හීනයක් ......
පාට පාටින් .....අපි සිහින දකිමු .ළමා වියේදී සිහින දුටුවෙමි.සිහිනෙන් යහළුවන් සමග සෙල්ලම් කළෙමු.ලස්සන ගවුමක්, නිවසක් ගැනීමට සිහින මැව්වේමු.තුරුණු වියේදී දුටු සිහින ,ඊට වඩා වෙනස්ය.සමහර සිහින අප ළඟ රැඳුනත් අපේ අතින් ගිලිහුණු සිහිනද අපමණය.අතහැරුණු සිහින නැවත අහුලා ගෙන ඉදිරියට යාමට වෙර දරමු. ජීවිතය එයයි.....
අහඹු ලෙස බස් රථයකදී මුණ ගැසෙන යුධ හමුදා නිලධාරියෙක් ,සහ මාධ්‍යවේදිනියක් අතර ඇතිවන මිතුදමක් ,ප්‍රේමයක්, දක්වා ගොඩනැගෙන ආකාරය ශ්‍යාමලී වසන්තා සුබසිංහ ලේඛිකාවගේ " හීනයක් පාට පාටින් " නව කතාවෙන් දිග හැරෙයි.
මෙම නවකතාව විකාශනය වන්නේ චිත්‍රපට රූප රාමු දිග හැරෙන්නාක් මෙනි,කතුවරිය පවසන ආකාරයට අහඹුවකින් ඇරඹෙන මෙම මිතුදම මෙන්ම ඔවුන් අතර ප්‍රේමයක් ඇතිවන්නේ උස්පහත්, වත්පොහොසත්කම්. වැනි කිසිදු ආකාරයක බේදයක් පිළිබඳව කල්යලා බලා දැනගෙන නොවේ.
කතා නායකයා වන රඛිත පොත් පත් කියවන කෙනෙකි,අවසානයේදී ඔහු කතා නායිකාව , වන සසඳරා රණසිංහ ලේඛිකාවගේ නවකතා කියවන රසිකයෙකි.මෙය ඇත්තටම අපුර්ව හමුවීමක් සහ සිදුවීමක්ය.
කතාව ඔස්සේ මධ්‍යවේදිනියකගේ නිදහස් ජීවිතය විකාශනය වන ආකාරය චමත්කාරජනකය. කතුවරිය සරල නවකතාවක් වුවද ..... පාඨකයින්ට වැදගත් සහ හරවත් පණිවිඩයක් ජනගත කරයි.
මෙම තරුණ මාධ්‍යවේදිනිය උගත්කමින් මෙන්ම ආරක්ෂක සටන් ක්‍රම ,තනිව මග බැස යන්නට අවශ්‍ය, ජිවිතයට අවශ්‍ය , පිහිනීම, රිය පැදවීම , පුද්ගලයින් සමග දැන හැඳුනුම් ඇති කර ගැනීම ආදියෙන් පුර්ණත්වය ලබා ඇත. එමෙන්ම ඇය නන්නාදුනන තරුණයාට තමා පිළිබඳව සියලු විස්තර නොකියා සිටීමට තරම් ප්‍රවේශම් වෙයි.ඇය කාලින තරුණියකි.ලේඛිකාව තම නිර්මාණය හරහා සමාජයේ උද්ගතව ඇති ප්‍රශ්න කීපයක් පිළිබඳව පාඨකයා සමග සාකච්ජා කරයි.
අයතා සම්බන්ධතාවයක පැටලෙන සැමියෙක් ,පියෙක්, එමෙන්ම දරුවන්ට ශිල්ප දෙන ගුරුවරයෙක් , යන චරිත මුහුණ පාන ගැටළුය.මෙය වත්මන් හදවත් දවන කාලින ප්‍රශ්නයක් ව ඇත.පිය සෙනෙහෙස අහිමි වුවද , සසංදරා නොනවත්වා යන , දිවියේ ඉදිරි ගමන ප්‍රසංසනිය වේ.ඇය අධ්‍යාපනය, රැකියාව මෙන්ම , මවගේ කටයුතු වලට සහය වීම ,.නොනවත්වාම කරගෙන යයි, දිනකට දික්කසාද 400 කට වඩා වැඩිවන සමාජයක , මෙම පොතෙන් තවත් ආදර්ශමත් පණිවිඩයක් දෙයි,.
වෙන්වුන දෙමව්පියන් දියණිය නිසා නැවත එක වේද?
ටියුෂන් ගුරුවරයකු හා අයතා සම්බන්ධයක් පටන් ගන්නා තරුණියකට කුමක් සිදුවේද?
ප්‍රධාන කතාවට අමතරව ,තවත්මෙවැනි කතා කිහිපයක් පොතෙහි අන්තර්ගතව ඇත.
ජේදයෙන් ජේදයට පාඨකයා විශ්මයට පත්වන ආකාරයට, කතාව පෙළ ගස්වා ඇත.
සමහර ස්ථාන වල විරාම ලක්ෂණ යොදා වාක්‍ය ඛණ්ඩනය කලේ නම්. කතාව කියවාහෙන යාම සහ තේරුන් ගැනීම මිට වඩා පහසුවනු ඇත.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........