රබන්ධක ඉසාක් ඇසිමෝව් විසින් රචිත කෙටි කතා 9 යක එකතුවක් වන අතර පොසිටෝනික් එනම් කෘතීම බුද්ධිය සහිත රොබෝ තාක්ෂණයත් සදාචාරත්මක හැඟීම් දැනීම් සමග ඇති සම්බන්දතාවය පිළිබඳව පරිකල්පනත්මකව ඉදිරිපත් කරයි.

1940-1950 දක්වා විද්‍යා සඟරා තුළ කියවූ මෙම කතා පසුව පොත් ලෙස පාඨක දෑතට පැමිණිමත සමග ඇසිමෝව් විද්‍යා ප්‍රබන්ධ

සාහිත්‍යයේ වර්ධනය උදෙසා කල සේවය වඩා පිළිගත් ඇගයීමකට  ලක්විය.1950 දී මුද්‍රණයට පත් " I Robot " කෙටි කතා සංග්‍රහය වෛද්‍යවරියක වන  සුසාන් කැල්වින් විසින් 21 වන සියවසේ වාර්තාකරුවකුට කියාගෙන යන කතාන්දර රැසක එකතුවක් මෙන් පාඨකයන් ට ලබා දේ.මේ ඔස්සේ මිනිස් සබඳතා සහ රොබෝවරුන් අතර ඇති වන්නාවූ අන්තර්ක්‍රියාක්රිත්වය අපුරුවට පෙන්නුම් කර ඇත.

රෝබිට තරමක සවිඥාණයක්සහ චිත්තවේගීය බුද්ධියක් ඇති බව පෙන්වයි.මන්ද ඔහු ග්ලොරියාගේ සෙල්ලකාරී අනුගත වීමත් ඇයගේ මව වෙනස්වීමට අනුගතව ග්ලොරියාගෙන් ඈත් වීමෙනුත් පෙනේ.පැහැදිලිවම මිනිස් අණට අනුගතවන ආකාරයට ඔහුගේ වැඩසටහන නිර්මාණය කර බව මින් පැහැදිලි රුපයක් පාඨක සිත් චිත්‍රණය වේ.

ඒ අනුව ඇසිමෝව් විසින් ඉදිරිපත් කල රොබෝ තාක්ෂණික නියමයන් තුනෙහි සාරාංශගත කර ඇති අචාරධර්ම සහ ඒ ඔස්සේ සිදු කරන ලද වැඩසටහන්කරණය නිසා මතුවූ ගැටළු මත මේ කතාවන් ප්‍රබන්ධය වී තිබේ.එමෙන්ම සෑම කතාවකම පාහේ රෝබෝවරුන්ව මනවිකරණය කර තිබීම ඇසිමෝව් ගේ කතාවල ඇති විශේෂත්වයයි.

මෙම අපූරු කෘතිය ලාංකීය පාඨකයා වෙත ලං කරනු ලැබුවේ විශිෂ්ඨ පරිවර්තකයකු වන සේනාරත්න වීරසිංහ මහතා විසිනි.සරළ බසින් ඔහු විසින් සිදුකල පරිවර්තනය නිසාවෙන් රොබෝ තාක්ෂණයට සම්බන්ධ බොහෝ දේ ඒ ඔස්සේ අපට දැනගත හැකිය.කතා පෙළ අවසානයේදී ඔහු පවසන්නේ.....

" නවීන විද්‍යාව හා තාක්ෂණය මිනිසා විසින් මෑත යුගයේදී ලබා ගන්නා ලද ජයග්‍රහණයන්ය.කෙසේ වුවද මෙම ජයග්‍රහණයන නිසා මිනිසා නවීන විද්‍යාවේ හා තාක්ෂණයේ රූකඩයක් බවට පත්ව ඇතැයි සමහර විද්වත්හු පෙන්වා දෙති.

මෙම පසුබිම මත සාකච්ජා විය යුතු අත්දැකීම් කිහිපයක් ප්පාදක කොටගෙන ලියැවුණ විදේශීය කෙටි කතා කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කොට ඇත.

මිනිසගේ අධිපත්‍යයෙන් තොර ලෝකයක් සොයා යන යන්ත්‍ර වලට මිනිසාට යටත් වන්නට සිදුවන අන්දමත්, මානව දයාව හා තාක්ෂණික සොයා ගැනීම් අතර ගැටුමත් රෝබිගේ දියණිය තුළින් විවරණය වෙයි. 

මෙහි අන්තර්ගත අනික් කෙටි කතා දෙක බ්‍රේන් ඩබ්ලිව් ඇල්ඩස් ( Brain Aldiss) ගේ  "Who Con Replace a Man? ඇසුරෙන් පරිවර්තනය කල යකඩ මොළකාරයෝ කතාවයි.මෙය බ්‍රයන් විසින් රචිත හොඳම විද්‍යා ප්‍රබන්ද්ධ  කෙටි කතාවයි.මෙයට තේමාව වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් ආශ්‍රිතව විනාශ වෙන ලෝකය පිළිබඳවයි.අනාගතයේදී මිනිසුන්ගේ පහසුවට වැඩසටහන් ඇතුලත් කරමින්  නිපදවන යන්ත්‍ර විසින් ඔවුන්ව යටත් කොට පාලනයට ගැනීම නිසා ඇතිවන අයහපත් ප්‍රතිපල පිලිබඳවය.මෙයින් දෙන පණිවිඩය වන්නේ මනුෂ්‍ය වර්ගයා සහ යන්ත්‍ර තාක්ෂනය එකිනෙකා මත පවතින බවත් , එක් කොටසක බිඳ වැටීමෙන් සියල්ලම අක්‍රිය වන බවත් මිනිසා යන්ත්‍ර වලට වඩා උසස් බවත්ය.එලෙසම මිනිසුන් රොබෝ වරුන්ගෙන් වෙනස් වන්නේ මිනිසා සතු චින්තනමය බුද්ධියත් ,තාර්කික හැකියාවත් නිසාය.මිනිසාට පහසුවෙන් වෙනස්වීම් වලට අනුවර්තනය විය හැකි බවත් චිත්තවේගයන් අනුව මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වෙනස් වන බවත්ය.

තරු තාරාවෝ බිල් බ්‍රවුන් ගේ The Star Ducks හි පරිවර්තනයකි. ගමක සිදුවන හදිසි ගුවන් අනතුරක් පිළිබඳව වාර්තා කිරීමට යන වාර්තාකරුවකුට අත්විඳීමට වන සිදුවීම්ය.

 මෙම කෙටි කතා සංග්‍රහය බාල, මහලු සැමදෙනාටම විශේෂයෙන්ම විද්‍යා ප්‍රබන්ධ රසික රසිකාවියන්ට රසවිඳිය හැකි අපුරුම කෘතියක් බව නිර්දේශ කරමි.

රොබීගේ දියණිය මා කුඩා කළ අප්පච්චි විසින් රැගෙන දුන් පොත් අතුරින් අද මා සතුව ඇති පොතකි.





Sunday, December 25, 2022

අසිරිමත් ඉන්දියාවේ සොඳුරු නත්තල් සැමරුම්

 


නත්තල ලොව පුරා සිටින බොහෝ දෙනෙකුගේ ප්‍රියතම  කාලය වන අතර  වන අතර හින්දු ආගම අදහන්නන්ට සාපේක්ෂව කතෝලික බැතිමතුන් සිටින්නේ සුළුතරයක් වුවත් සෑම අයෙක්ම ඉන්දියානු සම්ප්‍රදායන්ට අනුව නත්තල සමරති.ඉන්දියාවේ ප්‍රධාන නගර වන බෝම්බාය , ගෝවේ ,දිල්ලිය වැනිම වූ කොස්මොපොලිටන් නගරය රෝමානු කතෝලිකයන් දහස් ගණනක වාසස්ථානයයි.එබැවින් මධ්‍යම රාත්‍රියේ පවත්වන දිව්‍ය පුජාව ඉන්දියාවේ මහා නත්තල් උත්සවයේ අනිවාර්ය අංගයක් ලෙස  සැලකේ.

දිව්‍ය පුජාවෙන් පසු සැවොම රාත්‍රී නත්තල් භෝජනයට සහබාගි වී ත්‍යාග හුවමාරුවෙන් පසු දිව්‍ය පුජාව අවසන් කරති.නත්තල සඳහා ඉන්දියානුවන් පල්ලිය සුන්දරව සකසන අතර ගෙවතු ශාකයක් වන Poinsettiaමල් , ඇරෝමැටික ඉටිපන්දම් සහ දිලිසෙන විදුලි පහන් මේ සඳහා භාවිත කරයි.සොඳුරු නත්තල් ගීතිකා, අහසේ දිදුලන ආලෝක එළි, විසිතුරු එපහන් එළි සමග ඉන්දියාව ඉතාමාත් වර්ණවත්ව උත්සව සිරියෙන් බබලන්නේ ආශ්චර්යමත් නත්තල් දේශයක් බවට පරිවර්තනය කරමිනි.ඉන්දියානුවන් නත්තල උද්යෝගිමත්ව සමරන්නේ සැමට ආදරය ,සෙනෙහස  එකමුතුකම සේම සමාවද බෙදා හරිමිනි.

දකුණු ඉන්දියාවේ එක් නත්තල් සම්ප්‍රදායක් වන්නේ ඔවුන්ගේ නිවසේ වහලය මත දැවෙන පස් පහනක් තැබීමයි.මෙම පිළිවෙතින් ජේසුතුමා ලෝකයම ආලෝකවත් කරන බව සංකේතවත් වේ.

වයඹදිග ඉන්දියාවේ කතෝලිකයින් නත්තල් කතාව පවසන අතර ඔවුන්ගේම උප භාෂාවෙන් කැරොල් ගීත ගායනා කරයි.

එමෙන්ම නිරිත දිග ඉන්දියාවේ දෙසැම්බර් 1වෙනිදා සිට දෙසැම්බර් 24 වෙනිදා තෙක් උපවාසයේ යෙදෙන බැතිමතුන් සිටි.

ගෝවා ප්‍රාන්තය ඉන්දියාවේ නත්තල සැමරීම සම්බන්ධව සුවිශේෂී වන්නේ ඒ කාලය පුරාවට නත්තල් උත්සවය විර කාව්‍ය සංදර්ශනයක් කරන නිසාවෙනි.පෘතුගාල බලපෑම හේතුවෙන් මෙම රාජ්‍ය බටහිර සම්ප්‍රදායන් රාශියක් පිළිපදින අතර ප්‍රදේශවාසින් තමන් වාසය කරන ප්‍රදේශ බෝනික්කන් සහිත නත්තල් ගස් වලින් සරසවා ,තරු හැඩති පහන් කුඩු වලින් විචිත්‍රවත් ලෙස සරසා සම්භාව්‍ය කැරොල් ගීත ගයනා කරමින් තම අසල්වැසි පෙදෙස් වලට ගමන් කරති.


එපමණක් නොව ගෝවා වැසියන් තම ආදරණියයන් සමගින් රසවත් කැවිලි හුවමාරු කර ගනිමින් තම ආදරය  බෙදා ගනී.එමෙන්ම ඔවුන්ගේ රසවත් පලතුරු කේක් වලට පසු ජනප්‍රියම සම්ප්‍රදායික සංග්‍රහය වන්නේ වියළි පලතුරු සහ පොල් පිරවූ පේස්ට්‍රි ස්වරුපය ගත් "නියුරෝනය "(Neurons). තවත් එවැනි රස කැවිල්ලක් වන්නේ කජු සහ පොල් මිශ්‍රණයකින් සෑදු ටොෆියක් වැනි දොඩොල්ය.

