Tuesday, February 28, 2023

පකිස්ථානයේ ඇඳුම් තහනම සහ එහි සමාජීය බලපෑම .

 


විවිධ ක්‍රීඩාවන් සඳහා එම ක්‍රීඩාවට ගැලපෙන ඇඳුම් ඇඳීම ලොව පුරා දක්නට ලැබෙන සාමාන්‍ය සිදුවීමකි.ඒ ක්‍රීඩාවේ නිපුණතාවය ප්‍රගුණ කිරීමට ආධාර වන නිසාය. ක්‍රීඩාවකට අවශ්‍ය නම්‍යශීලි බාවය ලබා ගැනීමට නම් ප්‍රමිතියකට අනුව ඇඳුම් සකස් විය යුතුය.2021 වසරේ සැප්තැම්බර් මස ඉන්දියන් එක්ස්ප්‍රස් නිව්ස් (

වාර්තාවකට අනුව ජීන්ස් , ඇඟට හිරවූ කලිසම් කාන්තාවන් සඳහාත්,  ටි ෂර්ට් පිරිමි ගුරු සිසුන් සඳහාත් තහනමට ලක් කර ඇත.කාන්තාවන් සඳහා ශික්ෂණයක් සහිත සල්වාර් කලිසම් ,කමිස ඇඳීමට අනුමැතිය ලබා දි තිබේ.

පකිස්තානු රාජ්‍ය අධිකාරිය විසින් මේ පිළිබඳව ලිඛිතව දැනුම් දී ඇති අතර, සෞඛ්‍ය ආරක්ෂිතව අනුමැතිය දී ඇති ඇඳුම් පමණක් ඇඳීමට විදුහල්පති වරුන් දැනුමත් කරන ලෙස උපදෙස් ලබා දී තිබේ,

මේ අතර තලෙයිබාන් කැරලිකරුවන් විසින් කාන්තාවන්ට ක්‍රීඩා කිරීමට තහනම් කර ඇත.පිරිමි සිසුන්ට  සල්වරයක්, උඩ කබායක්, කලිසමක්, කමිසයක් ජැකට්ටුවක් ඇඳීමට අවසරා ඇත.නමුත් කුමන ආකාරයක හෝ ටීෂර්ට් ඇඳීම තහනම්.

ගුරු සේවයෙහි යෙදෙන්නන්, පාසැල තුල ඔවුන්ට නියමිත කබායද, රසායනික නිලධාරීන් ඔවුන් ඇඳිය යුතු කෝට් එක ඇඳිය යුතුය.මිට අමතර ව  විද්‍යාල මට්ටමේ ඇති පාසල් වල ආරක්ෂක නිලධාරින්ටද , සහයකයින්ටද  නිල ඇඳුමක් නියම කර ඇත.මෙම සිමා මායිම් වෘත්තිකයින් සහ ක්‍රීඩකයින්ට දැඩි ලෙස බලපාන බව සමාජ මතයයි.

නිලක්ෂි බණ්ඩාර 

28/02/

3 comments:

  1. ඒ අතින් අපි ටිකක් හොඳයි නේද කියල හිතල... පොඩි සතුටක් ලබන්නත් පුලුහං. ඒත් ආගමෙන් නෙමේ මොහොකින්වත් මෙහෙම මිනිස්සු හිර කරන එකෙන් රටක් දියුණු වෙයිද කියල තමයි සැක.

    ReplyDelete
    Replies
    1. ආ.. ඔය පාකිස්තානෙම තියෙනවා කලාෂ් කියල කොටහක්. එයාල ගැනත් හොයා බලන්න. ඒ අය අතරේ කාන්තා නිදහස හෙම බොහොම වැඩිබවයි කියන්නෙ. (kalash women)

      Delete
    2. ස්තුතියි අයියේ.මම හොයලා බලන්නම්. අපේ රටේ කොච්චර උනත් පකිස්ථානයට

      Delete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........