
ඉන්පසු සසේස්ක්ස් විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍ය පිලිබඳ උපාධියක් ලද ඇය ඉතිහාසය පිලිබඳ හැදෑරීමට පටන්ගත්තාය.එඩින්බර්ග් විශ්ව විද්‍යාලයට ඇතුල්වීමට පෙර BBC ගුවන් විදුලියේ වසර දෙකක කාලයක් ඇය සේවය කළාය.පසුව ඇය `18 වන සියවසේ සාහිත්‍ය පිලිබඳ උපාධිය සම්පුර්ණ කර ගත්තාය.පිලිපා දර්හම් විශ්ව විද්‍යාලයේද ටෙසිඩේ විශ්ව විද්‍යාලයේද උගන්වන ලද අතර ඒ හා සමකාලීනව කින්ග්ස්බරි සහ විවුර්ත විශ්ව විද්‍යාලයේද කථිකාචාර්යවරියක ලෙස ක්‍රියා කාලය.
ඇයගේ ලේඛන ජීවිතය 1987 දී ඇරඹුණු අතර , මේ වන විට ඓතිහාසික ග්රන්ථ 80 කට අධික සංඛ්‍යාවක් ඇය අතින් රචනයට භාජනය වී තිබීම විශේෂත්වයයි.මේ හේතුව නිසාම අය ඓතිහාසික ප්‍රබන්ධ නවකතා ලොව අග්‍ර රැජිණිය ලෙසද හැඳින්වේ.ඇය විසින් විවිධ ඓතිහාසික කාල පරාසයන් තුල සිදුවූ කතාවන් කෘතීන් ලෙස ග්රන්ථකරණය ට ලක් කරන ලද අතර වැඩි වශයෙන්ම ලියවුනේ 16 වැනි සියවසේ ටියුඩර් පාලන සාමය ආශ්රිත කෘතීන්ය.ඒ සාමය පිලිබඳ ලියැවුණු කතා අතුරින් තුන් ඈදුතු කෘතියක් වූ වයිල්ඩ් කෙයා කෘතිය හොඳම විකිණීම් අතරට එක වූ කතාව විය.එය ඉඩම් හිමියකු හා ඔහුගේ ඥාති කාන්තාවක් අතර ඇතිවූ අනියම් ප්‍රේමයක් අරභයා ගලා ගිය කතාවක් විය.
පිලිපා විසින් රචිත සෑම කතාවක්ම රාජකීයයන් අරභයා ලියවුනු අතර එම පොත් වලට නම් යෙදුවේද ද ක්වින්,කන්ස්ටන්ට් ප්‍රින්සස් ,ද අදර් ක්වින්, ද රෙඩ් ක්වින්,ද වර්ජින්ස් ලවර් ද ත්‍රි ක්වීන්ස් යනාදී වශයෙනි.ඇය විසින් කොටස් වශයෙන් කළ කතාද තිබු අතර ඒවා ද පලන්ටගනෙට් ,ද වීමෙන් ඔෆ් ද කසින් , වෝ ටියුඩර් එම කතා අතර විය.The Favoured Child and Meridon.කෘතිය නුවණැති කාන්තාවක් පිලිබඳ ලියවුනු කතාවක් විය.
පිලිපා විසින් රචනයට ලක් කරන ලද නවතම කතාව වනුයේ ද වයිට් ක්වින් කෘතියයි.මෙය ‘The Women of the Cousin’s War නව කතා මාලාවේ නවතම කතාව වේ.ඓතිහාසික නව කතාවක් වන මෙය එංගලන්තයේ රජ පවුලක් වූ ව්ලිසබෙත් වුඩ්විල් සහ 4 වැනි රජු වටා ගෙතුණු නව කතාවක් විය.ඔවුනට දාව ඉපදුනු පිරිමි දරුවන් දෙදෙනෙකු සිටි අතර රිචඩ් සහ එඩ්වර්ඩ් නම් මෙම කුමරුන් වටා ගෙතුණු අභිරහසක් විය.එම අභිරසහ හේතු කොටගෙනම මොවුන් දෙදෙනා ලන්ඩන් කුළුන තුලදී මිය යාම ඉතාමත් ඛේදජනක සිදුවීමක් විය.
ඇයගේ කෘතීන් සඳහා ඇය භාවිත කරනුයේ එහි පිහිටි ඓතිහාසික පුස්තකාලයන්, කෞතුකාගාරයන් වන අතර මෙම ස්ථානයන් හිදී පිලිපා පර්යේෂණයන් සිදු කර ඒ අනුසාරයෙන් මෙම නව කතා රචනයට බඳුන් කරයි.
පිලිපා නුතන ප්‍රබන්ධ සාහිත්‍යට සහ සම්භාව්‍ය කෘතීන් වලට රුචිකත්වයක් දක්වනු ලබන අතර මේ වන විට ඇයටම අවේණික වූ ශෛලියක් අනුගමනය කරනු ලබයි.ඇයගේ ප්‍රියතම කතුවරියන් අතර,ජේන් ඔගස්ටින් ,ඇලිසන් වෙයාර් ,ජෝර්ජ් එලියට් ඇතුලත් වේ.ඇය විසින් රචිත කරන ලද The Other Boleyn Girl’කෘතියට නවකතා සංගමය මගින් 2000 වසරේදී හොඳම ප්‍රේමනීය නවකතාවට හිමි සම්මානය ලැබුණු අතර, රෝනා සම්මානයද දිනා ගන්නා ලදී.බොහෝ කෘතීන්ට සම්මාන ලැබුණු අතර ඉන් සමහරක් කතා ටෙලිනාට්‍ය බවටද නිෂ්පාදනය කර එළිදක්වන ලදී.2001 වසරේදී රචනා කරන ලද The Other Boleyn Girl කෘතිය BBC රුපවාහිනී සේවයේ විකාශනය කරන ලදී.ද වයිට් ප්‍රින්සස් කෘතිය 2013 දී යෝර්ක් හි විසු එලිසබෙත් පිලිබඳ රචනා කරන ලද කෘතියක් වේ..ඇය 7 වැනි හෙන්රිගේ බ්රින්ද වූ අතර ,8 වැනි හෙන්රිගේ මව විය.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........