ඉන්දියාවේ පොදු ස්ථාන හැමතැනකම පාහේ එයටම විශේෂඥයින් වූ නිර්මාණකරුවන් අතින් පරිපුර්ණ නත්තල් සැමරුම් පරිශ්‍රයක් වන අතර වීදී වර්ණවත් නත්තල් පහන් වලින්ද ,මල් සැරසිලි වලින්ද  සුන්දරව සරසනු ලබයි.එලෙසම ඉන්දියානු කිතුනු බැතිමතුන් සියවස් ගණනාවක් පුරාවට නිවසේ Mistletoeනම් එංගලන්තයේ  සැරසිලි වලට යොදන වැල් වර්ගයක් නිවසේ රඳවන්නේ පැරණි සම්ප්‍රදායන්ට සිදු කරන ගෞරවයක් ලෙසිනි.එසේ කිරීමෙන් නිවසට වාසනාව කැඳවන අතර නිවසේ නපුරු ආත්ම දුරු කරන බව මොවුන්ගේ විශ්වාසයි.මෙම ශාකය සශ්‍රිකත්වය සංකේතවත් කරන බැවින් ආදරවන්තයින් මේ යට හිඳ සිප වැළඳ ගැනීමෙහි යෙදේ.

මුළු ලොවම නත්තල් සිරියෙන් නැහැවී සිටියදී නත්තල උදෙසා වෙනස්ම වූ තවත් උත්සව කිහිපයක් ඉන්දියාවේ වාර්ෂිකව පැවැත්වේ.,චුම්භක ක්ෂේත්‍ර උළෙල යනු ඉන්දියානුවන් වසරක් මුළුල්ලේ බලාපොරොත්තුවෙන් සිටින උත්සවයකි.සම්ප්‍රදායික ජන සංගීතයෙන් ඔබව පිනවමින් ,ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම කළාකරුවන් ඔබ හමුවට ගෙනෙමින් වෙනස්ම ආකාරයේ රසවිඳීමක් ලබා ගැනීමට හැකිවීම මෙහි විශේෂත්වයයි.

මුලාශ්‍ර :

https://www.memphistours.com/India/india-travel-guide/festivals-in-india/wiki/christmas-in-india

Saturday, December 24, 2022

ඉන්දියානු සාහිත්‍ය කළා කෙත එළිය කල ද්‍රවිඩ සාහිත්‍ය.

 ඉන්දියාවේ ද්‍රවිඩ සාහිත්‍යය ගත් කල වසර දෙසහසකට පෙර අතීතයක් ඇති බව කියවේ. ක්‍රිස්තු වර්ෂයෙ පළමු සියවස් වලට අයත්වන බව කියවෙන අතර එහි කාලය පිලිබඳ ස්ථිර නිගමනයක් පලකළ නොහැක.මධ්‍යතන යුගයේදී ක්‍රමයෙන් කන්නඩ ,තෙලිඟු සාහිත්‍ය  නිර්මාණ  9 වැනි සහ 11වන සියවසේදී අරම්භ වන්නට ඇතැයි  නිගමනය කල හැකිය.

පුරාණ මුලාශ්‍ර වලට අනුව මදුරාසියේහ්දී රැස්වුණ  සාහිත්‍ය සංගම් තුනක් පිලිබඳ කියවේ.ඉන් පළමු වැන්නදෙවිවරුන් සහ මුඛ පරම්පරාගත ඝ්රිවරු සහභාගිවුවක් වන අතර එහි සියලුම කෘතීන් වීනාශ වී ඇත.

දෙවැනි සංගමයෙන් ඉතිරිව ඇත්තේ පැරණිම ව්‍යාකරණය වූ තොල්කාප්පියම් නම් කෘතිය පමණකි.
තොල්කාප්පියම් කෘතිය තුන්වන සංගමයේ බොහෝ කාව්‍යයන්ට වඩා වර්තමානයේ ලියවෙන කවයට සමාන බවක් ගනී.මෙම සම්ප්‍රදායේ  අවසාන වරට ඉදිරිපත් කරන ලද කාව්‍ය නීති රීති පැරණිම සාහිතයාවලි වල සම්පූර්ණයෙන් ක්‍රියාවේ යෙදී ඇත.එම නීති රීති රාජ සභා රීතියට වඩා ගම්බද  සාහිත්‍යයට අයත්වේ.ගැමි ජීවිතය, පිටිසරබද දර්ශන ද නාගරික සමාජයේ කලබලකාරි බව සේම යුද්ධයෙන් අත්විඳින දරුණු විපාක අත්දැකීමක් ලැබුවාක් මෙන් ඉදිරිපත් කර ඇත්තෙ රසවිඳින පාඨකයින්ට ඇස් ඉදිරිපිට ඒ දසුන් පෙන්වනවාක් මෙනි. 

තුන්වන සංග්‍රාමයේදී යෙට්ටුතොගායි හෙවත් අටවැදෑරුම් සාහිත්‍ය සංග්‍රහවලියක් නිර්මාණය කළෝය. එය දමිළ සාහිත්‍යය තුළ නිර්මාණය වුන විශාලතම කෘති පෙලයි. 

යෙට්ටුතොගායි  කාව්‍යයේ භාවිත භාෂාව පුරාණ නිසා වර්තමාන පාඨකයින්ට එම භාෂාව පරිශීලනය කිරීමට වෙනම එම බස අධ්‍යනය කිරීමට සිදුවේ.වත්මන් දෙමල සාහිත්‍ය නිර්මාණ සහ සංගම් අතර සම්බන්ධයක් ඇති බව කියවුණත් එම නිර්මාණ ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුනු piers සහ PiersPlowman යන කවීන් අතර සමානත්වයක් හැඟෙන පරිදිය.

යෙට්ටුතොගායි  කෘතියේ කවීන් 200 ගණනකට ආසන්න ප්‍රමාණයක් රචිත කවි 2000 කට වැඩි ප්‍රමාණයක්
අන්තර්ගතය.එහි ඇතුලත්

නට්‍රිණායි ප්‍රේම කාව්‍ය 400කින්ද

කුරුන් කොහායි කාව්‍ය 400කින්ද

අයින්ගුරුනුරු ගෘංගාර කාව්‍ය 500කින්ද

" පත්තුපාට්ටු හෙවත් ගීත දහය ද  රීතියට අයත් පසුකාලීනව කළ දීර්ඝ කාව්‍ය දහයකි.


කාව්‍ය වර්ගීකරණය ඉන්දියානු අධ්‍යාපන සම්ප්‍රධායේ දක්නට ලැබෙන සුවිශේෂත්වයකි.එහිත් ප්‍රධාන ශානර දෙකකි.

1. ප්‍රේමය පිළිබඳව වූ " අගම්"  සාහිත්‍යය .

2. රාජ ප්‍රශස්ති  වූ " පුරම්" 

සාහිත්‍යය යනුවෙනි .

කාව්‍ය සම්ප්‍රදාය අයත් ජනපද අනුවද බෙදුණු අතර සම්ප්‍රදාය ට අනුව ප්‍රදේශ ( තිණායි) 5ක් තිබුණි.

* කඳු ප්‍රදේශය - කුරිංජි

*වියළි ප්‍රදේශය - පාලෛ

* වනගත ප්‍රදේශය - මූලෛ

* වගා කළ තැනිතලා ප්‍රදේශය - මරුදම්

*වෙරළබඩ ප්‍රදේශය - නෛදාල් යනුවෙනි.

මේ හැම පෙදෙසක්ම ප්‍රේමය සම්බන්ද සිදුවීමකට හෝ යුද්ධ යක සුවිශේෂී සිදුවීමකට සම්බන්ධ වන අතර කඳු පෙදෙස විවහා පුර්ණ ප්‍රේමය හෝ හරක් හොරකම පිලිබඳ දසුන් වලටද , වියළි පෙදෙස් විප්‍රලම්භ ප්‍රේමය හා ගම්බද මුඩුබිම් පිලිබඳ වද වනගත පෙදෙස් පෙම්වතුන්ගේ වෙන්වීම සහ ආක්‍රමණ සිදුවීම් වලටද ,මිටියාවත් විවාහක ප්‍රේමය හෝ නගර ශෝභින් හෝ මායාවී ගති සහ වැටලීම්, තම හිමියන්ගෙන්  වියෝ වීමත් ,යුද්ධයන් ගැනත් සඳහන් වේ.එමෙන්ම එම ප්‍රදේශ වලට අවේනික මල්, සතුන් සහ ජනයා පිළිබඳවද සඳහන්වේ.

සංගම් යුගයේ අවසාන අවධිය වන විට කාව්‍යවල මුල එළිසමය සජ අනුප්‍රාසය බෙහෙවින්ම අන්තර්ගතව තිබුණි.

"ඉෂය්යා දෙණි ණුම් ඉයර්රියෝර් ආර්රාල් 

අශය්යාදු නිර්පාදම්  ආණ්මය ; ඉශය් යුංගල් 

කණ්ඩරිරෙ ආලෛක්කුන් කානල් අන්තන් ශෝර්පා 

පෙන්ඩිරුම් වළාරෝ  මර්රු,,"

" පැරදුණද - දැඩි නොසැලී වෙර වඩා වැඩ කිරීම පිරිමි ගතියයි.සිසිල් පියකරු වෙරළේ ,රළ පහරින් කටු පඳුරු  සෙලවෙන වෙරළේ අධිපතාණනි ස්ත්‍රීහු සමෘද්ධියෙන් නො නසතෙත්ද ...?

සංස්කෘත කාව්‍ය වල දක්නට නොලැබෙන මුල් අනුප්‍රාසය මෙහි කවි වල පාද හතරක් තුල දක්නට ලැබේ,

යුද්ධයට ගිය පුතු 

" ඔබ මගේ කුඩා ගෙයි කුළුණට හේත්තු වී 

මගේ පුතාගේ විස්තර ඇසුවොත් මා කියන්නේ " මා නොදනිමි " යන්නය.

බලන්න , දිවියකුගේ ගල් ලෙනක් වැනි 

ඔහු දැරූ උදරය !

ඔහු ඇත්තේ යුධ පිටියේය."

මධ්‍යතන යුගයේ චෝල අධිරාජ්‍යයේ රාජසභාවේ කිවිඳිය වූ අවුවයියර් කම්බර්ගේ සහ ඔට්ටක්කුට්ටර්ගේ සමකලිනයෙකි. ඇයගේ සාහිත්‍ය කෘතින් වල අන්තර්ගත විශේෂත්වය වන්නේ , ඇය විසින් රචිත සෑම කාව්‍යකම පාහේ " එක පේලියකින්  විශ්වීය වශයෙන් පිළිගත හැකි අගයන්ගෙන් පිරි සොඳුරු නිර්මාණ වීමයි.එම කාව්‍යයන් සරල ශෛලියකින් පාඨකයාට රස විඳිය හැකි ඉතා ගැඹුරු පණිවිඩයක් ලබා දීමයි.

පහත දැක්වෙන කාව්‍ය අවුවයියාර් නම් කිවිඳිය විසින් රචනා කරන ලද අතර එයින්  තොණ්ඩායි හි රජුගේ ධනය ඇයගේ යුධකාමී අධිපතියා සතු ධනය සමගින් සිදු කරන සංසන්ධනය කි.

" මොනර පිලින් සැදී , මල්දමින් ලකර වුණු  

තොණ්ඩායේ හීතල , ඉඩකඩ ඇති ආයුධාගාරයෙහි තිබෙනු කදිමය.

ඒවායේ තුඩු දාඩිය ; තියුණු තුඩු ගිතෙලින් දිලෙයි.

මගේ රජු ගේ ආයුධ සටනින් මොටව ඇත.

සතුරාගේ පහර වැළකීමෙන් තුඩු සිඳිලාය. 

කඩු සාදන කම්මල රෙපරේරු වලින් ගහනය.

මගේ රජ , ධනවත් කල, අහාර නිකම් බෙදා දෙයි.

දුප්පත් කල තම වැසියා හා බුදියි.

දුප්පතුන්ගේ පවුලේ නායකයා ඔහුය.

එහෙත් , තියුණු හෙල්ලයකින් සැදුණු ඔහු බලය. , "

(මෙහි සඳහන්උධෘත ඛාණ්ඩ ජේ ආර් මාර් මහතාගේ සහ ,මහාචාර්ය පී.ටි. එස්. අය්යංගර් ගේ පද්‍යනුපදික පරිවර්තන වලින් සකසා ඇත. 

