Friday, February 16, 2024

ලොව දිනු ක්‍රිකට් ක්‍රීඩක තෙන්ඩුල්කාර් ගේ සමාජ සේවාවෙන් බිඳක්....


 ඉන්දියාවේ හිටපු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු  නායක මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්  තම ධනය විවිධ සමාජ සේවා කටයුතු සඳහා වැය කරන මහත්මා ගතිගුණ ඇති අයෙකි.ඉන්දීය රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරයකු වූ ඔහු වයස අවුරුදු 11 දී ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේය.බෝම්බයේ Dadar ඔහු උපන් ප්‍රදේශයයි.2013 වසරේදී යුනිසේෆ් හි ආයතනයේ දකුණු ආසියානු කලාපිය  සුබසාධක තානාපති වරයා ලෙස (Unisef Good Will Ambeseder ) ලෙස ඉන්දීය ජනාධිපති තුමා විසින් ඔහු පත්කරන ලදී.

ඔහුගේ අදහසට අනුව ළමුන් ඕනෑම රටක අනාගතය වේ.අද අප ඔවුන්ව රැක ගත යුතුය.ඔවුන් හෙට අපට ආඩම්බරයක් වනු ඇත.මේ... 2013 වසරේ කොළඹට පැමිණ මාධ්‍ය සාකච්ජාවකදී ඔහු පැවසු වදන්ය. ඔහුගේ charitable organization ( සචින් තෙන්ඩුල්කාර් පදනම ) ඉන්දියාවේ මෙන්ම වෙනත් සුබ සාධක සංගම් වලට ආධාර කරයි. මොහුගේ සමාජ සුබ සාධන කටයුතු අතර ඉන්දියාව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය , වාර්ෂිකව ළමුන් 200 කට අධික සංඛ්‍යාවක් තෝරා ගෙන ආධාර දීම ,කොවිඩ් වසංගත කාලයේ ඉන්දියානුවන් 4000 කට මුදල් පරිත්‍යාග කිරීම.දෙවන කොවිඩ් රැල්ලේදී ඇමරිකන් ඩොලර් 150000ක මුදලක් වැය කරමින් ඔක්සිජන් සැපයීම , බන්ද්‍රා ප්‍රදේශයේ සංවර්ධනය සඳහා 2015 දී ඉන්දියානු රුපියල් ලක්ෂ 76ක් සහ පාසල් සංවර්ධනයට ලක්ෂ 22 ක් වැය කිරීම කැපී පෙනුනි.

මේ හැර රාජ්‍ය සභා මන්ත්‍රීවරයකු ලෙස වසර 6ක් පුරා ඔහු උපයා ගත් වැටුප සුබ සාධක සංගම් වලට පරිත්‍යාග කර ඇත.ලංකාවට පැමිණි සචින් ළමා පෝෂණය පිලිබඳ ඔහුගේ අත්දැකීම් ඇතුළු බොහෝ කරුණු පවසා ඇත.නිසි පෝෂණය නොමැති වීම ළමා දක්ෂතා මොට කරන බව ඔහු රුවන්වැල්ලේ පෙර පාසලකට ගිය අවස්ථාවේ පවසා තිබේ.තමා ක්‍රිකට් ක්‍රීඩා කරන විට දිවා ආහාරය නොගෙන සිසිල් බිම පමණක් පානය කර ක්‍රීඩා කල අවස්ථා තිබුණි.ඒ හේතුවෙන් දැවී ගිය අවස්ථාද දක්නට තිබුණි.

පවුලකට ප්‍රමාණවත් අදායමක් නොමති වීම, එම පවුලේ දරුවන්ට ඒ නිසාම නිසි අධ්‍යාපනයක් ලබා ගත නොහැකි වීම , භයානක සංයෝගයක් බැව් ඔහු පෙන්වා දුන්නේය.

ළමයිට අහාර ලබා දීම පළමු අවශ්‍යතාවය බව පවසයි.ශ්‍රී ලංකාව තුළ දින දෙකක සංචාරයේදී විශේෂයෙන් සබරගමු පළාතේ ක්‍රියාත්මක කරනු ලබන අවස්ථාවේ 2022 වසරේදී ආරම්භ වූ දැඩි ආර්ථික අර්බුධය හමුවේ ප්‍රශ්න වලට මුහුණ දුන් දෙමව්පියන් හමුවී සාකච්ජා කළේය.

යුනිසෙෆ් සංවිධානය මගින් පවත්වාගෙන යනු ලබන දිවා ආහාර ලබා දීමේ වැඩසටහන සහය වීම සහ වතුකරයේ ළමා පෝෂණ තත්වය ගැන සොයා බැලීමටද ඔහු අමතක නොකළේය.ලංකාවේ සමහර පෙර පාසල් වළ ක්‍රියාත්මක වන පරිසරය හා සතුන් රැක ගැනීමේ වැඩ පිළිවෙල ඔහුගේ ප්‍රසංශාවට ලක් විය. රුවන්වැල්ලේ පෙර පාසලක ළමුන් අහාර ගන්නා අවස්ථාවේදී පන්ති බාර ගුරුතුමිය පිගානක් රැගෙන පන්තිය වටා ගියාය.සෑම දරුවකුම තම ආහාර වෙළෙන් සුළු ප්‍රමාණයක් එම පිගානට දැමු අතර ඔහු ඒ පිළිබඳව  ප්‍රශ්න කළේය.

එය කුරුල්ලන්ගේ ද අහාර වෙලාව බැවු ඇය ප්‍රකාශ කළේය.


නිලක්ෂි බණ්ඩාර.

17/02/24.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........