
නොබෙල් ත්‍යාගලාභී අර්නස්ට් හෙමිංවේ 20 වැනි සියවසේ ඇමරිකානු ජාතික ශ්‍රේෂ්ඨ ගණයේ කතුවරුන් අතර මුල්තැන ගනී.ඔහු 1899 ජුලි 21 වැනි දින ඇමරිකාවේ චිකාගෝ නුවර ඕක් පාර්ක්හිදී උපත ලද අතර පියා වූ ඉලිනොයිස් හෙමිංවේ වෛද්‍ය වෘතියේ ද මව වූ ග්‍රේස් හෙමිංවේ සෞන්දර්ය ගුරුවරියක්ද විය.මොහු කුඩා කලදී වසර කීපයකම කාන්තා අධිපත්‍යට නතු විය.
මොහුගේ කුඩා කල තිබු විශේෂ හැකියාවක් වන්නේ කතන්දර ගෙතීමයි.නාට්‍යනුසරයෙන් ගොතන කතන්දර මවුපියන් සහ සොයුරියන් ඉදිරියේ මොහු රඟදැක්වූ බවද කියවේ.පසුකාලීනව ඔර්ක්පාර්ක් විදුහලට ඇතුලත්වන ඔහු විදුහලේ සාහිත්‍ය සඟරාවේ ( Trapeze and Tabula ) සංස්කාරක වරයා වශයෙන්ද කටයුතු කරනු ලැබුවේය.එය ඔහුගේ සාහිත්‍ය දිවියේ මුල් අඩිතාලම වැටීමට හේතු පාදක වූ අතර පාසල් අධ්‍යාපනය අවසන් කර කැන්සාස් සිටි ස්ටාර් පුවත්පතේ කාර්යමණ්ඩලයට ඇතුලත් වේ.
1918දී පළමු ලෝක යුද්ධයට සහබාගි වී ඉතාලියේ සටන් පෙරමුණෙහි ගිලන් රථ රියදුරකු ලෙස සේවය කරයි.ඔහුගේ සේවාව උදෙසා ඔහු ඉතාලි නිර්භිතභාවයේ සම්මානයෙන් පිදුම් ලැබු අතර ඒ සඳහා රිදී පදක්කමක් ඔහුට ප්‍රධානය කරන ලදී.යුද්ධයේදී ප්‍රහාරයකට ලක්වීමට හෙතුවිමෙන් මොහු රෝහල් ගත වන අතර එහිදී හමුවන ඇගන්ස් වොන් කුරෝව්ස්කි නම් හෙදියත් සමගින් ඇති කර ගන්නා ලද ප්‍රේම සම්බන්ධතාවයෙන් අනතුරුව ඇයව විවහා කර ගනී.නමුදු පසුව ඇය වෙන පුද්ගලයකු හා විවහා වන අතර මෙම කඩා වැටීම මොහුගේ ලේඛන කලාව කෙරෙහි තව දුරතත් මොහුගේ සිත යෙදවීමට හේතුවක් විය.
මොහු විසින් රචිත මුල්ම කෘතිය වන්නේA Very Short Story කෙටි කතාවයි.මොහුගේ මුල් කෘතීන් බොහෝ සේ ජනප්‍රියත්වයට පත් නොවන අතර 1926දී රචනය කරන ලද මුල් කෘතිය වූ The Sun also Rises පාඨකයන් අතර බෙහෙවින් ප්‍රසිද්ධියට පත් වූ පොතක් වේ.එය ඇමරිකානු සාහිත්‍යයේ විශිෂ්ටතම කතාවක් ලෙසයි විචාරකයින්ගේ මතය වන්නේ.1920 දී රචනා කරනු ලැබූ A Farewell to Arms පොත යුද්ධය හා සාමය පිලිබඳ අන්තර්ගතවූ කතාවක් වන අතර එය ඇමරිකාවේ මහත් ජන ප්‍රසාදයට පත් වූ කෘතියක් වූ අතර එය ඉතාලි යුධ බිමේදී ඔහු ලැබූ අත්දැකීම්වලින් සමන්විත විය.ඉන්පසු ඔහු විසින් The Torrents of Spring කෘතිය රචනා කරන ලද අතර ,1927දී Men Without Women නමින් කෙටි කතා සංග්‍රහයක්ද එළිදක්වනු ලැබිය.
පසුකාලීනව වසර 41 වූ විට මොහුකියුබාවට සංක්‍රමණය වන අතර පුරා වසර 30ක් එහි වාසය කරනු ලැබුවේය.සුවිශේෂී නිර්මාණ රැසකට හිමිකම් කි කාලයක් වන අතර කියුබානු ධිවරයින් අතර ප්‍රසාදයට ලක්වූ පුද්ගලයකු බවද පැවසේ.,මොහු ගැඹුරු මුහුදේ මෙම ධිවරයින් සමග මසුන් මරිමටද යන අතර මෙම සිදුවීම් අනුසාරයෙන් වසර 1951 දී (The Old Man and The Sea) කෘතිය රචනා කෙරේ.
එම කතාවේ අන්තර්ගත සුවිශේෂී වැකියක් නම් මිනිසා විනාශ කල හැකිය.පරාජය කල නොහැකිය යන්නයි.
1954දී සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය මොහුට පුදන ලද අතර (The Old Man and The Sea) කෘතිය වෙනුවෙන් පුලිස්ටර් සම්ම්නයද මොහුට ප්‍රධානය කරන ලදී.ඒ අතර 1952දී රචනයට පාත්‍ර වූ The Snows of Kilimanjaro කෙටි කතා සංග්රහයද මහත් සේ ජනප්‍රියත්වයට හා පැසසුමට ලක්වූ කෘතියක් වේ.
කියුබාවේදී මොහු විවිධ ආබාධයන්ට ලක් වන අතැර විශාදය තත්වයෙන් ද පෙලේ.මෙයට හේතුව වන්නේ ජීවිතයේදී මුහුණ දීමට සිදුවූ විවිධ සංසිද්ධීන් වල බලපෑමෙන් පාරම්පරිකව පැමිණි රෝග තත්වයන්ට මොහුට මුහුණ පෑමට සිදුවීමයි.මෙහි අභාග්‍යසම්පන්න තත්වය වන්නේ මෙම රෝගී බව හේතුකොට ගෙන මොහුගේ ලිවීමේ හැකියාව පවා අහිමිවීමයි.මානසික පීඩනය හේතුකොටගෙන දිවිනසා ගැනීමට තැත් කල ඔහු Mayo Clinic නම් මනෝ වෛද්‍ය කඳවුරට ඇතුලත් කරනු ලබන අතර අවාසනාවකට 1961 ජුලි දෙවෙනි දින තමන්ගේම ගිනි අවියෙන් වෙඩි තබා ගැනීමෙන් මෙම ලෝ සුපතල සාහිත්‍යවේදියා මෙලොවින් සමුගන්නා ලදී.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........