"සුදු පියාපත් ඇති නිතරම මල්දම් සොයා යන මි මැස්සාණනි ,

මට අසන්නට සිතෙන දේ නොව, ඔබ දුටු දෙය මට කියව, 

මනාව පිහිටි දසන් පෙළින් යුත් මා ප්‍රියවියගේ කෙස් කළඹේ තරම්,

සුවඳක් කිසි ම මලක ඇතැයි දනිහිද ?

මොනරකු සේ ලාලිත්‍යයෙන් යුතුව ඇය මා හා ප්‍රේමයෙන් වෙසේ.


"මා හදවත වඩ වඩා අලුතෙන් කකියයි !

මම නැවත නැවතත් උණු කඳුළු පිසල් ලමි.

වරක් සමයෙන් මා ඇසල සිටි ප්‍රේමිය අවිවෙකිය.

මා හද කකියයි !





මුලාශ්‍ර 

https://tamilnation.org/literature/auvaiyar/index.htm

https://en.wikipedia.org/wiki/Tamil_literature

https://www.britannica.com/art/Tamil-literature

අසිරිමත් ඉන්දියාව - බෂාම් 


නිලක්ෂි බණ්ඩාර 

24/12/2022

Thursday, December 22, 2022

ඉන්දියානු නාමය ලොව සංකේතවත් කළ අග්‍රාවේ රතු බළකොටුව.


මෝගල්වරුන් විසින් ඉන්දියානු දේශපාලනයට , ආර්ථිකයට මෙන්ම සංස්කෘතියට ද විසල් බලපෑමක් කළ අතර ඉන්දු- මුස්ලිම් ගෘහ නිර්මාණ ශිල්පය මෙලෙස විසල් බලපෑමකට ලක්වූ අංගයකි.එහි සුවිශේෂීම ප්‍රතිපලයක් වුයේ අග්‍රාහී රතු බල කොටුවයි.

ඉන්දියානු බටහිර උත්තර පෙදෙසේ පිහිටි ඓතිහාසික පුරවරයක් වූ අග්‍රා නගරයේ පිහිටි අග්‍රා බලකොටුව රතු බලකොටුව නමින් හැඳින්වේ.එය යමුනා නදිය අසබඩ රතු වැලි ගලින්  වලින්  ගොඩ නගා ඇති අතර ,1965 දී මෝගල් අධිරාජ්‍යයා  වන අක්බාර් විසින් විසින් නිර්මිත කර ඇත. එමෙන් 1983 දී අග්‍රාව යුනෙස්කෝවේ ලෝක උරුම අඩවියක් ලෙසද ප්‍රකාශයට පත් කර ඇති අතර ඉංදියාවේ අනන්‍යතාවය පෙන්නුම් කරන සංකේතයක්ද වේ.


අග්‍රාව රාජකීය මන්දිරයක් සේම  විවිධ රාජ්‍ය වංශිකයින් අතරේ පාලනය වුන මෙය 19 වන සියවසේ සිදුවූ ඉන්දීය
බ්‍රිතාන්‍ය හමුදා සන්නද්ධ ගැටුම් වල මුලිකම කේන්ද්‍රස්ථානය ද විය.දිල්ලියේ පිහිටි හුමයුන් සොහොනේ සමකාලින ව්‍යුහයක් වූ රතු බලකොටුව , ඉන්දියානු මෝගල් පාලන සමයේ වාස්තු විද්‍යත්මක ශ්‍රේෂ්ඨත්වය පිළිඹිබු කරන්නකි.අඩ සඳක ස්වරුපයකින් ගොඩ නගා ඇති අතර සම්පුර්ණ ගොඩනැගිල්ල කිලෝමීටර් 2.5 ක පරිධියකින් ද මීටර් 21 ක උසකින්ද යුක්ත වන අතර , දිය අගලකින් වට  වී ඇත. 

බලකොටුවට ප්‍රවිෂ්ඨ වන ප්‍රවේශ දෙකක් ඇති අතර අමර් සිං  ප්‍රවේශය බලකොටුවට පිටතින් ඇති එකම පිවිසුම වන අතර බටහිර දෙසට මුහුණ දා ගොඩ නැගු දිල්ලි පිවිසුම අලංකාර කිරිගරුඬ වලින් ඔබ්බවා සුන්දරව නිර්මාණය කර ඇත.

පසුකාලින මෝගල් අධිරාජ්‍යයන් වූ සාජහන් සහ ජහන්දිර් විසින් බලකොටුවට නව ව්‍යුහයන් එකතු කළ අතර මෙම ගොඩනැගිලි සංකීර්ණය පර්සියානු සහ ටිමුරිඩ්  ලක්ෂණ පෙන්නුම් කරන තුර්කි, පර්සියානු සහ ඉන්දියානු ගෘහ නිර්මාණකරණයේ සොඳුරු සංකලනයකි.
යමුනා නදියේ දකුණු ඉවුරේ  පිහිටා ඇති අග්‍රා බලකොටුව ඇති උද්‍යානය  සුන්දර ටජ්මහල ගොඩ නංවා ඇති උද්‍යානයටද සම්බන්ධ වේ.

අග්‍රාහී දක්නට ලැබෙන ආකර්ශනීය ස්ථාන අතර අක්බාර් ඔහුගේ පුතා වූ ජහන්ගිර් වෙනුවෙන් නිර්මාණය කල ජහන්ගිර් මාලකය මුලික වේ.සංකීර්ණයේ විශාලතම ගොඩනැගිල්ල වන එයයි.

සාජහන් විසින් නිර්මාණය  කළ පර්ල් පල්ලිය (මෝටි මස්ජිඩ් ) සම්පුර්ණයෙන් කිරි ගරුඬ වලින් සෑදු ව්‍යුහයකි. උසස් නිලධාරින් හමුවුයේ පුද්ගලික විවේකාගාරය වූ දිවන් ඉ-ඛාස් ශාලාවේදීය.

එහි තිබු සුවිශේෂීම අංගය නම් ලෝ පතළ මොණර සිංහාසනයයි.එය 17 වන සියවසේදී මෝගල් අධිරාජයා වූ සාජහන් වෙනුවෙන් ඉදි කරන ලද අතර ,මෙතෙක් නිර්මිත විශිෂ්ඨතම සහ සුන්දරම සිහසුන බව කියවේ. සිහසුන වෙත රිදීයෙන් සෑදූ  පඩිපෙලකින් ඉහලට යාමට ඇති අතර ආභරණ වලින් සැරසුණු , රන් පාද මතින් සිටගෙන සිටින මොණරුන් යුගලයක් නිර්මාණය කර තිබේ.එම මොණරුන්ගේ පියාපත් රන් ආලේපිත එනැමල්ඩ් සහ දියමන්ති, මැණික් ආදී පාෂාණ ඔබ්බවා නිර්මාණය කර ඇත. 

පර්සියානුවන් විසින් 1739 දී ඉන්දියාවෙන් පැහැර ගෙන යාමේදී නාදීර් ශා අධිරාජයා විසින් එම ශෛලියේම සිහසුනක් සාදවා සිහසුන් දෙකම ඉරානයට ගෙන ගියත් කුර්දිවරුන් සමග ඇතිවූ සටන් වලින් එම සිහසුන් විනාශ වූ බව කියවේ.පසුකාලීනව එම සිහසුන් ප්‍රතිනිර්මාණය කොට නිමවා ඇත.

විශේෂයෙන්  " Fath-  Ali Shah(1797 - 1834 ) "යන පහ්ලවී ෂාවරුන් දෙදෙනා ද ඔවුන්ගේ රාජාභිෂේකයේදී භාවිතා කර ඇත්තේ " Qajar " රාජ වංශයට අයත් වූ ප්‍රතිනිර්මාණය කළ සිංහාසනයකි.


මෙම දිවාන් ඉ-ඛාස් ප්‍රේක්ෂකාගරයට මුහුණලා ඇත්තේ ෂාජහන් රජුගේ ප්‍රියතම බිසව වූ මුම්ටාස් මහල් බිසවගේ මුසම්මාන් බ්‍රජ් නම් අෂ්ටාංගික කුළුණයි.


අධිරාජ්‍යාගේ නිවහන වූ බාස් මහල් වටිනා මැණික් වලින් සහ මලින් සැරසු කිරි ගරුඩෙන් ගොඩ නැගූ ප්‍රසාදයකි.එහි ඊසාන දෙසින් අලංකාර දර්පණ මහල (ෂිෂ් මහල) දක්නට ලැබේ.එහි විශේෂත්වය නම් ගොඩනැගිල්ලේ බිත්ති සහ සිවිලිම කුඩා දර්පණ ඔබ්බවා නිර්මාණය කර තිබීමයි.

අග්‍රාවේ රතු බළකොටුව ඓතිහාසික ස්මාරකයක් සේම මෝගල් අධිර්ජ්‍යයේ බලමහිමය ලොවටම පෙන්වන නිදර්ශනයක් බව මැනවින් පැහැදිලි වේ.

මූලාශ්‍ර :

https://www.visittnt.com/agra-tours/agra-red-fort.html

https://www.britannica.com/topic/Agra-Fort

https://whc.unesco.org/en/list/251/

පරිවර්තනය 
නිලක්ෂි බණ්ඩාර 
12/22/2022


Tuesday, December 20, 2022

ඉන්දියාවේ ශේක්ෂ්පියර් යන විරුදාවලිය ලැබූ මහා කවි කාලිදාසයන්


ඉන්දියානු සාහිත්‍යය විචාරකයින්ට අනුව එතෙක් මෙතෙක් ඉන්දියාවේ බිහිවුන උසස්ම සංස්කෘත කවියා ලෙස විරුදාවලිය ලබන්නේ මහා කවි කාලිදසයන්ය.2 වන චන්ද්‍රගුප්ත සහ 1 වැනි කුමාර ගුප්ත රජසමයන්හි විසු ඔහු පුරාණ ඉන්දියානු රාජ සභා සංස්කෘතියේ අග්‍රගණ්‍ය යුගයන් අත්විඳි පුද්ගලයෙකි. කාලිදාස ක්‍රි.පු.6 වන සියවසේ කාලිංගයේ සිටි බව කියවෙන අතර කාශ්මීරයේ සිටි බවද කියවේ.ඔහු ගැන සඳහන් මුලාශ්‍ර අවම වන අතර ජනප්‍රවාද වලට අනුව කවිත්වය ඔහුගේ සහජ හැකියාවක් නොව කාලි දෙවගනගෙන් ලැබුණු වරමක් බවත් කියවේ.  පණ්ඩිත් ජයදෙවයන්ට අනුව ඉන්දියාවේ කවි කුලගුරු, ඉන්දියාවේ ශේක්ෂ්පියර් යන විරුදවලින්ගෙන් ඔහුව හැඳින්වුයේ මොහුගේ විශිෂ්ඨ කවිත්වය නිසාවෙනි.

ලෝ ප්‍රකට අභිජන ශාකුන්තල නාට්‍යයේ නිර්මාතෘ වූ කාලිදාසයන් , විලියම් වර්ඩ්ස්වර්ත් සේම සොබාදම ,කලාව සහ ශෛලිය තම නිර්මාණ වලට පාදක කර ගත් අයෙකි.ඔහුගේ  නිර්මාණ ධර්ම, පුර්ණ, වේද, දර්ශනය, උපනිෂද් ඇසුරෙන් නිර්මාණය වී තිබුණි.

