Thursday, May 18, 2023

සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය.




ඉන්දියාව විසින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබු සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය මගින් ආදම්ගේ පාලම හරහා මුහුද ගැඹුරු කර නාවික මාර්ගයක් ගොඩ නැගීමට කටයුතු කර තිබුණි.මේ අනුව කිලෝ මීටර් 83.02 ක ප්‍රදේශයක් කැණීම් කිරීමට නියමිතව තිබු අතර 2015 ජුනි මස ඉන්දියාවේ මහා මාර්ග සහ ගමනා ගමන අමාත්‍ය නලින් ගඩ්කාරි ( Naleen Gadckari  ) ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාලමක්ද ඉදි කිරීමට ද යෝජනා කරන ලදී.

මෙම වැලිපරය නිසා බටහිර සිට කල්කටාවට පැමිණෙන නැව් සහ බහාලුම් යාත්‍රාවලට ශ්‍රී ලංකාව වටේ ගොස් ඒමට වැඩිපුර කි.මි.700ක්ද වැඩිපුර පැය 30ක්ද ඉන්ධන ගැලුම් දහස් ගණනක්ද වැයවේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකවූයේ වූයේ නම් ඉන්දියාවෙ බටහිර වෙරළේ වරයාන් වල සිට නැගෙනහිරින් පිහිටි කල්කටා , එන්නෝර් ,චෙන්නායි වැනි නගර වලට කෙලින්ම පැමිණිය හැකි අතර ,සේද මාවත වෙනස් වී නැගෙනහිර සහ අග්නිදිග ආසියානු රට වලට යන ගමන් මාර්ගයද වෙනස් වනු ඇත. ආර්ථික විද්‍යාඥයින්ගේ මතය අනුව මෙය ශ්‍රී ලංකාවේ කොළඹ ,හම්බන්තොට ,ත්‍රිකුණාමලය වැනි වරායන්ට විසල් පාඩුවක් වනු ඇත. ශ්‍රී ලංකා මුහුදු තීරය දිගේ නැගෙනහිර දෙසට නාවික ගමනා ගමනය කරන ප්‍රධාන රට වල් නම් ඊජිප්තුව ,ආර්ජන්ටිනාව නයිජීරියාව, කෙන්යාව , ඉතියෝපියාව සහ ඝානාවයි.

ඉන්දියාවේ සමහර දේශපාලන පක්ෂ මෙම ව්‍යාපෘතියට පක්ෂව ක්‍රියා කල අතර , සමහරක් දේශපාලන පක්ෂ සහ අන්තවාදී කණ්ඩායම් විරෝධතාවය පලකරන ලදී. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තෙක් දුරදිග ගිය මෙම ගැටුම 2022 ජුනි මස තාවකාලිකව නවතා දමන ලදී.

රාමාගේ පාලම පිලිබඳ නව තත්වය නම් මෙහි නිර්මාණය ස්වභාවික සංසිද්ධියක්ද? 

මිනිසාගේ නිර්මාණයක් ද  යන ගැටළුවයි.

ආදම්ගේ පාලම පිලිබඳ විද්‍යාත්මක පැතිකඩ විමසා බැලීමේදී 2017 වසරේදී (American Science ) නාලිකාව “ What on Earth  නමැති විශේෂ වැඩසටහනින් කළ හෙළිදරව්ව සුවිශේෂී වේ.2006-2018 වර්ෂ වල ඇමරිකානු චන්ද්‍රිකා වන Land Sam 5 " 8  යන චන්ද්‍රිකා වලින් ගත් ජායාරූප විශ්ලේෂණය කර මෙම පාලම මිනිසා නිර්මාණය කල එකක් බව පවසා ඇත.

ගංගාවල පරිණත අවස්තාවන්හිදී ගංගාව ගෙන එන සුන්බුන් තැන්පත්වී දූපත් කෙමෙන් ක්ෂය වීම ශ්‍රී ලංකාවේ මහවැලි ගඟේද දැකිය හැක.අවසාධිත පාෂාණ තැන්පත් වීමෙ මෙම ක්‍රියාවලිය වසර දහස් ගණනක් තිස්සේ මෙම නොගැඹුරු මුහුදු තීරයේ සිදු වූවක් විය හැකිය.එමෙන්ම ඉතිහාසයේ ගොඩ්වානාලන්තය නමින් ශ්‍රී ලංකාව ඉන්දියාවට සම්බන්ද වී වෙන්වී ගිය අවස්ථාවේදී මෙම බිම් තීරුව ඉතිරිවූ බවටද විශ්වාසයක් පවති.

එමෙන්ම විද්‍යාඥයින්ට අනුව රාම් සේතු පාෂාණ ගිණි කඳු පිපිරීමකින් පසු ඉතුරු වූ යමහල් නැතහොත් ලාවා වලින් සැදුණු පාෂාණ බවත්, ගිනි කඳු ඇතුලතින් විශාල පීඩනයකින් යුක්ත වන අතර උණු ලාවා සීතල ජලය හා මුසු වූ විට ජලයේ ගිලෙන්නේ නැති බවත්ය.එමෙන්ම විද්‍යාගාර පර්යේෂණයන්ගෙන් හෙළි වුයේ දිවා කාලයේ තාපය තුළ හිර වී ඇති වාතයප්‍රසාරණය වූ පසු උෂ්ණත්වය පහව යන තුරු මෙම පාෂාණ තාවකාලික පාවිමකට ලක් වන බවයි.

