වික්ටර් ලිඩියෝ මාර්ටින්ස් හාරා 1932 සැප්තැම්බර් 28 වැනි දින චිලි නුවර සන්තියාගෝ වට ආසන්න දුක් කම්කටොලු වලින් හෙබි පවුලක උපත ලැබිය.දරිද්‍රතාවයේ අධික බව නිසාවෙන්ම වයස අවුරුදු 6ක් පමණ වන විට මොහු අසල පිහිටි ගොවිපලක සේවයට බැඳුනේය. වික්ටර්ගේ පියා නූගත් කම්කරුවකු වූ අතර මත්පැනට තදින්ම ඇබ්බැහි වුණු පුද්ගලයෙකු විය.එම හේතුව නිසාවෙන්ම නිවසේදී දරුණුව හැසිරුණු ඔහු වික්ටර්ගේ මව වූ අමන්දා ගෙන් වෙන් වුනි. අමන්දා තරමක් දුරට අධ්‍යාපනයෙන් ඉදිරියට ගිය තැනැත්තියක වූ අතර සංගීතයට බෙහෙවින් ප්‍රිය කළාය.ඇය සන්ගිතයටමෙන්ම වයලින් වාදනය ටද ,පියානෝ වාදනය ටද දස්කම් පෑ අතර ගම්මාන වල පැවති ගැමි විවහා උත්සව වලට ගොස් තම දස්කම් පෙන්වූවාය.
වික්ටර්ට අවුරුදු 15ක් පමණ වන විට මව මෙලොව හැරදා ගිය අතර ,ඔහු ගණකාධිකාරිවරයකු වීමට ඉගෙන ගැනීමට උත්සහ කලත් ආර්ථික අපහසුතා හේතුවෙන් එයද මගහැරී ගියේය.ඉන්පසු කතෝලික පුජකයකු වීමට උත්සහ දරුවත් සෙමනේරියේ කටයුතු පිලිබඳ ඇතිවූ කලකිරීම හේතුවෙන් එයින්ද පිටත් වුණි.ටික කලක් හමුදාවට බැඳී සිට ඉන් අනතුරුව තම ගමට පැමිණියේ මවගේ අභාෂයෙන් ඔහුට උරුම වූ සංගීත හැකියාව උරගා බැලීමටය.

ඉන්පසු චිලි විශ්ව විද්‍යාලයේ සංගීත කණ්ඩායමට ඇතුලත් වූ ඔහු අධි ශිෂ්‍යත්වයක් ලබා ගායනය හා රංග කළාව හැදෑරීමට පටන් ගනී.වික්ටර් තරුණයන් අතර ප්‍රසිද්ධ වුයේ ලා බියාටා ගීතය සමගිනි. ඔහු තමන්ගේ නිර්මාණ උදෙසා පැබ්ලෝ නෙරුඩා යුපැන්කි යන නිර්මාණකරුවන්ගේ අභාෂය ලබා ගත අතර 1957 දී පැබ්ලෝ නෙරුඩා හා සම්බන්ධ වේ.1950 අග භාගයේදී ඔහු කුන්කුමෙන් යන සංගීත කණ්ඩායම හා එක්වී තම සංගීත කටයුතු ඉදිරියටම කරගෙන ගියේය.දිනෙන් දින තම හැකියාවන් දියුණු කර ගත් ඔහු නුඑවා කැන්සියොන් යන ලතින් ඇමරිකානු සංගීත ව්‍යාපාරයට එක්වුණි.එතැන් පටන් ගතවූ වසර 15 තුලදී චිලි දේශයේ ස්පාඥ බසින් ගීත ගයනා කරන සුප්‍රසිද්ධම ගායකයා වුයේ වික්ටර් හාරාය.
