ඉතා ගැඹුරු ඉතිහාසයකට හිමිකම් කියන ඉන්දියාව වටා රසවත් කතන්දර, ජනප්‍රවාද සහ මිත්‍යා විශ්වාසයන් බහුලව ගෙතී ඇත.පරම්පරා ගණනක් ඔස්සේ පැවැත එන මෙම කතන්දර කුතුහලය දනවන විශ්මිත කතන්දර වේ.
විෂ් කන්යාග්ගේ පුරාවෘත්තය .
විෂ කන්‍යා යනු මිනිසුන් ඝාතනය කිරීමට යොදා ගන්න්නා කාන්තාවන් කොට්ටශයකි.පුරාණයේදී සමහර රජවරුන් කුඩා ගෑණු ළමයින්ව ශරීරයට විවිධ විෂ වර්ග කුඩා ප්‍රමාන වලින් ශරීරයට ඇතුලත් කරන ලදී.දිර්ඝකාලින විෂ අන්තර්ගත වීම හේතුවෙන් මොවුන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙම ද්‍රව්‍යයන්ට හුරු වී ඇති අතර චන්ද්‍රගුප්ත මෞර්ය රජ සමයේ ලියවුනු වාල්මිකිගේ රාමායණය කෘතියේද මෙම විෂ කන්‍යාවන් ගැන සඳහන් වී ඇත.
අතීතයේ මරණයෙන් පසු මිනිසුන් අමරණිය වන්නට බිමට ගත් පානයක් පිළිබඳව අප පොත් පත්වල දැක තිබේ.මෙය බොහෝ විට භගවත් පුරාණ ආදී පැරණි කෘතීන් වල දකිනට ලැබෙන අතර එකල දෙවිවරුන් සහ රාක්ෂයන් අතර (සුරයන් සහ අසුරයන්) අතර බෙහෙවින් සටන් පැවති කාලයකි.මොවුන් අමරණීයත්වයේ පැනය ලබා ගැනීමට මහමෙරුවෙන් කිරි සයුර කැලඹීමට සුදානම් වුහ.නමුදු අවාසනාවකට දුර්වාස රජු විසින් ඇති වූ ගැටළුවක් නිසාවෙන් අසුරයන්ට විරුද්ධ සුරයන්ට නැගිටීමට නොහැකි වන්නට සාප කර ඇත.ඉතින් මන්දර කන්ද හෙවත් ,මහා මේරු පර්වතය දණ්ඩක් ලෙස භාවිත කරමින් සර්ප රජු වන වාසුකිව කඹය ලෙසත් ගෙන
මහා සයුර කළඹ වන්නට පටන් ගත්හ.
පසුව විස්තීරණ ක්‍රියාවලියක් සේම සටනක් වූ එය විශ්වයම විනාශ කිරීමට හැකියාවක් ඇති වෙන ලෙස අම්රිත් නිෂ්පාදනය වුවත් ශිවදෙවියන් හැර අනිකුත් සියලුම දෙවිවරුන් එය පානය කළහ. ශිව දෙවියන් එය ගිල නොදැමූ අතර අනිකුත් දෙවිවරුන් සියල්ල අමරණිය වී ශිව දෙවියන් ලෝකය ආරක්ෂා කිරීමට බැඳුණු බව කියවේ.
රාමා හනුමන් සේනාව සමගින් රාවණා ලංකාපුරයට පැහැරගෙන ආ සීතාව නැවත ඉන්දියාවට ගෙන යාමට හනුමන් විසින් තැනුවා යයි කියවෙන ඉන්දියාවත් ලංකාවත් යා කරන , රාම සේතු පාවෙන පාලම ලොවටම විශ්මයක් වූ අදටත් නොවිසදුනු අභිරහස් ගොන්නකින් පිරුණු අපුර්ව නිර්මාණයකි.හින්දු භක්තිකයින් පවසන්නේ මෙම පාලම පාෂාණ වලින් නිර්මාණය වී ඇති අතර එම ගල් දිය යට නොයන්නේ එම ගල් මත අතීත සටනේදී
රාමාගේ නම සඳහන් කල බව කියවෙන නිසාවෙනි.
සදාකාලික ගිනි දැල් විහිදෙන ජ්වලාදී පන්සල.
හිමාචල් ප්‍රදේශයෙහි කන්ග්රා දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇති ජ්වලාදී පන්සල ඉන්දියාවේ පැරණිතම පන්සල වේ.මෙහි විශේෂත්වය වන්නේ කිසිඳු පිළිමයක්,චෛත්‍යයක් හෝ මුර්තියක් නොතිබුනත් මෙම පන්සල තුල ඇති හිස් පර්වතයකින් වලින් නිල් පැහැති ගිනිදැල්ලක් වීහිදිමයි.මිනිසුන් මෙම විහාරය පිළිබඳව දැනගත් දින සිටම මෙම ගිනි දළු දක්නට ලැබෙන බව කියවේ.මහා භාරතය ඇතුළු බොහෝ මුලාශ්‍ර වල මෙම විහාරය බව සඳහන් වී ඇත.
පුරාවෘත වලට අනුව බ්‍රහ්ම දෙවියන්ගේ මිනිබිරිය සහ ශිව දෙවියන්ගේ බිරිඳ වූ සති හා බැඳී පවති,ජනප්‍රවාද වලට අනුව සති ශිව දෙවියන්ට සිදුකල අපහාසයක් නිසා ඇයගේ දිව ගැලවී වැටුන බවත් එය සදාකාලික ගිනි දැල්ලක් වූ බවයි.ඉන්පසු සති සියදිවි නසා ගත් බව කියවේ. වරක් මෝගල් අධිරාජ්‍යයා වූ අක්බාර් රජුද යකඩ තැටියකින් එය ආවරණය කර ජලය පවා දමමිනි.පසුව අධිරාජ්‍යයා විසින් දේවාලයට රන් පරාලයක් (චැටර්) පරිත්‍යාග කරන ලදී.
මුලාශ්‍ර -
https://www.herzindagi.com/society-culture/some-famous-myths-and-legends-from-indian-folklore-article-168865.
සේයා රු අන්තර්ජාලයෙනි.
නිලක්ෂි බණ්ඩාර
15/03/2023
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........