රාමා- සීතා ආදර අන්දරය....ඒ නමින් සාහිත්‍යයට එක් වුවත් එය ශ්‍රී ලංකාවට මෙන්ම
ඉන්දියාවටත් ඓතිහාසික මෙන්ම සංස්කෘතිකවද, භූ විද්‍යාව , වෛද්‍ය විද්‍යාව ,ජෝතිෂ්‍යය ,
දේශපාලනය වැනි විද්‍යා රාශියකට වැදගත් වූ විශ්මිත පුරාවෘත්තයකි.
රාම කුමරුගේ වානර හමුදාව විසින් ඉදිකලා යැයි සැලකෙන ආදම්ගේ පාලම හෙවත්
කිලෝමීටර් 48ක් පමණ දිගැති ශ්‍රී ලංකාව සහ ඉංදියාව අතර පිහිටි සමුද්‍ර තීරය අතීතයේ
සිටම ගුප්ත ,කුතුහලය ජනිත කරවන ප්‍රදේශය කි.
උත්තර අක්ෂාංශ 10-11 අතරද නැගෙනහිර දේශාංශ 78-81 අතරද මෙම රාම කේතුව පිහිටා
ඇත. ඉංදියාවේ තමිල්නාඩුවේ ගිණිකොණ දිග වෙරළට ආසන්න පාම්බන් දූපතේ සිට ශ්‍රී
ලංකාවේ මන්නාරම තෙක් විහිදි නොගැඹුරු වැලිපර ,දූපත් වලින් නිර්මිත භූමි ප්රදේශයකි.
නිරිත දිගින් මන්නාරම බොක්කෙන් සහ ඊසාන දිගින් පෝක් සමුද්‍ර සන්ධියෙන් වෙන් වන මෙය
ශ්‍රී ලංකා ඉන්දීය සමුද්‍ර තීරයේ මායිම මැදින් වැටී ඇත.මෙය හනුමන් පාලම , නල සේතුව
,සේතු බණ්ඩා රාම සේතුව යන නම් වලින් හැඳින්වේ.සේතුව යනු පාලමයි.
2015 ජූනි 22 දින සිට ‘ ආදම්ගේ පාලම ̃ජාතික සමුද්‍රික ජාතික උද්‍යානය ̃ ලෙස නම් කර
රටවල් දෙක මගින්ම ආරක්ෂක පියවර යොදා ආරක්ශාව තර කර ඇත .මෙම නොගැඹුරු
මුහුදේ පැලෑටි , සහිත තෘණ භූමි කලාපය හෙක්ටයා3⁄4 18,990කි.ඉන්දියාවට අයත් දූපත් පිහිටි
වැලිපර කලාපයය Gulf of Mannar ̃ ජාතික උද්‍යානය නමුන් හැඳින්වේ.මෙම උද්‍යානයේ
කුරුල්ලන් ගැවසෙන පෙදෙසක් වන අතර මුහුදු ලිහිණින් බෙල්ලන් ආහාරයට ගන්නා අතිශයින්
Enthusiasm Oyster Catcher නම් පක්ෂීන්ටද වාස භූමියක් වේ.කරදිය
කැස්බෑවන් ,කටුස්සන් මුහුදු ඌරන්, කැස්බෑවන් , ඩොල්ෆින් ,තල්මසුන් මෙහි සිටින අනිත්
සත්ව විශේෂයන් ය.
මෙම මුහුදු ප්‍රදේශය හුණුගලින් නිර්මිත වන අතර අඩි 03- 30 දක්වා ගැඹුරකින් යුක්තය.
සමහර ස්ථාන වල වියළි ගිය වැලි කඳු (Dunes) දැකිය හැකිය.මෙම පාලම දිගේ පා
ගමනින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණිය හැකිව තිබු අතර 1480 දී පැමිණි සුලි සුළඟක්
නිසා පාලම මගින් සම්බන්ධව තිබු විශාල කොටසක් විනාශයට පත් විය.
