නුටාන් සමර්ත් 1936 ජුනි 4 වැනි දින ඉන්දියානු කවියකුද, සිනමා අධ්‍යක්ෂකවරයකුද වූ කුමාර්සෙන් සමර්ත් සහ බිරිඳ වූ ශෝභානාගේ වැඩිමහල් දියණිය ලෙස උපත ලැබීය.13 හැවිරිදි නුටාන් තම සිනමා ගමන ආරම්භ කලේ1950 දී තිරගත වූ කේ අසීෆ් ගේ " හමාරා බෙටී යන චිත්‍රපටයෙනි. එම චිත්‍රපටය ඇයගේ මවගේ අධ්‍යක්ෂණය කරන ලද නිර්මාණයකි.
කුඩා කල විලා තෙරේසා පාසලෙන්ද ,බැංගලෝර්හි බෝල්ඩ්වින් කාන්තා පාසලෙන්ද අධ්‍යාපනය ලැබූ ඇය කුඩා කළ සිටම රංගනයට හා වාදනයට බෙහෙවින් ප්‍රියතාවයක් දැක්වූවාය.ජගන්නාද් ප්‍රසාද්ගෙන් සිවු වසරක් සංගීතය හැදෑරු ඇය La Chatelaine පාසලට සම්බන්ධ වීමට ඇය ස්විස්ටර්ලන්තයට ගිය අතර චැට්ලෙන් පාසලෙන් අධ්‍යාපනය ලබා නැවතත් මව් රටට පැමිණ චිත්‍රපට තුනකට සම්බන්ධ විය. 1955 දී ඇය රඟපෑ "සීමා" චිත්‍රපටය " ඇගේ සිනමා දිවියේ පෙරළියක් ඇති කල චිත්‍රපටයයි.
1951 දී මිස් ඉන්දියා කිරුල දිනු ඇය 1958 දී දිල්කා තග් චිත්‍රපටයේ රඟ පෑවාය. මෙලෙස දශක 4ක් පුරාවට දිවෙන වෘත්තීය දිවිය තුළ ප්‍රේම වෘත්තාන්තයන් ,සාහිත්‍ය අනුවර්තනයන් , මනෝ විද්‍යාත්මක සහ සමාජ- යථාර්ථවාදී නාට්‍ය දක්වා වූ ප්‍රභේදයන්ගෙන් යුතු විශාල නිෂ්පාදන සහ කලාත්මක චිත්‍රපට යන දෙවර්ගයෙහිම ප්‍රධාන චරිතය ලෙස චිත්‍රපට 80 කට අධික ප්‍රමාණයක රඟ පා ඇත.
1951 දී ඇය නාගිනා (Nagina ) සහ හම් ලොග් ( Hum Log) හි රඟපෑවාය.1960- 1970 දක්වා ඇය ප්‍රමුඛ චරිත නිරුපණයන් සිදු කල අතර 1959දි තිරගත වූ සුජාතා චිත්‍රපටය වෙනුවෙන් ඇය තවත් සම්මාන 4ක් දිනා ගන්නා ලදී.
එමෙන්ම 1963 දී මිලාන් චිත්‍රපටය වෙනුවෙන්ද , 1978 මේන් තුල්සි මෙරේ ආංගන් කි චිත්‍රපටය වෙනුවෙන්ද ඇයට සම්මාන ලැබුණි. මෙම යුගයේ ඇයගේ අනෙකුත් චිත්‍රපට අතර
Anari (1959),
Chhalia (1960),
Tere Ghar Ke Saamne (1963),
Khandan (1965),
Saraswatichandra (1968),
Anuraag (1972) සහ Saudagar (1973) ඇතුළත් වේ..
ඇය Saudagar හි අමිතාබ් බච්චන් සමඟ රඟපෑවාය, ඒ සඳහා ඇයට හයවන ෆිල්ම්ෆෙයාර් නාමයෝජනා සහ තුන්වන BFJA සම්මානය හිමි විය.
1980 ගණන් වලදී නුටාන් චරිතාංග චරිත නිරුපණයට යොමු වූ අතර Saajan Ki Saheli (1981), Meri Jung (1985) , Naam (1986) යන චිත්‍රපට වල මවගේ චරිතය රඟපෑවාය.Meri Jung හි සිදුකල විශිෂ්ඨ රංගනය වෙනුවෙන් , හයවන සහ හත්වන ෆිල්ම් ෆෙයා සම්මානයද , හොඳම සහය නිලියට හිමි සම්මානයද හිමි විය.
රවින්ද්‍ර ඩේව්ගේ ත්‍රස්තජනක චිත්‍රපටයක් වූ නාගිනා හි ඇය කල රංගනය සුවිශේෂිය.ඇයගේ අතිශය සාර්ථක වූ පලවෙනි වාණිජ චිත්‍රපටය වේ.Zia Sarhadi විසින් අධ්‍යක්ෂණය කල එමම චිත්‍රපටය මධ්‍යම පන්තික පවුලකින් පැවැත එන ලේඛිකාවක් වටා ගෙතුණු අතර එහි පාරෝ ලෙස රඟපෑවේ නුටාන්ය.1960 සහ 1970 ගණන් වලදී, Chhalia (1960), Saraswatichandra (1968), Devi (1970) සහ Main Tulsi Tere Aangan Ki (1978) ඇතුළු තවත් බොහෝ සාර්ථක චිත්‍රපට රැසක ඇය තම දස්කම් පෙන්වන ලදී.
