Tuesday, January 9, 2024

භීතිකා (phobia)

 


ග්‍රීක භාෂාවේ phobos - phobia  ෆොබියා- බිය /භීතිකා යන වචනෙන් නිර්මාණය වී තිබේ.

"පුද්ගලයකු තුල ඇති වන දැඩි කන්සමය ලක්ෂණ ඇති කිරීමට සමත් අක්‍රමිකතා ලෙස භිතිකා හැඳින් වේ. එනම් මෙහිදී යම් කිසි තැනැත්තෙකු යම්පුගලයකුට, සතෙකුට, අවස්ථාවකට ,වස්තුවකට අස්වාභාවික ව අහේතුකව අතාර්තික  බිය වනවා නම් එය භීතිකාවක් වේ.මෙම පුද්ගලයින් නිතරම කාංසාවෙන් සහ බියකින්  සිටි. බියජනක උත්තේජකයට දුරින් සිටින තාක් සාමාන්‍ය තත්වයෙන් සිටින අතර ලං වීම වැඩිවීමත් සමග බියට පත්වේ.

නිදසුන් :

කැරපොත්තන්ට දක්වන බිය,

උසක සිට බැලීමට ඇති බිය.

මෙහිදී මොවුන්ව හඳුනාගත හැකි ලක්ෂණවන්නේ 

භිතිකා සහිත පුද්ගලයින් සැමවිටම උත්තේජකයකට නිරාවරණය වූ පසු පාලනය කරගත නොහැකි බියකින් පසුවේ.

එම බිය ගෙන දෙන වස්තුව සැමවිටම මගහැරීමට උත්සහ දරයි.

එම උත්තේජනයට මුහුණ දුන් පසු සාමාන්‍ය තත්වයට පත්විමට ඇති අපහසුව.

එම බිය අතාර්තික, අහේතුක බියක් බව අවබෝධයෙන් කටයුතු කිරීම.

භීතිකා වකදී පෙන්නුම් කරන දැඩි කලබලවීම, බියසුලු ස්වභාවය රුධිර ගමනාගමනය සහ හරද් ස්පන්දනය වැඩිවීම ,දහදිය දැමීම වැනි ලක්ෂණ මොවුන්ගෙන් දැකිය හැකිය.

භීතිකා වර්ග කිහිපයකි.

1.විශේෂ භීතිකා ( Specific /Simple Phobia)

2.සමාජ කාංසා අක්‍රමිකතාවය.  (  Social Anixety Phobia)

3.අංගන භීතිකා (Agrophobia)

1.විශේෂ හෝ සරල භිතිකා 

විශේෂ අවස්ථාවකට හෝ විශේෂ වස්තුවකට ඇති බය. ජලය, සර්පයින්.කුරුල්ලන් හුදකලාව, අඳුර. යුධ වාහන වලට ඇති බය විශේෂ භිතිකා වලට අයත් වේ.වර්සතමානයේදී අන්මාතර්ජජාලයට දක්වන බිය ,ජංගම දුරකතනයට දක්වන බිය ආදී භීතිකා වලින් පෙලෙන පුද්ගලයින්ද වේ. මොවුන් බියජනක අවස්ථාවට මුහුණ දීමට මෙන්ම එවැනි අවස්තාවක් ජායා රූපයකින් වත් දැකීම ප්‍රතික්ෂේප කිරීම විශේෂ භීතිකා වල ලක්ෂණයකි. මෙය මොවුන්ගේ පෞද්ගලික, සමාජ සහ වෘත්තීය ජිවිතයට පවා බලපෑම් එල්ල කරයි.

වර්තමානයේ දක්නට ලැබෙන තවත් විශේෂ භීතිකාවක් නම් රුධිර එන්නත් සහ තුවාල භීතිකාවයි.මොවුන් රුධිරය සහ තුවාල දැකීම , වෙන කෙනෙකුට එන්නත් කිරීම දකින විට සිහිනැතිවීම දක්නට ලැබේ.,එහිදී පුද්ගලයා සවිඥානිකතත්වයේ නැති නිසා තමන්ට සිදුවූ දෙය අත්විදීමට හැකියාව නොලැබේ.හදිසි කෝපය, ගල් ගැසී සිටිමවනි ලක්ෂණ මොවුන් ගෙන් දැකිය හැකිය.

