Friday, February 16, 2024

ඉන්දියාවේ තවත් එක අවතාර ගම්මානයක් වූ කුල්දාරා




අවතාර ඇතැයි සැලකෙන නගර සහ ගම්මාන වල නටඹුන් මාලිගා සහ බලකොටුවල නටබුන්වලට වඩා බෙහෙවින් වෙනස් ආකර්ශනීය බවක් පෙන්නුම් කරයි, බොහෝ දුරට ඒවා කලින් වාසය කළ මිනිසුන්ගේ ජීවිත දෙසට එබිකම් කර බැලීමට අපට අවස්ථාවක් ලබා දෙන බැවිනි. කාන්තාර ප්‍රදේශයක් වන රාජස්ථාන් ප්‍රදේශය අවතාර ගම්මානවලට ප්‍රසිද්ධියක් උහුලයි, නමුත් ඒවායින් එකක් වන්නේ කුල්ධාරා තරම් ගම්මානයයි.

ජයිසල්මර් සිට කිලෝමීටර් 17ක් බටහිර දෙසින් පිහිටි කුල්ධාරාව පිළිබඳව ජනප්‍රවාදයේ එන කතාවක් ඇත. මීට වසර 300 කට පමණ පෙර එය ජයිසල්මර් ප්‍රාන්තය යටතේ පාලනය වුන පාලිවාල් බ්‍රාහ්මණයන්ගේ සමෘද්ධිමත් ගම්මානයක් විය. පුරාවෘත්තයට අනුව, ප්‍රාන්තයේ එවකට පාලකයා වූ බලවත් හා නින්දිත අගමැති සලීම් සිංගේ නපුරු ඇස් ගම් ප්‍රධානියාගේ දියණිය මත පතිත විය.ඔහු ඇය වටා නිරතුරුව ගැවසෙන්නට විය. ඔහු ඇයව බලහත්කාරයෙන් විවාහ කර ගැනීමට උත්සහ කළේය. ඔහුගේ කැමැත්තට අවනත නොවුණහොත් ගම් වාසීන්ට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දෙන බවට ඔහු ගමට තර්ජනය කළේය.

කෲර පාලකයාගේ අණට යටත් වෙනවා වෙනුවට ඔවුන් පලිවාල්වරු සභාවක් පැවැත්වූ අතර ගම් 85 ක ජනතාව තම පරම්පරාගත වාසස්ථාන අතහැර අතුරුදහන් විය.
නමුත් පිටත්ව යාමට පෙර, ඔවුන් කුල්ධාරාට ශාප කළේ ඉන් පසු කිසිදිනක , කිසිවකුට තම ගමේ පදිංචි වීමට නොහැකි වනු ඇති බවයි. අද දක්වාම, ගම වඳව ගොස් හුදකලාව පවතී.
සියවස් ගණනාවකට පෙර එහි වැසියන් එය හැර ගිය ආකාරයටම ගම ඉතිරි විය. රාත්‍රියේදී එහි රැඳී සිටීමට උත්සාහ කළ පුද්ගලයන් අමුතු අද්භූත සංසිද්ධියකින් පලවා හැර ඇති බවද පැවසේ.

මේ ගැන සඳහන් වන තවත් පුරාවෘත්තයක් වන්නේ සලීම් සිං, ප්‍රාදේශීය ප්‍රජාවට ගමේ ජීවත් වීමට නොහැකි තරමට බදු ඉහළ දැමීමයි. එබැවින් ඔවුන් හරිත තණබිම් වෙත සංක්‍රමණය වීමට තීරණය කළහ. කෙසේ වෙතත්, අදටත් මිනිසුන් පෙර වෘතාන්තය ට විසල් පිළිගැනීමක් දී ඇත්තේ ප්‍රේමය හා බැඳී අභිරහසක් වී ඇති බැවින් වීමට පුළුවනි.



මෙම ස්ථානය ආරක්ෂිත ස්මාරකයක් වන අතර ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණය (ASI) විසින් නඩත්තු කරනු ලැබේ. මඩ සහිත ගෙවල් පේළියක්, ඒවායේ වහලවල් නැති වී ගොස් නටබුන් වූ බිත්ති සමහර දුක්බර අතීතයක ඇටසැකිලි මෙන් එහි සිටගෙන සිටින බව එහි යන සංචාරකයින්ට ගුප්ත හැඟීමක් එක කරමින් දැනේ.. එම පෙදෙස වියළි හා දූවිලි සහිත වූ අතර ප්‍රීතිමත් කාලවලදී පවා එහි ජීවත් වීමට එම මිනිසුන් ජිවන අරගලයක පසු වන්නට ඇත

කුල්ධාරා යනු තම මුතුන් මිත්තන්ගේ දේශය හැර යාමට බල කළ ඒ අවාසනාවන්තයින් ගැන සිතන විට සිතට ශෝකයක් ගෙන දෙන උදාසීන පෙනුමක් ඇති පාළු පෙදෙසකි.

නිලක්ෂි බණ්ඩාර.
16/02/24.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........