ඉන්දියානු අහාර සංස්කෘතිය ගත් කළ ඉන්දියානු උප මහාද්වීපය වටා ඇති පුළුල් පරාසයක කලාපිය සහ සම්ප්‍රදායික ආහාර වර්ග අයත් වේ.දේශගුණය, සංස්කෘතීන්, උප සංස්කෘතීන් , ජනවාර්ගික කණ්ඩායම් සහ වෘත්තීය වෙනස්කම් මෙම අහාර සංස්කෘතිය කෙරහි විසල් වශයෙන් බලපාන අතර අහාර පිසීමට දේශීය කුළුබඩු ,ඖෂධ පැලෑටි ,එළවලු සහ පලතුරු භාවිතා කරයි.
හින්දු, බෞද්ධ සහ ජෛනාගමකියින් නිර්මාංශ හෝ එළවලු ආහාර පමණක් පරිභෝජනය කරයි.එලෙසම ආක්‍රමණ ,ආර්ථික සම්බන්ධතා සහ යටත් විජිතකරණය යන සියල්ල මේ අහාර වර්ගීකරණයට හේතු විය.ක්‍රිස්ටෝපර් කොලම්බස් විසින් නව ලෝකය සොයා ගැනීම ඉන්දියානු අහාර සංස්කෘතියට නව ආහාර සංකල්ප එකතුවීමට බෙහෙවින් බලපෑවේය.උදාහරණයක් ලෙස, අර්තාපල්, මිරිස්, රටකජු, තක්කාලි සහ පේර, දකුණු ඉන්දියානු ආහාර සහ උතුරු ඉන්දියානු ආහාර වැනි බොහෝ ඉන්දියානු ප්‍රදේශවල ප්‍රධාන ආහාර බවට පත්ව ඇත.
ඉන්දියානු ආහාර පිසීමේ ඉතිහාසය ගත් කල
බොහෝ ඉන්දියානු ව්‍යංජන බැදීමට එළවලු තෙල් භාවිතා කරයි.රට කජු තෙල් දිගු කලක් පුරාවට උතුරු ඉන්දියාවේ මෙන්ම දකුණු ඉන්දියාවේ සහ බටහිර ඉන්දියාවේ ආහාර බැදීම සඳහා භාවිතා කරන අතර ,නැගෙනහුරා ඉන්දියාවේ අබ තෙල් මේ සඳහා භාවිතා කරයි.පොල් තෙල්, තල තෙල් දකුණු ඉන්දියාවේ බහුලව භාවිත කරන අතර සුරියකාන්ත සහ සොයා බෝංචි තෙල් මෑත දශක කිහිපය තුළ ඉන්දියානු ආහාර කර්මාන්තයේ බහුලව ජනප්‍රිය වී ඇත.වනස්පති ගිතෙල් හෝ හයිද්‍රජනීකෘත එළවලු තෙල් ,දේශීය ගිතෙල් භාවිතා කරයි. එමෙන්ම මිරිස්,ගම්මිරිස්,අබ,දුරු ,රායි,කහ (හල්ඩි, මංජල්) දුරු හෝ ජිරා,මාදුරු ,මෙති /ඉඟුරු ,හින්ග් ,පෙරුන්කායම් සහ සුදුළුනු ඉන්දියානුවන් ප්‍රධාන වශයෙන් ආහාරයට එකතු කරන දෑ වේ.
ඉන්දියානු ආහාර පිසීමේ ඉතිහාසය ගත් කල
බොහෝ ආහාර සහ සංස්කෘතික සාධක හඳුන්වා දී ඇත්තේ පුළුල් සංක්‍රමණ සහ පරම්පරා ගනනාවක් පුරා සංස්කෘතික අන්තර් සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.ගැඹුරු නිවර්තන කලාපයේ සිට ඇල්පයින් දක්වා වෙනස් වන ඉන්දියාවේ අද්විතීය පරිසරය නිසා, එහි බොහෝ සූපශාස්ත්‍ර පාසල් සඳහා විවිධ සම්පත් පරාසයක් පහසුවෙන් ලබා ගත හැකිය.බොහෝ අවස්ථාවලදී ආහාර ආගමික සහ සමාජීය අනන්‍යතාවයේ සලකුණක් බවට පත්ව ඇත.
