ඈත අතීතයේ සිට අද දක්වාම ඉන්දියාවේ බිහිවුණ විචිත්‍රවත් කළාත්මක උරුමයන් විවිධ සංස්කෘතිමය බලපෑම් වල ප්‍රතිපලයකි.නුතන ඉන්දියාවේ සෑම පෙදෙසකම විවිධ ශිෂ්ටාචාරයන් නියෝජනය කල සිතුවම්, ලෙන් සිතුවම්, මුර්ති, පිළිම යනාදිය විචිත්‍රවත් වූ විවිධාකාරයේ සැරසිලි සහ මෝස්‌තර වලින් අපට දකින්නට ලැබේ.මෙහිදී ඉන්දියානු ජන සිතුවම්, ගෘහ නිර්මාණ ශිල්පය සහ මුර්ති වල ඉතිහාසය අනාවරණය කර ගන්නා අතර එම නිර්මාණ ගොඩනැගුනු කාල පරිච්ජේදයේ පිළිඹිබු වූ සමාජ සහ දේශපාලන බලපෑම් ඔස්සේ පරිණාමය වූ බව පැහැදිලි වේ.මේ පිලිබඳ පර්යේෂණ සිදු කල පුරාවිද්යාඥයින්ට හෙලිවුයේ අවම වශයෙන් වසර 290000 කට වඩා මෙම නිර්මාණ අතර පැරණි ගල් සිතුවම්, මුර්ති ,ලෙන් සිතුවම් තිබු බවයි.පැරණිතම සාක්ෂිය ලෙස මධ්‍යම ඉන්දියාවේ දක්නට ලැබුණු "භිම්බෙට්කා පාෂාණ සාහිත්‍ය " නම් කල හැක.මෙම පාෂාණ මතුපිටින් මිටි ගැසී ඇති ප්‍රයෝජනයකට ගත නොහැකි අර්ධ ගෝලාකාර අවපාතයකින් සැදුණු කෝප්පයක් වැන්නකි.ගලක් මතුපිට අනවශ්‍ය කොටස් ඉවත් කර නිර්මාණය කල සිතුවමක් ලෙස (Petroglyph) හැඳින්වේ.මෙම වර්ගයේ පාෂාණ පුරාණ පැලිලියෝලිතික, මෙසොලිතික් සහ නව ශිලා යුගයන් පුරාවටම දක්නට ලැබුණු අතර ගුහා සිතුවම් කලාවේ මුලික ස්වරූපයන් වී ඇත.මෙහිදී මිනිස් සහ සත්ව රූපයන් හි ඉරියව් සිතුවමට ලක්වීම සුවිශේෂී වී ඇත.
ඉන්දියාවෙන් හමුවූ පැරණිතම සිතුවම්, සහ මුර්ති ක්‍රි.පු.2500- 1800ත් අතරදී ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමුවූ අතර මිනිසුන්, ගවයින් වඳුරන් වැනි සතුන් නිරුපණය කරන කුඩා ටෙරාකොටා සහ ලෝකඩ පිළිම වේ.ක්‍රි.පු 6 වන සියවසේදී බුදු දහමේ නැගීමත් සමග ගල් සහ ලෝකඩ පිළිම ආශ්‍රයෙන් ආගමික තේමා නිරුපණය කිරීම ආරම්භ විය.මෙම කාලය තුළ කළාකරුවන් විසින් ගලින් කැටයම් කරන ලද සහ ග්‍රීක අභාෂය සහිතව විහාරසස්ථාන නිර්මාණය කෙරෙහි අත්හදා බැලීම් සිදු කළහ.