ඉන්දීය සංචාරක සහ සංස්කෘතික ඇමති ප්‍රලාද් සිං පටෙල් පවසන්නෙ සත්‍ය තොරතුරු ලොවට අනාවරණය කිරීම දැනට කෙරෙන පර්යේෂණ වල අරමුණ බවයි . Indian Express  වාර්තාවලට අනුව, ඉන්දියාවේ විද්‍යාත්මක සහ කාර්මික පර්යේෂණ කවුන්සිලය සහ ගෝවේහී ජාතික සාගර විද්‍යා ආයතනය සිදුකරන පර්යේෂණ වලට අනුව සාගර පත්ලේ ඇති පොසිල ආධාරයෙන් මෙම පාලමේ නිශ්චිත වයස සොයා ගැනීමට බලාපොරොත්තු වන අතර මෙම පර්යේෂණ ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වේ. 

රාම් සේතු පාලම නැරඹීමට යම් පුද්ගලයකුට අවශ්‍ය නම් කොළඹ සිට අනුරාධපුරය දක්වා රාම් සේතු හරහා හෙලිකොප්ටරයකින් යාමට ශ්‍රී ලංකාවේ “රාමායණය ගවේෂණ කණ්ඩායම “ ඇමතීමෙන් අවස්තාවක් ලබා ගත හැකිය.

රාමායණයට සම්බන්ධ ස්ථාන 52ක් ශ්‍රී ලංකාවේ ඇති අතර,මේවා විහාර, කෝවිල්, භූගෝල විද්‍යාත්මක ස්ථාන ,පුරා විද්‍යා ගොඩ නැගිලි , කඳු ආදියයි.මින් සමහර ස්ථාන වලට ඇතුල්වීමේ ගාස්තු ලෙස රු.100 - 200 අතර මුදලක් ඇය කරනු ලබන අතර , වෙනම මුදල් ගෙවා පුජාවන් ද පැවැත්විය හැකිය. නමුත් දඹුල්ල ලෙන් විහාරය, සීගිරිය, නයි පෙන ගුහාව සහ උද්හිද උද්‍යාන නැරඹීමට ප්‍රවේශ පත් මිලට ගත යුතුය.

ලංකික සංචාරකයකු ට වඩා විදේශික සංචරකයකුගෙන් වැඩි මුදලක් ඇය කිරීම , සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීමට ආයාචනය කරන , දරුණු දරිද්‍රතාවයකින් රටම පෙලෙන මෙවන් වකවානුවක දෙවරක් සිතා බැලිය යුතු කරුණකි. 

මන්නාරමේ කතිශ්වරම් කෝවිල සහ මුන්නේෂ්වරම් කෝවිල, ත්‍රිකුණාමලයෙ කොනේශ්වරම් කෝවිල , නුවර එළියේ සීතා අම්මාන් කෝවිල , ගයත්‍රී පීඩම් කෝවිල (Gayathri Peedam ), අශෝකා වාටිකා කෝවිල ,රම්බොඩ හනුමාන් කෝවිල ,දිවුරුම් පොළ විහාරය , රාවණා ඇල්ල, රාවණා ගුහා , සීතා එළිය , කතරගම ශ්‍රී අන්ජෙනියාර් කෝවිල ,කැලණියේ බෞද්ධ විහාරය සහ උස්සන්ගොඩ ජාතික උද්‍යානය රාම සීතා කතාවට සම්බන්ධ ස්ථාන වේ. 

මීට අමතරව රාමායණයට සම්බන්ධ සංජිවනි කඳු (sanjiwani mountain) සහ උස් බිම් 5ක් ශ්‍රී ලංකාව තුළ ඇති අතර, ඒවා ....දොළු කන්ද ,රිටිගල, රූමස්සල, කච්චතිව් , සහ මන්නාරමේ තල් අඩි ප්‍රදේශයයි.

මෙම ස්ථාන නැරඹීමට අවශ්‍ය සංචාරකයකුට දින7-8 ක් ඇතුලත බොහෝ කොටසක් නරඹා අවසන් කල හැකිය.කොළඹ කාර්යාලය රාමයණය ගවේෂණ පිලිබඳ කාර්යාලය ( Ramayana Tour Sri Lanka Help Desk) හෝ ශ්‍රී ලංකා ගවේෂණ පිලිබඳ ඉන්දීය කළමණාකරු (Indian Country Managerඇමතීමෙන් අවශ්‍ය පැකේජය වෙන් කරවා ගත හැකිය.

රාම් සේතු පුරාවෘත්තය නැවත කරළියට පැමිණියේ ඉන්දියානු සිනමාදර අභිෂේක් ශර්මා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ රාම් සේතු ක්‍රියාදාම චිත්‍රපටය නිසාවෙනි.මේ චිත්‍රපටය රාම් සේතු පාලම පිළිබඳව විමර්ශනය කරන කුල්ෂේස්ත්‍ර නම් අදේවවාදී පුරා විද්‍යාඥයකු වටා ගෙතී ඇත. මෙහි කුල්ශේස්ත්‍ර ගේ චරිතයට පණ පොවනුයේ ආක්ෂේ කුමාර් විසිනි.මෙය මුල්වරට එළිදැක්වූයේ 2022 ඔක්තෝම්බර් 25 වැනි දිනය.

නිලක්ෂි බණ්ඩාර

18/05/2023 


No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........