රසවත් පෙම් කතාවලට තෝතැන්නක් වූ භාරතයේ ඉදි කල " ටජ් මහල්" ලෝප්‍රකට ප්‍රේම වෘත්තාන්තයක් ලොවට හෙළි කරන අතර..... හයිද්‍රබාද් නගරය ද ප්‍රේම සිහිවටනයකි. හයිද්‍රාබාද් ඉන්දියාවේ හතර වන ප්‍රධාන නගරය වන අතර තෙලගානා සහ ආන්ද්‍රා ප්‍රදේශ වලටය අයත්ව පිහිටා තිබේ.මෙය අලංකාර ස්මාරක,කෝවිල් පන්සල්, මුස්ලිම් පල්ලි , රාශියකින් යුත් නගරයක් වන අතර ,වසර 400ක් තිස්සේ විශාල දියුණුවකට පත් විය.දියමන්ති සහ මුතු වලට ප්‍රසිද්ධ වාණිජ නගරයක් වන අතර සංස්කෘතික මධ්‍යස්ථානයක් ද වේ.ක්‍රිස්තුවර්ෂ 1518 දී රජ වූ සුල්තාන් ඛුලි කට්බුල් මුල්ක් විසින් ඇරඹු රජ වංශයේ අගනුවර කොල්කොන්ඩා බලකොටුව කේන්ද්‍ර කරගෙන ආරම්භ කළේය.එම රාජ වංශයේ 5 ස වන රජු වූ මොහොමඩ් ඛුලි ශා ඔහුගේ දෙවන බිසව ලෙස සරණ පාවා ගත් භාග්මති දේවිය වෙනුවෙන්.... ඔහුගේ විවහා මංගල්‍යයෙන් පසු ඉදිකළ පුරවරය වීම මෙහි විශේෂත්වයයි.මේ නගරය මුසි ගඟබඩ පිහිටා ඇත.මෙම රජු උර්දු බසින් පෙම් කවි ලියු මුල් රජු ලෙසද ප්‍රකට වේ.
මොහු අරාබි සහ පර්සියන් බස පිලිබඳව උගතකු වූ අතර උර්දු සහ පර්සියන් බසින් කාව්‍ය රචනා කලේය.
ඔහු රචිත ගසල් අතර
1. I can't drink even a sip from the vine cup.
The ababsence of my Beloved.
2. I Cant' live even for the moment
In the absence of my beloved .
3. Oh my lover , im the peaeched earth
Waiting the union of You.
4. Oh my lover take me your arms and let our breasts meet each other.
භාග්මති යනු මුසි ගඟබඩ තිබු හින්දු කෝවිලක් අසල පිහිටි සංගීත ආශ්‍රමයක සිටි දක්ෂ ගුරුවරයකුගේ
දියණියකි.හිමිදිරි පාන්දර අසු පිටින් මුසි ගඟබඩ සංචාරය කරන කුමරු කෝවිලට යන රූමත් තරුණියක දැක , ඇගේ රුපයට වශී වෙයි.පසුව ... ඇය දැකීමට බලාපොරොත්තුවෙන් සක්මන් කකළත් මුණ නොගැසේ.ටික දිනකට පසු.... මිතුරකුගේ මග පෙන්වීම යටතේ සංගීත ගුරුවරයකු සොයා යන ඔහු පැමිණෙන්නේ " භාග්මති වාසය කරන සංගීත ආශ්‍රමයටයි. ඒ වන විට පියා වයස්ගතව ඇති බැවින් කළා ආශ්‍රමයේ සංගීත සහ නර්තනය පිළිබඳව ඉගැන්වීම් කටයුතු කලේ ඇය විසිනි.නැවතත්.... ඔවුන්ගේ ප්‍රේමය ඇරඹුනත් ඇය හින්දු තරුණියක් වීම ඔවුන්ගේ එක්වීමට බලපායි.
මේ අතර දිනක් පැවති අධික වර්ෂාව නිසා මුසි ගඟ දෙගොඩ තලා ගොස් බලකොටුවේ කොටු පවුර අසලට ගංවතුර පැමිණෙන අතර භාග්මති වසන සංගීත ආශ්‍රමය ද වතුරෙන් යට වෙයි.භාග්මති අසල නිවසක වහලයකට නැග දිවි ගළවාගෙනසීතලේ ගැහෙමින් සිටි.එදින පාන්දර ගංවතුර පිලිබඳ බියකරු සිහිනයක් දකින කුමරා භාග්මති පැමිණ ගංවතුරෙන් තමාව බේරා ගන්නා ලෙස ඉල්ලා සිටින අයුරු දැක බිය වේ.ඔහු කොටු බැම්ම අසලට පැමිණ ගංවතුර දෙගොඩතලා යන අයුරු බලා සිටි.
එක වරම ගඟට පනින ඔහු ලි කොටයක එල්ලී ඉතාමත් අසීරුවෙන් ගඟ හරහා පීනා ගොස් සංගීත ආශ්‍රමය දෙසට පිහිනයි.ඉතාමත් අපහසුවෙන් පීනා ගිය ඔහු ආශ්‍රමය අසළ නිවසක වහලයක් මත සිටින භාග්මතිව හමුවේ.ඇයව බේරාගෙන අසල පිහිටි මහලු කාන්තාවකගේ නිවසෙහි ඔවුහු නවාතැන් ගනිති.සහෝදරිය සහ සහෝදරයා ලෙස හඳුන්වන ඔවුන්ට ඇඳුම්, ආහාර පාන සපයා දී දුප්පත් ස්ත්‍රිය සංග්‍රහ කරයි.
පසුවදා ගංවතුර බැස ගිය පසු භාග්මති සංගීත ආශ්‍රමයට යන අතර මුසි ගඟබඩ ට පැමිණෙන කුමරු, ඔහු සොයමින් ප්‍රදේශය සිසාරා ගමන් කළ හමුදා බටයින් විසින් මාලිගයට කැඳවා ගෙන යයි.
මේ අතර විවහා විය යුතු වයසට පැමිණි විට ඔටුන්න හිමි ඛුලි කුමරුට අගමැති දියණිය වන ෆාතිමා විවහා කර ගන්නා ලෙස රාජ සභාව සහ දෙමව්පියන් බලපෑම් කරයි. භාග්මතිට ඇති ප්‍රේමය නිසා කවි ලියමින් ,දුකින් තැවෙන මොහොමඩ් කුමරුට රාජ නිතිය අනුව ෆාතිමා විවහා කර ගැනීමට සිදු වේ,මේ අතර භාග්මති ද දුක් සුසුම් අතරින් සිය සංගීත ආශ්‍රමයේ ද කටයුතු කරමින්, වසර 8ක් ගෙවා දමයි.
ෆාතිමා ට අනාගත රජ කිරුළ බාර ගැනීමට දරුවකු නොසිටීම නිසා දෙවන බිසවක් සරණ පාවා ගන්නා ලෙසත් කුමරුවාට රජ බිසව ඇතුළු රාජ සභාව පැවසු අතර කුමරු විසින් භාග්මති පිළිබඳව පවසා ඇයව විවහා කර ගත්තේය.විවහායෙන් පසු ඉස්ලාම් ආගම වැළඳ ගත් භාග්මතී බේගම් හයිද්‍රමහල් නම් විය.
පුරාවෘත වලට අනුව හයිද්‍රාබාද් නගරය භාග්මති කුමරියගේත් කුමරුගේ ප්‍රේමයත් සිහි කිරීමට ඇය ජීවත්ව සිටියදී ගොඩ නැගු නිර්මාණයකි.
නිලක්ෂි බණ්ඩාර
03/11/21023.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........