ඉන්දියානු බෞද්ධයන් හා හින්දුන් අතර මුර්ති ශිල්පය වඩාත් ප්‍රචලිත වූ අතර ශිව වැනි දෙවිවරුන්ගේ මුර්ති බහුලව නිර්මාණය කෙරුණි.16 වන ශතවර්ෂය වන විට මෝගල් පාලනය නිසාවෙන් ඉස්ලාමිය ප්‍රචලිත විය.ඒ හේතුවෙන් ඉස්ලාමිය පාලකයන්ගේ අනුග්‍රහය යටතේ ඉස්ලාමිය නිර්මාණ විසල් වශයෙන් බිහි වීම ඇරඹුණි.කලාවේ විසල් වෙනසක් සනිටුහන් කල යුගයක් වූ 1631 දී ටජ්මහලේ ආරම්භයද සිදුවන්නට විය.
18 වන සියවසේදී ඉන්දියාවට බ්‍රිතාන්‍ය මැදිහත්වීම් සිදුවන්නට පටන් ගත් අතර , එකල ඔවුන් යුරෝපිය විලාසිතාවන් ප්‍රවර්ධනය කිරීම ඇරඹීමේ ප්‍රතිපලයක් ලෙස ඉන්දියාව තුළ කළා පාසල්ද නිර්මාණය කරන ලදී..එහි ප්‍රතිපලයක් ලෙස දේශීය කලාවන් අතරට විදේශීය බලපෑම ඒකාබද්ධ වී නිර්මාණ දේශීය සහ විදේශීය සම්ප්‍රධායන් ගේ සම්මිශ්‍රණයක් ලෙස නිර්මාණය වන්නට විය.
ඉන්දියානු කළා නිර්මාණ වර්ග :
ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකටම ආවේණික වූ කලා ශෛලියක් පැවතේ. බොහෝ විට ආගමක් නිරුපණය කරන සංකේතය මිත්‍යාවන්, මානව හෝ සත්ව නිරුපණයන් ,යම් කිසි මෝස්තරයක්,අභාරණයක් වැනි කරුණු ඇතුලත් කර නිර්මාණය කරන්නකි. ඉන්දීය ඉතිහාසය පුරා ප්‍රචලිතව ඇත්තේ
1.පින්තාරු සිතුවම්
2.ගෘහ නිර්මාණ ශිල්පය
සහ මුර්ති ශිල්පයයි.
සිතුවම් :
ඉන්දියාවෙන් බිහිවූ සෑම සිතුවම් නිර්මාණයක්ම අතීතයේ පටන් පරම්පරානුගතව පැවැත ආ නිර්මාණයන්ය. ඒවා සම්ප්‍රධායන්, මතවාද සහ සිරිත් විරිත් නියෝජනය කළ අතර මුල් කාලින සිතුවම් බිතු සිතුවම්, ලෙන් සිතුවම් ලෙස පැවතියත් පසුකාලීනව කැන්වස් රෙදි ,කඩදාසි වැනි මාධ්‍යයන් වෙත නිර්මාණය වන්නට විය.පහත දැක්වෙන්නේ ඉන්දියාවේ ජනප්‍රිය ජන සාම්ප්‍රදානුකුළකළා සිතුවම් ශෛලීන් කිහිපයකි.
මධුබානි සිතුවම්:
ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය සිතුවම් අතර මධුබානි සිතුවම් ප්‍රධාන වේ.බිහාර් හි මිථිලා ප්‍රාන්තයට ආවේණික වූ ලෙන් සිතුවම් කලාවක් ලෙස ඇරඹි මෙය බ්‍රිතාන්‍ය සිවිල් සේවකයකු මෙන්ම කලා ඉතිහාසඥයකු වූ ඩබ්ලිව් ජි ආචර් ( W.G. Archer)
1934 වසරේදී ඉන්ඇදියානු නේපාල දේශ සිමාවේ ඇතිවූ භූ කම්පනයක් පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී මේ පිළිබඳව අනාවරණය කර ගත්තේය.