රාමාගේ පාලම පිළිබඳව විවිධ මත පවති. භාරතීය සංස්කෘතිය එළිය කරන මහා පහන් ටැඹ
දෙක ලෙස සැලකෙන මහා භාරතය සහ රාමායණය ගත් කල , රාමායණයෙහි රාමාගේ
පාලම පිළිබඳව විශේෂයෙන් සඳහන්වේ. පෙරදිග සාහිත්‍යයේ වීර කාව්‍ය ලෙස හැඳින්වෙන ,
විශ්ව සාහිත්‍යයට එක් වූ මෙම අගනා කෘති දෙක ඉන්දීය ජන ජිවිතයේ සදාචාරය, ලාලිත්‍ය,
පෞර්ෂය , වන්දනා මාන එක්තැන් කළ අතර , සමහර ස්ථාන වල අත්භූත විශ්වාස මත ගොඩ
නැගුණු සිද්ධීන්ගෙන් පරිපුර්ණ වී ඇත. නමුත් රාමායණයට අනුව එහි ධනුෂ්කොඩි සහ
මන්නාරම අසළ පිහිටි මෙම පාලම පිළිබඳව සඳහන් කර ඇති කාලය සහ කාබන් 18 කාල
නිර්ණයෙ දිනය සමාන වීම මෙහි සුවිශේෂිත්වය වේ.
ක්‍රිස්තු පුර්ව 500-100 අතර ජිවත් වූ ශ්‍රේෂ්ඨ ඉන්දියානු කවියකු වන වාල්මිකී විසින් රාමායණය
රචනා කර ඇත.සංස්කෘත භාෂාවෙන් , ශ්ලෝක වෘත්තයෙන් ලියවී ඇති පද්‍ය 18000කින්
සමන්විත මෙම කෘතිය සංස්කෘතික මෙන්ම දේශපාලන වශයෙන් ද විප්ලවයක් කිරීමට සමත්
විය.රාම සීතා කතාවට අමතරව මෙම කෘතිය තුළ තවත් අතුරු කතා රාශියක් අන්තර්ගතව
ඇත.
රාමාගේ ශ්‍රී ලංකා ආගමනය පිළිබඳව රාමායණයෙහි කවියකින් සඳහන් වන්නේ මෙසේය.
“මහා සයුරේ ඝෝෂාව
ඔවුන්ගේ නොනැමෙන මහා හඬින්
යටපත් කරමින්
නළ විසින් නිමැයු පාලම උඩින්
යුහුසුළුව ඔවුහු ආහ ලක් තොටට. ̃
( පී එස් බි සේනානායක මහතා -රාමායණය)
රාමායණ කතාවට අනුව භාරතයේ රජ කල දශරථ රජුගේ වැඩිමහල් පුත්‍රයා වුයේ රාම
කුමරුය. ජනතාව ප්‍රිය කල ,නුවණින් අග තැන්පත් මොහු, යුව රජ තනතුරට පත් කිරීමට රජු
තීරණය කළේය. නමුත්..... මොහු කෛකේෂි නමැති බිසවට පොරොන්දුවක් දී තිබුණි.ඒ ඇයගේ
පුතා වන භාරතට යුවරජ පදවිය දෙන බවයි.මේ අනුව භාරතට යුව රජ පදවිය දී රාම කුමරු,
ඔහුගේ ආදරණිය සොයුරු ලක්ෂ්මන ද , ප්‍රිය බිරිඳ බිරිඳ සීතාවද කැටුව වනගත විය.ඔවුහු
ගුහ නමැති වැදි නායකයාගේ උදව් ඇතුව , භාරද්වාජ සෘෂිවරයාගේ උපදෙස් අනුව චිත්රකුඨ
පර්වතය වෙතට පැමිණ නිවහනක් තනාගෙන එහි ජිවත් වුහ.