අතීතයේ පටන් ඉන්දියාව කෘෂිකර්මාන්තය පදනම් කර ගත් රටකි,දඩයම් කිරීම ,පලතුරු , එළවලු ,මස්, ධාන්‍ය නිෂ්පාදනසහ මි පැණි වෛදික යුගයේ අහාර වේලෙහි ප්‍රධාන කොටස් විය. මහා භාරතයේදී සහල් සහ එළවලු එකට පිස ඇත. Yjavalkya Smti වැනිපුරා පුරාණ සංස්කෘතික ලේඛන වලට අනුව අහාරා විස්තර කිරීමට "පුලාඕ " සහ පල්ලාඕ " යන වචන භාවිත කර ඇත.පැරණි ඉන්දියානු සුවතා දර්ශනයක් වන ආයුර්වේදයේ ආහාර.
,ධ්‍යාන සහ යෝග ඇතුලත් ව සෞඛ්‍ය සඳහා විසල් කරුණු සහ ක්‍රියාකාරකම් අන්තර් පුළුල් ප්‍රවේශයක් ඇතුලත් කර ඇත.
16 වන සියවසේදී එනම් මෝගල් යුගයේදී පර්සියානු ආක්‍රමණ සහ මෝගල් පාලනය ඉන්දීය අහාර සංස්කෘතියට විසල් බලපෑමක් ඇති කල යුගයකි. ඉන්දියාවේ සිදුවූ ඉස්ලාමිය ආක්‍රමණයෙන් පසු නිර්මාංශ නොවන ආහාර පිට රටින් ප්‍රවාහනය කරමින් මුග්ලායි ආහාර සංස්කෘතිය ඇරඹිණි. ඇප්රිකට් ඇට , පීච් , කොමඩු ,ග්‍රේවී ,පිලාෆ් , සහ කෙබාබ් වැනි නිර්මාංශ ආහාර අපනයනය කරන ලදී.මොගල්වරුන් විශිෂ්ඨ කෝකියන් වන අතර ජහන්ගිර් සහ සාජහන් පාලන සමයේදී ,මොවුන්ගේ පිසීමේ කුසලතා දැකිය හැකි විය. මුගල් අහාර යනු ඉන්දියානු සහ මධ්‍යම ආසියානු සම්මිශ්‍රණයකි.
යටත් විජිත යුගයද බ්‍රිතාන්‍යයන් සහ පෘතුග්‍රීසි ජාතිකයින් විසින් නව ලෝකයෙන් සහ යුරෝපයෙන් වීවිධ ආහාර ශිල්පිය ක්‍රම සහ අහාර වර්ග ඉන්දියාවට එක් කල යුගයකි.තක්කාලි, අර්තාපල්, අර්තාපල් ස්කොෂ් ,පැණිරස රටකජු ,සහ මිරිස් ඉන්දියානු ආහාරවල අඩංගු නව ලෝකයේ අහාර කිහිපයකි.නිරාහාර දිනවලදී බතල,අර්මන්ට් ,රටකජු සහ මයියොක්කා සගෝ වැනි අහාරද ඇතුලත් වේ. බ්‍රිතාන්‍යයන් විසින් 1822 දී වට්ටක්කා හඳුන්වා දෙන ලදී.
ස්කොට් ජාතික රොබට් ලින්ඩ්සේ විසින් 18 වැනි ශතවර්ෂයේ අග භාගයේ හෝ 19 වැනි සියවසේ මුල් භාගයේදී ලියන ලද ස්වයං චරිතාපදානයක ලින්ඩ්සේ පවුලට ව්‍යංජනයක් පිස දුන් සායිඩ් උල්ලා නම් සිල්හෙටි මිනිසා ගැන සඳහන් කර ඇත.එක්සත් රාජධානියේ ඉන්දියානු අහාර පිලිබඳ සඳහන් පැරණිතම සාක්ෂිය මෙය වේ.
