Saturday, June 8, 2019

මාරි කොරෙලි

Image result for marie corelli biographyමාරි කොරේලි 1855 ලන්ඩන් නගරයේදී උපත ලද අතර ඇයගේ සත්‍ය නම වුයේ මාරි මැකෙය .චාර්ල්ස් මැකේ ඇයගේ නිත්‍යානුකුල නොවන පියා බව සඳහන් වේ.ඇය තමාගේ උපත පිලිබඳ සඳහන් කිරීමට පසුබට විය.

ඇය ඉංග්‍රීසි සාහිත්‍යයේ නොමැකෙන නාමයක් තැබූ කතුවරියක වූ අතර රෝමාන්තික අතිනට්‍යමය කෘතීන් 20කට අධික සංඛ්‍යාවක් රචනා කරන ලදී. මාරි කොරෙලි යනු ඇය  ලේඛන කලාවේදී ආරුඪ  කර ගත් නාමය විය.ඇයගේ පලවෙනි කෘතිය වුයේ 1886දී රචනා කරනු ලැබූ A Romance Two Worlds  කෘතියයි.කෙනෙකුගේ මානසික ගණුදෙනුව හා සබැඳි අත්දැකීම් ඇයගේ කතාවල ප්‍රධාන තේමාව විය.

ඇයගේ පළමු ප්‍රසිද්ධියට පත් කෘතිය වුයේ Barabbas-A Dream of the worlds Tragedy කෘතිය වන අතර එය 1893දී රචනයට පාත්‍ර විය. එය කුරුසියට ඇණ  ගැසීම හුදී ජනයාගේ හැඟීම් දනවන සංවේදනාත්මක සංසිද්ධිය තේමා කොට ගත්තකි.1895 දී රචනා කරන ලද A Sorrows of Satan කෘතියද ආගමික සංසිද්ධීන් මත ගොනුවූ සාතන්ගේ බලය ක්‍රියාත්මක වන උද්වේගකර නාට්‍යයක් වැනිය.අඩු සහ පහත රුචිකත්වයක් ඇති අයට ඇයගේ මෙම සාර්ථක නිර්මාණ දිරවා ගත නොහැකි විය.පසුකාලින ජීවිතයේදී ඇය විවේචනාත්මක චරිතයක් විය.

1890දී ලන්ඩන් නගරයේ,ඇමරිකාවේ මෙන්ම විවිධ ජනපද වල  සාහිත්‍ය රසිකයින් අතර ඇයගේ නවකතා බෙහෙවින් ප්‍රචලිත වූ අතර මිලියනයක් පමණ රසික රසිකාවියන් ඇය වටා එක් විය.ඇයගේ කතා වික්ටෝරියා රැජිනගේ පටන් දුප්පත් තරුණියන් දක්වා පිරිසක් අතරේ සුපතල වූ අපුරුම කතාවූ අතර .මෙම නවකතා අතිවිශාල ප්‍රපංචයක හොඳම අලෙවි වාර්තා තැබූ කෘතීන් විය.විචාරකයින් විසින් ඇයගේ නවකතා තුල ඇති කරුණු අත්හැර දමා හෝ පහත්කොට සලකා ඇති අතර ,ඇයගේ සාර්ථකත්වය උපරිම තලයට පත්වූ අතර ලන්ඩනයේ වඩාත්ම අලෙවි වාර්තා තබන ලද කතුවරිය ඇය වුවාය.

1924 වර්ෂයේදී ඇයගේ අභාවයෙන් පසු පුවත්පත් වල සිරස්තලය හඬනගා ප්‍රකශ කලේ "මාරි කොරලි කවුද? "Who is Mari Corelli ) යන්නයි.ඇයගේ අතීතය මීදුමින් වැසුණු අඳුරු සිද්ධියක් වන අතර එය සත්‍ය සෙවීමට අපහසු කාර්යයක් විය.එමෙන්ම ඇයගේ උපත පිළිබඳවද විවිධ මතිමතාන්දර පවතී.මන්ද ඇය හදා වඩා ගත් දරුවකු බවටද මතකයක් පැවති හෙයිනි.

