රටක අනන්‍යතාවය ලොවටම කියා පාන ජාතික ගීය සහ ජාතික කොඩිය එම රටේ ජනතාවගේ හදගැස්ම හා බැඳුන ජාතික වස්තුන්ය.බහු ජාතික , බහු ආගමික භාෂාවන් 390 කට අධික සංඛ්‍යාවක් භාවිතා කරන භාරත දේශයේ ජාතික ගීය එරට විවිධත්වය තුලින් මතුවූ ශක්තිය ,එකමුතුව, (Unity in Diversity) පිළිඹිබු කරන කැඩපතකි. එමෙන්ම රට වැසියන්ගේ අධ්‍යාත්මික ගුණධර්ම රට පිලිබඳ දර්ශනය , ජනතාවගේ මනෝභාවයන් අභිප්‍රායයන් ,උසස් සංස්කෘතික ලක්ෂණ හා දිදුලන ප්‍රෞඩ ඉතිහාසය ජාතික ගීය තුළ සනිටුහන් වී ඇත.
ඉන්දියාවේ රාජ්‍ය භාෂාව හින්දි වුවද බෙංගාලි ජාතික ,භාරතයේ ශ්‍රේෂ්ඨ කලාකරුවානන් සේම විද්වතාණාන්ද වූ නොබෙල් ත්‍යාගලාභී රබින්ද්‍රනාත් තාගෝර් තුමා බෙංගාලි බසින් රචනා කර සංගීතවත් කල ,
" ජනගන මන අධි නායක - ජයහේ භාරත භාග්‍ය විධාතා "
ගීතය , ඉන්දියානු ජන හදවත්තුළ පමණක් නොව අන්‍ය රටවලද ජනතාවගේ හදවත් ඇඳ බැඳ ගත් අද්විතීය නිර්මාණයකි.1911 දෙසැම්බර් මස 11 වන දින අල්හයියා බිලාවල් රාගයෙන් රචනා කරන ලද මෙම ගීතය පිලිබඳ ඉතිහාසය විමසීමේදී තවත් වැදගත් කරුණු කීපයක් දැකගත හැකිය.
මෙහි මුල් ගීතය වූ "Bharoto Bhagyo Bidatha" ගීතය පද පේලි 5 කින් යුක්ත වන අතර , එම කොටස ජාතික ගීතයට එක්කර ඇත.
පසුකලකදී බෙංගාලි බසින් රචිත ගීතය
එම 1911 වසරේ දෙසැම්බර් 27 වන දින කල්කටාවේ පවත්වන ලද ඉන්දීය කොංග්‍රස් මණ්ඩලයේ දෙවන සැසි වාරයේ භාරත භාග්‍ය විධාතා ගීතය ප්‍රසිද්ධ වේදිකාවක් මත ගායනා කරන ලදී.මෙම ගීතය ගායනා කරන ලද්දේ තාගෝර් තුමාගේ ලේලියක වූ සරලා දේවි චෞද්රානි විසිනි.ඇය , පාසල් සිසුන් කිහිප දෙනෙකු සම්බන්ධ කරගෙන කොංග්‍රසයේ සභිකයින් වූ බිෂාන් නාරායන් ධාර් සභාපති අම්රිතා ඒනි මජුන්ද්‍රා ආදී ප්‍රභූන් ඉදිරියේ ගායනා කිරීම තවත් විශේෂ සිද්ධියකි. 1912 වසරේදී " භාරත් විධාතා මාතෘකාව යටතේ ,තාගෝර් තුමා සංස්කරණය කල තත්වා බෝධිනි පත්‍රිකා රාජ්‍ය ප්‍රකාශනයේ මෙය ප්‍රකාශයට පත් කරන ලදී.
1950 වර්ෂයේ ජනවාරි 24 වැනි දින ඉන්දියානු ජාතික ගීතය ලෙස ප්‍රකාශයට පත් කරන ලද මෙම ගීතය තත්පර 52ක් පුරා ගායනා කිරීම තවත් විශේෂත්වයකි.
නිලක්ෂි බණ්ඩාර
1/05 2023
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........