හම්බෝල්ට් කවියාට අනුව කාලිදාස මෘදු ගුණාංගයන්ගෙන් සපිරුණු අයෙකි.මෘදුකම හැඟීම් ප්‍රකාශනය සහ නිර්මාණාත්මක විසිතුරුබැවින් මොහු බෙහෙවින්ම පොහොසත්ය.සියළු කවීන් අතර ප්‍රමුඛයා ඔහුය.මේඝ දුතයෙහි, සකුන්තලයෙහි රඝු වංශයෙහි අඩංගු වූ සොබාදම් වැනුම් ,සහ පරිකල්පන ශක්‍යතාවන් ඉතාමත් විශිෂ්ඨය.මොහුගේ කාව්‍ය වල විශේෂත්වය වුයේ කවියාගේ පුද්ගලික බව නිර්මාණවලට ඇතුලත් වීමයි.එම නිර්මාණ වල බොහෝ විට ස්ත්‍රීන්ගේ සහ කුඩා දරුවන්ගේ චිත්තස්වාභාවය , රාජොත්ස්වයන්ගේ මහේශාක්‍ය බව , මල්, ගස් සේම පක්ෂීන් සහ සිව්පාවුන් ද වින්ද්‍යාන්චලයට වඩා හිමාලයේ සුන්දරත්වයද පාදක වී ඇත.

මානව මනෝ විද්‍යාව සේම කාන්තා මනෝ විද්‍යාව පිලිබඳ පුළුල් දැනුමකින් යුතු කාලිදාස කෙනෙකුගේ ක්‍රියාවන් තුළින් ඔවුන්ව හඳුනා ගැනීමේ ප්‍රවීණයෙකු විය.කාලිදාසයන් භාෂාවෙන් නිපුණත්වය ලැබූ අතර එම භාෂාව මධුරය,සරලය,මිහිරිය. ඔහු කෙටි සරල වැකි භාවිතා කරන අතර , අවස්ථාවට අනුව භාෂාව භාවිතා කරයි.විරිත් (ජන්දස) භාවිතය ඔහුගේ නිර්මාණ තුළ බෙහෙවින්ම දක්නට ලැබෙන අතර

විර රසය ඉස්මතු කිරීමට මන්ද්‍ර කාන්ත විරිත භාවිත කර ඇත.

මේඝ දූතය ලියා ඇත්තේ මන්ද්‍රකාන්ත විරිතෙනි.එනම් වැසි සමය පාදක කර ගනිමිනි.මෙහි ආසක්ත ගුණය බෙහෙවින්ම වැඩි අතර පාඨක සිතෙහි චිත්ත රූප ජනනය කරමින් නිර්මිත මේඝ දූතය ට පාදක වුයේ හිමාලයේ අලකපුරයේ වෙසෙන යක්ෂයෙක් කුවේරයන්ගේ සීත රිදවීම නිසාවෙන්  වසරකට ආලකමන්දාවෙන් නුතන මාධ්‍ය පෙදෙසේ රාමගිරි කන්දට පිටමන් කිරීම පිලිබඳ පුවතකි.එම පිටමන් වීම නිසා  තම සොඳුරු බිරිඳගෙන් වියෝ වීමේ දුක සඳහන් කරමින් වර්ෂා සෘතුව ආරම්භයේදී උතුරු දිග කඳු දෙසට ඇදෙන වළකුලකට තම දුක කියා බිරිඳට එය පවසන ලෙස  කළ ඇමතීම කාව්‍යය පුරාවට විරහව උද්ධීපනය කරමිනි.

කාව්‍යයේ ආරම්භය කඳු පෙළ බලා යන ගමන් මග විස්තරයෙන් ආරම්භ වන අතර කාලිදාසයන් භුමි ප්‍රදේශ ,නගර, සහ ගංගා පිළිබඳව සොඳුරු ලෙස කාව්‍යගත කරයි.ආරම්භය  නර්මදා ගන් තීරය කුරුළු ඇසකින් පවසන ආකාරයෙන් වර්ණනා වීම සුවිශේෂිය.

" ලා නිල් මුසු දුඹුරු පැහැ යුතු , 

මදක් වැඩුණු රේණුවලින් යුතු 

නීප මල් 

ඒ ඉවුරේදී දැක ගන්න

අලුත් මල් හට ගන්වන කෙහෙළ ගස් ද දැක ගන්න 

දැවුණු වනයේ බිමින් නගින නැවුම් සුවඳ විඳ ගන්න 

ඔබ දිය  පොද හලන කල ,

මුවෝ ඔබට මග පෙන්වති.

කුමාර සම්භවය ආගමික කාව්‍යය ඝණයට අයත් වේ..නමුදු කාව්‍ය ස්වරුපය ලෞකික වෙසක් ගනී,එය ඇරඹෙන්නේ හිමාලයෙ සොබා විසිතුරු වර්ණනයකිනි.

"දිව්‍යමය කන්ද වූ හිමාලය

උතුරු පෙදෙසේ වෙයි.

නැගෙනහිර හා බටහිරින් මුහුදට යාබදය.

පොළව මනින්නට ලු දඬුවක් සේ දැඩිය.

එහි දේවතාවෝ

ගිරි කුළු යට මෙවුල් සේ පැතිරී 

වලාකුල් සෙවණේ සැතපෙති.

එහෙත් වැස්සෙන් හිරිහැර වතහොත් 

ඉරු එළිය ඇති ගිරි කුළු වලට දිවෙති.

ශිව පාර්වතී ප්‍රේමය සහ ඔවුන්ගේ විවාහය පිලිබඳ දීර්ඝ වැනුමක් වූ මෙම කව්‍යයයෙහි ස්කන්ධ කුමරුගේ උපත පිළිබඳවද විස්තර වේ.

එමෙන්ම රඝු වංශයද කාලිදාසගේ විශිෂ්ඨ කාව්‍යයකි.

රාම කුමරු පිළිබඳව ඇතුලත් අතර සෘතු සංහාරයෙන් සෘතු සය සහ ලක්ෂණ පිලිබඳ  සිදුකළ ගෘන්ගාරාත්මක වැනුමකි. මිනිසා සහ සොබාදහම විචිත්‍රවත්ව සංවේදී වූ අවකාශයක අන්තර් ක්‍රියා සිදුකරන බව කවියාට දැනේ.ඔහුගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට කවිය මනවකරණයට ලක් කිරීම ඔහුගේ නිර්මාණවල ඇති සුවිශේෂිත්වයයි.

මාල විකාග් නිමිත්‍රය, වික්‍රමොර්වශියම් , කුමරසම්භාවම් ඔහු රචිත අනික් නිර්මාණ වේ.

මෙලෙස බලන කළ හිංදු සාහිත්‍යකරණයේ ශ්‍රේෂ්ඨතම කවියාත් , ශ්‍රේෂ්ඨතම දෘශ්‍යකාව්‍ය නිර්මාණකරුවත්\ කාලිදසයන්ය.

මුලාශ්‍ර:

 https://hitaya.org/nature-in-the-works-of-kalidasa/

https://www.allresearchjournal.com/

https://oll.libertyfund.org/page/kalidasa-life-and-works

අසිරිමත් ඉන්දියාව -බෂාම් 


Tuesday, December 13, 2022

විදේශීය සරුංගල් සමග අහසේ ගසාගෙන යන අපේ ආර්ථිකය....



ඊයේ වෙළඳ පලට ගියෙමි.. මන්ද , ඇඳුම් එල්ලා තැබීම සඳහා රඳවනයක් (Hanger) මිලදී  ගැනීමට.චීනයේ නිපදවූ රිදී පැහැ ආලේපිත කම්බි වලින් සාදා ඇති මෙම රඳවනය කොකු 8 කින් යුක්තය.ඒ සඳහා යොදාගෙන ඇති කම්බි වල දිග අඟල් 65කි(cm165ක්)පමණ වේ. පසු ගිය සතියේ රු.200 ට මිලට ගත් මෙය මේ සතියේ රු.220කි.තවත්  භාණ්ඩ කීපයක මිල අසා බැලුවෙමි.ඒ අතර දක්නට ලැබුනේ පාසල් ළමුන් සඳහා නිපදවා ඇති  මල් , පැළෑටි,බෝනික්කන් ,විවිධ රූප වලින් යුතු ස්ටිකර්ස් සියල්ලම චීන නිෂ්පාදනයන්ය. ඒ අතරම බිත්ති අලංකාර කරන පින්තුර කොළ (Wall Pictures) රු.250 සිට 450,500,700 වැනි මිල ගණන් වලට මිලදී ගත හැකිය. 


කාර්මික විද්‍යාල ,තාක්ෂණික විද්‍යාල ජාලයක් සහ රට පුරා ක්‍රියාත්මක වන අතර වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන වලද ග්‍රැෆික් පුහුණුව ලබා දෙන රටක මෙවන් පින්තුර, ස්ටිකර්ස් නිර්මාණය කර වෙළඳ පලට නිකුත් කිරීමට සමත් පිරිසක් නොසිටීම කණගාටුවට කරුණකි.එමෙන්ම.... වෙල්ඩින් පාඨමාලා හැදෑරීමේ පහසුකම් දෛනික දීමනා ,අඩු මිල බස් සීසන් ටිකට් පත් , වැනි පහසුකම් සහිතව කාර්මික විද්‍යාලවල ක්‍රියාත්මක වේ.නමුත් එවැනි ස්ථානයකට ගොස් කම්බියක් පෑස්සීමට ඉගෙන ගන්නේ නම් , බිත්ති රාක්ක රඳවන L- iron, hangers වැනි කුඩා කර්මාන්තයක් කිරීමට පුහුණුවක් ලබා ගත හැකිය.මෙම කර්මාන්ත ලොකු මුදලක් වය කිරීමෙන් තොරව අමුද්‍රව්‍ය සොයාගෙන තම හැකියාවන් තුලින් දියුණු විය හැකි කර්මන්තයන්ය.


ඇසුරුම් කිරීමේ කවරයේ සිට ගොඩනැගිලි ඉදි කිරීම දක්වා ප්‍රයෝජනයට ගන්නා පොලිතින් ද අපි ආනයනය කරමු.රබර් නිෂ්පාදනය කරන අපේ රටට ළමුන් සඳහා අවශ්‍ය විසිතුරු භාණ්ඩ කෙතෙක් නිර්මාණය කල හැකිද ?බැලුම් බෝල, අත් මේස්, බෝනික්කන් , පොත් වලට දමන රබර් මිශ්‍රිත පිට කවර වැනිදා කොතෙක් නිපද විය හැකිද? 

දේශීය බටපතුරු යොදා සාදා ගත් වෙසක් පහන් කුඩු වෙනුවට ප්ලාස්ටික් චීන වෙසක් කුඩු වෙළද පල ආක්‍රමණය කර ඇත.වෙසක් කාලයට බට ගසක් කපා පතුරු යොදා වෙසක් කූඩු තැනූ කාර්මික ශිල්පීන්ට අද එම රැකියා අහිමි වී ඇත.ගම්බද මෙන්ම නාගරික ප්‍රදේශ වලද වෙසක් කාලයට පාර අයිනේ ගොඩ ගසා තිබූ බට පතුරු වෙසක් කූඩු, කඩදාසි පහන් කුඩු (Wesak Lanterns)  අද දක්නට නැත.

අපි අනුන්ගේ වෙසක් පහනින් වෙසක් සිරිය දකිමු. පාට පාට බල්බ් වැල් වලටද සරුංගලයටද මෙම කල දසාවම උදා වී ඇත.බට පතුරු යොදා සෑදු සරුංගලය වෙනුවට ගෝල්ෆේස් අහසේ පමණක් නොව ගම්බද පළාත් වල අහසේද චීන සරුංගල් කරණං ගසනු දැකිය හැකිය.දැවැන්ත චීන සරුංගල් වල රැහැන් වල එති කුඩා දරුවන්ට සිදු වූ අනතුරු පිළිබඳවද අසන්නට ලැබේ.


විදේශ රැහැන් පටවල එතී ඒවා ගලවා ගැනීමට අපහසු තත්වයටත් , ගිලගත් රැහැන් පටවල් දිරවා ගත නොහැකි තත්වයටත් අප අද පත්ව සිටිමු.

මහත්මා ගාන්ධි තුමාගේ ප්‍රකට අධ්‍යයාපන සංකල්පයක් අද අපට හොදින්ම ගැලපේ.  

