
ඉන්දියාවට ඉතා පොහොසත් ඓතිහාසික මෙන්ම පුරාවිද්
යාත්මක ඉතිහාසයක් ඇති අතර යකඩ යුගයේ
( ක්රිපු.1500 - ක්රිව.200 ) ඉදි කළා යයි අනුමාන කරනා මෙගලිතික ස්මාරක රැසක් ප්රදේශ රැසක් පුරා විහිදී ඇත.මහා රාෂ්ඨයේ ගුජරාටි ප්රාන්තයේ දක්නට ලැබෙන ජුනපානි මෙගලිතික සොහොන් බිම මේ අතර විශේෂිතය.
පුරාතන ඉන්දියාවේ පැරණිතම තාරකා විද්යාත්මක දැනුම පිළිඹිබු කරන ජුනපානි සොහොන් බිමේ, ගල් කවයන් පිහිටා ඇති ආකාරය සිත් ගන්නා සුළු බවක් ගනී.

නැගෙනහිර ඉන්දියාවේ ජර්කන්ඩ් හි නාපෝ මෙගලිතික අඩවියේ ජුනපානි ගල් වල පිහිටීම නිරීක්ෂණය කිරීමේදි කෝප්පයක් වැනි සලකුණක් දක්නට ලැබේ.
(සුභාශිස් දාස් පර්යේෂණ දොරටුව.)

මෙම ජුනපානි ගල් කවයන් , මහා රාෂ්ටයේ නාග්පුර්හි සිට කිලෝ මීටර් 10ක් පමණ වයඹ දෙසින් පිහිටා ඇත. මෙම ගල් කවය ගල් කුට්ටි වලින් සමන්විත වන අතර මේවා සුසාන ලෙස හඳුනා ගැනීමට තැබූ සලකුණු වේ.

ඒවා කවයක්ම ලෙස ගල් වල කොටා ඇති අතර හිරු උදාවන දෙස පෙන්නුම් වන ලෙස අඟවන ආකාරයෙන් ගල් රවුම් ඒ වටා ස්ථානගත කර ඇත. මළ සිරුරු බොහෝ විට ගල් කවයන් තුළ මිහිදන් කර ඇති අතර , ගල් කැට ආදියෙන් ආවරණය කර ඇත .
ඒ අතර ,
ගල් වලින් ආවරණය නොකළ පවුලක හෝ සමුහයක භූමදානය සඳහා ඉදිකළ බව පෙනෙන මෙතෙක් ප්රයෝජනයට නොගත් සුසාන බිම්ද ඇති අතර , ඒවා නෂ්ඨාවශේෂ ලෙස ඉතිරි වී ඇත.ඉන්දියාව තුළ මෙවැනි ගල් කව 150 කට අධික ප්රමාණයක් පිහිටුවා ඇති බව සොයාගෙන ඇත..

නමුදු මහාරාෂ්ඨ ප්
රාන්තයේ මෙම ජුනපානි සුසානයන් නිර්මාණය කිරීමට හේතු අදටත් නිශ්චිතව සොයාගෙන නොමැති ප්
රෙහෙලිකාවකි. සමහර විට එකල යකඩ තාක්ෂණයේ දියුණුවේ ආරම්භය සිදු වන්නට ඇත. මන්ද ක්
රිපු.1000 වන විට ගල් හා තඹ මෙවලම් වෙනුවට යකඩ ආදේශ වන්නට විය.
එය ගල් වල කැපීම් කෙටීම් කිරීමට වඩා පහසුවක් වීම නිසාවෙන් පසුකාලීනව යකඩ මෙවලම් නිෂ්පාදනය වැඩි වූ බව පුරාවිද්යාත්මක වාර්තා වල සඳහන් වේ.යකඩ උපකරණ නොමැතිව ,මෙගලිතික භාණ්ඩ මෙවලම් නොමැතිව ගොඩ නැගිය හැකි වුවත් , යකඩ මෙවලම් නිශ්පාදන සංවර්ධනය කිරීමෙන් මෙම කාර්ය වඩාත් පහසුවන්නට විය.

