සුන්දර සකුරා මල් පිපෙන කලකට හිමෙන් වැසෙන පුජියාමා කඳු පාමුල මිනිසුන් සියදිවි නසා ගන්නා වන පෙතක් පිළිබඳව ඔබ අසා ඇත්තේද?
පුදුමයකි.... මහායාන බුදු දහමෙන් හික්මවනු ලැබූ බොන්සයි ,එකෙබෙනා වැනි මල් කලාවන්ගෙන් සිත් මොහොනය කරවන, කබුකි නො වැනි කලාවන්ගෙන් පිරි ජපානයට යන ඔබට මෙය අමිහිරි අත්දැකීමක් වනු ඇත.
ලෝක සංවිධානයේ සංඛ්‍යා ලේඛන වලට අනුව ජපානයේ ජනගහනයෙන් ලක්ෂයකට 25.8% සියදිවි නසා ගැනීමට උත්සහ කරන අතර , ලෝකයේ සංවර්ධිත රට වලින් වාර්තා වන සියදිවි නසා ගැනීම් වන්දහා ඉහලම ප්‍රතිශතයක් දක්වන රට ජපානයයි. ජපානය යනු සියදිවි නසාගැනීම් අතින් ලොව මුලින්ම සිටින රටකි.
එරට වැසියන්ගේ නිගමනයට අනුව දිවි නසා ගැනීම යනු යම් සංසිද්ධියක වගකීමක් දැරීමය.ජපානයේ ඉතිහාසයේ අසන්නට ලැබෙන හරාකිරි හෙවත් සෙපුක්කු ක්රමයද බඩ කපාගෙන දිවි නසා ගැනීමේ ප්‍රසිද්ධ ක්‍රියාවලියකි.එලෙසම ජපානයේ මිනිසුන් විසින් දිවි නසා ගැනීම උදෙසා යන වනාන්තරයක් ජපානයේ පිහිටා ඇති බව බොහෝ දෙනා නොදත් කරුණකි.ෆුජියාමා කන්දට වයඹින් කිලෝමීටර් 35ක් පුරා පැතිරී ඇති මෙම වනාන්තරය ලොවටම වටිනාවූ හරිත නිම්නයකි.විවිධ ජෛව විවිධත්වයකින් යුතු පරිසරයක් වන මෙය ගිනි කන්දෙන් පටවන ලවා සහ ලෙන් ලාවා මිශ්‍රිත පසින් මිශ්‍රිත වුන පරිසරයක් පිහිටා තිබේ.
පැරණි ජනප්‍රවාද වලට සහ මිත්‍යා විශ්වාසයන්ට අනුව මිනිසුන් පවසන්නේ යුරි නම් නරක භුතත්මයක් මෙම වනයේ සැරිසරන බවයි .කොම්පාසු (Compass) මෙම වනාන්තරය පාලනයකින් තොරව ක්‍රියාකරන බවට මිත්‍යාමත පැතිර පවතියි. 1956 දක්වාම මෙම ප්‍රදේශය ජපානයේ ආරක්ෂක අංශ පුහුණුවීම් කටයුතු සඳහා භාවිතා කර ඇත.
මෙම වනාන්තරය පුරාවම අමුතුම ගුප්ත බවක් සහ පාළු බවක් රැඳී තිබෙන අතර ලොව විවිධ රටවලින් මිනිසුන් තම ජීවිතය නැති කර ගැනීම සඳහා මෙම වනාන්තරයට පිවිස ඇත.
2010 වන විට ලැබෙන දත්ත අනුව දිවි නසාගැනීම් 54ක් සිදුවී තිබේ.වසරක් තුළ සියදිවි නසා ගැනීමට 200 කට අධික සංඛ්‍යාවක් උත්සහ කර ඇත.මාර්තු මාසයේ දී මෙම ප්‍රමාණයේ වැඩිවීමක් ඇති අතර , ජපන් පොලිසිය මෙම ව්‍යවසනය ප්‍රචලිත නොකිරීම සඳහා නියම දත්ත ප්‍රකාශ නොකිරීමට වග බලාගෙන ඇත.
මෙම වනන්තරය විවිධ ජාතීන්ගේ ගීත, ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රාශියකට පාදක වී ඇත.ජපානයේ මනෝ විද්‍යා චිකිත්සක ආයතනයේ අධ්යක්ෂ යෝශිනොරි චා " Why do People Suicide " නමැති ග්රන්ථයට අනුව මෙම මරණ වලට හේතු රාශියක් අනාවරණය කර ඇත.
