Sunday, January 7, 2024

හඬා සිනාසුණු පුදුම හොරා ... වේතාල කතා







 රටින් රට ඇවිද ගිය වේතාල ට චන්ද්‍රහර්දය නම් නගරයේදී චන්ද්‍රවීර නම් ප්‍රතාපවත් , රජ කෙනකු  හමුවිය.මෙම නගරයේ ධර්මවිර නම් ධනවත් සිටුවරයකු වාසය කල අතර ඔහුට ශෝභානා නම් රූමත් දියණියක් සිටියාය.නිසි වයස පැමිණි කළ ඇයව විවහා කර දීමට සිටුවරයා සුදානම් වූ නමුත් ඇය විවාහය පමා කළාය.හේතුව වශයෙන් පැවසුවේ තමාට සුදුසු කෙනෙකු හමුවන තුරු විවාහය ප්‍රමාද කළ යුතු බවයි.

මේ අතර මෙම නගරය පුරා සොරකම් පැතිර යන්නට විය.රජුගේ මුර භටයින්ටද සොරුන් අල්ලා ගත නොහැකි විය.මෙවිට මහජනතාව කල්පනා කලේ මේ සොරකම් වලට මුර භටයින්ගේද සම්බන්ධතාවයක් ඇති බවයි.වැසියෝ මේ බව රජුව හමුවී පැවසුහ.තමා ම ගොස් සොරාව සොයා ගත යුතු බව රජු තීරණය කළේය.

දින කිහිපයක් ගිය පසු රාත්‍රියට නගරයේ සැරිසරන මිනිසකු රජු දුටු අතර මුර භටයින්ගේ අණ නොතකා ඔහු දුවන්නට විය.මේ මිනිසාව අල්ලා ගත් විට මෙතෙක් සැරිසැරූ සොරා , ඔහු බව හෙළි විය.සොරා ඇල්ලීම පිළිබඳව රට වැසියෝ බොහෝ සතුටු වුහ.මෙම සොරා නගරයේ ප්‍රදර්ශනය කර අවසානයේදී උළ තබා මරා දමන ලෙස රජු නියෝග කළේය.සොරා නගරය වටා ගෙන යන දිනයේදී ඔහුව බැලීම සඳහා කාන්තාවන් පවා සඳළුතල මතට පැමිණියහ.සොරා ධර්මවිර සිටුතුමාගේ මාලිගය ඉදිරියෙන් ගෙන යන විට ශෝබනා කුමරිය ඔහු දුටුවාය.,සොරා කෙරෙහි ආදරයක් ඇතිවූ ඇය සොරා නිදහස් කර තමාවඔහුට  විවහා කර දෙන ලෙස ඉල්ලා සිටියාය.

මෙය වරදක් බවත් ඇයගේ ජිවිතයට පවා හානියක් සිදුවිය හැකි බවත් වටහා දීමට වැඩිහිටියන් උත්සහ කල ද ඇය පිලි නොගත්තාය." මගේ ස්වාමියා ලෙස මා ඔහුව තෝරාගෙන අවසානයි.ඔහු මිය ගියහොත් මම ද චිතකය මත දැවී මිය යමි.ඇය පැවසුවාය.

මෙය ඇසු ධර්ම විජය සිටුතුමා සොරාට නිදහස ලබා දෙන ලෙස රජුගෙන් ඉල්ලා සිටියේය.මෙය රටේ පාලනයට සම්බන්ධ ප්‍රශ්නයක් නිසා සොරා නිදහස් කිරීම නිසා, රාජ්‍ය පාලනය අවුල් වීමට හේතු විය හැකි බැව් රජු පැවසුවේය. බලාපොරොත්තු කඩ වූ ධර්ම වීර සිටුතුමා ආපසු ප්[පැමිණ සිය දියණියට ආරංචිය දැන්වුවේය. 

සිටු දියණිය තමාට ආදරය කරන බව ඇසු සොරා පළමුව හඬා වැටුනේය. දෙවනුව සිනාසුනේය.මෙතැනදී රජුගේ නුවණ පරික්ෂා කිරීමට වේතාලට අවශ්‍ය විය.ඔහු රජුගෙන් ප්‍රශ්න දෙකක් ඇසුවේය.

රජතුමනි... සොරා ඇඩුවේ ඇයි?

 මදක් කල්පනා කළ වික්‍රම රජතුමා මෙසේ පැවසුවේය.

".... සිටු දියණිය තමා ට ආදරය කරන බව වැරදි වලට අසුවීමට පෙර දැන සිටියේ නම්  තමාට හොඳ මිනිසකු වීමට තිබුණි."

හැඬුවේ එබැවිනි.

දුටු පමණින් තමාට ආදරය කර දැවී යාමට සිතීම මෝඩකමකි . 

ස්ත්‍රිය තුළ පවතින මෝඩකම ගැන ඔහු සිනාසුණේය.

"ඔබේ පිළිතුර ඉතාමත් නිවැරදි රජතුමනි. " මෙසේ පවසා වේතාල ඈතට දිව ගියේය.

මෙවැනි කතා බෞද්ධ ජාතක කතා සාහිත්‍යයේද දක්නට ලැබේ.සොරකුට පෙම් බැඳ අවසානයේදී සොරා තමාගේ රන් ආභරණ පහර ගැනීමට උත්සහ කල විට රජ කුමරියක් සොරාව පර්වතයක් පහලට තල්ලු කර දමා ජීවිතය බේරා ගත්තාය.එය කුණ්ඩලකේෂි කතා වස්තුවයි.

තවත් එක කතාවක පැවසෙන්නේ මහමගදී දුටු පිංගුත්තර නම් දුෂ්ඨ මිනිසකුට පෙම් කල රජකුමරියට නොදී ඔහු තනිවම ගසට නැග දිබුල් ඵල නෙලා ගෙන කෑ පුවතයි.මෙම කතා වලදී කතා රචකයා ස්ත්‍රීන්ගේ නුවණ උපහාසයට ලක් කරයි . දැනුදු අනන්ත වත් මෙවැනි සිදුවීම් සිදුවේ. සිදුවිමටද ඉඩ ඇත.

නිලක්ෂි බණ්ඩාර.

8//01/24.


No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........