"හිස , හදවත මෙන්ම දෑතද ප්‍රයෝජනයට ගෙන දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් සිදු කරන සුළු කර්මාන්ත වලට සහ නිෂ්පාදකයින්ට අත දිය යුතුය.


වර්තමානයේ අප මුහුණ දෙමින් පවතින මෙම ඛේදනීය තත්වය දිවැසින් දුටුවාක් මෙන් ප්‍රවීණ ගායන ශිල්පිනී ප්‍රදීපා  ධර්මදාස මහත්මිය විසින් වසර ගණනකට පෙර ගැයූ " කොලොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම "  ගීතය වර්තමානයට කොතරම් ගැලපේද යන්න මා සිතට නැගුනේ නිතැතිනි.

කොලොම් තොටින් නැව් නැග්ගා 

අපේ රටේ මනුස්සකම 

කොලොම් තොටින් ගොඩ බැස්සේ අමනකමයි 

ඒ වෙනුවට.

බෝනික්කන් ඇස් නටවන ලස්සන හුරුබුහුටි කමට .


නැවෙන් ඇවිත් කොලොම්තොටට ගොඩ බැස්සා අපුරුවට.

අපෙ ඇත්තෝ බෝනික්කන් මිලදී ගෙන කාසි වලට 

කිරි දරු පැටවුන්ගෙන් නැව් පුරවන්නේ ඒ වෙනුවට.


කොලොම් තොටින් නැව් නැග්ගා....


මව් තුරුලේ පිපෙන මලට ලංසු තියන නොමිනිසුන්ය.


දුප්පතුන්ගේ මල් නෙළමින්ඉසුරු සොයන බැතිමතුන්ය.

කිරිදරුවන් විතරක් නොව මාරු වෙලා කාසි වලට 

කොලොම් තොටින් නැව් නැග්ගේ අපේ රටේ මනුස්සකම...



සශ්‍රීකත්වයේ සංකේතය වූ ජගන් මාතාව ( මව් දෙවඟන )

ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන්ම මිනිසුන් තමන්ට දැනෙන සිතුවිලි,හැඟීම් විවිධ මාධ්‍යයන් ඔස්සේ එළිදක්වන ලද අතර ගල් ලෙන් වල ඇඳි සිතුවම්, ගල් ආයුධ ඇතුළු උපකරණ, මැටි පිළිම, උපකරණ මෙන්ම භාණ්ඩ ද ඒ අතර විය.පසුකාලීනව තම ආගමික ක්‍රියාවන් වෙනුවෙන් මැටි ප්‍රතිමා නිර්මාණය කරන්නට මොවුන් පෙළඹිණි.

 මේ නිර්මාණ අතර ජගන් මාතාව නොහොත් මව් දෙවඟන ප්‍රතිමා නිර්මාණය බෙහෙවින් සුවිශේෂී මෙන්ම ආගමික වන්දනාවන් අතර ප්‍රසිද්ධ විය.හින්දුන්ට අනුව ඇය පෘතුවි මාතාව ලෙස හැඳින්වෙන අතර හින්දු මුලාශ්‍ර වල ඇය රන් සිහසුනක අසුන්ගෙන සිරින අතර ඇය අත් හතරකින් පියුමක්, සුදු හක් ගෙඩියක් ,හා පියුමක් දරාගෙන සිටින අතර අභය හස්ත මුද්‍රාවෙන් සිටින ඇයගේ වාහනය  කුකුලෙකි.ඉන්දු නිම්නයේ මොහොන්දොජාරෝ හරප්පා ශිෂ්ඨාචාරය පැතිර තිබුණු   පන්ජාබය ,දබර්කොට් , බලුකිස්තානය , කුල්ලි ආදී බොහෝ ස්ථාන වලින් හමුවූ බොහෝ පිලි රූ කළු පැහැති වූ අතර ඉන්දු නිම්නයේ සෑම නිවසකම පාහේ පුද පුජා කරමින් ජගන් මාතාව පිදු බව කියවේ.


ඉන්දු නිම්නයේ මව් දෙවගන ව සංකේතවත් කිරීමට යෝනි රූප පිදීමද සිදුවූ අතර මව් දෙවගන තම ස්වාමියා සමග එක්වීමෙන් පොලවේ වෘක්ෂලතා ජනිතවී සශ්‍රිකත්වය වැඩි දියුණු වන බවට ඔවුන් විශ්වාස කල බැවිනි.ග්‍රීසිය ඊජිප්තුව ,බල්ගේරියාව වැනි රටවල සේම ඉන්දු නිම්නයේද මව් දෙවගන සහ සැමියා වෙනුවෙන් කෘෂිකර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් කාමොත්සව පවත්වා ඇත. එමෙන්ම මොසපොතෙනියාවේ ඉෂ්තාර් දෙවගන පිදීම ද සිදු විය.

ඒ නිසාම ඇයව පෘතුවි දෙවඟන , සශ්‍රීකත්වයේ මාතාව , විශ්වයේ මව ,කෘෂිකර්මාන්තයේ මව , භුමියේ දෙවඟන ලෙස හැඳින්වුවාය.


 

ඉන්දු නිම්නයෙන් හමුවූ  බොහෝ පිළිරූ අතර ගර්භනී මාතාවක් , දරුවකු දෑතට ගෙන කිරි පොවන ස්ත්‍රියක් ,දෙපා රහිතව පොළවෙන් මතුවන ස්ත්‍රීන් , ගර්භාෂයෙන් කුඩා පැළයක් මතුවන දෙකකුල් පුළුල් කර ගත් ස්ත්‍රී රූප ,
දෙපසට විහිදුනු වී කරල් මැද සිටින අන් සහිත දෙවගනක්ද දැකත්තක් අතැතිව සිටින මිනිසෙක් සහ යෝනියෙන් පැළයක් මතුවන ස්ත්‍රී පිලිරුද හමුවී ඇත.ඒ අනුව ජගන් මාතාව ශාක වල ප්‍රභවය මෙන්ම අස්වැන්නේ සංකේතය බව පැහැදිලිවේ. දෑකැත්ත මගින් අස්වනු නෙලන උපකරණය සංකේතවත් වන අතර කෘෂිකර්මාන්තය සහ සශ්‍රිකත්වයෙ දියුණුව වෙනුවෙන් මෙම පිළිවෙත් සිදු කර ඇත.


මෙසපොතෙමියාවෙන් ගෝවින්ද ජගන් මාතා වන්දනය සිදුවූ බවට සාක්ෂි හමුවූ අතර අර්යන්ද මිහිකත පිදු බව සෘග් වේදයේ සඳහන් වේ.අදටත් බෙංගාලයේ සහා ඇසෑමයෙ මාතෘ දේවතා ඇදහිල්ල සිදුවේ.

මෙම පිලිරු වල 

ඉණේ සිට දණහිස දක්වා රෙදි කඩකින් සැරසි හිස්වැසුම් , බෙල්ලේ මාල වැනි ආභරණ වලින්ද ,දෑත් වළලු වලින්ද සමන්විතය.මෙම රූ සයිප්‍රස්, සුසා ආදී ස්ථාන වලින්ද වත්මන් තුර්වීකියාව අතීතයේ සුළු අසියාවෙන්ද, සොහෙබ් සුන්යිදා වලින්ද  හමුවී  ඇත.




අතීතයේදී දෙවි දේවතා වන්දනය සිදුවූ අතර දේවතාවගේ ශක්තිය දේවතාවියන් බව පැවසුනි.ගුප්ත යුගයේදී දේවතාවියන් වෙනුවෙන් වෙනම දේවාල ගොඩ නැගුනැ අතර  පස් වන ශතවර්ෂයේ හමුවූ සෙල්ලිපියක මයුරක්ෂ නම්පුද්ගලයකු සඳහන් කර ඇත්තේ.....



"මන්තරයෙන් නැගුණු එසැඩ සුළඟින් සියපත් ලෙලදෙ න

ගනදුරු මහා හඬ දෙන මාතාවන් හට පිවිතුරුව             න

රුදුරු මහා හඬ දෙන මාතාවන්ට පිවිතුරුව                   න

කරු වූ රජ ඇමතියාය පින් ලැබ ගන්නා විලසි              

සර් ජෝන් මාෂල් , බෂාම් ,රාවෝ, ආර්ඩි බැනර්ජි ,  සර් මොටිමර් වීලර් , මැකී වැනි පුරා විද්‍යාඥයින්ට අනුව මාතෘ දෙවගන යනු ශිව දෙවියන්ගේ දේවතාවියයි,මහා දෙවි ,පාර්වතී. සති, විශ්ව රුපිණී, යෝගිනි මාතා  ,ගෞරි , උමා , දුර්ගා,  කාලි, අන්නපුර්ණා  යනුවෙන් හැඳින්වෙන්නේද ජගන් මාතාවයි.


අර්ධනරිශ්වර හෙවත් ශිවගේ අඩක් සහ පාර්වතිගේ අඩක් සහිත ප්‍රතිමාවෙන් සංකෙතවන්නේ ශිවදෙවියන්ගේ හා ඔහුගේ ශක්තියේ ස්වරූපයයි.






Friday, December 9, 2022

ලොවක් මවිත කළ අජන්තා බිතු සිතුවම්


පැරණි ඉංදියාවේ කලාවන් අතුරින් චිත්‍ර ශිල්පය ඉතා දියුණු ස්ථානයක වැජඹුණු බව නොරහසකි.එදා චිත්‍ර ශිල්පය සම්භාවනීය මට්ටමක තිබුණු බව  දැනට ඉංදියාවේ ශේෂව ඇති නෂ්ඨාවශේෂ තුළින් ලොවම අවබෝධ කර ගත් අතර මෙම බොහෝ චිත්‍ර අද වන විට දක්නට ලැබෙන්නෙ ගල් ලෙන් තුළය.ඉංදියාවේ සිතුවම් වලට ප්‍රසිද්ධ වූ ලෙන් කිහිපයකම පැරණි සටහන් සහිත බිතු සිතුවම් දක්නට ඇති අතර ප්‍රාග් ඉතිහාස සිතුවම් ඝණයට ඒවා නම් කර ඇත.

ඉංදියාවේ හයිද්‍රබාද් හී ගල් ලෙන් 29ක් පිහිටා ඇති අතර ප්‍රෙස්කෝ චිත්‍ර නමින් හඳුන්වන ලෝ ප්‍රකට අජන්තා බිතුසිතුවම්  සහිත ලෙන් සමූහයයි. මේ ලෙන් අශ්ව ලාඩමක ස්වරූපයෙන් පිහිටා ඇති අතර පැරණිම ලෙන ක්‍රි,පු.2  වන සියවසටද මෑතම සොයා ගත් ලෙන ක්‍රි.ව.7 වන සියවසටඩ්‍ය අයත් වේ. මෙම සිතුවම් ප්‍රෙස්කෝ සහ ටෙම්පරා ක්‍රම වලින් චිත්‍රණය කර ඇත.

බොහො අජන්තා  සිතුවම් බදාම ගල් වූවාට පසු වියළි බදාම මත ඇඳි අතර එය ටෙම්පරා ක්‍රමයයි.පිදුරු හෝ හිස කෙස් සමග මිශ්‍ර කරන ලද මැටි හෝ ගොම තට්ටුවක් පලමුව ගල් බිත්තියේ තවරා ඒ මතු පිට කිරිමැටි වැනි මැටි වර්ගයක් ආලේප කරන ලදි.

ගල මතු පිට අගල් 1/8 , 1/4ක් ඝණකමට මැටි හෝ ගොම තට්ටුවක් තවරා කිරිමැටි, මකුළු මැටි වර්ගයක් ඝණකමට තවරනු ලැබේ. තෙත සහිත මෙම බදාමය මත අඳින සිතුව්ම් ප්‍රෙස්කො සිතුවම්‍ ය. මේව ඝර්මකල්පීය දේශගුණයට ඔරොත්තු දුන්නත්, අද වන විට තැන තැන බදාම ගැලවී ඇත.නමුදු ආලේපිත වර්ණ අදටත් මනා දීප්තියකින් යුක්ත වීම විශේෂත්වයයි. සුදු මැටි බදාම මත රතු සායම් පසුබිමේ රතු ඉරි වලින් චිත්‍ර ඇඳ දේශීය වර්ණ යොදා ගනිමින් සායම් යොදා අවසානයේදී මූළික රේඛා කළු හෝ දුඹුරු වර්ණයෙන් ඇඳ මූලික හැඩය ඉස්මතු කරවා ඇත.