සාමාන්‍යයෙන් මධුබානි ශෛලිය මිත්‍යා දර්ශන නිරූපිත වන සංස්කෘතිමය සහ සම්ප්‍රධාය පිලිබඳ සරල සහ ප්‍රේරක නිරුපණයකින් ඉදිරිපත් කෙරේ.කළාකරුවන් විසින් මල්,සත්ව රු ,කුරුළු මෝස්‌තර ඇතුලත් කර වර්ණ ගන්වන ලද මෝස්‌තර සහිතව මධුබානි සිතුවම් ලොවට දායාද කර ඇත.මෙම කලා ආකෘති භාරනි ,කච්නි , ගෙරු , ගෝඩ්නා , සහ තාන්ත්‍රික ආදී විවිධවූ මෝස්‌තර වලින් යුක්ත වේ.
ක්‍ෂුද්‍ර සිතුවම් (Miniature Paintings)
තල් කොළ මත නිර්මාණය කරන ලද මෙම කුඩා ආකෘති අත්පිටපත් වල නිදර්ශන සඳහා භාවිත කර ඇත. 10 වන 12 වන සියවස් වලදී ඉන්දීය මහාද්වීපය හරහා ගමන් කළ වෙළඳුන් ට විකිනීමට මෙම තල් පත් නිර්මාණ සිදු කර ඇත. දිනෙන් දින සුන්දරත්වයෙන් වැඩි දියුණු වූ මෙම කලා කෘති මෝගල් සහ රාජ්පුත් පාලන සමයන්හිදී වඩාත් ප්‍රචලිත වන්නට විය.පර්සියානු ශිල්ප ක්‍රම වලින් යුක්ත වූ මෙම ක්‍ෂුද්‍ර සිතුවම් බෙහෙවින් සංකීර්ණ වුවත් සවිස්තරාත්මකව ඇඳ ඇත.ආගමික සහ ඓතිහාසික තේමා වලින් යුක්ත මෙම සිතුවම් වල එදිනෙදා ජිවිතයේ අවස්තාවන් නිරුපණයද පෙන්නුම් කරයි.
පට්ටචිත්‍ර සිතුවම් (Pattachitra Paintings)
ඉන්දියානු සිතුවම් කලාවේ මුල් සිතුවම් ආකාරයක් වන පට්ටචිත්‍ර කලා ශෛලිය ක්‍රි.පු.12 දී බෙංගාල බොක්කට ආසන්න නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සාහි ඇති කුඩා ගම්මාන වල ආරම්භ වූ අතර අදටත් ප්‍රචලිත කලාවකි.සංස්කෘත වදනක් වූ පට්ට යන්නෙහි රෙදි මත අදින්නාවූ සිතුවම් යන තේරුම ඔස්සේ පරිණාමය වුවකි.තල්පත්, රෙදි , ලී වලින් සාදන ලද පෙට්ටිවල, කොළ වල , සේද නිමැවුම්, පොල් ගෙඩියේ පිටත කටුවේ.සහ ලි දොරවලද මෙම පට්ටචිත්ත නිර්මාණය කරනු දක්නට ලැබේ. මෙම සිතුවම් කළා විෂයයෙහි ආගමික, මිත්‍යා පුරාවෘත, සහ ජන තේමාවන් ඇතුලත් වීම සුවිශේෂී කරුණකි. බොහෝ විට ක්‍රිෂ්ණ පුරාණය සහ ජගන්නාත් දෙව් පුරාණය මෙම සිතුවම් වලට අන්තර් ගත කර ඇත.