අපදා වලට ලක්වීම , සුපුරුදු නිවාස වලින් ඉවත් වීමට සිදුවීමෙන් ඇති වූ දිගුකාලින අවපිඩනය , ප්‍රධාන හේතුය. වසරකට කීප වරක් භූ කම්පන වලට ලක්ව ආපදා විඳීම මෙම ක්‍රියාවලිය හේතු පාදක වී ඇත. දිවි නසා ගත් ඇය අතර බොහෝ දෙනෙකු ස්ථිර වැඩක නොයෙදුණු යයි.පවුල් ප්‍රශ්න හා ආර්ථික අපහසුතා තවත් හෙතුන්ය.සමහර රටවල සිය දිවි නසාගැනීමට නීතියෙන්හෝ ආගමෙන් ඉඩක් නැති අතර, ජපානයේ "ඉතිහාසය පුරා සියදිවි නසා ගැනීමට ආගමෙන් තහනම් කර නැති බව චාඕ පවසයි.
මෙම වනාන්තරයට ඇතුළු වන ස්ථානයේ වෙළඳසැලක් පවත්වාගෙන යන අතර මනුෂ්‍ය හිතකාමී පුද්ගලයකු පවසන්නේ වනාන්තරය නැරඹීමට පැමිණ , ඔහුගේ වෙළඳසලට පිවිසෙන පිරිස අතරින් සියදිවි නසාගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයින් ඔහු හදුනා ගත් බවයි.පසුව කතා කොරට , තේකොප්පයකින් සංග්‍රහ කර ,ගිලන් රථ සේවයට බර දී , මොවුන්ගෙ දිවි ගලවා ගත් බව ඔහු පවසයි. මොවුන්ගෙන් බොහෝ දෙනා තමන්ගේ දුක කියා ගැනීමට නොහැකි පුද්ගලයින්ය.
ජපන් වැසියන්ට අනුව මෙම වනාන්තරයට පිවිසීමත් සමගම ඔවුන් හා බාහිර ලෝකය සමග ඇති සියලුම සම්බන්දතා බිඳ වැටෙන අතර ෆුජි කන්දේ යමහල් විවරණය මගින් ඇතිවන්නා වූ භූ විෂමතා වෙනස හේතුවෙන් ඇතිවන ලාවා සහිත පසේ ඇතිවන චුම්භක බලයක් මේ ක්‍රියාවන්ට හේතුවන බවයි පැවසෙන්නේ.
මිනිසුන් මෙය Suicide Forest නමින් හඳුන්වන්නේ ද මෙලෙස වාර්ෂිකව සිදුවන දිවිනසා ගැනීම් වල වර්ධනය නිසාවෙනි.මෙම වනාන්තරයට ඇතුල් වෙන දොරටුවේ " ජිවිතයේ කියන්නේ ඔබගේ දෙමවුපියන්ගෙන් ලැබුණු වටිනා ත්‍යාගයකි.ඔබේ දෙමව්පියන්ව සිහියට නගා ගන්න .ඔබේ සාමාජිකයින්ව මතකයට නංවා ගන්න.ඔබ තනිවෙලා දුක් විඳින්න අවශ්‍ය නැ.අවට දුරකථන කුටි අවශ්‍යතරම් තිබෙනවා.අපට කතා කරන්න.ඔබේ උදව්වට අපි එන්නම්. ලෙසින් පණිවිඩයක් දැන්වීමක් ලෙසින් සකසා තැන්පත් කර ඇත.
පුද්ගලයෙකුට ජීවිතය නසා ගැනීමට ආගමෙන් වත් , නීතියෙන් වත් ඉඩක් නැති මුත්
මේ සිදුවන සියලුම සිදුවීම් දිහා ඔකිගහරා වනාන්තරය තම ගුප්ත නෙත් යොමු කරමින් බලා සිටින්නේ ය.
මිනිසුන් මෙය Suicide Forest නමින් හඳුන්වන්නේ ද මෙලෙස වාර්ෂිකව සිදුවන දිවිනසා ගැනීම් වල වර්ධනය නිසාවෙනි.මෙම වනාන්තරයට ඇතුල් වෙන දොරටුවේ " ජිවිතයේ කියන්නේ ඔබගේ දෙමවුපියන්ගෙන් ලැබුණු වටිනා ත්‍යාගයකි.ඔබේ දෙමව්පියන්ව සිහියට නගා ගන්න .ඔබේ සාමාජිකයින්ව මතකයට නංවා ගන්න.ඔබ තනිවෙලා දුක් විඳින්න අවශ්‍ය නැ.අවට දුරකථන කුටි අවශ්‍යතරම් තිබෙනවා.අපට කතා කරන්න.ඔබේ උදව්වට අපි එන්නම්. ලෙසින් පණිවිඩයක් දැන්වීමක් ලෙසින් සකසා තැන්පත් කර ඇත.
පුද්ගලයෙකුට ජීවිතය නසා ගැනීමට ආගමෙන් වත් , නීතියෙන් වත් ඉඩක් නැති මුත්
මේ සිදුවන සියලුම සිදුවීම් දිහා ඔකිගහරා වනාන්තරය තම ගුප්ත නෙත් යොමු කරමින් බලා සිටින්නේ ය.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........