16 වන ශත වර්ෂයේ අග බාගයේදී ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යයා වූ අක්බාර් කලාවට විශිෂ්ඨ සේවයක් කල අනුග්‍රහයකු විසින් අලංකාරව රචිත පින්තුර අඩංගු නිදර්ශනය කල අත් පිටපත් 20000 ක පමණ එකතුවක් පුස්තකාලයක රැස් කළේය.එහි තිබු එක් කෘතියක් වුයේ අමිර් ඛුස්රුගේ ධිවාලි ( Amir Khusrau Dihlavi ) විසින් 1253-1325 රචිත ඛමාසා Khamsa (Quintet of Tales))කෘතියෙහි අතිවිශිෂ්ඨ ලෙස අලංකාර කර නිර්මාණය කරන ලද පිටපතකි.2005 ඔක්තෝම්බර් 14 වන දින ඇරඹි මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේදී ඉන්දියාවේ ගිරවුන්ගේ මුතු ඇටය ප්‍රදර්ශනයට ලක් කෙරුණි.
ඉන්දු-පර්සියානු සම්ප්‍රදායේ කථිකත්වය සංකේතවත් කරන කුරුල්ලා සංකේතවත් කරමින්ඔ
හුව ඉන්දියාවේ ගිරවා ලෙස හැඳින්වූහ.
ශතවර්ෂ දෙකකට පසු 1597-1598 වසරේදී අක්බාර් අධිරාජ්‍යයාගේ පුස්තකාලය වෙනුවෙන් අමීර් ඛුස්රුගේ ඛම්සාහි අතිවිශිෂ්ට නිදර්ශන පිටපතක් නිර්මාණය කරන ලදී.මෙම අත්පිටපත, ඉන්දියාවේ මුල් මෝගල් යුගයේ අතිවිශිෂ්ටතම නිර්මාණයක් වන අතර, විශ්මයජනක හැකියාවන්ගෙන් සහ ඔහුගේ විශිෂ්ට අක්ෂර වින්‍යාසය පිළිබඳ නිදර්ශන ඇතුළත් වේ. අත්පිටපතෙන් ඉතිරිව ඇති සම්පූර්ණ පිටු නිදර්ශන 29ක් දැන් බැල්ටිමෝර්හි වෝල්ටර්ස් කලා කෞතුකාගාරයේ ඇති අතර , (චිත්‍ර 21 ක් සහ ලැකර් වලින් බැඳී පොතක ඇති අත්පිටතද ) සහ ද මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය (රූප සටහන් අටක් හිමි පොතක්ද ) එකතුවේ ඇත.
සාමාන්‍යයෙන් ආසියානු කළා නිර්මාණ පමණක් ප්‍රදර්ශනය කිරීමට පමණක් වෙන් කර ඇති මෙම චිත්‍ර ගැලරි තුළ මෙම දර්ශනීය ඉස්ලාමිය කළා පිටපත ඉදිරිපත් කිරීමට ඉඩ ලබා දීම ගැන ඔවුන් බෙහෙවින් සතුටු විය.
Amir Khusrou ගේ Khamsa පිලිබඳ පුරාවෘත්ත ඇතත් ඒවා සදාචාරාත්මක බව පිලිබඳ ගැටළුවක් ඇති කරන ගුප්ත ඉතිහාස කතන්දර වේ.අමිර්ගේ සහ ෂිරින් ගේ ආදර කතාව ගත් කල පත්තිරුවක සඳහන් වන්නේ Shirin ඇගේ සේවිකාවන් සමඟ සවාරියක් යන අතර මූර්ති ශිල්පියෙකු වන Farhad මුණගැසෙන අතර, ඔහු තම රංචුවෙන් කිරි ගෙන ඒම සඳහා කඳුකරය හරහා ඇල මාර්ගයක් කපා දී ඇත.Hasht Bihisht (පාරාදීස අට) හි ඇති තවත් පත්‍රිකාවක නිල් මණ්ඩපයේ කුමරියගේ කතාව නිදර්ශනය කරයි - තරු පිරුණු අහසක් යට, සන්සුන් උද්‍යානයක මණ්ඩපයක තරුණයෙකු සුරංගනාවියක් සහ ඇගේ කන්‍යාවන් විසින් සංග්‍රහ කරන අයුරු නිරූපණය කරයි.
.
මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා පිළිබඳ කථාවක්, ආගමික පාඨයක්, රූපක පාඨයක් සහ ඛේදජනක ලෙස අවසන් වන ආදර කතා දෙකක් කම්සාවේ ඇතුළත් වේ. අක්බාර්ගේ සේවයේ යෙදී සිටි ඉතා වැදගත් කලාකරුවන් කිහිප දෙනෙකු විසින් සිදු කරන ලද නිදර්ශන සහ අක්ෂර වින්‍යාසය මෙම අත්පිටපතෙහි අන්තර්ගත වන අතර බසවන සහ මනෝහර වැනි කලාකරුවන්ගේ අලංකාර සවිස්තරාත්මක නිදර්ශන ඔවුන් 16 වන සියවසේ ඉන්දියාවේ එදිනෙදා ජීවිතය පිළිබඳ බොහෝ දේ අපට කියයි.
මෙම නිර්මාණය අලංකාර nasta'liq ශෛලියේ ලිවීම පිලිබඳ කීර්තිමත් අක්ෂර වින්‍යාසකරුවෙකු වන මුහම්මද් හුසේන් අල්-කාශ්මීරි විසින් ලියා ඇති අතර , ඔහුගේ අතිශයින් අගය කළ කුසලතා හේතුවෙන් , ඔහුව ප්‍රසිද්ධ වී තිබුනේ zarin kalam ( රන් පෑන) යන අන්වර්ථ නාමයෙනි.
වර්මොන්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් සෙයිලර් විසින් ප්‍රදර්ශනයට සමගාමීව ඉන්දියාවේ ගිරවුන්ගේ මුතු ඇටය යන ප්‍රකාශනය ද ඇතුළත් කර තිබුණි.. වෝල්ටර්ස් කලා කෞතුකාගාරය විසින් ප්‍රකාශයට පත් කරන ලද මොනොග්‍රැෆ්, ඛම්සා අත්පිටපතේ පින්තාරු කරන ලද පත්‍ර සියල්ල සහ එහි බැඳීම නිදර්ශනය කරයි. එය මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයෙන් පොත් සාප්පුවල ඩොලර් 55කට (කඩදාසි පිටකයට) ලබා ගත හැක.
මුලාශ්‍ර :
https://www.metmuseum.org/exhibitions/listings/2005/illustrated-khamsa
නිලක්ෂි බණ්ඩාර
24/03/2023
This comment has been removed by the author.
ReplyDelete