එමෙන්ම මෙම අඳුරු ගුහා තුළ චිත්‍රණය කිරීමේදී ශිල්පීන් ලෝහ කැඩපත් ආධාරයෙන් හිරු එලිය ගුහව තුළට ලබාගෙන ඇත .


අංක 10 දරණ ලෙනේ ඇති සිතුවම් ක්‍රි.පූ යුගයට පෙර පැවතෙන බව කියවේ.1 , 6 ගුහා වල සිතුවම් ශත වර්ෂ 6 කට නුදුරු අනාගතයේ ඇඳි බව  පෙනේ.පසුකාලිනව නිර්මාණකරුවන්ගේ පෞද්ගලික රුචිකත්වය අනුව සිතුවම්  වල ශෛලිය වෙනස් වී ඇත.මන්ද මුල් සිතුවම් වල දළ සටහන් තිබුනත් පසුකාලිනව දළ සටහන් නොමැතිව වෙනස්කකම් තිබීමයි.

 බුද්ධ චරිතය සහ ජාතක කතා අජන්තා සිතුවම් බොහොමයකට පාදක වී ඇති අතර එක් සිදුවීමකින් තවත් සිදුවීමකට බැඳෙන ලෙස චිත්‍රණය කර ඇත.හැම සිතුවකම ඇති අනු සැරසිලි නිසාවෙන් ප්‍රධාන සිතුවමට  අවධානය යොමුවේ.මෙම සිතුවම් බෙහෙවින්ම ලෞකික පණිවිඩයක් දෙන අතර මෙම සිතුවම් පර්‍යාවලෝකනයකින් තොරව දූර දර්ශක කැමරාවකින් ගත් සේයාවක් සේ පෙනෙන අයුරින් සිතුවම් කර ඇති හෙයින් නරඹන්නා අභිමුඛයට පැමිණෙන සේ පෙනීම විශේෂත්වයයි .

අතීත ඉංදියානු ජන ජීවිතය මැනවින් සිත්තම් කර ඇති අතර රජ මාලිගා, බිසවුන් ,ගොවීන් ,බඩු පොට්ටනිගෙන යන කම්කරුවන්, සහ අනේකවිද සතුන්, මල් වර්ග සහ කුරුළු විශේෂයන් මේ සිතුවම් වලට අයත්‍ ය.


පලමු ලෙන.

මෙහි ඇති බොහෝ සිතුවම් බුද්ධ චරිතය  සම්බන්ද සිතුවම් සහ ජාවා මූර්ති හා සම නිර්මාණ දක්නට ලැබේ.

තිවංක මුද්‍රාවෙන් සිටින  තරුණයකුගේ  රුව සුවිශේෂීය.ඔහුගේ හිස මැණික් ගල් ඔබ්බවන ලද ඔටුන්නකින්ද දකුණු ත සුදු නෙළුම් මලකින්ද යුක්තය.සිවුමැලි ඉරියව්වෛන් කාරුණික දෑසකින් යුක්ත මොහු තරමක ශෝකි ස්වරූපයකින් දක්වා ඇත.මොහු අවලෝකේතිශ්‍වර පද්මපාණී බෝසතුන් ලෙස හඳුන්වන අතර ඔහු වටා දිව්‍යාංගනාවන් සහ ගාන්ධර්වයෝ සිතුවම් කර ඇත.මින් විශ්වය ලෝකවාසින්ගේ දුක් සහ ආශාවන් පිලිබඳ අනුකම්ප කරන ආකාරයක් පෙන්වන බව ඇගවේ.



රජ සහ බිසව

මාලිගාවක රජ අභරණින් සැරසුනු රජු මැනික් කිරුළක් පැලඳ මාලයක් සහ වළලු වලින් සැරසී උඩුකය නිරුවත්ව සිටී.හිසේ මල් ගැවසූ බිසව රජුගේ පසකින් දක්නට ලැබෙන්නෙ සේවක සේවිකාවන්ද දක්වමිනි.වල් විදුනා සලමින් අඩවන් දෙනෙතින් යුක්තව උඩුකය විනිවිද පෙනෙන සේ ඇඳුම් සිතුවම් කර ඇත.

බන්දේසියක් රැගත් සේවිකාව.

හිස මලින් සරසා , ,ගෙල කෙටි සහ දිගු මාලවලින් සැරසි , කැරලි ගැසුණු කෙසින් යුක්තව,  වමතේ බන්දේසියකින් යුතු ඇය මද සිනාවකින් යුතු යෞවනියකි.

තූර්‍ය වාදකයින් සහ නළඟනන්.

වස් දඬු පිබින වාදකයින් දෙදෙනෙකු මැද ඔටුන්නක් හිස රැඳි කතක් සහ හිස මල් ගැවසූ නාටිකාංගනාවන් දක්නට ඇත.

2 ලෙන.

නූතන සිතුවම් මෙහි අන්තර්ගත අතර ක්‍රම දෙකක සිතුවම් ඇත.ගුරුවරයාගෙත් ගෝලයාගෙත් සිතුවම් දක්නට ලැබේ.



9ලෙන.

ක්‍රි.ව 1 සියවසේ පැරණිතම සිතුවමින් යුක්ත වන අතර අමරාවතී ,භාරුත් සහ සාංචි ශෛලිය දැක්වෙන සිතුවමින් යුතු චෛත්‍ය ගුහාවකි.

10 ලෙන.

විසල් රැස්වීම් ශාලාවකින්‍ යුක්ත මුල් යුගයේ චෛත්‍ය ගුහාවකි.ශාලාවේ වහල ආරක්කු හැඩයකින් යුක්තය.ගල්කුළුණු 39කින් යුතු  අර්ධ ගෝලාකර හැඩයක් ගත් වහලකින් සමන්විතය.

ස්වර්ණමය යුගය සේ හැඳින්වෙන ගුප්ත යුගයේදී සිදු කල නිර්මාණයක් වන අතර එම ශාලාව අඩි 95ක් අඟල්  6 දිග අඩි 41 ක පළලකින් සහ උස අසි 36කින් යුක්ත බව පුරා විද්‍යයාඥ ලූඩර් ගේ මතයයි.

16 ලෙන.

ක්‍රි.පූ 5 ස් වන සියවසේ ඇඳි සිතුවම් ලෙස පැවසෙන අතර ලෙනේ පිට පැත්තෙ ලෙන කරවා ඇත්තෙ වාකාටක රජුන්‍ගෙන් කෙනෙකු (හරිහේන රජු) ගේ ඇමතිවරයකුයැයි සඳහන් වේ.

17 වන ලෙන

බුදුන්ට දන් පිලිගන්වන යශෝදරාවන් සහ රාහුලයන්.

මෙහි  ඇති දන් පිලිගන්වන මව සහ දරුවාගේ සිතුවමින් ආගමික හැඟීමක් දැනවෙන අතර බුදු රුව අවධානය ලැබෙන ලෙස විසල්ව ගොඩ නගා ඇත.දෙවියෙක් බුදුන්ට ඉහලින් මුතු කුඩයක් ඉහාඅ ඇත.සිරිපා තණකොළ වලින් ආවරණය වී ඇත.

මාලිග දර්ශනය.

පලතුරු ගස් සහ මල් පිරි උද්‍යානයක මැද ඇති මාලිගයෙ ජනේලයකින් කාන්තාවන් දෙදෙනෙකු පිටත බලා සිටී.පිටත සේසතක් රැගත් සේවිකාවක් සහ බිසවක් හා පිරිවර සේනාවකින් යුක්ත සිතුවමකි.

භික්ෂු පිරිස.

දෑත් එක් කොට වැඳ සිටින හිසකේ වැවී භික්ෂූන් ද භික්ෂුණියන්ද යන්න හඳුනා ගත නොහැකි හිමිවරුන් රැසකි.පිරිසක් කමිසයක් මෙන් වූ ඇඳුමක් ඇද ඇති අතර , ඒ උඩ ඒකාංශ පොරෝනයක් ඇඳ ඇත.නෙත් එකම ඉල්ලකයක් වෙත යොමුව ඇති අතර කළු වර්ණයෙන් කළ රේඛා නිසා සිතුවම් කැපී පෙනේ.පසු තලයේ අශ්වාරෝහකයකු දක්නට ලැබේ.



රජ සහ බිසව.

මණ්ඩපයක පෙම් සුව විඳින රජ හා බිසව සහ මණ්ඩපයට ඉහලින් කාන්තා රූ දක්නට ඇත.මණ්ඩපයේ කැණි මඩල ගොක් ගෙඩියක ස්වරූපය ගත් පුන් කලසකි.

දිව්‍යාංගනා රූ.

මලින් හිස ගැවසූ නළල් පටකින් යුතු දිව්‍යාංගනාවකි.ගෙල මැණික් මුතුහරකින්ද නිල් ගලින් යුතු පෙති සහ එල්ලෙන මුතු දැ සහිත කර මාලයකින් යුතුය. කන විශාල  වෘත්තාකාර කරාබු පැලඳි ඇයගෙ අඩවන් නෙතු සොඳුරුය.

ඉන්ද්‍ර දේව රුව.

උස් හිස්වැස්මක් පැලඳ ,මාලයක් රැඳි ගෙල වලලු දැමූ අත් සහ බාහු ද , උරහිසක් මත ඒකාංශගතව පැලඳි මුතුහරක් ද ඇතිව කඩුවක් ඉනේ පැලඳි ප්‍රතාල රුවකි.දෙවඟනන් අඳුරු පැහැයෙන් යුක්ත වන අතර පිටුපස දෙවඟනන් රැසකි.

අජන්තා ලෙන් සිතුවම් බෙහෙවින්ම පිලිරූ ( portrait ) වන අතර ගුප්ත යුගයේ වාකාටක රජ සමයේදී  නිර්මාණකරනය අරඹා ඇත.

නමුදු ගුප්ත යුගයේ පිරිහීමත් සමග මෙන සුවිශේෂී කලාවේද පිරිහීම ඇරඹුණි. 

ඒ අතරම බෞද්ධ  දර්ශනයේද විසල් වෙනස්කම් රැසක් සිදුවීම ඇරඹුණු අතර හීනයානය අභාවයට ගොස් මහායානය ව්‍යාප්ත වීම ඇරඹිණි.

ෆර්ගියුසන්ට සහ බර්ගස් යන ඉතිහාසඥයින්ට අනුව මෙම ලෙන් සිතුවම් වර්ග දෙකක් වේ.

1.විහාර ( සංඝ වාසය)

2. චෛත්‍ය ( මහා චෛත්‍ය )

සංඝ වාස ලෙන් ගල් කාමර සහ ගල් ඇඳන් වලින් යුක්ත වන අතර කොරිඩෝ සහිත විහාරද කුළුණු 20කින් ආවරණය වන සීලිමකින්ද , බුදු පිලිමයක් , මැද සාලයකින් ද යුක්තය. මෙම ශාලාව කුඩා ලෙන් කුටි 14 කින් යුක්ත වේ.

චෛත්‍ය ශාලා ලී භාවිත ගෘහ ක්‍රමය සේම නිර්මිත අතර පොටිකෝ සහ දේව රූ කැටයම් කළ  විමානයන් දක්නට ලැබේ.එමෙන්ම විසල් කුළුණු 39 කින් රැඳවූ ගෝලාකාර වහලයකින් ද  යුතු ශාලාවක් ඇත.

