Sunday, March 12, 2023

ඉන්දියාවේ පලමු කාන්තා ජනපතිනිය... ප්‍රතිභා දේවාසිං පටෙල්


 ප්‍රතිභා පටෙල් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ජල්ගොන් හිදී 1934 දෙසැම්බර් 19 වැනි දින උපත ලබන අතර මුල්ජි ජයිතා විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව පිලිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තාය.
ඉන්පසු මුම්බායි හි රජයේ නීති විද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගත් ඇය ඉන්දීය ජාතික කොංග්‍රසයට සම්බන්ධ වී 1962 දී මහාර්ෂ්ට්‍ර ව්‍යවහස්තාදායක සභාවේ මන්ත්‍රීවරියක් ලෙසින් දේශපාලනයට පිවිසෙන ලදී.එහිදී ඇය මහජන සුබ සාධක සහ සෞඛ්‍ය සහ සුබ සාධන ඇමතිනිය ලෙස ක්‍රියා කල අතර තම පක්ෂයට ඉතාමාත් ලැදි නායිකාවක් විය.
1985 දී ඇය ඉන්දියානු රාජ්‍ය සභාවේ (ඉන්දියානු පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ) අසුනක් දිනු අතර 1986-1988 දක්වා ඇය එම මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිනිය ලෙස කටයුතු කළාය.1990 දී ඉන් ඉවත්වූ ඇය අමරාවතී නියෝජනය කරමින් ලෝක් සභාවට(පහල මන්ත්‍රී මණ්ඩලය) ට  තේරී පත්වුණ අතර සිය පස් අවුරුදු ධුර කාලය අවසන් කරමින් කෙටි කලකට දේශපාලනයෙන් සමු ගත්තාය.නමුත් 2004 දී නැවතත් ඇය වයඹ දිග රාජස්තාන් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙස නැවත රාජ්‍ය සේවයට පැමිණියාය.

ගාන්ධි පවුල සමග ඇගේ තිබු දැඩි සම්බන්ධතාවය නිසාවෙන් ඇය කොංග්‍රස් පක්ෂ නායිකාව වූ සෝනියා ගාන්ධිගේ ප්‍රියතම චරිතයක් විය. 2007 දී චාරිත්‍රානුකුල ජනාධිපති අපේක්ෂක ධුරයට පටිල්ගේ නම ඉදිරිපත් වුන අතර ජුලි මාසයේදී ඇය ජනාධිපතිනිය ලෙසින් බලයට පත්විය.

ඇය නාගරික සමුපකාර බැංකු සහ ඉන්දීය ජාතික සමුපකාර සංගමයේ සාමාජිකාවක් ලෙසද මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ කමිටුවේ සභාපතිනිය ලෙසද ක්‍රියා කළාය.ඇය  නයිරෝබි සහ පුවර්ටෝ රිකෝහි පැවති සමාජ සුබ සාධනය පිලිබඳ ජාත්‍යන්තර කවුන්සිලයටද සහබාගි විය.1985 දී ඇය බල්ගේරියාවේ සමස්ත ඉන්දීය කොංග්‍රස් කමිටු (Alcc) නියෝජිත කණ්ඩායමේ සාමාජිකාවක් වූ අතර 1988 දී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය මුලාසන නිලධාරීන්ගේ සමුළුවේ සමාජිකාවියක් ද විය.ඔස්ට්‍රියාවේ කාන්තා පිලිබඳ සමුළුවට නායකත්වය දෙන ලදී.1995 චීනයේ බීජිං නුවර පැවති ලෝක කාන්තා සමුළුවේ නියෝජිතවරියකි.

එමෙන්ම ඇය විවිධ සමාජ සේවා කටයුතු වලද යෙදුණු අතර දිළිඳු කාන්තාවන් සවිබල නැංවීම සඳහා බොහෝ කැපවිය.සමාජයේ අඩු වරප්‍රසාදිත කොටස්වල සුබ සාධනය සඳහාද කටයුතු කළාය.

මුම්බායි සහ දිල්ලියේ කාන්තාවන් වෙනුවෙන් නේවාසිකාගාර තැනීම,

ග්‍රාමීය තරුණයින් සඳහා ජලගොන්හි ඉංජිනේරු විශ්ව විද්‍යාලයක් ,

දෘෂ්‍යාබාදිතයින් සඳහා කාර්මික පුහුණු විද්‍යාලයක් ,

අමරාවතී ප්‍රාන්තයේ විමුක්ති ජාතිකයින්ගේ (සංචාරක ගෝත්‍රිකයින්) දුප්පත් දරුවන් සහ පසුගාමී පන්ති වල ළමුන් සඳහා පාසල් තැනීම

 මහාරාෂ්ට්‍රයේ අමරාවතී හි ක්‍රිෂි විද්‍යන් කේන්ද්‍ර (ගොවි පුහුණු මධ්‍යස්ථානයක් ) පිහිටුවීම, මහිලා ආර්ථික් විකාස් මහා මණ්ඩලය පිහිටුවීමේ පුරෝගාමිත්වය දැරීය.

මුලාශ්‍ර :

https://www.councilwomenworldleaders.org/pratibha-patil.html

http://pratibhapatil.nic.in/profile.html.

https://awpc.cattcenter.iastate.edu/directory/pratibha-d-patil/

නිලක්ෂි බණ්ඩාර - 

03/12/2023




2 comments:

  1. ඉන්දියාවේ ජනාධිපති කෙනෙකුට වැඩි බලයක් නැතත් සෑහෙන වැඩක් කරලා තියෙනවා නේ

    ReplyDelete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........