Tuesday, February 28, 2023

භාරතයේ පැවති ස්වභාවික වස්තු වන්දනය..

 කඳු , පර්වත ,වෘක්ෂ , ඉර,හඳ, තාරකා වැනි ස්වාභාවික වස්තුන්ට වන්දනාමාන කිරීමට පෙරදිග මෙන්ම අපරදිග වැසියෝද , ආදී කාලයේ පටන් පුරුදුවී සිටියහ.දියුණු වූ ආගම් ලොව නොපවතී. මෙම අවධියේදී තමන්ට පිහිටවූ වස්තුන් දේවත්වයෙහි ලා සැලකු බව පිළිගත හැකිය.බුදු දහම ක්‍රිස්තු දහම සහ මුස්ලිම් දහම ලොව ප්‍රචලිත වූ පසු ශ්‍රී මහා බෝධිය ,එහි ශාඛා ,ශ්‍රී පාද, ඇන්දිස් , විසුවියස්, ෆුජියාමා , වැනි කඳු ද මිනිසුන්ගේ පුද පුජාවන්ට ලක්විය.



පැරණි ඉන්දියාවේද වෘක්ෂ වන්දනාව බහුලව පැවති අතර ,සෑම ගමකම මංසන්ධි වලද වන්දනාමාන කරනු ලබන ගසක් තිබුණි.විශේෂයෙන් ශුද්ධ යයි සලකනු ලැබූ ගස් අතර බෝ, නා, නුග ප්‍රධාන වේ.බෝ ගස් වන්දනාව බුදු දහමටද පැතිර ගිය අතර , නුග ගසේ පහලට එල්ලා වැටෙන කරු මුල් , ආගමික ධර්මයන්  සනිටුහන් කරන බවට මෙකල ප්‍රචලිත විය,මෙම විශාල වෘක්ෂ වල කෙම්මුර දින වලට දේවතා එළි පවතින බවට එකල මෙන්ම දැන්ද විශ්වාස කරයි.


ස්ත්‍රීන් දරුවන් ලැබීම සඳහා අශෝක වෘක්ෂයට වන්දනාමාන කරයි.විෂ්ණු දෙවියන්ට සම්බන්ධ ශුද්ධ වූ පැළෑටියක් ලෙස තුල්සි හෙවත් මදුරුතලා ගෙමිදුලෙහි ආදරයෙන් වගා කළහ.වේද යුගයේ කුෂ හා ධර්බ යන තෘණ වර්ගද වගා කළහ,වේද යුගයේ ශුද්ධ පැළෑටියක් වූ "සෝම " පසු කාලය වන විට අමතකව තිබුණි.කඳු වැටි මෙන්ම ගංගා ද ශුද්ධ වස්තුන් බවට පත්ව තිබුණි .මහමෙරු පර්වතය පාමුල ඇතයි විශ්වාස කරනු ලබන කඳු වැටිය වූ හිමාලය මෙබඳු ගිරි දුර්ගයකි.විෂ්ණුගේ වාස භවනය ලෙස විශ්වාස කරන වෛකුන්ටය කවර කලක වත් අසවල් කන්ද යයි හඳුනා ගෙන නැත.



ශිවගේ වාස භවනය ලෙස හිමාල මධ්‍යයෙහි පිහිටි එක්තරා ගිරි කුළක් වූ කෛලාෂය වැඳුම් පිදුම් ලබයි.

ශිවගේ ජටාවෙන් මහා පොළව වෙතට ගලන ගංගා නදිය ප්‍රධාන පුජනිය නදිය වන අතර යමුනා සරස්වතී ගොධාවරී නර්මදා කාවේරි යන ගංගා ද අජ්මීර් ඇසල පිහිටි පුෂ්කර විලද ආගමික අතින් වැදගත් වේ.

මහා භාරතය, රාමායණය, වේද, උපනිෂද්, භගවත් ගීතා, පුරාණ සහ ස්මෘති යන ග්‍රන්ථවල පරිසරය හා පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කිරීම සඳහා වූ පැරණිතම පණිවිඩ අඩංගු වේ.භගවත් ගීතාව අපට උපදෙස් දෙන්නේ පරිසරය වෙනස් කිරීමට, එය වැඩිදියුණු කිරීමට හෝ එය සමඟ පොරබැදීමට උත්සාහ නොකරන්න. එය විටෙක සතුරු බවක් පෙනේ නම් එය ඉවසන්න. පරිසර විද්‍යාව හින්දු ආගමේ අධ්‍යාත්මික ලෝක දැක්මක ආවේනික කොටසකි යනුවෙනි.

බොහෝ හින්දු භක්තිකයින්ට, පාරිසරික ආරක්ෂාපිළිබඳ සංකල්පය ආගමික ඉගැන්වීම් වලින් වෙන් වූවක් නොවේ. වනාන්තර සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම සඳහා බිෂ්නොයිස් සහ බිල් වැනි ග්‍රාමීය හින්දු ප්‍රජාවන් අතර දේශීය භාවිතයන් කිහිපයකම එය දක්නට ලැබේ.

මුලාශ්‍ර

https://cultureandheritage.org/2022/05/nature-worship-by-ancient-aryans-of.html

නිලක්ෂි බණ්ඩාර

28/02/2023

2 comments:

  1. ඒ පරණ වෘක්ෂ වන්දනාව තමයි බුදු දහම බෝධි වන්දනාව කියල ගත්තේ පස්සේ. පරිසරය රැක ගණන් ඕන නිසා එහෙම කළා කියල හිතුවත් වැරදි නැහැ. ඒක හැම වෘක්ෂයටම යෙදෙව්වා නම්

    ReplyDelete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........