බිමල් රෝයි අධ්‍යක්ෂණය කල බන්ධනී චිත්‍රපටය සමාජ යථාර්තවාදී සිනමා නිරුපණයක් වන අතර 1963 දී ජරාසන්ධ විසින් රචිත බෙංගාලි නවකතාවක් වූ Tamasi එයට පාදක වී ඇත.එය සාර්ථක වූ විවේචනාත්මක චිත්‍රපටයක් වූ අතර නුටාන් ඒ සඳහා හොඳම විචාරයන් ලබා ගත්තේ ඉන්දියානු සිනමා සාහිත්‍යයේ විශිෂ්ඨතම රංගනයක් ලෙසිනි.බෙංගාල චිත්‍රපට මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් වසරේ තුන්වන හොඳම ඉන්දියානු චිත්‍රපටය ලෙස බන්දිනී ශ්‍රේණිගත කරන ලද අතර එහි හින්දි අංශයේ හොඳම නිළියට හිමි සම්මානය නූටන් විසින් ලබා ගන්නා ලදී.
එහි "80 Iconic Performances" ලැයිස්තුවේ ඇය සිදු කල රංගනය අනුපමා චොප්රා විසින් ඇයගේ "මෙතෙක් නිර්මාණය වූ හොඳම හින්දි චිත්‍රපට 20" ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, කල්‍යාණිව "හින්දි සිනමාවේ වඩාත් සංකීර්ණ සහ සම්පුර්ණයෙන්ම අවබෝධ කරගත් කාන්තා චරිතයක්" ලෙස හඳුන්වමින්, එය "ජීවිතයේම භූමිකාව" වූ "මුහුණු" ලෙසින් නම් කළහ.
2013 දී Forbes India, Nutan ගේ රංගනය "ඉන්දියානු සිනමාවේ විශිෂ්ටතම රංගන රංගනයන් 25 න් එකක්" ලෙස ලැයිස්තුගත කර ඇති අතර, ඇයගේ කාර්යය "ඉන්දියානු සිනමාවේ ප්‍රධාන නිළියකගේ හොඳම රංගනය" ලෙස ප්‍රශංසා කරනු ලදී.
1978 දී, Main Tulsi Tere Aangan Ki (1978) චිත්‍රපටයේ ධර්මිෂ්ඨ සංජුක්තා චෞහාන් ලෙස ඇය විස්මිත ලෙස නැවත තිරයට පැමිණියාය. මෙම රංගනය සඳහා ඇය අටවන ෆිල්ම්ෆෙයාර් නාමයෝජනා ලබා ගත් අතර වයස අවුරුදු 42 දී හොඳම නිළිය සඳහා ඇයගේ පස්වන ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනා ගත්තාය. මේ අනුව ඇය ෆිල්ම්ෆෙයාර් හි හොඳම නිළිය සඳහා සම්මාන පහක් දිනා ගනිමින් එම කාණ්ඩයේ වාර්තා තබන ලදී. වයස අවුරුදු 42 දී ඇය මෙම සම්මානය දිනාගත් වයස්ගතම තැනැත්තා ද වේ. ඇගේ 40 ගණන්වල දැවැන්ත සාර්ථකත්වයක් සමඟ ප්‍රධාන චරිත නිරූපණය කළ ඇගේ පරම්පරාවේ එකම නිළිය නූටන් විය හැකිය.
ඇය 1991 දී පිළිකාවකින් මිය ගියාය. ඇගේ චිත්‍රපට දෙකක් වූ Naseebwala (1992) සහ Insaniyat (1994) ඇගේ මරණයෙන් පසුව නිකුත් විය. ඇය රූපවාහිනී තිරයේ සිදුකල ඇගේ එකම භූමිකාව වූ මුජ්රිම් හසීර් රූපවාහිනී කතාමාලාවේ කලිගන්ජ් කි බාහු ලෙස ද විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළාය.
1959 ඔක්තෝබර් 11 දින නූටන් ඉන්දියානු නාවික හමුදාවේ ලුතිනන්-කමාන්ඩර් රාජ්නිෂ් බාල් සමඟ විවාහ වූ අතර ඔවුන්ගේ එකම පුත්‍රයා මොහ්නිෂ් 1961 දී උපත ලැබීය. ඔහු රූපවාහිනී සහ චිත්‍රපට නළුවෙකු බවට පත්විය. ඔහුගේ දියණිය වූ (නූටන්ගේ මිනිබිරිය) ප්‍රනූතන් බාල් ද බොලිවුඩ් නිළියකි. නූටන් දඩයම් කිරීමට ප්‍රිය විය. නූටන් 1990 දී පියයුරු පිළිකාවක් හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගන්නා ලදී. 1991 පෙබරවාරි මාසයේදී ඇය අසනීප වූ පසු මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කරන ලදී. ඒ වන විට ඇය ගරාජ්නා සහ ඉන්සානියත් රූගත කරමින් සිටියාය. ඇය පෙබරවාරි 21 දින මෙලොවින් සමුගත්තාය.
මුලාශ්‍ර
https://en.wikipedia.org/wiki/Nutan
https://www.hindustantimes.com/entertainment/bollywood/when-nutan-was-told-she-was-an-ugly-child-mother-shobhana-comforted-her-101676900935340.html
සේයා රූ අන්තර්ජාලයෙනි.
නිලක්ෂි බණ්ඩාර
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........