Sunday, January 7, 2024

පැබ්ලෝ නෙරූඩා One Hundred Love Sonnets: XVII සොනෙට් පද්‍ය සංග්‍රහය.










මම ඔබට පෙම් නොකරමි.
සාගරය අසල පිපි රෝසමලක් බඳු වුවත් නුඹ 
මම ඔබට පෙම් නොකරමි.
සෙවනැළි සහ ආත්මය අතර රැඳී සමහරක් අඳුරු දේට
පෙම් කල යුතු හෙයින්   
මම ඔබට රහසින් පෙම් කරමි.

කිසිදා නොපිපෙන රුකක් ලෙස
මම ඔබට පෙම් කරමි.
නමුදු මල් තුළ සැඟවුණු ආලෝකය 
තමන් තුලටම ගෙන යයි.
ඔබේ ප්‍රේමයට  ස්තූතිවන්ත වන්නට,
 නිශ්චිත සුවඳක්, පොළොවෙන් විහිද 
 මගේ ශරීරය තුළ අඳුරු ලෙස ජීවත් වේ.

මම ඔබට පෙම් කරන්නේ ,
ඔබ කොහි සිට කෙසේ පැමිණියේද , කවදා පැමිණියේද කිසිවක් යන්න නොදැන, 
සංකීර්ණ බැවින් හෝ මමත්වයකින් 
තොරව මම ඔබට පෙම් කරමි.
ඉතින් මම නුඹට  ආදරෙයි
මම නොමැති තැන ඔබත්,
මා පපු ගැබ  මත ස්පර්ෂිත නුඹේ දෑතත්,
මා නෙතු පියෙන විට නුඹේ නෙතු යුගලද පියන්නට තරම් සමීප බවත් විනා 
අන් කිසිත් මම නොදනිමි. 

නිලක්ෂි බණ්ඩාර 
6/1/24.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........