" පත්‍ර පුස්පම් ඵලම් තෝයම්, යෝ මේ භක්ත්‍යා ප්‍රච්චති, තද් අහම් භක්ති-උපහෘතම්, අස්නාමි ප්‍රයත්මනා."
- ක්‍රිෂ්ණා දෙවියන්
ශරද් තිලක් (sharadThilak) කෘතියෙ සඳහන්වන දෛවසය මස්තකම් කුයාත් කුසුමපෝහිතම් සදා " ග්‍රන්ථයට අනුව සියළු දෙවිවරුන්ගේ හිස් නැවුම් මලින් සරසා සිටිය යුතුය. මල් සුබදායක වන අතර ඉන්දියාවේ ආගමික පූජාවන්හි වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මල් භාවිතයෙන් තොරව කිසිදු චාරිත්‍රානුකූල නමස්කාරයක් හෝ පූජාවක් සම්පූර්ණ නොවේ. ඕනෑම මලක් ආදරයෙන් හා භක්තියෙන් පූජා කළ හැකි වුවද, විශේෂිත මල් විශේෂිත දෙවිවරුන්ට ආවේණික සහ ප්‍රිය වේ. වේ. සෑම මලකටම තනි දෙවිවරුන්ගේ විශේෂිත මූලධර්ම ආකර්ෂණය කර ගත හැකිය. එපමණක් නොව, උත්සව සමය ආසන්නයේ ඇති හෙයින්, මෙම ලිපියෙන් ආවරණය කරන්නේ කුමන හින්දු දෙවියන්ට වන්දනාමාන කළ යුතු කුමන මලද ද යන්නයි.
ගනේෂා දෙවියන් - Lord Ganesa
ජස්වාන්ති (Jaswanti) හෝ වද (Hibiscus) මල් දාස්පෙති (Marigold ) හෝ ගෙන්ඩා Genda) නමිනි. ‘තුල්සිඩාල් ( Tulsidal) යටතට අයත් මල් හැර අනෙකුත් සියලුම මල් විඤ්ඤාණයට පූජා කළ හැකි බව සලකන්න. ගනේෂ පූජාවේදී විවිධ මල් වර්ග විසි එකක් භාවිතා කිරීමට උපදෙස් දෙනු ලැබේ.
ලක්ෂ්මි දේවතාවිය (Goddess Laxmi)
සෞභාග්‍යයේ සහ ධනයට අධිපති දේවතාවියවන ලක්ෂ්මි වැඩ සිටින්නේ නෙලුම් මලක් මතය.ඒ ඇයගේ ප්‍රියතම පුෂ්පය නෙලුම් මල් නිසාවෙනි, එසේත් නොමැති දෙවියන් විසින් පිළිගන්නා මල් අතර නම් සුදු නෙලුම් ,සුදු ක්‍රිසන්තම් , රතු රෝස, සුදු රෝස, රාජ් නිගන්ධ (Tube Rose) , මොග්‍රා ( Arabian Jasmine ඒ අතර වේ.
ශිව දෙවියන් - බෙල් සහ ධතුරා (Bael and dhatura)
ශිව ඉන්දියානු පුජනිය හින්දු දෙවි ත්‍රිත්වයේ ප්‍රධානතම දෙවියාය. බිල් සහ ශ්‍රීෆාල් ((Aegle marmelos) නමින්ද හඳුන්වන බෙල් ශිවගේ ඇස් නියෝජනය කරන ත්‍රිකෝණාකාර හැඩති කොළ සහිත ශාකයකි.
ශ්‍රවණ -ජුලි සිට අගෝස්තු
භද්‍රපාද - අගෝස්තු- සැපතැම්බර්
අශ්වින - සැප්තැම්බර්- ඔක්තෝම්බර් යන මාස වලදී දෙවියන්ට පුජා කෙරේ.
හින්දු ආගමික ග්‍රන්ථයක් වන වාමන පුරාණයට අනුව ධතුරා දෙවිවරුන් සහ යක්ෂයින් විසින් ශිව විසින් මහා මේරු පර්වතය කිරි සයුරට දමා කැළඹු අවස්ථාවේදී ධතුරා දෙවිවරුන් සහ යක්ෂයින් එහි හලාහල විෂ පානය කල බව කියවේ. එම අවස්ථාවේදී මලක් සේ ශිවගේ පපුව මත ධතුරා හෙවත් කටු ඇපල් මලක් දිස්වී ඇත.එතැන් සිට එය ඔහුගේ ප්‍රියතම මල වු අතර එයාලා කෙනෙකුගේ ජීවිතයෙන් මමත්වය ,ඊර්ශියාව ,කුහකත්වය ඉවත්ව කිරීමටයි වෙනුවෙන් පුජා කරයි
ක්‍රිෂ්ණා දෙවියන් -
පුරාවෘත වලට අනුව පාරිජාත් (Nyctanthes arbortristis) යනු ක්‍රිෂ්ණා දෙවියන් විසින් පොළොවට ගෙන ආ ස්වර්ගීය ගසක් බව කියනු ලැබේ. ක්‍රිෂ්ණාගේ භාර්යාවන් වූ සත්‍යභාමා සහ රුක්මිණි අතර ඒ සම්බන්ධයෙන් ආරවුලක් ඇති විය. නමුත් ක්‍රිෂ්ණා සත්‍යභාමාගේ මිදුලේ පැළය රෝපණය කළේ ගසේ මල් පිපෙන විට රුක්මණීගේ මළුවට මල් වැටෙන ආකාරයටය.
නමුදු ක්‍රිෂ්ණා දෙවියන්ට පුජා කරන මල් අතර
ඔලෙන්ද්‍රා -Oleander / කනේර් - Kaner, / ආසියානු පිජන් වින්ග්ස් - Asian pigeonwings /අපරාජිත - Aparajita, රාත්‍රී පිච්ච මල් - Night flowering Jasmine / පරාජිත් - Parijat, බර්ෆ්ලවර්- Bur flower / කදඹ - Kadamba, නෙලුම් - Lotus / කමල් - Kamal සහ කේතකි Ketaki වේ.
දුර්ගා දේවිය -
අපරාජිත / වද මල මා දුර්ගාගේ ප්‍රියතම පූජනීය මල් අතරට අයත් බව පැවසේ. අපරාජිත මා දුර්ගාට තවත් නමක් වන නිසා එය එසේ කියනු ලැබේ, එනම් කිසිවෙකුට පරාජය කළ නොහැකි තැනැත්තා යන්නයි. ඉතින් දුර්ගා දේවිය වන්දනා කරන අයට මේ මල සෑහෙන්න පූජනීයයි. මෙම මල ශිව දෙවියන්ට සහ පාර්වතී දේවියට ද පූජා කෙරේ.ඊට අමතරව හිබිස්කස් - Hibiscus / ජේසන් - Jason, රතු රෝස - Red Rose / ලාල් ගුලාබ් - Laal Gulab, සහ පලාෂ් -Palash පුජා කරයි.
මුලාශ්‍ර
https://indiagardening.com/featured/which-god-likes-which-flower-favourite-of-hindu/
https://www.hindujagruti.org/hinduism/hinduism-practices/dev-puja/offering-flowers-to-god
https://www.indoindians.com/list-of-flowers-loved-by-hindu-gods/
පරිවර්තනය
නිලක්ෂි බණ්ඩාර
11/05/2023
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........