2.සමාජ කාංසා අක්‍රමිකතාවය.  (  Social Anixety Phobia)

සමාජයක් ඉදිරියට යාමට බිය දක්වන අතර පොදු කටයුතු වලදී මග හරි.යොවුන් වියේදී ආරම්භ වන අතර පිරිස් සමාගම්වලින් ඉවත්ව සිටීමට උත්සහ කරයි.අප විසින් සබකෝලය ලෙස හඳුන්වන්නේ මෙයයි,මෙහිදී එම තැනැත්තා යම් කිසි කාංසාමය තත්වයකට සහ තැතිගැන්මකට පත්වේ.අන් ඇය තමාව උපහාසයට ලක් කරන බව මොවුන් සිතයි.අපහාස කරතියි සිතයි.එම නිසා සම්මුඛ සාකච්ජා, උත්සව , පොදු ස්ථාන වල ආහාර ගැනීම යනාදිය ප්‍රතික්ෂේප කිරීම නිසා සමාජීය වශයෙන්ද අපහසුතාවයට පත් වේ.

3. අංගන භිතිකා 

නිවසින් බැහැරව යාමේදී ඇති වන බිය හෝ නුපුරුදු ස්ථානයකට ඇතුල් වීමේදී දැනෙන බිය අංගන බියයි.,පොදු ස්ථාන වලදී බිය වන මොවුන් බොහෝ විට හුදකලාව ජිවත් වේ.දෛනික ක්‍රියාකාරකම් වලදී කාර්යාලයකට ගොස් තම වැඩ කටයුතු කර ගැනීමට නොහැකි වීම, වාහන එළවීමට බිය වම ක්‍රීඩාගාරයකට පවා  යාම අඩිය ප්‍රතික්ෂේප කරයි.

මෙම භීතිකා තත්වයන් ඇති වීමට ප්‍රධාන වශයෙන්ම මොලයේ රසායනික ව්‍යුහයේ ක්‍රියාකාරිත්වයේ ඇතිවන වෙනස්කම් හේතුවේ.සේරටෝනික් වර්ගයේ s.allele නම් සෛලය සහිත පුද්ගලයින් මෙම තත්වයට පත්වේ. එලෙසම behavioural inhabited (චර්යාමය වශයෙන් )නිශේධිත, කුලෑටි දරුවන් සහ සංවේදී දරුවන්ට භීතිකා වැළඳීමේ ප්‍රවනතාවය ඇත.මොලයෙර් පවතින බිය පාලනය වන තැන්වල ඇති රසායනික වෙනස්කම්ද භිතිකාවන්ට හේතුවේ.aදරනලින් හෝමෝනය ශ්‍රාවය වීම අතපය වෙව්ලීම ,දහදිය දැමීම ලක්ෂණ වේ.

භිතිකාවන්ට ප්‍රතිකාර සිදු කරන ආකාරය.


මෙහිදී ක්‍රම කිහිපයක සංකලනයක් තිබේ.

1. ඖෂධිය ප්‍රතිකාර 

2.විසංවේදනය හෝ නිරාවරණ ප්‍රතිකාරය.

3.නිදහස් සංඝටනය.


1.ඖෂධිය ප්‍රතිකාර ලෙස 

උපදේශනය 

මනෝ ප්‍රතිකාර 

සතිමත් භාවය 

භාවනාව යෝග ක්‍රම 

2. විසංවේදනය හෝ නිරාවරණ ප්‍රතිකාරය.

තමන් අකමැති දෙයට පුද්ගලයාව නිරාවරණය කිරීමෙන් සිදු කරන ප්‍රතිකාරයකි.

උදා : නිතර බිම අල්ලා අත සෝදන තැනැත්තෙකුට යම් කිසි කාල සීමාවක් අත්සේදිමෙන් වැලැක්වීම.

ආදර්ශය 

ඉහත තැනැත්තා ඉදිරියේ මනෝ උපදේශකවරයා බිම අල්ලා අත නොසොදා සිටීම.

ක්‍රමවත්ව සංවේදී බව අඩු කිරීම.

උදා: මකුලුවන්ට බය කෙනෙකුට නිතර මකුළුවන්ගේ පින්තුර  දක්න්නට සැලැස්වීම ,ඔහුට ආසන්නව මිය මල ගිය  මකුලුවන්ව තබා දකින්නට සැලැස්වීම ,මිය ගිය මකුළුවකු ඇල්ලීමට සැලැස්වීම වසහයෙන් කොටස් 10ක අනුක්‍රමික විසන්වෙදන ක්‍රියාවලියකට යොමු කිරීම සිදු කෙරේ.


නිලක්ෂි බණ්ඩාර.

09/01/24.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........