ඉන්දියාවේ බොහෝ ස්ථාන වල මෙගලිතික කුළුණු ස්ථර නිර්මාණය කර ඇති අතර,
ප්රාග් ඓතිහාසික ස්ථම්භයක් වූ "මෙන්හිර් " ( Menhir )
අදිකල්පිත මේසයක් වූ ඩොල්මන් ( Dolman)
කෙයරන් ( Keyaran)
මෙයට නිදසුන්ය.
Summer solstice sunrise over Stonehenge. Many megalithic monuments including those in India are astronomically aligned. (Andrew Dunn / CC BY-SA 2.0 )
Aryabhata the famous Indian astronomer who used the ideas of India’s earliest astronomical theories to build his more comprehensive view of astronomy. (See page for author / Public domain )
ඉන්දියාවේ පැරණිතම තාරකා විද්යාත්මක න්යායන් පිළිබඳ අදහස් භාවිතා කළ සුප්රසිද්ධ ඉන්දියානු තාරකා විද්යාඥ ආර්යභට , තාරකා විද්යාව පිළිබඳ දැක්ම ගොඩනැගීම සඳහා ඔහුගේදැනුම වඩාත් සවිස්තරත්මක ව යොදා ගන්නා ලදී.


අර්යභට සහ පූජපානි අතර ඇති සම්බන්ධතාව...
අර්යභට , ක්රි.ව.476 දී පාඨලී පුත්ර නගරය අසළ උපත ලබා ඇති බව කියවේ.ඔහු ජීවත් වූයේ ගුප්ත රාජවංශ සමයේදීය. උතුරු ඉන්දියාවේ ගුප්ත රාජවංශය ක්රිස්තු වර්ෂ 4 වැනි සියවසේ මුල් භාගයේ ආරම්භ වූ අතර ක්රිස්තු වර්ෂ 6 වැනි සියවසේ අගභාගය දක්වා පැවතුණි.

සමහර ඉතිහාසඥයින් විසින් ගුප්ත රාජවංශය සලකනු ලැබුවේ තාරකා විද්
යාව ඇතුළු බුද්ධිමය ඉගෙනීමේ ස්වර්ණමය යුගයක් උදා කල රාජ්
ය පරපුරක් බවයි.

මහා ඇලෙක්සැන්ඩර්ගේ ආක්
රමණයෙන් පසු සියවස් වලදී, ග්
රීක සහ බැබිලෝනියානු තාරකා විද්
යාව ඉන්දියානු උප මහද්වීපයට පැමිණි අතර ඉන්දියානු තාරකා විද්
යාඥයින් සහ ගණිතඥයින් බැබිලෝනියානු සහ හෙලනිස්ටික් තාරකා විද්
යාවේ අංගයන් ඔවුන්ගේ ස්වදේශික තාරකා විද්
යාත්මක සම්ප්
රදායන්ට ඇතුළත් කළහ.

සම්ප්
රධායික හින්දු විශ්වසම්භාව වේදයේදී ජුනපානි කවයන් නිර්මාණ කල මහාරාෂ්ඨයෙ යකඩ යුගයේ වැසියන්ගේ විශ්වාසයන්ට අනුව විශ්වයට ස්ථර තුනක් තිබුණි.
ඒවා නම් ..
1.Netherworld - පාතාලය
2.Earth - පෘතුවිය
3. Heavens. - අහස යි.
* මෙම සෑම මට්ටමක්ම උප මට්ටම් 7කින් යුතු විය.
*නෙදර්ලොව යක්ෂ හා සර්පයන් වාසය කරන මට්ටම් හතකින් යුක්ත විය.
*දෙව්ලොව මට්ටම් හතක් තිබූ අතර, එයින් ඉහළම ස්ථානය වූයේ බ්රහ්මයාගේ රාජධානියයි.
*පෘථිවියට මහාද්වීප හතක් තිබුණි.
*මැද මහාද්වීපය යනු ජලයෙන් වට වූ මිනිසුන් ජීවත් වූ මහාද්වීපයයි.
*මෙම මහාද්වීපයේ මද්යයේ " ලෝක කන්ද " වූ අතර මෙම මහාද්වීපයේ දකුණු කෙළවරේ ඉන්දියාව විය.