ඉන්දියානු අහාරයේ මුලද්‍ර්වය වන්නේ සහල් ,ආටා, සම්පුර්ණ තිරිඟු පිටි සහ ධාන්‍ය වර්ග රාශියක් ප්‍රමුඛ වූ අතර මසුර් , රතු පරිප්පු ,චානා හෝ බෙංගාල ග්‍රෑම් ටූර් එනම් පරවී ඇට හෝ කහා උරාඩ් හෝ මුං
බොහෝ ඉන්දියානු ව්‍යංජන බැදීමට එළවලු තෙල් භාවිතා කරයි.රට කජු තෙල් දිගු කලක් පුරාවට උතුරු ඉන්දියාවේ මෙන්ම දකුණු ඉන්දියාවේ සහ බටහිර ඉන්දියාවේ ආහාර බැදීම සඳහා භාවිතා කරන අතර ,නැගෙනහුරා ඉන්දියාවේ අබ තෙල් මේ සඳහා භාවිතා කරයි.පොල් තෙල්, තල තෙල් දකුණු ඉන්දියාවේ බහුලව භාවිත කරන අතර සුරියකාන්ත සහ සොයා බෝංචි තෙල් මෑත දශක කිහිපය තුළ ඉන්දියානු ආහාර කර්මාන්තයේ බහුලව ජනප්‍රිය වී ඇත.වනස්පති ගිතෙල් හෝ හයිද්‍රජනීකෘත එළවලු තෙල් ,දේශීය ගිතෙල් භාවිතා කරයි. එමෙන්ම මිරිස්,ගම්මිරිස්,අබ,දුරු ,රායි,කහ (හල්ඩි, මංජල්) දුරු හෝ ජිරා,මාදුරු ,මෙති /ඉඟුරු ,හින්ග් ,පෙරුන්කායම් සහ සුදුළුනු ඉන්දියානුවන් ප්‍රධාන වශයෙන් ආහාරයට එකතු කරන දෑ වේ.
ගරම් මසාලා ජනප්‍රිය කුළුබඩු කාරකයක් වන අතර කුළුබඩු වර්ග කිහිපයක මිශ්‍රණයකි.මහා රාෂ්ට්‍රයේ ගොඩා මසාලා ද එවැන්නකි.තේජ්පාට් හෝ කැසියා කොළ ,මහදුරු කොළ ,කොත්තමල්ලි සහ මින්ට් කොළ ,කරපිංචා කොළ ද ප්‍රධාන අමුද්‍රව්‍ය වේ.එමෙන්ම එනසාල්,කුංකුම ,සාදික්කා සහ රෝස පෙතිද බොහො අහාර වලට යොදනු ලබයි,
අන්ද්‍රා ප්‍රදේශයේ එහි නිෂ්පාදිත කුළුබඩු සහ සියඹලා භාවිතය වැඩි අතර බත් ප්‍රධාන ආහාරය වේ.පරිප්පු සහ පුලුසු හෝ ඉස්ටුවක් සමගින් කුළුබඩු යෙදු එළවලු ආහාරයක් පිසිනු ලබයි.
පුළුසු
මෙහි පරිප්පු වලට වැඩිපුරම බෝතාල් සහ වම්බටූ වැනි කොළ පැහැ එළවලු එකතු කරන අතර අඹ අච්චාරු හෝ අවකාය සහ මාගයා ,ගොන්ගුරා සහ සොරෙල් කොළ යොදා සදන අච්චාරුවක් හෝ ගුස්බෙරි (usirikaya ) හෝ (nimmakaya) දෙහි අම්ල යෙදු තක්කාලි අච්චාරුද ජනප්‍රිය අහාර අංගයක් වෙයි,
මගායා අච්චාරු
අවකාය
මුලාශ්‍ර
https://asian-recipe.com/food-culture-history-4673
සේයා අන්තර්ජලයෙන්නි.,
නිලක්ෂි බණ්ඩාර
21/03/2023
ඉන්දියන්යැයි කියන කෑම වලිව් මුස්ලිම් මිනිස්සු හඳුන්වාදුන් කෑම විතරයි පිරියක් ඇතුව කන්න පුළුවන්. අනිත් කෑම නිකම්ම රයිස් ඇන්ඩ් කරි විතරයි. ඉඳකිං
ReplyDeleteමල්ලි බිරියානි නැතුව වෙන දෙයක් හරි හමන් හෝටලේකින් (හරි ගෙදරකින් හරි) කාල නැතුව වගේ.
Deleteවැඩිය ඕනේ නෑ, පිටකොටුවේ සයිවර් කඩවලින් නැතුව මල්ලි නියම ඔරිජිනල් සාම්බාරුවක් කාල තියෙනවද? ඒවත් ඉන්දියන් තමා මල්ලි.
මුලින්ම කියන්න ඕනි මම මල්ලි කෙනෙක් නෙමෙයි.
Deleteමට අවශ්‍ය උනේ ඉන්දියානු ආහාර සංස්කෘතිය ගැන ලියන්න පමණයි.ඒ හැරෙන්න අනවශ්‍ය වල්පල් මට අදාළ නැහැ.ලිපියෙ මාතෘකාවට අඩංගු විය යුතු පමණයි මට වැදගත්.
ඕ ඕ වෙරි සොරි. මල්ලි කිව්වේ පළමු කොමෙන්ටුව ලියූ රයිස් ඇන්ඩ් කරි පමණයි කියූ කෙනාට.
Deleteමේ
DeleteAnonymous දෙන්නෙක්ද ?