මොහුගේ ගීත ලොව විශාලතම සංධිස්ථානය වුයේ පොටෝ මොන්ට් ගැන ප්‍රශ්න වැලක් ගීතයයි.එයට හේතුපාදක වුනු සිද්ධිය වුයේ 1969දී එම රටේ සිටි ස්වදේශීය අමාත්‍යවරයා විසින් මරාදමන ලද ගොවින් පිරිසකගේ ජිවන වෘතන්තයයි.ලතින් ඇමරිකානු ජන සංගීතය හා මුසු වුනු ඔහුගේ ගීත තරුණ වාමාංශික අදහස් වලින් පිරි ගිය අතර 1970 දී එකල චිලි දේශයේ ජනාධිපති වූ සැල්වදෝර් අයියන්දෙගේ මැතිවරණ කටයුතුවලටද සහය දුන්නේය.ජෝන් නමැති තරුණියක හා හාද වන ඔහු ඉන්පසු ඇය හා එක්වී රට අභ්‍යන්තරයේ වාමාංශික සංස්කෘතික පුනරුදයක් ඇතිකරලිමෙහි බලපොරෝර්ත්තුවෙන් ගායන ව්‍යාපාරයක් අරඹයි.1972 දී පැබ්ලෝ නෙරුදාට නොබෙල් ත්‍යාගය හිමිවන අතර ඔහු උදෙසා පැවැත්වූ උත්සවයේ ගායන වෘන්දය මෙහෙයවීමේ ගෞරවයද හිමිවන්නේ වික්ටර් හරාටය .
වික්ටර් විසින් සැල්වදෝර් අයියන්දෙගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා උද්යෝගයෙන් කටයුතු කරන අතර " අප දිනනු ඇත යන ගීතය මේ සෑම උත්සවයකදීම ගයනා කරමින් යයි.මේ අතරම 1973 සැප්තැම්බර් 11 වැනි දින ඇමරිකානු බලවේගයකින් පැමිණි හමුදා කුමන්ත්රණයකින් අයියන්දෙගේ සමාජවාදී ආණ්ඩුක්රමය පෙරලා දමා ඔහුව ඝාතනය කරන ලදී.ඒ වන විට චිලි තාක්ෂණික විශ්ව විද්‍යාලයේ උගැන්වූ වික්ටර් පසුදින එළිවන තෙක්ම විශ්වවිද්‍යාලයේ හිරවී සිටි ගුරුවරුන් සහ ශිෂ්‍යයින් ධෛර්යමත් කිසිම උදෙසා ගීත ගයනා කළේය.
මානව දයාව වෙනුවෙන් තම දිවියම ගත කල ඔහු පසුදින තවත් සිරකරුවන් දහසක් සමගින් ක්‍රීඩාංගනය ට ගෙන යන අතර වික්ටර්ට ගීත ගයනා කරන ලෙස බලකරමින් ඔහුගේ අත්වලට සහ ඇඟිලි වලට පහර දෙයි.තම වේදනාව සමගින් එම අභියෝගය භාර ගනිමින් "වෙන්සේරමොස් (අපි දිනන්නෙමු ගීතය ගායනා කල අතර අමානුෂික ලෙස වික්ටර්ව මරා දමනු ලබයි. මෙම සිදුවීම දුටු අය පවසා ඇත්තේ වික්ටර්ගේ වෙඩි සලකුණු 40කට අධික සංඛ්‍යාවක් දකින්නට තිබුණු බවයි.වික්ටර් ඇතුළු 10000ක පිරිසක් මරා දමන ලද මෙම ක්‍රීඩාංගණය අද නම් කර ඇත්තේ වික්ටර් හාරාගේ නමිනි.
ඉතිහාසය ගැන හැදෑරීමේදී අතීතයේ ජිවත් වූ මිනිසුන් පිලිබඳ බොහෝ පාඩම් ඊ ඔස්සේ අපට අධ්‍යයනය කල හැක.හර්ද සාක්ෂියට අනුව ක්‍රියාකොට දිවි පිදු මිනිසුන් අසාධාරණය නම් බැම්ම බිඳ දමන්නට උත්සහ කලෝය. ඔබද අපද හර්ද සාක්ෂියට අනුගතව ලොව දෙස බලා ක්‍රියා කළහොත් මෙම මිය ගිය ආත්මයන් බලාපොරොත්තු දැල්වූ දෑසින් බලා හිඳ ලොවට ආශීර්වාද කරනු නිසැකය.
වික්ටර් හාරාගේ ජීවිත කතාව කියෙව්වා... පොතේ නම මතක නැහැ දැන්. ටිකක් පැරණි පරිවර්තනයක්.
ReplyDeleteමට නම මතක් උනොත් කියන්න
Delete