මහා ඇලෙක්සැන්ඩර්ගේ ආක්
රමණයෙන් පසු ඉන්දියානු සහ මධ්
යධරණී බුද්ධිමතුන් අතර සංවාදයක් දැඩි ලෙස ආරම්භ විය.මෙය මධ්
යධරණී තාරකා විද්
යාව සහ ඉන්දියානු තාරකා විද්
යාව යන දෙකෙහිම වර්ධනයන් සඳහා ආභාෂය ලබා දුන්නේය.

පෘථිවියේ සහ විශ්වයේ හැඩය පිළිබඳ ග්
රීක විශ්ව විද්
යාත්මක අදහස් වඩාත් සුලභ කිරීමට එය බොහෝ විට උපකාරී වූ නමුත් දැනටමත් ගෝලාකාර පෘථිවියක් ගැන විශ්වාස කළ ,
ඉන්දියාවට ආවේණික තාරකා විද්යාත්මක සම්ප්රදායන් ද පැවතිය හැකිය.
ගුප්ත පාලකයන් ඇතුළු බොහෝ ඉන්දියානු පාලකයින් තාරකා විද්යාවේ සහ අනෙකුත් ස්වභාවික විද්යාවන්හි අනුග්රාහකයන් විය. ආර්යභට ඔවුන්ගේ ප්රතිලාභියෙකු වූවාට සැකයක් නැත.

පසුකාලීන ඉන්දියානු සහ ඉස්ලාමීය තාරකා විද්
යාඥයින් සඳහා මූලික කෘති බවට පත් වූ ඔහුගේ ලේඛනවල, ආර්යභට ග්
රහලෝකවල චලිතය විස්තර කර යුග පද්ධතිය වෙනස් කළේය.
ආර්යභට විශ්වාස කළේ පෘථිවිය කේන්ද්ර කරගෙන විශ්වය භූ කේන්ද්රගත වූ බවයි. ඔහු, ග්රහලෝක විශ්වයේ කේන්ද්රය වටා පරිභ්රමණය වන විට ඒවායේ චලිතය පැහැදිලි කිරීමට
" අපිචක්ර " (epicycles) භාවිතා කළේය.

a Junapani stone circle in Maharashtra, India, which are now increasingly viewed as astronomically aligned burial sites. (Ganesh Dhamodkar / CC BY-SA 3.0 )
ඉන්දියාවේ මහාරාෂ්ට ප්රදේශයේ ජූනපානි ගල් කව, දැන් වැඩි වැඩියෙන් තාරකා විද්යාත්මකව පෙළගැස්වූ සුසාන භූමි ලෙස සැලකේ. (ගණේෂ් ධමෝද්කාර් / CC BY-SA 3.0)

පුරාණ භාරතය, ලෝකයේ වර්තමාන යුගය හැඳින්වූයේ කලියුගය යනුවෙනි.ආර්යභට තර්ක කළේ කලියුගය සහ ඉන්දියානු යුග පද්ධතියේ අනෙකුත් යුග සමූහය ,
ගණිතමය වශයෙන් ආකෘතිගත කළ හැකි ග්රහලෝක සහ අනෙකුත් ආකාශ වස්තූන්ගේ චලනය මතද පදනම් විය යුතු බවයි.
ඔහු යුග සමූහය , සම කාල පරාසයන්ට ද බෙදා ඇත.

තවද, ඔහු ගණනය කළේ ලෝකයේ වර්තමාන යුගය ආරම්භ වූයේ ක්
රිස්තු පූර්ව 3102 පෙබරවාරි 17 හෝ 18 වැනි දින බවයි. කෙසේ වෙතත්, ඔහු මෙම දිනය තීරණය කළේ කෙසේද යන්න තවමත පැහැදිලි නැත.

ජූනපානි ගල් කවයන්, තාරකා විද්
යාත්මක පෙළගැස්වීම් අඩංගු නම්, නූතන ඉන්දියාව ඉන්දියානු අභ්
යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) හරහා අභ්
යවකාශ ගවේෂණවල ප්
රමුඛයා බවට පත්වෙමින් පවතින හෙයින්, ඉන්දියාවේ තාරකා විද්
යාත්මක විමර්ශන වල මූලයන්ගේ ගැඹුර කෙතෙක්දැයි හෙළි කරයි.

