අත්කම් නිෂ්පාදන යනු ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ ගම්බද මෙන්ම නාගරික ප්‍රදේශ වලටද ආවේණික වූ ඉන්දියානු කර්මාන්ත ක්ෂේත්‍රයේ පැතිකඩකි. සෘග් වේද යුගයේ පටන් ආර්යයන් ඉන්දියානු උප මහාද්වීපය වටා යාත්‍රා කර තිබු අතර ප්‍රථමයෙන්ම බුරුමය ,මලයාව සහ ඉන්දුනීසියාව සහ මලයාව ප්‍රථමයෙන්ම වාණිජ සම්බන්දතා ඇති කර ගෙන තිබුණි.ක්‍රිස්තු පුර්ව 2600-1900 අතර කාලයේදී නාගරික මධ්‍යස්ථාන වල පිබිදීමත් සමගම ඉන්දියාවේ අතිරික්ත කෘෂිකර්මික නිෂ්පාදනයේ වර්ධනයක් ලෙස රෙදිපිළි කර්මාන්තය දියුණු විය.
මෙකල රෝම අධිරාජ්‍යයට පෙරදිගින් සැපයෙන සුඛ විහරණ භාණ්ඩ වඩාත්ම උවමනා විය.ගුප්ත යුගයට පෙර සිටම චීනය සමග වෙළඳ සම්බන්ධතා තිබු අතර කුළු බඩු , මැණික් ,සුවඳ විලවුන් සමග වෙනත් භාණ්ඩ වලට චීන ජාතිකයෝ ප්‍රිය කළහ.මිට අමතරව සුවඳ විලවුන් ආභරණ සිනිඳු රෙදිපිළි ,සීනි ,ගිතෙල් හා කැටයම් කල සහ නොකළ ඇත් දලද, මිට අමතරව පිටරට යවන ලදී.ඉන්දියානු අමිශ්‍ර යකඩ ,ලාකඩ , හා අවරිය වැනි සායම් වර්ගද සතුන් සහ කුරුල්ලන්ද, පබළු, මිණිමුතු බටහිර රටවලට යවන ලදී.
අධිරාජ්‍ය වරුන් සහ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් විසින් සිංහ ,ව්‍යාඝ්‍ර, අලි ,මහිෂ වැනි සතුන් යොදා ප්‍රදර්ශන පැවැත්වූ බව සඳහන් we.ධනවත් රෝම කාන්තාවන්ට සුරතලුන් ලෙස ඇති කිරීමට රිලා ,වඳුරු,ගිරා ,මොණර ආදී සතුන්ද ක්ලෝඩියස් අධිරාජ්‍යයා වෙත කල්පිත පක්ෂියකු වූ ෆීනික්ස් ද ඉන්දියාවෙන් යවා ඇත,ෆීනික්ස් ලෙස හැඳින්වුයේ ඉන්දියාවේ වසන කුරුල්ලන් අතරින් ඉතාමත් දැකුම්කලු රන් පැහැති පියාපත් ඇති ජිවඥ ජීව කුරුල්ලා වන්නට ඇත.
වෛකින් වරුන් හා සමාන නොකලත් , මෙම පැරණි ඉන්දියානුවන්ගේ නාවික ගමනා ගමනය උසස් මට්ටමක පැවතුණි. සමහර භාණ්ඩ විදේශ වෙළඳ පලට යැවුනේ විදේශීය නැව් වලිනි. ඉන්දියන් සාගරයේ ඉන්දීය මුහුදු වෙළදාම ගැන සමහර කරුණු අතිශෝක්තියෙන් වර්ණනා කලත් , දේශ ගවේෂකයෝ සත්‍ය තොරතුරු හෙළි කළහ .
ප්‍රීනි පවසන අන්දමට විශාලතම ඉන්දීය නෞකාවේ බර ටෝන් 75කි.පාහියන් වාර්තා අනුව උන්වහන්සේ ලංකාවේ සිට ජාවා රටට යාත්‍රා කලේ මිනිසුන් දෙසීයක් ගෙන ගිය නැවකිනි.මේ කාලයට අයත් නැව් දක්වන චිත්‍ර අනුවද ඔවුන් භාවිතා කලේ සාමාන්‍ය ප්‍රමාණයේ නැව් බව පැහැදිලි වේ.
අජන්තාවේ බිතු සිතුවම් වල කුඹ ගස් තුනකින් යුතු නෞකාවක්ද , ජාවා රටේ බෝරා බුදුන් මහා විහාරයේ චිත්‍ර වල කුඩා නෞකාද දැකිය හැක.මෙකල ඉන්දියානු උප මහාද්වීපය පුරාම වාණිජ මධ්‍යස්ථාන තිබු අතර ගොඩබිම් මාර්ග හරහාද විදේශීය වාණිජ කටයුතු සිදු විය. මිට අමතරව ගොඩබිම් මාර්ග සහ ජල මාර්ග හරහාද ප්‍රධාන වරායන් වලට භාණ්ඩ ප්‍රවාහනය කරන ලදී. ලොතාල් ප්‍රදේශයේ , ගුජරාට් ප්‍රාන්තයෙන් සොයා ගත් නැව් තටාංගනය එකල මනා වෙළදාමක් තිබු බවට සාක්ෂි හමුවී තිබේ.
පැරණි ඉන්දීය නැව් වල විශේෂත්වය නම් ලෑලි ඇන ගසා හෝ ඇන තබා සවි කර තිබීමයි.ලෑලි ඇන ගැසීම පිළිබඳව මොවුන් දැන සිටියත් එසේ නොකළේ කාන්දම් කඳු වලින් ඇති වන අනතුරු වැළක්වීමටත්, ඉන්දියන් සාගරයේ ඇති කොරල් පර සහ මෝසම් සුළං කාලයේ තද කුණාටු වලට එය ඔරොත්තු දීමටත් ,සුදානම් කිරීම නිසාය.
මූලාශ්‍ර
https://quatr.us/india/ancient-indian-economy.htm#:~:text=Medicine%2C%20cinnamon%2C%20and%20pepper,India%20a%20very%20rich%20country.
සේයාරූ අන්තර්ජාලයෙනි.
නිලක්ෂි බණ්ඩාර
17/03/2023.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........