Friday, March 10, 2023

නුතන ඉන්දියානු මුර්ති කලාවේ පියා


20 වන ශත වර්ෂයේ මුල් භාගයේදී ඉන්දියානු මූර්ති ශිල්පය බටහිර කලා ආකෘති සහ සම්ප්‍රධායන්ට අනුවර්තනය වූ අතර බ්‍රිතාන්‍ය කලා පාසල් වල ඉගැන්වූ යතාර්ථවාදී කළා කරුවන්ගේ අභාෂය පසුකාලින නිර්මාණ වලට බෙහෙවින් බලපෑවේය.මොවුන් මිත්‍යාවන් ,දෙවියන් සහ ආගම නිරුපණය වන ආගමික සංකල්ප වලින් බැහැර ව නව නිර්මාණ ආකෘතින් විවිධ අත්හදා බැලීම් ඔස්සේ ගොඩනගන්නට පටන් ගත්හ.

එම ඉන්දියානු නුතන වාදීන් අතර ඉහළ පිළිගැනීමක් රාම චන්ද්‍රන් රාම් කිරන් බායිජිට හිමිවන අතර ඔහු බහුවිධ කලාකරුවෙකි.මුර්ති ශිල්පියකු, චිත්‍ර ශිල්පියෙකු , ග්‍රැෆික් නිර්මාණකරුවකු ලෙස සිය වෘත්තීය ජීවිතය තුළ වෙහෙස වී ක්‍රියාකළේය.ඔහු කුඩා කල තමන් සතු සම්පත් වලින් කුඩා මැටි රු සහ සිතුවම් නිර්මාණය කල අතර එයට පෙළඹවීමක් ඇති වුනේ බංකුරා ප්‍රදේශයේ සිටි දේශීය චිත්‍ර ශිල්පින් සහ රූප අඹන්නන්ගේ නිර්මාණ ක්‍රියාවලිය දෙස බලා හිඳීමෙනි.පසුව ඔහුගේ අපිරිමිත බුද්ධිය සහ කලාත්මක පරිකල්පන හැකියාවත් සමගින් ඔහුටම ආවේණික වූ ඉන්දියානු දැක්මක් ඇති එය බටහිර චිත්‍ර හා ඒකාබද්ධ කරමින් අත්හදා බලන්නට විය.  

20 වැනි ශතවර්ෂයේ මුල් භාගයේදී ශාස්ත්‍රීය බවක් ගත් ස්වාභාවිකත්වයට උරුමකම් කී සිතුවම් සහ කැටයම් කලාව රාමචන්ද්‍රන් විසින් ඔහුගේ නිර්මාණ වලට විවිධ තේමාකරමින්,ද්‍රව්‍ය ,ආකෘති යටතේ සිමෙන්ති , කොන්ක්‍රීට්,බදාම ගල් වැනි සම්ප්‍රධායික නොවන ද්‍රව්‍යයන් භාවිතා කරන්නට විය.මෙම අත්හදා බැලීම් සමකාලින ඉන්දියානු මූර්ති වල දක්නට  ලැබේ. 1930 දී ලෝකඩ වලින්  දුරමානය නැතහොත් දරුවන් ගෙන යන වාහනය (The Perambulator) නිර්මාණය කරන ලද අතර රාම්කිරන් ඔහුගේ ගුරුතුමා වූ නන්දලාල් බොස් ට ඔහුගේ මුනුපුරු සුප්‍රතික් බෝස්ගේ උපතට සමගාමීව ත්‍යාගයක් ලෙස පිරිනමන ලදී.

රාම් කිරාන් පසුව ශාන්ති නිකේතනයේ කලා භවනට සම්බන්ධ වීමට ඉල්ලුම් කල අතර එයට ඔහුව නිර්දේශ කලේ Modern Review සහ Prabasi (The Expatriate) සඟරා දෙකේ ජනප්‍රියම කතෘ වූ රාමානන්ද චැටර්ජි මහතා විසිනි.ඔහු පරීක්ෂණයට ඇන්දේ සොබාදහමේ සංසිද්ධින්ය,එවිට  ඔහුගේ සම්මුක පරීක්ෂණය සිදු කළ නන්දලාල් බොස් පැවසුවේ ඔබ දැනටමත් සියලුම දේ ඉගෙන ගෙන අවසන්ය,ඉතින් ඔබ මෙහි සිටීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද යන්නයි ?"


නමුදු රාම්කිරන් ශාන්ති නිකේතනයට ඇතුලත් වූ නතර එය තමන්ගේ ජිවිතය කරගනිමින් අවසානය වන තෙක්ම එහි රැඳුනි.ඔහුගේ අද්විතීය හැකියාවන් හේතු කොට ගෙන පසුකාලීනව ශාන්ති නිකේතනයේ මුර්ති සහ සිතුවම් දෙපාර්තමේන්තුවේ සභාපති දුරයට පත්විය.