The Chirakkal taluk megalithic burial tomb of Kuttikunnu, Kerala, India. (Narayananknarayanan / CC BY-SA 3.0 )
ඉන්දියාවේ කේරළයේ කුට්ටිකුන්නු හි චිරක්කල් තලුක් මෙගලිතික සුසාන සොහොන. (නාරායනන්ක්නාරායනන් / CC BY-SA 3.0 )

මෙගලිතික ව්
යුහයන් බටහිර යුරෝපය, ඇමරිකාව සහ අප්
රිකාව ඇතුළු ලොව පුරා දක්නට ලැබේ. පුරාණ ලෝකයේ තාරකා විද්
යාවේ ප්
රධාන අරමුණු වූයේ කාලය පැවසීම සහ ජ්
යොතිෂයේ අරමුණු සඳහා විය හැකිය. සෘතු තීරණය කිරීම සඳහා ඉර, සඳු සහ ඇතැම් තාරකාවල පිහිටීම වැදගත් විය.

කෘෂිකාර්මික සමාජයන් තුළ මෙය වඩ වඩාත් වැදගත් වූ අතර බෝග සිටුවිය යුත්තේ කවදාද සහ අස්වැන්න නෙළිය යුතු වන්නේ කවදාද යන්න දැන ගැනීමට කාලානුක්
රමිකතාව මත රඳා පැවතුනි. මෙය Stonehenge හි එක් අරමුණක් විය හැකිය.
නමුදු ... බොහෝ මෙගලිතික ව්යුහයන් මළවුන්ගේ භූමදානය හා සම්බන්ධ වේ.
ජුනපානි ගල් කව බොහෝ විට සොහොන් මෙගලිතික ව්යුහයන් විය හැකිය, එයින් අදහස් කරන්නේ ඒවා සොහොන් බවට පත් කිරීමට අදහස් කළ භූමි බවයි.

මෙම ප්
රදේශයේ ඇති " සෙපුල්ක්
රල් මෙගලිතික ව්
යුහයන් " තුළ මළවුන් තැන්පත් කර ඇති ස්ථාන , දැක්වීමට ගල් සලකුණු යොදා ඇත. එනම් , කේන් හෝ ගල් කව මානව මානයන්ගෙන් යුක්ත වන අතර බොහෝ විට ජීවත්වන්නන් සඳහා ගොඩනගා ඇති යම් ආකාරයක වාසස්ථානයක වියුක්ත අනුකරණයක් විය හැකිය.එසේම තැන්පත් කරන ලද සිරුරු ද සාර්කෝෆගස් තුළ තැම්පත් කර තිබිය හැකිය.

ගල් කවයන් , සොහොන් සහ නිරීක්ෂණාගාර ලෙස ද්විත්ව භාවිතයක් සිදු කර ඇති බව පෙනේ. මෙගලිතික සොහොන් තාරකා විද්
යාත්මක නිරීක්ෂණාගාර ලෙස ද පැවතුනේ යයි විශ්වාස කෙරේ.

මළවුන් සහ තාරකා විද්
යාව අතර මෙම සම්බන්ධතාවයට එක් හේතුවක් විය හැක්කේ මෙගලිතික ව්
යුහයන් ශක්තිමත් සහ කල් පවතින ඒවා වීමයි.
එබැවින් ඒවා කාල සටහන් නිර්මාණයට සහ ස්මාරක සොහොන් සඳහා වඩාත් සුදුසු වේ.

කෙසේ වෙතත්, මෙහි තවත් අඩු ප්
රායෝගික සම්බන්ධතාවයක් ඇති බව හැකි ය. සොහොන් කොත්වල තැන්පත් කර ඇති මිනිසුන්ගේ ජීවිතවලට විශ්වීය වැදගත්කමක් ලබා දීම සඳහා සොහොන් ගෙවල් වලට තාරකා විද්
යාත්මක නක්ෂත්
ර පෙලගැස්වීම් ලබා දී ඇති බව සිතිය හැකිය.
මෙම මෙගලිතික සොහොන් ඉදිකරන ලද පුද්ගලයින් පිලිබඳ ලිඛිත වාර්තා කිසිවක් ඉතිරි වී නැති අතර මෙම සොහොන් මෙගලිතික සොහොන් වල තැන්පත් කළ අයගේ නම් පිළිබඳවද සඳහනක්ද නැත.