මෙම වනයේ සෘෂිවරුන් යාග භෝම කරමින් ජිවත් වූ අතර , ඔවුන්ට අසුර යකෂයින්ගේ උපද්‍රව
සිදු විය.සෘෂිවරුන්ගේ ඉල්ලීම පරිදි ජනස්ථාන නම් ප්‍රදේශයේදී , යක්ෂයින් මරා ආරක්ෂාව
සැලසීමට රාමට සිදුවිය.රාමායණයට අනුව රාම රාවණා ගැටුම ඇරඹෙන්නේ මෙම ගැටලුව
මුල් කර ගෙනය.මෙහිදී සොහොයුරන් දෙදෙනා රවටා ඔවුන්ගේ ආරක්ෂාවට සිටි ,සටනට
පැමිණි ජවායුෂ් නමැති ගිජු ලිහිණියා ද මරා දමා ,සීතාවද රැගෙන , රාවණ රජු ලංකාපුරයට
පැමිණියේය.
සීතා නැති සොවින් දුක් වූ රාමා සුග්‍රිව නමැති වානර රාජයාගේද , හනුමන්තා ඇතුළු වානර
හමුදාවේ ද උදව් ඇතිව ලංකාවට පැමිණ රාවණා රජු මරා දමා සීතාවන් ද රැගෙන
ඉන්දියාවට ගියේය.
ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පෝක් සමුද්‍ර සන්ධිය හරහා , වානර හමුදාවේ නල ඇතුළු පිරිස
සෑදු පාලම මෙය බවට මතයක් පවතී.නල සහ නීළ වාස්තු විද්‍යාඥයින් බවට මතයක් පවතින
අතර ඔවුන්ගේ අධ්‍යක්ෂණය යටතේ වඳුරන් මිලියන 10ක් දින 5ක් පුරාවට මෙය ගොඩ නැගු
බව පුරාවෘත වල සඳහන් වේ.
එමෙන්ම ප්‍රභූ ශ්‍රී රාම් භාරත භූමියේ කෙළවරට ළඟා වූ විට ඔහු ලංකාව තරණය කිරීමට
විසඳුමක් ඉල්ලා සමුන්ද්ර දේව්ට යාච්ඤා කළේය.පසුව සමුන්ද්ර දේව්, ප්‍රභූ ශ්‍රී රාම් සන්සුන් වූ
පසු, ඔහුගේ සේනාවේ නාල් සහ නීල් යන වානරයින් දෙදෙනෙකුට ගලක් වතුරට විසි
කළහොත් එම ගල් කිසි විටෙකත් ගිලෙන්නේ නැති බව සඳහන් කළේය.මෙය ඇසූ මුළු
සේනාවම බර ගල් මත ̃ජායි ශ්‍රී රාම් ̃ නම ලිවීමට පටන් ගත් අතර, නාල් සහ නීල් පාලමක්
නිර්මාණය කිරීම සඳහා ඒවා වතුරට විසි කළ බවද කියවේ.
වැලි පර සහිත මෙම පාලම සඳහා යොදාගෙන ඇති පාෂාණ ජලයේ ගිලි නොයන්නේ ඒවා
මත රාමාගේ නම කොටා ඇති නිසායැයි විශ්වාස කෙරේ.
වර්ෂ 1030 දී අල්බිරුණිගේ වාර්තා වල ආදම්ගේ පාලම, —Adams Bridge ̃ යන වචනය
පළමු වරට භාවිතා කර ඇත. ඉස්ලාමික විශ්වාසය අනුව මෙම වෘත්තාන්තය ශ්‍රී පාද කඳු මුදුන
—Adams peak ̃ සමගද සම්බන්ධ වේ.ආදම් පෘතුවියට පැමිණ ඉන්දියානු මහාද්වීපය
හරහා ආදම්ගේ පාලම දිගේ ආ බවට විශ්වාසයක් පවති.මාර්කෝ පෝලෝ දේශ
ගවේෂකයාගේ වාර්තා වලද ආදම්ගේ පාලම ගැන සඳහන් වේ.
මුලාශ්‍ර :
https://housing.com/news/ram-setu-adams-bridge/
https://www.nativeplanet.com/travel-guide/interesting-things-about-ram-setu/articlecontent-pf14172-001896.html
පරිවර්තනය
නිලක්ෂි බණ්ඩාර
12/05/2023
මේ ගල්පර ඉබේ ඇතිවුන ඒවා කියල තමයි කියන්නේ
ReplyDeleteමේ ගැන මත කීපයක්ම තියෙනවා සර් .
Delete