අරුණාචල් ප්‍රාන්තය ඉන්දියාවේ ඊසාන දිග පිහිටා ඇති අතර ගෝත්‍රික ජනතාවට නිවහනක් වී ඇත. ප්‍රධාන ජන ගෝත්‍ර 26ක් සහ උප ගෝත්‍ර 100 කට අධික සංඛ්‍යාවක් සිටිනාතර මොවුන්ගේ අහාර රටාවන් දෙස බැලුවහොත්, හිමාල ශිෂ්ඨාචාර වල බලපෑම මෙම අහාර සංස්කෘතියට බෙහෙවින් බලපෑ බව පෙනී යයි.මොවුන් මස් මාළු, බිත්තර ,හරක් මස්,කුකුළු මස්, එළු මස් බත් සමගින් ආහාරයට ගනී. විවිධ සහල් වර්ග ඔවුන් ආහාරයට ගනී.සලාද කොළ බෙහෙවින් ජනප්‍රිය අතර අමු මිරිස්,කොත්තමල්ලි සහ ඉගුරු භාවිතයෙන් පිසනු ලැබේ.කොලවල ඔතා තැම්බූ බත් කැවුම් ,තුක්පා ,මොමෝස් මොවුන් ආහාරයට ගන්නා සම්ප්‍රදායික ආහාර වේ.
මොවුන් විවිධාකාරයේ සහල් වර්ග පරිභෝජනය කරන අතර බීර වර්ග පිළියෙළ කරයි.සහල් සහ මෙනේරි පැසවීමෙන් හදන බීර වර්ගයක් වන අපං මොවුන්ගේ ජනප්‍රියම බිමක් වේ.
1.පිකා පිල ( Pika Pila)
පිකා පිල අරුණාචල් හි ආවේණික සම්ප්‍රදායික ආහාරයක් වන අතර බත්, ව්‍යංජන ,කරවල ආදිය සමග ගැලපෙන මෙම අච්චාරු වර්ගය අපටානි ගෝත්‍රිකයින් විසින් නිර්මාණය කරා ඇති බව කියවේ.ඌරු මේදය සහ උණ පතුරු වලින් වන අතර ශාක වල කාබනික අළු වලින් වන අතර අව්වේ වෙලා දියර ආකාරයෙන් සකසනු ලබන අච්චාරු වර්ගයක් වෙයි.
2. Lukiter ( ලුක්ටර් )
ලුක්ටර් යනු මිරිස් කුඩු හා මිශ්‍ර කර පිසූ වියළි මස්ය.එය ඉතා රසවත් වන අතර ලුක්ටර් වලට ඉහළ ඉල්ලුමක් ඇත.ලුක්ටර් පිසීමේදී භාවිතා කරන මිරිස් අවතාර ගම්මිරිස් හෝ භුත් ජෝලොකියා ලෙස හඳුන්වයි.
3.පෙහක් (Pehak)
පෙහක් සොයා බෝංචි සහ මිරිස්ව වලින් සාදන නිර්මාංශ ආහාරයක් වන අතර බත් සමග ආහාරයට ගනී.සුවඳවත් බව සහ රසවත් බව නිසාම මිනිසුන් අතර ජනප්‍රිය පෙහක් චට්නි වර්ගයකි.
එළවලු සහ යක් කිරි මිරිස් (Devil milk cheese)යොදා සාදණු ලබන රසවත් අහරයල්කි.තැම්බූ හාල් සමගින් ආහාරයට ගැනේ. සබ්සි වර්ග කීපයක් ඇති අතර කොමඩු , කැරට්, වම්බටු ,බෝංචි සබ්සි ලෙසින් දක්නට ලැබේ.
5. වුන්වුට් නග්ම්( Wunwut Nagm)
අරුණාචල් පෙදෙසේ තවත් ජනප්‍රිය ආහාරයක් වන වුන්වුට් නග්ම් කුකුල් මස්, සහල් කුඩු සහ දේශීය කුළු බඩු යොදා සදනු ලැබේ. විදි ආහාර පිළියෙළ කරන ස්ථාන වල මෙය වඩාත් ජනප්‍රිය වේ.