ඇය ඉතාමත් වේගවත්ව ජනප්‍රිය වූ අතර ඇයගේ සමකාලින ලේඛකයන් වුයේ ආතර් කොනන් ඩොයිල් , එච් ජි වේල්ස් , රුගියාඩ් කිප්ලින්ග් වැනි රචකයින්ගේ කෘති වලින් අලෙවි වූ මුළු පිටපත් සංඛ්‍යාවට වඩා වැඩි පිටපත් සංඛ්‍යාවක් මාරි කොරෙලිගේ නව කතා අළෙවි විය.

ඇය තමාගේ නිර්මාණ පිලිබඳ කියා ඇත්තේ
" සැබවින්ම මා සිතන දෙය මා කිවයුතු නොවේ.මට කිව හැක්කේ මට දැනෙන, මට හැඟෙන දේ පමණකි."මාරි කොරෙලි ඇයට දැනෙන වචන 203392 කට කැටි කොට පිටු 599 කින් යුතු
තෙල්මා නව කතාව 1887දී ප්‍රකාශයට පත් කළාය.

ස්ත්‍රිය පිළිබඳව මාරි දරන ආකල්පය සෑහෙන තරම් දුරට තෙල්මා නව කතාවෙන් අනාවරණය කරන අතර, අධ්‍යාපනයෙන් දැනුවත් බැවින් සහ බුද්ධියෙන් යුතුව කාන්තාව සමාජය වෙත පා නැගිය යුතු බව අනාවරණය කරනු ලබයි.ඇයට අනුව

"තමාගේ විමුක්තිය ලබා ගැනීමට පුර්ෂයා සමග කලකෝලාහල කිරීමත් ,යුද්ධයට එළඹීමත් නුසුදුසු බව පවසන ඇය කාන්තාව ලන්දක බැඳුනු මකුළු දැළක් වෙමින් ඒ මත පුරුෂයා රඳවා ගත යුතු බවත් පාලනයට නතු කර ගතයුතු බවත් පවසයි.නමුත් එම මකුළු දැළ මැස්සන් රඳවා ගැනීමට භාවිතා නොකළ යුතුය. "

මෙම ගත්කතුවරිය කිසිදිනෙක විවහා ජිවිතයට ඇතුලත් නොවූ අතර , විවාහය පිළිබඳව පැවසු අදහස තුළ සදාකාලික සත්‍යයක් ගැබ්වී ඇත. "මා විවහා නොවුයේ මට විවාහයක් අවශ්‍ය නොවූ නිසාය ".සැමියකු හිඳීමේ අරමුණ ඉටු කරන්නාවූ සුරතල් සතුන් තිදෙනෙක් මා ළඟ සිටිති.

ඔවුන් නම් " සෑම උදැසනක ම ගොරවන බල්ලෙක්
                   සවස් කාලයේ තොරතෝංචියක් නැතිව දොස් තබමින් දොඩවන ගිරවෙක් සහ දිනපතා රෑ බෝවී ගෙදර එන පූසෙක්.
ඇය විවහා නොවීමේ හේතුව විස්තරාත්මකව පවසනවාට වඩා සම්ප්‍රධායික විවාහය පිළිබඳව ඇය දැරූ මතය කෙතරම් අගනේද?කෙතරම් අර්ථාන්විතද ?+

විචාරකයින් විසින් ඇය වික්ටෝරියානු යුගයේ අසාමාන්‍ය ලේඛිකාවක් ලෙස හඳුන්වා දෙන ලදී.1924 අප්‍රේල් 21 වැනි දින මෙම අද්විතීය ලේඛිකාව මෙලොවින් සමුගත්තාය.ඇයගේ මරණය ඇසු දහස් සංඛ්‍යාත ජනතාව නිවෙස අසලට රැස්වුහ.  ස්ටේපන්ෆොර්ඩ් හි පිහිටි ඇයගේ නිවාසහි ජිවත් වූ බර්තා ඇයගේ හිතෙෂිවන්තිය වුවාය. ඇය විසින් රචනා කල කෘතීන්, ලිපි ලේඛන සහ නිර්මාණ ,අත්පිටපත් සහ නිර්මාණ සියල්ල ශේක්ෂ්පියර් කෞතුකාගාරයට බාර දුන් අතර අද විට මෙහි පාලනය ඇත්තේ ඔවුන් සතුවය.

Related image








No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........