වර්ලි සිතුවම් ( Warli Paintings)
වසර 2500 කට පමණ ඈත ඉතිහාසයකට නෑකම් කියන වර්ලි සිතුවම් ස්වදේශික ඉන්දියානුවන් භාවිත කල සිතුවම් වර්ගයකි.මධ්‍යම ඉන්දියාවේ මහා රාෂ්ඨ ප්‍රාන්තයේ දක්නට ඇති මෙ සිතුවම් අදද නිර්මාණය වේ.සාමාන්යෙන් ගත් කල පැල්පත් වල බිත්ති මත වර්ලි සිතුවම් දක්නට ඇති අතර ගුහා සිතුවම් වල දක්නට ලැබෙන පරිදි වර්ණ සහ රේඛිය ලෙසින් නිර්මාණය කර ඇත.වෙනත් ගෝත්‍ර වල දක්නට ලැබෙන ඒක වර්ණ සම්ප්‍රධායෙන් මිදී බහු වර්ණ යොදා ගනිමින් ගොවිතැන, දඩයම, නර්තනංග වැනි දේශීය දෛනික ක්‍රියාකාරකම් වර්ලි සිතුවම් ඔස්සේ දකින්නට ලැබේ,
මෙම සිතුවම් ඉන්දීය සිතුවම් කලාවේ ප්‍රමුඛත්වයක් ගන්නා අතර විවිධ කාලපරිච්ඡේදයන් තුළ ස්ථාපිත වූ එක් එක් ප්‍රාන්තයන් වලින් ව්‍යුත්පන්න වූ
තවත් ඉන්දියානු ජන සිතුවම් වර්ග කිහිපයක්ද ඇතුලත් වේ.
1.තන්ජාවුර් සිතුවම් ( Tanjavur , Tanjore Paintings)
මෙම සිතුවම් 16 වන සහ 18 වන සියවස්හිදී දකුණු ඉන්දියාවේ පතළ වූ අතර වෛදික සංස්කෘතියේ සිට පැමිණි විජයනගර් සම්ප්‍රදායට අයත්වේ. " ලී ලෑල්ලක් මත සිදු කරන ලද වර්ණවත් පුවරු සිතුවම් වන මේවයේ ප්‍රධාන තේමාව දෙවත්වයයි. මේ සිතුවම් වල ලක්ෂණ වන්නේ හින්දු දෙවි දේවතාවියන් , අලංකාර ඇඳුම් පැළඳුම්, රන් පත්‍ර භාවිතය , ස්වර්ණභරණ භාවිතය සැරසිලි සමගින් පසුබිමේ රතු,කොළ සහ සුදු භාවිත පසුබිම්ව් වේ..පුරාණ හින්දු විර කාව්‍ය වල තේමා වූ රාමණය, මහා භාරතය බොහෝ විට තන්ජෝර් සිතුවම් වලට පාදක වූ බව පෙනේ.
එම්බොස් කර ඇති මෙම සිතුවම් දෙස බලන විට ද්විමාන මාධ්‍යයක සිට ත්‍රිමාන රුපයක් දෙස බලා සිටින බවක් දැනීම විශේෂත්වයයි.මේ සිතුවම් ගැන අධ්‍යනය කල පුරා විද්‍යාඥයින්ට තන්ජෝර් කළා සම්ප්‍රධායේ තේමාව වූ
“Beauty shines with a light from beyond itself.” ( සුන්දරත්වය ඉන් ඔබ්බට ගොස් ආලෝකයකින් දිදුලයි") යන්න මේ සිතුවම් මගින් මනාව අර්ථ දක්වනු ලබයි.
2. කලම්කාරි සිතුවම් (Kalamkari Paintings )
වසර 3000කට පෙර නුතන අන්ද්‍රා ප්‍රදේශයේ සහ තෙලන් ගානා ප්‍රාන්තවල බිහිවූ කලම්කාරි සිතුවම් මහා භාරතය, රාමායණය සහ භාගවතම් වැනි දේව පුරාවෘත්යන්ගේ දර්ශන නිරුපණය සඳහා යොදා ගත්හ.බොහෝ විට දේවාල වල පසුබිම් අලංකරණය සඳහා භාවිතා කර ඇත. එයට කලම්කාරි යන නම සැදී ඇත්තේ පර්සියානු බසින් කලාම් යන අර්ථය දෙන පෑන සහ කාරී (වැඩ) (පෑනෙන් ඇඳීම ) යන අර්ථයෙනි. කපු රෙදි වල සියඹලා පෑනක් යොදාගෙන අතින් පින්තාරු කර හෝ බ්ලොක් ඇඳීමෙන් ස්වභාවික ඩයි වර්ග භාවිතා කර පියවර 17 කින් නිර්මාණය කරති. මල් , මොණරුන් පයිස්ලි සහ දේව රූප බොහෝ විට දක්නට ලැබේ.