6. මොමෝස් (Momus).ටිබෙට් සම්භවයක් ඇති ඩම්ප්ලින් වර්ගයක් වන මෙහි නිජබිම ටිබෙටයයි. හිමාචල් පෙදෙස්, නේපාල්, බෙට්,ලඩාක් සිකීම් ,උත්තාර්කන්ද යන ප්‍රදේශ වල සාදන මොමෝ චීනයෙ සාදන baozi, jiaozi, and mantou, Mongolian buzz, Japanese gyoza, Korean mandu සහ Turkic Manti වලට සමාන වේ, තිරිඟු පිටි භාවිතයෙන් මොමෝ සාදන අතර වයඹ දිග චීනයේ පාන් වලට සමානත්වයක් දක්වයි, අර්තාපල් සහ චීස් පුරවා සාදන මොමෝස් පිටි ගුලි තුලට ලුණු නොමැතිවා කුළුබඩු යොදා සදනු ලබයි. පිරවුම සඳහා එළු මස් හෝ කුකුළු මස් ද යොදන අවස්ථා තිබේ.
මේ පිලිබඳ විවිධ මතවාද ඇති අතර නේපාලයෙන් චීනයට ගිය නේවාර් වෙළෙන්දෙක් චීනයෙන් මෙහි වට්ටෝරුව රැගෙන ආ බවක් කියවේ.පහළොස්වන සියවසේ අගභාගයේදී ටිබෙට් රජෙකු සමඟ විවාහ වූ නේපාලයේ නෙවාරි කුමරියක් විසින් මෝමෝ ටිබෙටයට හඳුන්වා දුන් බවට සමහරු තර්ක කරති.මොමෝස් අරුණාචලම් ප්‍රදේශයේ ජනප්‍රියතම ආහාරයකි.
7. කහ්ර්සි (Kharzi )
හාල්,චීස්, ළුණු, කැරට්මිරිස් සහ තවත් අමුද්‍රව්‍ය යොදා සාදන කහර්සි ප්‍රණීත ආහාරයකි.බත් වෙනම පිස චීස් මිශ්‍රණය වෙනම පිස දෙක එකට කලවම් කර මෙය සාදන බව කියවේ.මෙය රසවත් කිරීමට සහ අලංකාරයක් ලෙස මුන් ඇටසහ ළුණු භාවිත කරයි.
8.පෝචා - Butter Tea (Po cha)
පෝචා යනු හිමාචල් පෙදෙසේ බටර් යොදා සාදානු ලබන තේය.අරුණාචලම් ප්‍රදේශයේ මෙය සාදන්නේ පළමුව කළු තේ තම්බා කිරිවත් කර පෙරිමෙනි.යක් කිරි බටර් සහ ළුණු මදක් එකතු කරන අතර
මෙය නේපාලය ටිබෙටය, පකිස්ථානය විශේෂයෙන් ගිල්ගිට්-බල්ටිස්තානය) සහ උතුරු කයිබර් පක්තුන්ක්වා, ඇෆ්ගනිස්ථානය, කසකස්තානය, ටජිකිස්තානය, නැගෙනහිර තුර්කෙස්තානය, ටිබෙට් සහ නූතන චීනයේ බටහිර ප්‍රදේශ, මධ්‍යම ආසියාව සහ කැරිබියන් ප්‍රදේශයන් හි ජනප්‍රිය උණුසුම් පානයකි.
පිටුවහල් කරන ලද ටිබෙට් ජාතික ටෙන් ෆුන්ගේ කවි පොතක මාතෘකාවේ බටර් තේ ගැන සඳහන් වේ.ඔහු ඉපදුනේ ටිබෙටයේය.ඔහු විසින් රචිත Sweet Butter Tea: A Book of Poems පොතේ ඔහුගේ ළමා කාලය පිලිබඳ කවි අඩංගු වන අතර ඔහු ඉංග්‍රීසි බසින් පල කල පළමු කවි පෙළ වේ.මේ නිසා ඉන්දියාවේ ධර්ම ශාලාවේ ඔහුගේ මිතුරන් ඔහුව "පැණි බටර් " යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූහ.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........