19 වන සියවස අග භාගයේදී හින්දි භාෂාවට සහ සාහිත්‍යයට කල දායකත්වය නිසාවෙන්, "භාරතෙන්දු හරිශ්චන්ද්‍රට නූතන හින්දි සාහිත්‍යයේ පියා නම් විරුදාවලිය ලැබුනි.
1850 සැප්තැම්බර් 9 වන දිනභාරතෙන්දු හරිශ්චන්ද්‍ර උපත ලැබුවේ හරිශ්චන්ද්‍ර ශ්‍රීවාස්තවා නමින් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වරනාසි දිස්ත්‍රික්කයේ චුනාර් ගම්මානයේය. ඔහු බනාරාස්හි ධනවත් සහ සමාජීය වශයෙන් උසස් පවුලකට අයත් විය.සාජහන් රජ සමයේ සිටම ඔහුගේ ආදී මුතුන් මිත්තන් විවිධ පාලක පවුල්වලට සම්බන්ධව මුදල්කටයුතු කල ව්‍යාපාරිකයෝ වුහ.
ඔහුගේ පියා, ගෝපාල් චන්ද්‍ර, විශාරදයෙකු හා කවියෙකු වූ අතර, එය භාරතෙන්දුගේ සාහිත්‍ය රුචිකත්වයට බෙහෙවින් බලපෑවේය.ඔහු පසුව කීර්තිමත් හින්දි ලේඛකයෙකු, කවියෙකු සහ නාට්‍ය රචකයෙකු විය. භාරතෙන්දුගේ සාහිත්‍ය කුසලතා සහ සංස්කෘතික අනුශාසක භූමිකාව ඔහුගේ පියාගෙන් උරුම වූවක් බව පෙනේ, ඔහු හින්දි භාෂාවේ පළමු නූතන නාට්‍යය වන නහුෂ්නාටක් ඇතුළු කාව්‍ය හා නාට්‍ය කෘති ගණනාවක් රචනා කළේය.
1690 ගණන් වලදී ඉන්දියාවේ වැඩවසම් සමාජයක් පැවතුනු අතර එහි මුදුන් මල්කඩ වූ ලක්නව් වල මෝගල්වරුන් සහ නවාබ්වරුන් හිස් කළස්ථානය පිරවීම සඳහා සමකාලින සංගීතයට,කවියට සහ සංස්කෘතියට අනුග්‍රහය දැක්වීමට රජයත් සමග එක්වී මොවුන් කටයුතු කලෝය,
සාහිත්‍ය ක්ෂේත්‍රයේ භාරතෙන්දුගේ නායකත්වය ඔහුගේම සාරවත් ශක්තියේ මෙන්ම සමාජ ධුරාවලියේ ඔහුගේ අහඹු තත්වයේ ප්‍රතිඵලයකි.ඔහුගේ ප්‍රථමික අධ්‍යාපනයට සංස්කෘත, හින්දි, පර්සියානු, උර්දු සහ ඉංග්‍රීසි භාෂා පුහුණුව ඇතුළත් වූ අතර, එම ප්‍රදේශයේ ඔවුන්ට තිබුන පවුල් සබඳතා හේතුවෙන් ඔහු බෙංගාලි භාෂාව ද චතුර ලෙස දැන සිටියේය. ඔහු කුඩා කල සිටම කාව්‍ය රචනා කිරීමට පටන් ගත් අතර වසර තිස්පහක කෙටි ජීවිත කාලය තුළ ඔහු පද්‍ය වෙළුම් රාශියක් නිර්මාණය කරන ලදී.
ඒ (සියල්ලම පාහේ බ්‍රාජ් භාෂාවේ) මෙන්ම නාට්‍ය දහඅටක් සහ අසංඛ්‍යාත රචනා නිෂ්පාදනය කළේය.නූතන හින්දි නිර්මාණ වල දකින්නට ලැබෙන ගද්‍ය ශෛලිය. පුවත්පත් කලාවේ ඔහුගේ ක්‍රියාකාරකම් අතරට කවි වචන සුදා [Kavi vachan sudha] සහ හරිශ්චන්ද්‍ර චන්ද්‍රිකා [Harishchandra chandrika] යන සඟරා දෙකක් ප්‍රකාශයට පත් කිරීම සුවිශේෂිය.
එමඟින් ඔහුගේ සමාජ, දේශපාලන සහ සාහිත්‍ය වැඩසටහන් නව කියවන ජනතාවක් වෙත ව්‍යාප්ත විය. ඔහුගේ නිර්මාණ හින්දි රිටි යුගයේ එනම් (1650-1850 පමණ) අවසානය සනිටුහන් කරන ලද අතර භාරතෙන්දු යුගය ඇරඹෙන්නේ ඉන්පසුවයි.මොහුගේ කාව්‍ය රීති යුගයේ සම්ප්‍රදායික කවි වලට වඩා වෙනස්ම ආරක කවි විය,.සරල, හැඟීම් උත්දීපනය වන චිත්තවේගී අදහස් සහිත අපුරුම ගේය කාව්‍ය වීම සුවිශේෂිය.
ඔහු විසින් රචිත නාට්‍ය වල කොටසක් හින්දි භාෂාවෙන්ද අනික් කොටස බ්‍රජ් හාසා පදයෙන් රචනා කර ඇත.එමෙන්ම ඒ නිර්මාණ පුළුල් පරාසයක තේමාවන් කෙරෙහි ව්‍යාප්ත විය. ඒ අතරට උපහාසාත්මක නාට්‍යයද ඇතුලත් වුන අතර කවියා විසින් ඉන්දියාවේ දුප්පත්කම සහ සියවස් ගණනාවක විදේශ ආධිපත්‍යය සහ යටත් විජිතවාදය යටතේ එහි ශිෂ්ටාචාරයේ පරිහානිය පිළිබඳ ඔහුගේ දැඩි ශෝකය ප්‍රකාශ කරයි. මොහුව නුතන ඉන්දීය සාහිත්‍යයේ පියා ලෙස විරුදාවලිය ලැබීමටද හේතු වුයේ ඔහු 20 වන සියවසේ දී පිළිගත් සම්මතයට පත්වූ භාෂා ශෛලියක් නිර්මාණය කිරීම නිසාවෙනි,
1870 දී එඩින්බරෝ අදිපදිවරයා ට උපහාර පිණිස බනාරස් කළාකරුවන් සමග එක්ව උපහාර උළෙලක් සංවිධානය කල අතර ඔවුන්ගේ කවි ප්‍රකාශනයට පත් කර ගෞරව සම්මාම පිදීම හේතුවෙන් ඔහු ඔවුන් අතර ජනප්‍රියත්වයට සහ ආශීර්වාදය ලද තැනැත්තෙක් විය. ඔහු ඉන්දියාවේ බ්‍රිතාන්‍ය දේශපාලන පැවැත්ම සහ ඔවුන්ගේ සමාජ අධ්‍යාපනික සහ සංස්කෘතික වටිනාකම් පිළිබඳව වැදගත් වන පුද්ගලයෙකි.
1870 දී සංචාරය කළ එඩින්බරෝ ආදිපාදවරයාට සත්කාරකත්වය දැරූ අවස්ථා කිහිපයකදී මෙන්, 1871 දී මායෝ සාමිවරයා ඝාතනය කිරීම පිළිබඳ සිය ශෝකය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........