Wednesday, March 15, 2023

චින්ත්පුර්නි සිද්ධස්ථානය.

 




ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයෙහි ඌනා දිස්ත්‍රික්කයෙහි පිහිටි චින්ත්පුර්නි සිද්ධස්ථානය ප්‍රධාන ශක්ති පීට 7න් එකක් වන අතර මාතා ශ්‍රී චීන්මස්තික ලෙස හඳුන්වන චින්ත්පුර්ණ දෙව් මෑණියන්ට කැප කර ඇත.මෙහි පිණ්ඩි දේවතාවිය ලෙස (Phallic Formහි කඳින් වෙන්වුන හිසක් සහිතව චින්නමස්තික යන්නෙහි තේරුමද හිස නැති තැනැත්තා යන්නයි.දේවත්වය මත හිසක් නැති වීමෙන් මනස ශරීරයෙන් වෙන් වීම යන්න අදහස් කරන අතර එයින් ශරීරයේ භෞතික සීමාවන්ගෙන් සවිඥානිකආත්මයේ නිදහස පෙන්නුම් කරයි.

හින්දු පුරාවෘත්තයට අනුව මෙම දේවතාවිය දුර්ගා දේවතාවියගේ අවතාරයක් බවද කියවේ.චින්මස්තික දේවිය උතුරු,දකුණු නැගෙන හිර කේන්ද්‍රයේ සිට උතුර,දකුණ.,නැගෙනහිර සහ බටහිර ඇති ශිව දේව මාලිගා වලින් ආරක්ෂා කරන අතර ඒවා චින්තපුර්නි දෙවොලට සම දුරින් පිහිටා ඇත.තම සිතුම් පැතුම් ඉටු කර ගැනීමටත් ,කරදරවලින් නිදහස් වීමටත් දේවියගේ ආශීර්වාදය පතා බැතිමතුන් දෙමේ පිලිබඳ ඇති දෙවොලට නිතර පැමිණේ.මේ පිළිබඳව ඇති ගැඹුරුම විශ්වාසය වන්නේ පිරිසිදු මනසකින් සහ හදවතින් තමන් වෙත පැමිණෙන බැතිමතුන්ව දේවතාවිය විසින් කලකිරීමකට පත් නොකරන බවයි.

චිත්තපුර්ණි සිද්ධස්ථානයේ ඉතිහාසය ගත් කල පරම්පරා 26 කට පෙර චප්රෝ (Chapro) ගම්මානයේ විසු බ්‍රහ්මණයකු  වූ පණ්ඩිත් මා දාස් (pandith Mai Daas) විසින් පිහිටවූ බව කියවේ.ඔහුගේ පරම්පරාව තවමත් ඒ නගරයේ වාසය කරන අතරම මේ දක්වාම පන්සලේ නිල පුජකවරුන් ඔවුන් වේ.

මෙහි මිත්‍යා කතාවට අනුව චින්තපුර්නි දේවාලය ශිවගේ බිරිඳ වූ සතිගේ කතාව ඇතුලත් ශක්ති පීක් 51 න් එකකි.ඇයගේ පියා යාඤාවක් සංවිධානය කල පසු ශිව දෙවියන්ට හිතා මතාම නිග්‍රහ කර ඔහු තාපසයකු බවත් තම දියණිය වූ සහිත ඔහු නොගැලපෙන බවත් කිවේය.ඉන් ශෝකයට පත් සති පියා හා අමනාවපව යග ගින්නට පැන මිය ගියාය.in කෝපයට පත් ශිව සතිගේ සිරුර ඔහුගේ උරහිස් මත තබාගෙන කෝපව වේගයෙන් තාණ්ඩව් හෙවත් විනාශයේ නර්තනය ආරම්භ කළේය.ශිව විශ්වය විනාශ කිරීම සහ මැවීම වැලක්වීමට විෂ්ණු දෙවිඳුන් තම කව පෙත්තෙන් මල සිරුර කැබලි 51 කට කපා විසිකරන ලද ස්ථාන ශක්ති පීථ නම් බව කියවේ.චිත්ත පුර්ණ දේවාලය නිර්මාණය කර ඇත්තේ සතිගේ පාදවල කැබලි වැටුන ස්ථානයේය.


දේවතාවියගෙ ආත්ම පරිත්‍යාගය මෙන්ම දිවය පරමාර්තකාමිත්වය පෙන්නුම් කරයි.පුරාවෘත්තයන්ට අනුව චණ්ඩ දේවිය දරුණු සටන් දෙකකින් පසුව දැඩි ලේ පිපාසාවකින් සිටි අතර එය සංසිදුවා ගැනීමට ඇය විසින්ම තම ගෙල කපා ගත් බව කියවෙන අතර ධමනි වලින් පිටවන රුධිරය සමග යෝගින්ව පෝෂණය කරන ඇගේම හිස අල්ලාගෙන සිටිනු නිරුපණය කෙරේ.

මෙම සිද්ධස්ථානයේ සිදුවන සියලුම පුජා, මංගල උත්සව , හින්දු වන්දනා වල ප්‍රධාන වාර්තා තබාගෙන ඇති අතර එම වාර්තා සියල්ලම ඇමරිකා  එක්සත් ජනපදයේ Utha හි Genealogical Societyසමගම විසින් Micro රුගත කිරීම් කර ඇත.

දේවාල අභ්‍යන්තරයේ ගර්භ ග්‍රහය පිහිටා ඇති අතර චින්ති මාතාවගේ සිරුර පිණ්ඩි ආකාරයෙන් තබා ඇත.බැතිමතුන් කැවිලි, ගිතෙල්, මල්, පොල් ආදිය පූජා කර දෙවියන්ට නමස්කාර කරති. නවරාත්‍රි සමයේදී මෙම විහාරස්ථානය ජීවමාන වන්නේ මහා පොළවල් සහ මෙම කාල සීමාව තුළ බොහෝ උත්සව පැවැත්වීමෙනි.

මේ පුජාවන් හේතුවෙන් දේවතාවියගේ නමට ගැලපෙනම පරිදි භක්තිකයින්ගේ දුක් දොම්නස් සියලුම de සිතින් දුරුවී ගගොස් මනස සැහැල්ලු වන්නේ නමේ අර්ථය පරිද්දෙන්මය.

සේයා රු අන්තර්ජාලයෙනි.

මුලාශ්‍ර 

https://www.astroved.com/astropedia/en/temples/north-india/chintpurni-temple

නිලක්ෂි බණ්ඩාර 

16/03/2023

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........