කෙසේ වෙතත්.... ,
ඔවුන්ගේ උරුමය වසර දහස් ගණනක් තිස්සේ පැවතී ඇත්තේ ඔවුන් භූ දර්ශනයේ තබා ඇති සලකුණ මිනිසුන්ට නොකඩවා දැකීමට සැලැස්වීමෙන් බව වටහා ගත හැකිය.
ඉන්දියාවට තාරකා විද්යාත්මක නිරීක්ෂණ පිළිබඳ දිගු ඉතිහාසයක් ඇති අතර ජූනපානි ගල් කව පැහැදිලිවම මෙම සම්ප්රදායේ කොටසකි. (Aishwarya.kotam / CC BY-SA 4.0 )
India has a long history of astronomical observation and the Junapani stone circles are clearly part of this tradition. (Aishwarya.kotam / CC BY-SA 4.0 )
India has a long history of astronomical observation and the Junapani stone circles are clearly part of this tradition. (Aishwarya.kotam / CC BY-SA 4.0 )

ජුනපානි ගල් කව යනු ඉන්දියාවේ මෙගලිතික සම්ප්
රදායේ කොටසක් වන අතර එය ක්
රි.පූ. 3000 දී පමණ ඉන්දු ගංගා නිම්න ශිෂ්ටාචාරයෙන් ආරම්භ වී ක්
රිස්තු වර්ෂ 900 පමණ වන තෙක් පැවතුණි. ගල් කව සියල්ලම ඉදිකර ඇත්තේ ක්
රිස්තු පූර්ව 1000 සිට 300 දක්වා කාලය තුළ ය.

ඒවා බොහෝ විට මළවුන් භූමදාන කිරීම සඳහා ඉදිකරන ලද සොහොන් වන අතර මෙගලිතික ව්
යුහයන්ද විය හැකිය. ඒවා තුල ඉන්දියාවේ පැවති සංස්කෘතික තාරකා විද්
යාවේ ඉතිහාසය කෙරෙහිද වැදගත් වන තාරකා විද්
යාත්මක පෙළගැස්වීම් ඇති බව ද පෙනේ.

ජූනපානි ගල් කවයන් නියෝජනය කරන්නේ ඉන්දියානු තාරකා විද්
යාවේ මුල් ප්
රකාශනයක් වන අතර එය වර්තමාන ඉන්දියාවේ අඛණ්ඩ පැවැත්මක් ඇති තාරකා විද්
යා සම්ප්
රදායකි.

ගල් කවවල සැබෑ අරුත සහ ඒවායේ උපකල්පිත ආකාශ පෙළගැස්ම කිසිවෙකුත් , කිසි විටෙකත් නොදැන සිටියත්,
කව , අමරණීයත්වය සහ විශ්වයේ කොටසක් වීම ඇතුළත් තේමාවන් මතු කරන බව පෙනේ.

මෙගලිතික සුසාන ව්
යුහයන් සහස්
ර ගණනාවක් පවතිනු ඇත.
කල්පවත්නා, ප්රහේලිකාවක් නම්, උරුමයක් හරහා යම් ආකාරයක අමරණීයත්වයක් ලබා දෙයි. ආකාශ වස්තූන්ගේ චලනය සමඟ ගල් සලකුණු පෙළගැස්වීම විශ්වය සමඟ සම්බන්ධතාවයක් ඇති කරයි.

මෙගලිතික ගල් කවයන් ඔස්සේ ,සෑම කලකම මරණයෙන් පසු අමරණීය වී විශ්වයට සම්බන්ධ වීමට ආශාවෙන් සිටි මිනිසුන්ගේ සිතුම් පැතුම් මෙම සංස්කෘතීන් හරහා නියෝජනය කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්ර ප්රාන්තයේ ජූනපානි ගල් කව දැන් වැඩි වැඩියෙන් තාරකා විද්යාත්මකව පෙළගැසී ඇති සුසාන භූමි ලෙස සැලකේ.
ගනේෂ් ධමෝද්කාර්, CC BY-SA 3.0
පරිවර්තනය .
නිලක්ෂි බණ්ඩාර
04/05/23
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........