Friday, June 7, 2019

අරණකට පෙම් බැඳ



Image result for අරණකට පෙම් බැදමෙය විභුතිභුෂණ බන්ධෝපාධ්‍ය විසින් රචනා කරන ලද අග්‍රගණය කෘතියක් වේ. මෙහි මුල් කෘතිය අරණ්‍යයක් නම් වන අතර මෙය වංග බසින් සිංහලයට පරිවර්තනය කරනු ලැබුවේ චින්තා ලක්‍ෂමී සිංහාරච්චි මහත්මිය විසිනි.මෙම කතාව රචනා කිරීමට කතෘ අදහස් කොටගෙන තිබුනේ 1937ට වසර 10කට කලිනි.

මෙය ඉන්දියාවේ 1937 - 1939 කලවකවනුවට අයත් සීමාව පිලිබඳ ලියවුණු ග්‍රන්ථයක් වන අතර කතාවට පසුබිම් වී ඇත්තේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ භගල්පුර් නම් සිමාවේ පිහිටි සුන්දර වතුකරයක් වටා ගෙතුණු සංසිද්ධියකි.මෙම ප්‍රදේශය බුදුන් වහන්සේ විසු බුද්ධගයාවට ආසන්නව පිහිටා ඇත. මෙම ග්‍රන්ථය රචනා කිරීමට වසර කීපයකට පෙර එනම් 1924 ජනවාරි මසදී  භාගල් පුර්හි වනයේ පිහිටා තිබු වතු යායේ විභුතිභුෂණ වතු කළමනාකරුවකු ලෙස වසර 6ක් සේවය කර තිබුණි.ඔහු එම වනයේ සුන්දරත්වයට වශීකෘත වී සිටි අතර මෙම වතු යය පිහිටි ප්‍රදේශය නම් කර තිබුනේ අජමාබඩ් නොහොත් ලොබ්ටුලියා හි බයිහර් ප්‍රදේශය නමිනි.

මෙම කතාව සොබා සෞන්දර්ය හා ජිවත් වෙමින් තම ජීවිතය සන්සුන්ව ගෙන යන යාමට තැත් කරන අහිංසක මිනිසුන්ගේ කතාවී.සොබා දහමට ඇති සෙනෙහස ආදරය මෙම කතාව තුලින් පාඨක මනසට උපයුක්ත කරන්නාවූ පසුබිම වීම මෙම කතාවේ ඇති සුවිශේෂිත්වයයි.මෙම කතා නායකයා සොබා දහමට ඇළුම් කරන්නක් මෙන්ම එම පෙදෙසෙහි වාසය කළ අහිංසක මිනිසුන්ගේ ජිවන අරගලයද මනාව දුටු අයකු වේ.ඔවුන් සේම මොහුද එම ජිවන අරගලයෙහි කොටස්කරුවකු බව මෙම කතාවේ මුල් භාගයේදී හෙළිවන කරුණකි.සොබා සෞන්දර්යයෙන් ගත් උපමා රූපක භාවිතය මෙම කතාවට පාඨකයා ගේ සිත ඇඳ බැඳ තබා ගැනීමට මුලිකම හේතුව වේ.අරණකට පෙම් බැඳ කතාව රස විඳින්නාව නිසංසල නිශ්ශබ්ධ වූ වන අරණක් පෙත සිතින් රැගෙන යන අතර අවධානයෙන් මෙම කතාව රසවිඳින තැනැත්තාට මනෝ ලෝකයේ සිට මෙම වනාන්තරය පුරා සක්මන් කල හැක.

"සඳේ පුර පක්ෂය බැවින් වැලි තලාව සඳ රැයින් බබලන මෙහි අනන්තය දිගන්තය තෙක් විහිදී ගිය වනාන්තරයක් මැද පවතින පාලු නිසසල පරිසරය දුවිලි මල් පිපි මුළු මිටියවතම සුවඳවත් කරන අතර එය මිටියාවත පුරා මල් පලසක් එළුවා වැන්න.මෙබඳු සුරංගනා ලෝකයක් නිර්මාණය වන්නේ දිගන්තය තෙක් විහිදී ගිය  වනාන්තරයක් මැද පවතින පාළු නිසංසල පරිසරයක් පමණි.ජිවිතයේ එක් වරක් හෝ එවැනි සඳ පහන් රැයක් දැකිය යුතුමය.එවැන්නක් නොදුටු අය දෙවියන්ගේ නිර්මාණ අතර වූ අපුරු දෙයක් දැන හඳුනා ගැනීමට අසමත්වුවෝ වෙති.

මෙම සුන්දර වනය සත්‍යචරන් ව වශීකෘත කරන අතර දිනෙන් දින ඔහු වනයට ඇබ්බැහි වේ.ඔහු සහ ඔහුගේ සහයක යුගල ප්‍රසාද් සොබාදහමට ප්‍රේම කරන අනගි යුවලක් වූ අතර ඔවුන් දෙදෙනා විසින් මෙම වනාන්තරයේ දුර්ලභ වූ බොහෝ පැලෑටි,මල් පැල, ඖෂධ පැලෑටි ආදිය  සොයාගෙන විත් වැවුහ.කතාව ආරම්භයේදී මෙම හුදකලාවට සත්යචරන් වෛර කලමුත් පසුව දිනෙන් දින පහු වනයට පෙම් කරන්න පටන් ගත්තේය.අනුක්‍රමයෙන් ඔහුට වනයෙන් දවසක් හෝ පිටවී සිටීමට බැරි තරමටම ඔහු මනසින් සහ කායිකව මෙම සොඳුරු වන ගුලට ඇබ්බැහි වීමට පටන් ගත්තේය. නමුදු අවාසනාවකට ඔහුට ඔහුගේ පාලකයින්ගේ අණට අකමැත්තෙන් වුවද එකඟ වී මෙම සුන්දරත්වය විනාශ කිරීමට සිදුවීම මෙම කතාවේ අභාග්‍යසම්පන්න සිදුවීම වේ.මන්ද ඔහු මෙම වතු යායේ කළමනාකරු වීමයි.තියුණු පොරෝ තල වැදී මෙම වනයේ පිහිටා තිබුණු යෝධ වෘක්ෂයන් පොලවට කඩා වැටුණි.දුලබ ඝනයේ පැලෑටි පොලවට පතිතවී විනාශවී ගියහ.

මෙම කතාව ඔස්සේ එම මිනිසුන් තම ජිවන ගමන පවත්වාගෙන යාමට දරන තැත මනාව චිත්ත රූප දනවමින් පෙන්වන ආකාරය ඇසට කඳුළු නංවයි.දරිද්‍රතාවය,එම ගම්මාන වල ජිවත් වූ මිනිසුන්ගේ සරළ බව අහිංසක බව රාජ්පුත් වරුන්ගේ දරදඬු ක්‍රියාකාරකම් සහ ඔවුන්ගේ බලපුර්ණත්වය ,එම මිනිසුන්ගේ ක්‍රියාකාරී ජීවිතය පිලිබඳ මනා වැටහීමක් මෙම කතාව ඔස්සේ රසිකයාගේ මනසට උපයුක්ත කරනු ලබයි.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........