ලෙන් වල ඇති සිතුවම් අතර ඇති ජාතක කතා ආලය, කරුණාව ,මෛත්‍රීය,  ප්‍රිතිය, ශෝකය, මරණය ආගම් සහ අනිත්‍ය නිරූපණය කරන අතර  භාවිත වර්ණ අතර රතු, යෙලෝ ඕකර්, ටෙරා වර්ඩ්ස් ,ලාම්පු දැලි සහ සුදු ගුරු පාට දක්නට ඇත.

Tuesday, November 29, 2022

මෝගල් පාලනයට නතුවූ පකිස්තානයේ පුරාවිද්‍යාත්මක බෞද්ධ සිද්ධස්ථාන

 


පකිස්ථානයේ පිහිටා ඇති බෞද්ධ සහ පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව දන්නේ ටික දෙනෙකි.මන්ද .... මෙම ප්‍රදේශ දැනට ඉස්ලාම් මහජන සමුහාණ්ඩුවට අයත් ප්‍රදේශ ලෙස සැලකෙන බැවිනි.බෙදුම්වාදී ප්‍රහාර වලින් මෙම ස්ථාන රැක ගනිම කුමන ජාතියකට , ආගමකට අයත් වුවත් මනුෂ්‍ය වර්ගයාගේ යුතුකමක් සහ වගකීමකි. 

ගන්ධාර ප්‍රදේශයේ අගනුවර වන තක්ෂිලා ක්‍රිස්තු පුර්ව 6 වන සියවසේ පටන් පැවැත එන ඓතිහාසික ස්ථානයක් වන , එහි තිබී හමුවූ  මැටි බඳුන් , ආභරණ වැනි මෙවලම් වලින් සනාථ වේ. යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශිත මෙම ස්ථානයෙහි ස්තුප 12ක් ,චින සහ බර්මියන් චෛත්‍ය , දක්නට ලැබේ. ඉන්දු ගඟ , රාවල් පිණ්ඩි සහ පෙෂාවෝර් ප්‍රදේශ වල පැතිර ඇති මෙම ස්ථාන තව දුරටත් අධ්‍යයනය කිරීම සංචාරක ව්‍යාපාරයට සහ බොහෝ ඓතිහාසික තොරතුරු හෙළි දරව් වීමට හේතුවක් විය හැකිය. වර්ග කිලෝමීටර් 100ක් පුරා පැතිර ඇති මෙම ප්‍රදේශය නැගෙනහිර සිට බටහිරට කි.මි.70 ක් දිගින් යුතුය. මෙම නටඹුන් ක්‍රි.පු.1-7 අතරට අයත් ගන්ධාර කලාවේ නිර්මාණ ලෙස සැලකේ .


තක්ෂිලාවේ ඉතිහාසය මීටත් වඩා දිගු වන අතර 422-586 අතර පළමුවන (Darius) ඩෙරියස් රජුගේ කාලයට අයත්වන අතර මහා ඇලෙක්සැන්ඩර් රජු ඉන්දු ගංගා නිම්නය දිගේ තක්ෂිලාව හරහා පැමිණ ඇත.ඉතිහාස කතා අනාවරණය කරන්නේ මෙම ප්‍රදේශයම පාලනය කළ චන්ද්‍රගුප්ත පළමු රජු ලෙසය.ඔහුගේ රාජධානිය හින්දු කුෂ් කඳුවැටිය ලෙස උතුරු ඇෆ්ගනිස්ථානය තෙක් විසිර පැවතුණි.අශෝක යුගයේදී මෙම සීමාවන් ඉවත් කරමින් බුද්ධ ධර්මයේ ව්‍යාප්තියත් සමග ඉතුරු ඉන්දියාව දක්වා පැතිරුණි. ඔහුගේ අභාවයෙන් පසු මෙම විශාල රාජධානිය තව දුරටත් පවත්වාගෙන යා නොහැකි විය,ක්‍රි.පු. 3 වන සියවසේදී (Bactria) බැක්ට්‍රියා රාජධානියේ කොටසක් බවට පත්වූ අතර දැනට උතුරු ඇෆ්ගනිස්ථානයේ බෝක් (Bolkh) ප්‍රදේශය ලෙස හැඳින්වේ.

ක්‍රි.පු.පලවෙනි සියවසේ සිට තුන්වන සියවස දක්වා  චීනයේ සංක්‍රමණිකයකු වූ තුෂානිස් ගේ පාලනයට නතුවූ ගාන්ධාරය තුන්වන සියවසේදී බෞද්ධ පාලක

යකු වූ කනිෂ්ක රජුගේ පාලනයට නතු විය,මෙම ගන්දර්ව ප්‍රදේශය පැරණි රාජධානියක් වූ මහජනපද වලට අයත් වූ අතර උතුරු පකිස්ථානය සහ නැගෙනහිර ඇෆ්ගනිස්ථානයද අයත්ව පෙෂවෝර් නිම්නයේ සිට කාබුල් නදී ප්‍රදේශ ඔස්සේ පොටෝහාර් නිම්නයේ පිහිටා තිබු බව කියවේ.වර්තමානයේදී පෙෂාවෝර් සහ තක්ෂිලා මෙම ප්‍රදේශයන්‍ ය.

Montage- Sunday Observer

පරිවර්තනය නිලක්ෂි බණ්ඩාර 




Friday, November 25, 2022

ක්‍රිකට් පිටියේදී සාර්ථක චරිතයක් වූ ඉම්රාන් ඛාන් 'ට දේශපාලන පිටියේදී මොකද උනේ ?

 
තුන් ඉරියව්වෙන්ම ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ , 1970-1980 දශක වලදී පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු මෙන්ම නායකත්වයද දැරූ ඉම්රාන් ඛාන් 1952 වර්ෂයේ ඔක්තෝම්බර් මස පස් වන දින ලාහෝර් වලදී ධනවත් පවුලක උපත ලැබිය.ඔහුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙක්ම පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධවී තිබීම තවත් විශේෂත්වයකි. ලාහෝර්හි Wore ester Royal Grammar විදුහලේ සහ Aitchison විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු එක්සත් රාජධානියේ Oxford විශ්ව විද්‍යාලයේ දර්ශනය , දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව හැදෑරුවේය.

ශිෂ්‍ය අවධියේත් , ඉම්රාන් පකිස්ථානයේදී මෙන්ම එක්සත් රාජධානියේදී ක්‍රිකට් කණ්ඩායම් වල ක්‍රීඩා කළ අතර , පළමු වරට 1971 දී පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට එක්විය.1982 දී පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් නායකත්වය හොබවමින් , ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩාවලියේදී එංගලන්ත කණ්ඩායම පරාජය කිරීමට සමත් විය.ඔහු මෙම කාලය තුළ රිචර්ඩ් හැඩ්ලි , ඉයන් බොතම් ,කපිල් දේව් වැනි ක්‍රීඩකයින්ට සමව සිටි බව ක්‍රිකට් විචාරකයෝ පැවසුහ.

ක්‍රීඩා ජීවිතයේ අවසන් වර්ෂ දහය ඉම්රාන් වඩාත්ම දස්කම් දැක්වූ කාලසීමාව වූ අතර , ටෙස්ට් තරඟ 51 කට සහබාගි විය .පන්දුවට පහර දීමේ සාමාන්‍ය වේගය 50ක් සහ පන්දු යැවීමේ වේගය 19ක සාමාන්‍යයක් පවත්වා ගැනීමට ඔහුට මේ කාල සීමාවේදී හැකි විය.ඔහු ලබා ගත් වාර්තා අතර හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස 8 වතාවක්ද , ක්‍රීඩකයන් අතරින් තේරීමේදී 4 වන ස්ථානයටද , ඉනිමකදී ලබා ගන්නා ලකුණු අතරින් 9 වෙනි ස්ථානයටද , තරඟ 8 කදී ක්‍රිකට් නායකයා ලෙස කටයුතු  කරමින් හොඳම නායකයා ලෙස 2වන ස්ථානයද වාර්තා කිරීමට  සමත් විය.මේ අතර 1992 දී ලෝක කුසලානය පකිස්ථානයට ලබා දීමට නායකයකු ලෙස ඔහු සමත් විය.

ක්‍රිකට්  ක්‍රීඩාවට ද ,දේශපාලන වේදිකාවට ද ප්‍රිය කළ ඔහු මානව හිතවාදියකුද වූ අතර , තම මෑණියන් සිහිවීම පිණිස  Shaukat Memorial Hospital රෝහල් සංකීර්ණය ඉදි  කිරීමේ කටයුතු වලටද පුරෝගාමිත්වය ලබා දෙන ලදී.

පසුකාලීනව ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ඉම්රාන්  අවුල් සහගත ගැටළු වලට මුහුණ දෙමින් සිටි පකිස්තානයේ දේශපාලන පිටියට පිවිසි අතර එකළ පවතී අදුරදර්ශී පාලනය විවේචනයට ලක් කළේය. 1996 දී Tehreek -e- Insaf පක්ෂය ඇරඹි අතර පකිස්ථානයේ එවකට ජනාධිපති ධුරය හෙබවූ පර්වේස් මුෂාරෆ් ට විරුද්ධව ක්‍රියා කළේය.තරුණ කොටස් වල සහය ඔහුට ලැබුන අතර 2012 දී පකිස්ථානයේ ජනප්‍රියම දේශපාලන තරුව බවට පත්විය.2018 අගෝස්තු මාසයේදී ඔහු අග්‍රාමාත්‍ය පදවියට පත් වන විට පකිස්තාන ගෙවුම් ශේෂ හිඟය සහ උද්ධමනය අහස් උසට නැග තිබුණි.මේ නිසා චීන- පකිස්තාන් ආර්ථික කොරිඩෝව ආරම්භ කිරීමට මුල පිරුවේය.ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සහ චීනය , සෞදි අරාබිය, අරාබි එමිරෙටෙස් වැනි රට වලින් , තම රටේ පැන නැගී ඇති ගැටළු විසඳීමට ඔහු ආර්ථික ආධාර ඉල්ලා සිටියේය.

මේ අතර 2020 දී කොවිඩ් වසංගතය නිසා සෑහෙන කලක් රට වසා දැමීමට ඔහුට සිදුවිය.රටේ පැවති දුෂ්කර තත්වය ප්‍රයෝජනයට ගෙන PDM (Peoples Democratic Movement) පක්ෂය විරෝධතා දක්වන ලදී.ඔහු හමුදාවේ සහයෙන් පාලනය ශක්තිමත් කිරීමට උත්සහ කළේය.මේ අතරතුර 2022 දී විශ්වාසබංග යෝජනාවකින් අගමැති පුටුව අහිමි වූ පළමු පකිස්තානු අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු ඉතිහාසයට එක් විය. 


මුලාශ්‍ර :

https://www.espncricinfo.com/player/imran-khan-40560

https://www.britannica.com/biography/Imran-Khan




Tuesday, November 22, 2022

භාරත සිනමාව ඔප කළ " ආරාධනා "

 


70 දශකයේ භාරත සිනමාවේ දිදුල තරුවක් වූ රාජේශ් ඛන්නා ද්විත්ව චරිත නිරුපණය කළ  Box Office වාර්තා බිඳ හෙළු "ආරාධනා "එම යුගයේ සන්නාමගත සලකුණක් සටහන් කල  අදටත් ප්‍රේක්ෂක සිත් ගත් ගත් චිත්‍රපටයකි.

1969 දී  ශක්ති සාමන්තා අධ්‍යක්ෂණය කළ, සචින් භෞමික් තිර රචනය කල මෙහි ක්‍රිෂෝර් කුමාර් ,ශාමිලා තාගෝර් ප්‍රධාන චරිත වූ අතර "  සචින් දේව් වර්මාගේ සහ රාහුල් දේව් වර්මාගේ මනස්කාන්ත සංගීතය මෙන්ම ආනන්ද බක්ෂිගේ ගී පද රචනය ද චිත්‍රපටයට  නව මුහුණුවරක් එක් කළහ.. සචින්ගේ තිර රචනයට 1946 දී ඇමරිකාවේ තිරගත වුණු Michell Leisen සහ Starring Olivia de Haviltonවිසින් අධ්‍යක්ෂණය කල " To Each His Own " චිත්‍රපටය පාදක උන බව කියවේ.

