ඉන්දියාවේ කෘෂිකාර්මික කර්මාන්ත ගත් කළ, උක් සහ සීනි නිෂ්පාදනය ප්‍රධාන වේ.සීනි නිෂ්පාදනය අතින් ඉන්දියාව ගෝලීය වශයෙන් පළමු ස්ථානයේ සිටි.එම ප්‍රමාණය 2022 දී සීනි මෙට්‍රික් ටොන් මිලියන 37ක් විය.සීනි නිෂ්පාදනය ග්‍රාමීය ජනතාවට ජීවනෝපාය සැලසීමක් මෙන්ම ඔවුන්ට සීනි කර්මාන්ත ශාලා වල රැකියා අවස්තාවන් ලබා ගැනීමටද ඉවහල් විය.මෙම කර්මාන්තශාලා වල සේවකයින් 500000ක් පමණ රැකියාවේ නියුතු වේ. මීට අමතරව, 2020 දී සීනි බෝගයෙන් එකතු කරන ලද දළ අගය ඉන්දීය රුපියල් බිලියන 806 ක් පමණ විය.ලොව ප්රමුඛ සීනි නිෂ්පාදකයා වීමට අමතරව, 2022 දී ඉන්දියාව ලොව තුන්වන විශාලතම සීනි අපනයනකරු ද විය.2022-2023 කාලයේදී ඉන්දියාව සීනි මෙට්‍රික් ටොන් මිලියන 36ක් පමණ නිෂ්පාදනය කරනු ඇතැයි පුරෝකථනය කර ඇත.උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ප්‍රමුඛතම උක් නිෂ්පාදකයා වූ අතර පසුව මහාරාෂ්ට්‍ර සහ කර්නාටක ප්‍රාන්ත වේ.
ඉන්දියාවේ සීනි මූලික වශයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ උක් බෝගයෙන්. පළමුව, සීනි බෝග තලා, යුෂ නිස්සාරණය කර ශාක අවශේෂ වලින් වෙන් කරනු ලැබේ. ඉන්පසුව, ඝන සිරප් සාදනු ලබන තෙක් යුෂ තම්බා ස්ඵටිකීකරණ ක්‍රියාවලියකට භාජනය වේ. අවසානයේදී, ඕනෑම යුෂ හෝ සිරප් ඉවත් කිරීමට අමු සීනි ස්ඵටික කෙන්ද්‍රපසාරි කර ඇත. රට පුරා සීනි නිෂ්පාදනය සඳහා වගකිව යුතු සීනි කර්මාන්ත ශාලා 464 ක් පමණ ඇත.
ඉන්දියාව සීනි පරිභෝජනය කරන ප්‍රධාන රටවලින් එකක් වීම පුදුමයක් නොවේ. සීනි ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන අයිස්ක්‍රීම්, බේක් කරන ලද භාණ්ඩ, රසකැවිලි, මිතායි (ඉන්දියානු රසකැවිලි) සහ සැකසූ ආහාර පාන ද්‍රව්‍යවල පරිභෝජනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර පාරිභෝගික නිෂ්පාදන ඉල්ලුම යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වේ.එබැවින් 2022 වසරේ සමස්ත සීනි පරිභෝජන ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 29ක් විය.
ඒවා...........
දුඹුරු සීනි
කැටි කළ සීනි
දියර සීනි සහ ප්‍රතිලෝම සීනි වේ.
ඓතිහාසික වශයෙන්, අපගේ ආහාර වේලෙහි සීනිවල ප්‍රධාන ප්රභවය වන්නේ පිරිපහදු නොකළ සීනි ය. හකුරු (ගුර්) යනු ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල උක් වලින් නිපදවන සාම්ප්‍රදායික රසකාරකයකි. එය විටමින් සහ ඛනිජ ලවණවල හොඳ ප්‍රභවයක් වන අතර තේ සහ ඉන්දියානු අතුරුපස සඳහා බහුලව භාවිතා වේ. අනෙක් අතට ඛන්ද්සාරි (ඛන්ඩ්) යනු ප්‍රාදේශීය විශේෂත්වයක් වන සහ සුදු සීනි සඳහා සෞඛ්‍ය සම්පන්න විකල්පයක් වන පිරිපහදු නොකළ අමු සීනි වර්ගයකි.
පරිවර්තනය නිලක්ෂි බණ්ඩාර
13/08/23.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........