ඔහුගේ පළමු නිර්මාණය බුදුරදුන්ගේ පිළිරූ නිර්මාණයක් වන අතර සාමාන්‍ය මිනිසුන්ගේ දෛනික ක්‍රියාවලිය ත් ඔවුන්ගේ දුක ශෝකය යනාදී හැඟීම් බෙහෙවින්ම නිර්මාණයට පාදක විය.


1935 දී කල "සුජාතා " සිතුවම කලා භවනේ සිසුවෙකුගේ චිත්‍රයක් ලෙස එළිදක්වන ලද අතර නන්දලාල් ගුරුතුමා විසින් එහි හිසට ඉහලින් ඇති භාජනයක පායාසම් පුජාවක් අඩංගු වන ආකාරයට ප්‍රතිමුර්ති වත් කළේය.
නමුදු මුල් කෘතියේ ඇති අසාමාන්‍ය බව නම එය සිතුවමකට වඩා දෘශ්‍යමාන පිළිරුවක් ලෙස දැකීමට ඇති හැකියාවයි.එය අපුර්ව මිනිස් හැඟීම් නිරුපණයක් එළිදක්වමින් ශාන්ති නිකේතන මණ්ඩපය තුළ යුකැලිප්ටස් උද්‍යානයක කොටසක් ලෙසින් නිර්මාණය කර ඇත.

ඔහු ගුරු නන්දලාල්ගේ ඉගෙනුම් රටාව සහ ඔහුගේ නිමැවුම් බෙහෙවින් අගය කළේය.ඔහුගේ නිර්මාණවල ප්‍රබල මෙන්ම කලාත්මකමෝස්‌තර , සැරසිලි ,විශ්මිත වූ අතර විවිධ ශෛලින්ගෙන් යුතු නිර්මාණ සිදු කරණ ලදී.එම සෑම නිමවුමක්ම ඉන්දියානු කලාවත් පෙරදිග සම්ප්‍රදායන් සමග  අසීමිත බැඳීමක් ඇති කර ගත් තැනැත්තෙකි. (('Ramkinkar Baij, Mastermashay', The Vishvabharati Quarterly, Nandalal Number, වෙළුම 34, කල්කටා, 1971, p. 78)

රාම්කිරන්ගේ නිර්මාණ වලට නන්දලාල් ගේ අභාෂය බෙහෙවින්ම බලපෑ අතර ඔහුගේ සිතුවම් සහ මුර්ති දැවැන්ත අත්හදා බැලීම් වලට ලක් විය.ඔහු ස්වාභාවත්මක ආකෘතිය කෙරෙහි සීත යොමු කලත් යුරෝපිය ශෛලිය ඉගෙනුමෙන් පසුව ස්වාභාවත්මක ශෛලියෙන් ඉවත් විය.අද වන විට රාම් කිරාන් මුර්ති සහ ස්මාරක නිර්මාණය වෙනුවෙන් ඉන්දියාවේ විශේෂ නමක් තබා ඇති අතර , අදටත් ශාන්ති නිකේතන පරිශ්‍රයේ දක්නට ඇත.වැලි සහ ගල් කැට මිශ්‍රිත මෙම නිර්මාණ සොබා දහම සමග ඇති අපිරිමිත බැඳීම ගීතවත් භාවයක් සහිතව පෙන්නුම් කරයි.


ඔහු සැබෑම බොහිමියානුවෙක් වූ අතර ඔහු හැදී වැඩුණු පරිසරයට මුල් බැසගෙන සිටියදි ඉන්දියානු මුර්ති ශිල්පයට සැබෑ නුතනත්වයේ හැඟීම් අඩංගු කල ප්‍රථම මූර්ති ශිල්පියා ලෙසට ඉන්දීය මුර්තිය කලාවේ අවයාජම හැඟීම් ප්‍රකාශකයා ලෙස වැජබුණි.

මුලාශ්‍ර 

https://thewire.in/the-arts/remembering-indias-first-modern-sculptor-ramkinkar-baij
https://www.invaluable.com/auction-lot/ramkinkar-baij-1906-1980-the-perambulator-036441cb73#

සේයා රු අන්තර්ජාලයෙනි.
නිලක්ෂි බණ්ඩාර
10/03/2023

2 comments:

  1. සෝලියස් මැන්දිස් තුමා කැළණි විහාරයේ සිතුවම් ඇඳීම සඳහා නිර්දේශ කළේත් නන්දලාල් බෝසේ තුමා කියා මා අසා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් අහලා නැහැ.මම හොයලොආ බලන්නම්.ස්තුති

      Delete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........