 දැනුදු ලෝලයන්ගේ මුවඟ රැව් දෙන " ලතා මංගේෂ්කාර්, ක්‍රිෂෝර් කුමාර් , ආශා බොස්ලි ,සහ රාහුල් දේව්ගේ " මියුරු සත්සර හඬින් ගැයෙන  "මෙරෙ සපුනකි රනි .... (Mere Sapuna ki Rani...) , රූප තෙරා මස්තානා.... ,  (Roopa tera masthana...) චන්දා හේ තු මෙරා..... ( Chandaa he thu mera....) ගුන් ගුණ රාහේ (Gun Guna Raahe....) , බගොන් මේන් බහර් හේ ..... ( Bagon mein  bahar he... ) කෝර කගස්.... ( Kora kagaz... ), සප්තාල් හොගි තේරී ආරාධනා ...... ( Sapthal hogi theri Aradhana ...) යන  ගීත ආරාධනා චිත්‍රපටයෙන්  සංගීත ලොවට පිරිනැමුණ සොඳුරු දායාදයන් යයි කිවහොත් නිවැරදිය. රූපතෙරා මස්තානා ගීතයේ විශේෂත්වය වන්නේ ලොව පළමු (Single Shot) අඛණ්ඩ තිරගත කිරීමක් සිදු කළ පළමු හින්දි ගීතය වීමයි. මෙයට හේතුව ඔවුන් දෙපලගේ රඟපෑම ආත්මය හා බැඳෙමින් ඉතාම රෝමන්තිකව සිදුකළ රැඟුමක් වීමයි.

පරම්පරා දෙකක් පුරා පැතිර යන මෙම කතාවෙහි අරුන් වර්මා සහ සුරාජ් වර්මා යන චරිත දෙකම රාජේශ් ඛන්නා රඟපෑ අතර මෙහිදී අරුන්  ගුවන් නියමුවකු ලෙස රංගනයෙන් දායක වෙයි.අරුන්( රාජේශ් ඛන්නා) ගේ සහ (වන්දනා ) ශර්මිලා තාගෝර්ගේ පළමු රංගනය වන මෙය ආදරයත්, විරහවත් අතර දෝලනය වන කතාවකි.මෙහිදී අරුන් තම සහය ගුවන්වූ නියමුවා වූ කඳුකර පෙදෙසක සංචාරයේ යෙදුණු අවස්තාවක තිරුපති  දේවලයේදී හමුවන වෛද්‍යවරයකුගේ දියණියකු වූ වන්දනා හා පෙමින් බැඳේ.  වර්ෂාව නිසා හුදකලා වන ඔවුන් නීතියෙන් නොවුනත් දෙවියන් අභියස විවාහප්‍රාප්ත වන්නේ අහම්බෙනි.අවාසනාවන්ත ලෙස රාජේශ් ගුවන් අනතුරකදී මිය යන අතර ශර්මිලාගේ පියාද මිය යයි.ඒ වනවිට ගැබ්ගෙන සිටි වන්දනාව අරුන්ගේ දෙමව්පියන් විසින් ප්‍රතික්ෂේප කළහ. දරුවාත් සමග තනිවන ශර්මිලාව දකින එක්තරා පවුලක් දරුවාට රැකවරණය සැපයීමට භාර ගන්නා අතර , වන්දනා දරුවා රැකග බලා ගැනීමට ඔහුගේ ආයා ලෙස එම නිවසේ නතර වෙයි.චන්දා හේ තූ ගීතය ගායනා කරමින් ඇය දරුවා නලවන ආකරය ප්‍රේක්ෂක දෑසට කඳුලක් නංවන්නේ නිරායාසයෙනි.

දරුවා සැපසේ මෙම නිවසේ හැදෙන වැඩෙන අතර ,දිනක් නිවැසියන්ගේ නෑදායකු වන ශ්‍යාම් නැමැත්තා  වන්දනට අඩම්තේට්ටම් කිරීමට සැරසේ.මෙහිදී ඇතිවන ගැටුමේදී  කුඩා සුරාජ් අතින් ශ්‍යාම් මරණයට පත්වෙයි.මෙහිදී සුරාජ්ව වරදින් ගලවා ගැනීමට ඝාතනය තමා විසින් කළ බව පාපොච්චාරණය කරන්නේ මවකගේ දාරක ප්‍රේමයෙ උත්තරීතරභාවය පසක් කරමිනි.

වසර ගණනක සිරගත දිවියෙන් නිදහස් වන ඇයට එහි ජේලර්වරයකු වූ උදව් කිරීමට ඉදිරිපත් වන අතර ඔහු ඇයව නිවසට රැගෙන ගොස් තම දියණිය වූ රේණු ට හඳුන්වා දෙයි. ඒ වන විට තුරුණු වියෙහි පසුවූ සුරාජ් තම පියා සේම ගුවන් නියමුවකු සහ මේජර්වරයකු ව සිටී.ඔහු ජේලර්වරයාගේ දියණිය සමග පෙමින් බැඳෙයි. ඒ බව දැනගන්නා වන්දනා සිරගතවූ තමා ඔවුන්ගේ ජිවිත වලට කැළලක් වේයැයි සිතා ඔවුන්ව මගහැරී.නමුත් අහම්බෙන් ඇයගේ දිනපොතක තිබී අරුණගේ සහ වන්දනාගේ ජායාරුපයක් දකින සුරාජ් ඇය ඔහුගේ සත්‍ය මව බව හඳුනා ගනී.



Thursday, November 10, 2022

මොහොන්දෝජරෝ - හාරප්පා ශිෂ්ඨාචාරය සහ දෙවියන් .


ආදිතම යුගයේදී ඉරානයේ , ග්‍රීක, රෝම ,ජර්මන් , ස්ලාව් , කෙල්ට් යන ජන කොටස් වල මුතුන් මිත්තන් සියල්ලටම එක හා සමාන යයි  කිව හැකි ආගම් තිබුනි. මේවා සොබාදමේ අංගයන් වූ අහස, පොලව, හිරු සඳු , ,සුළඟ , විදුලිය, වර්ශාව වැනි අංග සමග නිර්මාණය වී තිබු දෙවිවරුන් පිලිබඳ ඉතාමත් රසවත් කතා සමග මිශ්‍ර විය.


පෘතුවි දෙව්දුව දෙවිවරුන්ගේ ශ්‍රේෂ්ඨ මාතාව වූ අතර අරුණෝදයේ දෙව් දුව " උෂස් " ද රාත්‍රී දෙව් දුව "අරන්‍යානි "ද ග්‍රීකයන් සියුස් නමින්ද රෝමවරුන් ජුපිටර්  නමින් හැඳින්වු  පීතෘ දෙවියන් දෞස් නමින් ද හැඳින්වූහ. කාලගුණය පිලිබඳ දෙවියන් ඉන්ද්‍ර විය. මොවුන් පිළිබඳවද ඇති කතාවක් ඉතාමත් රසව‍ත් ය.

වර්ෂාවට අධිපති ඉන්ද්‍ර දෙවියන් ජලය රඳවාගෙන සිටි වෘත නම් නපුරු සර්පයා විනාස කොට , වියළි ගිය මහා පොලවට , වැස්ස ගෙන ආ බව  වේද සාහිත්‍යයේ සඳහන් වේ.කුණාටු , මේඝ ඝර්ජණා වලටත් සම්බන්ධ මොහු අත වාජරායුධයක් තිබු අතර ගණන්කාරයෙක් වෙරිමතින් සිටින්නෙක් , ලෙසද සඳහන්වේ .

" හමනා සැඩ සුළඟක් විලසින්නේ ..... 
ඉහළ යවා ඇත මා මධු පානේ ..... සෝම බි බි දෝ මා උන්නේ ....?

අජානිය අසු රිය අදනා මෙන් 
ඉහළ යවා ඇත මා මධු පානේ .සෝම බි බී දෝ මා උන්නේ ?

විකාර බව මා සිතට එළඹ ඇත 
එළදෙන වසු පැටවා වෙත යන මෙන් . සෝම .........?

වඩුවකු රිය'සුන නමනා විලසින් 
විකාර බව හද වටා නමමි මම .සෝම .....?

නෙතෙහි රදස් අනුවක් තරමට වත් 
කුල පස මා හා සමාන වේදෝ ? සෝම......?

ඉහළින් තිබෙනා අහසත් මාගෙන් 
අඩකටවත් නැත සමාන වන්නේ.සෝම......?
 
මම දැන් තෙදබල මහිමෙන් මාගේ 
අහසත් පොළවත් පරයා සිතිමි......

මහා පොළව මම අහුලා ගන්නෙමි.....
මෙහි හෝ එහි එය දමා ලමි.සෝම......."

ඉන්ද්‍ර අහසේ ඔබමොබ ගියේ තනිව නොවේ.යුධ කටයුතු වලදී රණ ගි ගයමින් සහයට දෙවිවරුන්ද පිරිවරාගෙන , රථ වල නැගී ගමන් කළේය. ගින්නෙන් දිලෙන රථයක , අහසේ සැරිසැරූ සූර්යාලෝකය දිව්‍ය රාජයා ලොවට ශක්තිය දුන්න තැනැත්තා වන අතර ඔහුට අසුරෙන්ද් පහල වූ දෙවිවරු කිපදෙනෙකි.

සවිතෘ මංමාවත් ,ගොපල්ලන් ,ගවයින් ආරක්ෂා කල අතර හිරු දේවිගේ දියණියගේ ස්වාමිපුරුෂයකු වූ අශ්වින් ,විපතට පත්වූවන් , මුහුදුබත් වූ නැවියන් ,අංගවිකල වුවන්  ආරක්ෂා කල ධාර්මික චරිතයක් ලෙස විස්තර කෙරේ.

අග්නි විදුලිය ගින්දර ස්වරුපයෙන් පෙනී සිටි අතර ,යාග හෝම වලට අධිපති දෙවියා විය.අග්නි වෙත පිදෙන යාගයන් අනික් දෙවිවරු වෙත යොමු කෙරේ.ඔහු සැමදා දැල්වෙන ගිනි දැල්ල සේම අමරණිය වේ. ඝර්ෂණය කර ගිනි දල්වන අතර ඒ සඳහා කෝවිල් වල භාවිතා කරන තොරපනය නම් උපකරණය  අග්නිගේ දෛනිකව සිදුවන  උපත පිළිඹිමු කිරීමට තාමත් කෝවිල් වල දක්නට ලැබේ. ඉන්දු - ටිබෙට් පුරාවෘත වලට අනුව අග්නි ගිනිකොණ දිග ආරක්ෂා කරන ලෝක පාලකයාය.ජිග්ටෙන් ලග්ස්කයිබ්ස්ටන් බ්කොස් යන පාඨයේ තේරුම වන්නේද "ඔබේ උදුන ඔබේ නිවසේ ගිනිකොණින් පිහිටවන්න යන්නයි. 


සෝම දෙවියා නමින් පැලැටියක් වූ අතර ,ඉන් සැරපානයක් සඳහා යාගහෝම අවස්ථා වලදී පානය කරන ලදී.
දැනට ඉන්දියාවේ ආසියාවේ සහ දකුණු රුසියාවේ වැවෙන කංසා පැළෑටිය ,මෙය යයි විශ්වාස කෙරේ. 

සොබාදහමට ඇති  සම්බන්දතාවය සමගින් දෙවියන්ද ,ඊළඟ අවස්ථාවේ ආගම් ද නිර්මාණය වී ඒවා මිනිසාගේ යහපතට යොදාගෙන, පසුකාලීනවත් සංස්කෘතික අංගයන් වි අදටත් අප අනුගමනය කරන බව පැහැදිළි වේ.
සිංහල අවුරුද්ද , තයිපොංගල්( මකර සංක්‍රාන්තිය)  ,දීපාවලි වැනි උත්සව වල සොබාදහම සමග බැඳුණු මෙම අංග අදටත් ලොව පුරා පැතිර ඇත.