අජන්තා ලෙන් තුළ සඟවා ඇත
අනාවරණය නොවූ විශ්මිතය .
පාෂාණ මත මෙහෙයවූ පින්සල
හඬ ගා කියයි.... ශක්තිය, රිද්මය ,- ගෑ වර්ණයක .
සුරුවම් දෑත් නිර්මාණශීලි හදවත්.
බිහි කළා විචිත්‍රවත් නිමැවුම්
අද්විතීය දැක්ම හා බැඳී
ළගන්නාසුළු දසුනක්..
නිධානයකි........ කලා ලොව
තීක්ෂණ බුද්ධිය කැටි කර ගත්
ජීවමාන වූ බිතු මත
සරසයි..... දෙවි , දේවතාවියන් .
කලක් අකලක් නොමැතිව
ඔවුන් වඩිනු ඇත.....
තෙදැතිව , පුරාවෘත ..... පැරණි කතා ......
සරසයි අභිමානයෙන් .
ඉඟි පාන නිල් දෑස්
නර්තන ශිල්පින් , පැහැබර ළඳුන්....
ගැඹුරුයි හැඟුම් හද නවතන
ප්‍රේමය දයාව පතුරවන .
සෙවණැලි අතර ගැවසෙන
අත්භූත දසුන් මවමින්නිම කළා බිතු සිතුවම් අඳුරට එලිය සසඳමින්.
බැඳ ගනී රන් හුන් - ආත්මය මනු ලොවේ
ආශ්චර්යයකි ඔබ - අසිරිමත් කලාවේ .
නොමියෙනා මතකයකි!!! ඔබ
භාරතය ..... පිංබිමේ.
නිලක්ෂි බණ්ඩාර
16/07/23.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........