කලම්කාරි සාරි නිර්මාණයටද මෙම සිතුවම් කලාව ප්‍රයෝජනයට ගැනේ.සංකීර්ණ සහ සවිස්තරාත්මක වූ කලම්කාරි සිතුවම් දීප්තිමත් වර්ණ වලින් සහ සුන්දර මෝස්‌තර වලින් යුක්තවේ.
මෙම සිතුවම්කරණය අදටත් ඔදිස්සාවේ මෙන්ම නේපාලය අවටද දක්නට ලැබේ.
3. ගොන්ඩ් සිතුවම් (Gond Paintings)
මධ්‍යම ඉන්දියාවේ ගොන්ඩි ගෝත්‍රිකයින් විසින් වැඩි දියුණු කල මෙම සිතුවම් කලාව සොබාදමේ අංගයන් ඇතුලත් කර නිර්මාණය කරනු ලබයි.
ද්‍රවිඩ භාෂාවෙන් පරිණාමය වූ හරිත කන්ද යන අර්ථය සහිතව සිතුවම් හැඳින්වේ.සංකීර්ණ ලෙස තිත් සහ ඉරි ආශ්‍රයෙන් අදින ගොන්ඩ් සිතුවම් කලාව ගොන්ඩ් ගෝත්‍රිකයින් සිය නිවෙස් වල බිත්ති සහ ගෙබිම් සුන්දර කිරීමට සම්ප්‍රධායික මොස්තර අඳිමින් භාවිතා කරයි. එම සිතුවම් තැඹිලි , කහ , නිල් , රතු වැනි වර්ණවලින් නිම කර ඇත.
4. ෆාඩ් සිතුවම් ( Phad paintings )ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයේ ස්වදේශික සිතුවම් ශෛලියක් වූ ෆාඩ් සිතුවම් වල විශේෂත්වය වනුයේ යුද සංග්‍රාම, බිහිසුණු සිදුවීම් ,ත්‍රස්තජනක සිදුවීම් ,ජන දෙවිවරුන් ගේ ආඛ්‍යානය එළිදක්වමින් සිතුවම් නිර්මාණය කිරීමයි. මෙම සිතුවම් මෝගල් සහ රාජ්පුත් කලාවේ සම්මිශ්‍රණයකි.වසර දහස් ගණනකට පෙර ඇරඹුණු " භිල්වාරා "(රෙදිපිලි සහ වියනන්නන්ගේ නගරය ) උරුමය කැන්වස් රෙදි මත නිරුපණය වේ. ජනප්‍රිය හිංදු දෙවි දේවතාවන් වන පබුජි සහ ගුර්ජාර් ,රණශුර දේව නාරයන්ජිත්ගේ වීර කතාවන් ෆාඩ්ස් සිතුවම් ලෙස එළිදැක්වෙන අතර පැරණි කතන්දර කරුවන් ගමින් ගමට ගොස් කතන්දර කීමේදී භාවිත මෙවලම් වුයේද මෙම ෆාඩ්ස් සිතුවම්ය.
මුලාශ්‍ර :
https://www.invaluable.com/blog/indian-art/
https://craftatlas.co/crafts/kalamkari#:~:text=It%20is%20a%20type%20of,and%20it%20involves%20seventeen%20steps.
https://www.artisera.com/blogs/expressions/phad-paintings-of-rajasthan
https://indianculture.gov.in/paintings/gond-paintings
https://indianfolkart.org/tanjore-painting-cost/?Currency=INR#:~:text=Traditional%20Tanjore%20paintings%20are%20few,a%20living%20from%20this%20work.
පරිවර්තනය
නිලක්ෂි බණ්ඩාර
12/02/2023